එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් පැවැත්වීමට සූදානම් වන විකල්ප මැයි රැළිය සම්බන්ධයෙන් සොයා බැලීමට එම පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. දේශපාලන ආරංචි පැවසුවේ විකල්ප මැයි රැළිය සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ලබාදෙන්නැයි රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට දැනුම් දී ඇති බවයි. එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළිය යාපනයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. එහෙත්, ඊට සහභාගී නොවන බවයි සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රකාශ කර ඇත්තේ. ඒ වෙනුවෙන් කොළඹදී වෙනමම මැයි රැළියක් පැවැත්වීමට සජිත් පේ‍්‍රමදාස මහතා සූනාදම් වනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා විශේෂ හමුවක් කුරුණෑගල පෞද්ගලික හෝටලයක ඊයේ (අප්‍රේල් 01) පැවැත්වුණු බවයි දේශපාලන ආරංචි පැවසුවේ. ශිරාල් ලක්තිලක, මෛත‍්‍රි ගුණරත්න සහ ලාල් පෙරේරා යන මහත්වරුන් ඊට සහභාගී වී තිබෙනවා.
0 comments:
Post a Comment