මිහින්තලේ හාමුදුරු ගැටුමේ අලුත් කතන්තරේ

Thursday, April 05, 2012

මිහින්තලයේ රජමහා විහාරයේ විහාරාධිපති ලෙස කටයුතු කිරීම තහනම් කරමින් සහ පූජ්‍යාධාර සහ විහාරයට අයත් මුදල් පරිහරණය සීමා කරමින් පූජ්‍ය නාමල්වැවේ රතනසාර හිමියන්ට වාරණ නියෝගයක් නිකුත් කෙරුණා. ඒ, එම විහාරයේ නව විහාරාධිපති ලෙස නම් කරනු ලැබ සිටින පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් විසින් ගොනු කෙරුණු පෙත්සමක් අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත‍්‍රාත් ලක්මාලි හේවාවසම් මෙනෙවිය ඉදිරියේ අද විභාගයට ගත් අවස්ථාවේදියි. පුද්ගලික පරිභෝජන සඳහා අත්‍යවශ්‍යම දේ පමණක් පරිහරණය කිරිමට පූජ්‍ය නාමල්වැවේ රතනසාර හිමියන්ට එහිදි අවසර පිරිනැමුණා. උන්වහන්සේ බාලවයස්කාර දැරියක් අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් ද චෝදනා ලැබුවෙක්. ඊට අදාල නඩුව විභාග කර තීන්දුව ලබා දෙන තෙක් උන්වහන්සේගේ විහාරාධිපතිධූරය අත්හිටුවන බවට මහාවිහාර වංශික මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභාව ආඥාවක් නිකුත් කළා. උන්වහන්සේ තවදුරටත් විහාරස්ථානයේ රැුඳි සිටියේ එම ආඥාව ද නොසලකා හරිමින්. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum