දේශපාලන කි්රයාකාරිකයෙකු වන උදුල් ප්රේමරමරත්න මහතා පදිංචිව සිටින කොට්ඨාවේ නිවසක් සහ ඒ මහතා නිතර ගැවසෙන රත්නපුරයේ තවත් නිවසක් පොලීසිය විසින් අද අලූයම වටලා තිබෙනවා. උදුල් පේ‍්‍රමරත්න මහතා පවසන්නේ ඒ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා එම වැටලීම සිදුකර ඇති බවයි. ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ බොරැල්ල ටී විස්ස වත්ත ඉකුත්දා ඇති වූ නොසන්සුන්තාවයේදී කැරැල්ලක් ඇති කිරීමට උත්සහ කිරීම යැයිද ප්‍රකාශ කෙරුණා.
මේ අතර පොලීසිය කොළඹ මහේස්රාත් අධිකරණයෙන් ඊයේ ඉල්ලා සිටියේ උදුල් ප්‍රේමරත්න මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන ලෙසයි. එහෙත් මහේස්රාත් අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුණා.
0 comments:
Post a Comment