තරුණියකට අතවර කළ බවට චෝදනා ලැබ සිටින ගම්පහ ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ පාසලක සිසුන් දස දෙනකු ලබන 21 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිශ්ක විජේරත්න මහතාගේ නියෝගයකට අනුවයි. චෝදනා ලැබ සිටින සිසුන් දස දෙනා එලැඹෙන අගෝස්තුවේදී උසස් පෙළ විභාගයට පෙනී සිටින නිසා ඔවුන් ඇප මත මුදා හරින්නැයි ඔවුන්ගේ නීතිඥවරුන් ඉල්ලීමක් කළා. එහෙත් එම ඉල්ලීම පිලිගත නොහැකි බවයි මහේස්ත‍්‍රාත්වරයා පැවසුවේ. ලබන 21 වැනිදා ඔවුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන්නැයි ද නියෝග කෙරුණා.
මේ අතර අතවරයට ලක්වු බව කියන තරුණියගේ වයස අවුරුදු 18ක්. වෙසක් සිරි නැරඹිම සඳහා ඉකුත් 08 වැනිදා කොළඹට පැමිණ සිටිය දී ගාලූ මුවදොර පිටියේදී අතවරය සිදුකර ඇතැයි අධීකරණයේදී ප‍්‍රකාශ කෙරුණා.
0 comments:
Post a Comment