ඕවර්ලෝඩ් ගිහින් ඇනගෙන

Saturday, May 19, 2012


පන්නල කුලියාපිටිය මාර්ගයේ පන්නල කතෝලික දේවස්ථානය ඉදිරිපිට වංගුවේදී අද (මැයි 19) අලූයම සිදුවු අනතුරකින් පොලිස් කොස්තාපල්වරු තුන් දෙනෙකු මියගියා. පන්නල පොලීසියට අනියුක්තව සේවයේ යෙදී සිටි ඔවුන් එලෙස අනතුරට ලක්වූයේ ඔවුන් ගමන්ගත් යතුරුපැදිය නවතා තිබූ ලොරියක ගැටීමෙන්. වංගුවේදී ලොරිය දර්ශනය නොවීමත් යතුරුපැදිය පාලනය කරගැනීමට නොහැකි වීමත් අනතුරට හේතුව බව සැකකෙරෙනවා. 
මේ අතර අනතුර සිදුවන අවස්ථාවේ උක්ත කොස්තාපල්වරුන් සිට ඇත්තේ රාජකාරියෙන් බැහැරවයි. යතුරුපැදියක තුන් දෙනෙකු ගමන් කිරීම නීති විරෝධීද වනවා.  

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum