ජී එල් හා හිලරි අතර රහස් කාථාවක්

Saturday, May 19, 2012


විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ අමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මිය අතර සාකච්ඡාවක් ඊයේ (මැයි 18) පැවැත්වුණා. පසුව පැවත් වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකාවේ ජාතික ගැටළුවට සකස් කෙරෙන විසදුම දේශීය එකක්ම විය යුතු බවයි. නැතහොත්, ඊට ශ‍්‍රී ලාංකිකයන්ගෙන් සහය නොලැබෙනු ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නා. හිලරි ක්ලින්ටන් මහත්මිය පැවසුවේ දශක කිහිපයක් පැවති රුදුරු යුද්ධය අවසන් කිරීම   ශ‍්‍රී ලංකාවේ ජයග‍්‍රහණයක් මෙන්ම අමෙරිකාවද දිරිගන්වන්නක් බවයි. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිසන්ධාන වැඩපිළිවෙළට අමෙරිකාව සෑමවිටම සහය දෙන බවද හිලරි ක්ලින්ටන් මහත්මිය පැවසුවා.  
මේ අතර උක්ත මාධ්‍ය හමුවෙන් පසු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ හිලරි ක්ලින්ටන් මහත්මිය අතර තවත් සාකච්ඡාවක් පැවැත්වුණු බවයි විදෙස් වාර්තා පවසන්නේ. එහිදී සාකච්ඡුා කෙරුණු කරුණු මෙතෙක් ප‍්‍රසිද්ධ කර නැහැ. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum