කාමුක ඡායාරූප හා චිත්‍රපට නිරූපිකාවක වන සනී ලියෝන් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි THE TRUTH වෙත තොරතුරු ලැබුණා. ඒ බොලිවුඩ් චිත්‍රපටයක රූගත කිරීම් සඳහායි.
ඉන්දියානු සම්භාවයක් සහිත සනී ලියෝන් දැන් තිස් එක් වන වියේ පසුවනවා. මේ දිනවල රූගත කෙරෙන ඇය පෙනී සිටින චිත්‍රපටය මහේෂ් බාත් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන ජිසම් 2 යි. එම චිත්‍රපටයේ සෙසු කොටස් ඉන්දියාවේ දිල්ලි, මුම්බායි සහ ගෝවේ යන නගරවලදී රූගත කිරීමට නියමිතයි. සනී ලියෝන්ට අමතරව මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා ශහීන් බාත්, අෂ්මිත් පටෙල් සහ වීනා මලික් යන රංගන ශිල්පීන් හා ශිල්පිනියන් ද පෙනී සිටිනවා.
මේ අතර සනී ලියොන් යනු අසභ්‍ය චිත්‍රපටවල රඟපෑ තැනැත්තියක් බව ද බොලිවුඩයට ද රහසක් නෙමෙයි. එමඅසභ්ය චිත්‍රපට ඇතුළත් ඞී.වී.ඞී. සහ සී.ඞී. තැටි කොල්කටා නගරයේ හොර රහසේ අලෙවි කෙරෙමින් තිබෙනවා.
0 comments:
Post a Comment