කොළඹ නගරයේ ආරක්ෂක මුරපොල රැසකින් යුද හමුදාව ඊයේ (ජුනි 03) සිට ඉවත් කර තිබෙනවා. යුද හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසුවේ ප‍්‍රධාන පෙලේ මුරපොළ 11 කින් මෙලෙස යුධ හමුදාව ඉවත් කළ බවයි. එම මුරපොළවල රාජකාරී කටයුතු පොලිස් නිළධාරීන්ට පැවරූ බවද යුද හමුදා ප‍්‍රකාශකවරයා කියා සිටියා. තවද එවැන්නක් සිදු කළේ කොළඹ නගරයේ ආරක්ෂාව ක්‍රමයෙන් තහවුරු වී ඇතැයි විශ්වාසකරන නිසා බව ද ප්‍රකාශ කෙරැණා. කෙසේවෙතත් නගරයේ මුරපොළ කිහිපයක තවදුරටත් යුද හමුදාව යොදාවා සිටි බවයි වැඩිදුරටත් පුකාශ කෙරුණේ. එහෙත්, කඩිනමින් එම මුරපොළවලින්ද යුධ හමුදාව ඉවත් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇතැයි ද ප‍්‍රකාශ කෙරුණා.
0 comments:
Post a Comment