ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක්ට එරට අධිකරණය ජීවිතාන්තය දක්වා සිරදඩුවමක් ඊයේ (ජුනි 03) නියම කළා. ඒ, ආණ්ඩු විරෝධි උද්ඝෝෂකයින්ට වෙඩි තැබීම සදහා නියෝග කළ බවට නැගී තිබූ චෝදනාවකට ඔහු වරදකරු බවට පත්කරමින්. කෙසේවෙතත් අධිකරණ සංකීර්ණයේදී මුබාරක් විරෝධීන්ගෙන් මෙම දඩුවම පිළිබද අප‍්‍රසාදය පළ කෙරුණා. ඔවුන් කියා සිටියේ මුබාරක් කළ වැරදිවලට මෙම දඩුවම ප‍්‍රමාණවත් නොවන බවයි. අධිකරණය මුබාරක් රජයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය හබීබ් අල් අද්ලිට ද ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කළා. ඒ, අදාළ චෝදනාවට ඔහුද වරදකරුවෙකු බවට පත්කරමින්. ඊජිප්තුවේ මුබාරක් විරෝධී සටනේදී උද්ඝෝෂකයින් 840 කට වැඩි පිරිසක් මියගොස් 6000 කට අධික පිරිසක් තුවාල ලැබූ බවට සැළකෙනවා. සති ගණනක අරගලයෙන් පසු මුබාරක් බලයෙන් පහකෙරුණේ ඉකුත් වසරේ පෙබරවාරි මාසයේයි.
0 comments:
Post a Comment