ඔස්ටේ්රලියානු ක්‍රිකට් ක්‍රිඩකයින් තරග වර්ජන සූදානමක පසු වන බව එරට මාධ්‍ය වාර්තා පවසනවා. එහි දැක්වුණේ දක්ෂතා මත වැටුප් ගෙවීමේ ක්‍රමවේදයට විරෝධය පළකිරීම සදහා ඔවුන් ඊට සැරසෙන බවයි. ඔස්ටේ්රලියානු කණ්ඩායම පන්දුවාර 20 හා එක්දින තරගාවලියක් සදහා ලබන මසදී එංගලන්තයේ සංචාරය කිරීමට නියමිතයි. එය හෝ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලානය වර්ජනය කිරීම ක්‍රීඩකයින්ගේ අරමුණ වී ඇතැයි අදාළ වාර්තාවේ දැක්වුණා. ඔස්ටේ්රලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් හා පාලක මණ්ඩලය අතර ගිවිසුම අත්සන් තැබීමට නියමිතව ඇත්තේ ජූලි මස 01 වනදායි. එහෙත්, වත්මන් අර්බුද මත එය එදිනට සිදුකිරීමට හැකි නොවනු ඇතැයි ඔස්ටේ්රලියානු මාධ්‍ය වාර්තා පැවසුවා. මීට පෙර අවසන් වරට ඔස්ටේ්රලියානු ක්‍රීඩකයින් ගිවිසුම පිළිබද බළධාරීන් සමග ගැටළු ඇති කර ගත්තේ 1994 මාක් ටේලර් කණ්ඩායමේ නායකත්වය දරන අවධියේදීයි.
0 comments:
Post a Comment