ලෝක ජනගහනයෙන් මිලියන් 5 ක් නල දරුවන්

Monday, July 02, 2012

ලොව පුරා සිටින නළ දරුවන්ගේ සංඛ්‍යාව මිලියන 05 ක් ඉක්මවා තිබෙනවා. තුර්කියේ මේ දිනවල පැවැත්වෙන වෛද්‍ය සම්මන්ත‍්‍රණයකදීයි ඒ බව අනාවරණ වුණේ. නළ දරුවන්ගෙන් සියයට 33 කට වැඩි ප‍්‍රමාණයකගේ මව්වරුන් වයස අවුරුදු 35 ට අඩු අයයි.වයස අවුරුදු 35 ත් 37 ත් අතර මව්වරුන් සියයට 27 ක්ද වයස අවුරුදු 38 ත් 39 ත් අතර මව්වරුන් සියයට 19 ක් ද සිටිනවා. වයස අවුරුදු   40 ත් 42 ත් අතර මව්වරුන් සිටින්නේ සියයට 12 යි දශම 5 ක් පමණයි. බි‍්‍රතාන්‍ය ජාතික ලූවිස් බ‍්‍රව්න් ලෝකයේ පළමු නළ දරුවා ලෙස සැළකෙනවා. 1978 වසරේ උපත ලැබූ ඇගේ මව මීට දින කිහිපයකට පෙර මියගියා.   

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum