තංගල්ල අනංග කල්ලියේ ඇමති රියදුරෙකුත්

Wednesday, July 04, 2012


බාලවයස්කාර දැරියක් ස්ථාන කිහිපයකදී දූෂණය කළේ යැයි තංගල්ලේදි අත්අඩංගුවට ගැනුනු සැකකරුවන්ගේන් එක් අයෙකු සිය කාර්ය මණ්ඩලයේ රියැදුරෙකු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. එහෙත් විමර්ශන කටයුතු සඳහා කිසිදු බලපෑමක් නොකරන බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ. 


උක්ත අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු සැකකරුවන් අතර එක්සත් ජාතික පාක්ෂිකයක් කිහිපදෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකුද සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා. 

THE TRUTH මීට පෙර අනාවරණ කළේ සැකකරුවන් බැලීමට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ති‍්‍රවරයෙකු වන දිල්පි වෙදආරච්චි මහතා තංගල්ල පොලීසියට ගොස් ඇති බවයි. සැකකරුවන් අතර ඥාතී සහෝදරයෙකුද සිටින බැවින් එවැන්නක් කළ බව මන්තී‍්‍රවරයා පැවසුවා. 

දූෂණයට ලක් වූ දැරියගේ වයස අවුරුදු 13ක්. හක්මන ප‍්‍රදේශයේ පදිංචිව සිටි ඇය රැුකියාවක් ලබා ගැනීමට තංගල්ලට පැමිණ තිබෙනවා. පුද්ගලයින් 9 දෙනෙකු විසින් ස්ථාන කිහිපයකදී ඇය දූෂණය කෙරුණු බවයි පොලීසියට ලැබුණු පැමිණිල්ලේ සඳහන් වන්නේ.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum