දේශපාලඥයන්ගේ සමීපතයන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු 09 දෙනෙකු විසින් තංගල්ලේ ස්ථාන කිහිපයකදී දූෂණය කෙරුණු දැරිය වෛද්‍ය පරීක්ෂණයකින් පසු ඥාතීන්ට භාර දී තිබෙනවා. පොලීසිය පවසන්නේ එම දැරිය සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක්ද කැදවා තිබෙන බවයි. වයස අවුරුදු 13 ක් වන ඇය හක්මන ප්‍රදේශයේ පදිංචිකාරියක්. සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පුද්ගලයන් අතර තංගල්ල ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයන් දෙදෙනෙකුද වනවා. ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ බන්ධනාගාරයේදී ඔවුන්ට අසමාන වැඩි සැළකිලි ලැබෙන බවයි. එකම අපරාධයක සැකකරුවන් එකම ස්ථානයක රදවා තැබීම සාමාන්‍යයෙන් නොකෙරුණත් එම ව්‍යාපාරිකයන් දෙදෙනා එකම ස්ථානයේ රදවා ඇතැයිද වාර්තාකර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී.ඩබ්ලිව්. කොඩිප්පිලි මහතා පැවසුවේ එවැනි අක්‍රමිකතාවක් වාර්තා නොවන බවයි. වෙනත් යමක් කිව නොහැකි බවද තවත් විමසීම් කිරීමට අවශ්‍ය නම් පසුව ඇමතීමක් ලබාදෙන ලෙස ද ඒ මහතා පැවසුවා.
මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තවත් සැකකරුවෙක් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ රියදුරෙක්. අමාත්‍යවරයා පැවසුවේ එම පුද්ගලයා වහාම සේවයෙන් ඉවත් කළ බවයි. තවත් සැකකරුවෙකු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වන දිලිප් වෙදආරච්චි මහතාගේ ඥාති සහෝදරයෙක්. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල ආධාරකරුවෙකුද සැකකරුවන් අතර සිටිනවා.
0 comments:
Post a Comment