නෙට්වෙට් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයද ජයගැනීමට එංගලන්තය ඊයේ (ජුලි 01) සමත් වුණා. ඒ, ප්‍රතිවාදී ඔස්ටේ්රලයාව කඩුලූ 06 කින් පරාජය කරමින්. ලන්ඩන් නුවර කෙනින්ටන් ඕවල් ක්‍රිඩාංගණයේදී තරගය පැවැත්වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ්රලියාව නියමිත පන්දුවාර 50 දී කඩුලූ 07 ක් දැවී ලකුණු 251 යි. ඉනිමේ 46 වන පන්දුවාරයේදී එම ලකුණු සංඛ්‍යාව අභිබවා යාමට එංගලන්තය සමත් වුණා. රවී බෝපාරා ලකුණු 82 යි. ඉයෙන් බෙල් ලකුනු 75 ක් ලබා ගත්තා. ඔස්ටේ්රලියාව වෙනුවෙන් වැඩිම ලකුනු ලාභියා වූයේ ශේන් වොට්සන්. ඔහු ලකුණු 66 ක් ලබා ගත්තා. තරගාවලියේ පළමු තරගය එංගලන්තය ජයගත්තේ ලකුණු 15 කින්. තුන්වන තරගය අනිද්දා පැවැත්වෙනවා.
0 comments:
Post a Comment