ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජයන්ට හිටපු තේරීම් කමිටුව ගත් තීරණ ද හේතු වු බව මහේල ජයවර්ධන අවධාරණය කරනවා. තිලකරත්න ඩිල්ෂාන් ප්‍රකාශ කළේ නායකත්වය දරන සමයේදි කිසිදු පාර්ශ්වයකින් බලපෑම් නොවූ බවයි. හිටපු ක්‍රිකට් ක්‍රිඩකයෙකු මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අයෙක් නායකත්වය දරන සමයේදී බලපෑම් නොකළේදැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඩිල්ෂාන් ඒ බව ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ඩිල්ෂාන් එම ප්‍රශ්ණයට පිළිතුරු දුන්නේ අවස්ථා කිහිපයකදී මගහැර සිට මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්ණ කිරීමේදීයි.
මේ අතර කණ්ඩායම තුළ කිසිඳු බෙදිමක් හෝ දේශපාලන බලපෑම් නොමැති බව මහේල ජයවර්ධන අවධාරණය කළා. නායකත්වයේ තමන් රැඳි සිටින්නේ වසරක පමණ කාලයක් බවයි මහේල වැඩිදුරටත් පවසන්නේ. ඊට හේතුව ලෙස ප්‍රකාශ කෙරුණ් නවකයින්ට අවස්ථාව ලබා දිමයි. නමුත් අවම වශයෙන් නායකත්වයේ වසර 02 ක පමණ කාලයක් හෝ රැඳි සිටින්නැයි මාධ්‍ය හමුවට එක්ව සිටි හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් ඉල්ලීමක් කළා.එසේ නොවුන හොත් කණ්ඩායමේ ස්ථාවරත්වය පවත්වා ගැනීම ගැටළුවක් වන බවයි ඩිල්ෂාන් පෙන්වා දුන්නේ.
0 comments:
Post a Comment