දැන් වර්ෂ 2010 උදා වෙලා. කාට කාටත් මේ අවුරුද්දේත් අනේක බලාපොරොත්තු ඇති. ඒවායෙන් හැම යහපත් බලාපොරොත්තුවක්ම සඵල වේවායි THE TRUTH ප්‍රාර්ථනා කරනවා.
හෙට දවසට පිවිසීමට පෙර ගතවු ඊයේ ගැන ආපසු හැරී බැලීම වැදගත්. සිදුවූ වැරදි හදුනාගැනීමටත් හෙට දවසට මුහුණ දීමට ශක්තිය හා මගපෙන්වීමක් සපයා ගැනීමටත් එය වැදගත්. ඒ සදහා කෙරෙන පුංචි උදව්වක් මේ..
2011 අතීත මතක
ජනවාරි
06 - පළාත් පාලන ආයතන 330 න් 308 ක් මධ්‍යම රාත්‍රියේ විසුරුවා හැරිණ.
15 - සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගණය විවෘත වේ.
16 - සංගුපිඞ්ඩි පාලම ජනපති අතින් විවෘත වෙයි.
21 - ලසිත් මාලිංග ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව මාධ්‍ය හමුවකදී අනාවරණය කරයි.
31 - ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය ගින්නකින් වැනසෙයි.
පෙබරවාරි
02 - ලංකාවේ දිගම මුද්දරය නිකුත් වෙයි.
04 - නිදහස් සමරු උළෙල කතරගම දී පැවැත්වෙයි.
09 - ඉන්දියවෙන් ඇනවුම් කළ අධිවේග බලවේග දුම්රිය කට්ටල 03 ක් ප්‍රථමවරට ලංකාවට ගෙනෙයි.
20 - ප්රභාකරන්ගේ මව වූ පාර්වති අම්මාල් පිල්ලෙයි මියයයි.
28 - නව ගුවන් හමුදාපති ලෙෂ හර්ෂ අබේවික්‍රම මහතා වැඩ භාරගනියි.
මාර්තු
01 - කෆීර් දෙකක් ගුවනේ දී ගැටීම නිසා එක යානයක සිටි බලපන්ති ලූතිනන් මොනාත් ඉරේෂ් මියයයි.
07 - යාපනය පාර්ලිමේන්තු මන්ත්‍රි ශ්‍රි ධරන් සිවඥා මහතාට නොච්චියාගම උලක්කුලමේදී වෙඩි තබයි.
10 - ඉන්දීය බලවේග දුම්රිය කට්ටල මෙස්වයේ යෙදවෙයි.
12 - රජයේ දිවි නැගුම වැඩසටහන ඇරඹෙයි.
16 - පොදු රාජ්‍ය මණ්ඩල බොක්සිං පදක්කම්ලාභී මංජු වන්නිආරච්චිට තරග තහනමක් පැනවෙයි.
17 - පළාත් පාලන ආයතන 234 ක ඡුන්දය පැවැත්වෙයි.
22 - නොරොච්චෝලේ ” ලක්විජය ” ගල් අ`ගුරු බලාගාරය ජනපති අතින් විවෘත වේ.
25 - නව මැතිවරණ කොමසාරිස් ලෙස මහින්ද දේශප්‍රිය මහතා පත්වෙයි.
අපේ‍්‍රල්
02 - ලෝක කුසලාන අවසාන මහා තරගය මුම්බායි නුවර වෙන්කඬේ ක්‍රිඩාංගණයේ දී පැවති අතර අනුශූරතාව දිනා ගනියි.
05 - ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර සංගක්කාර නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි.
06 - ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරයෙන් අරවින්ද ද සිල්වා ඇතුළු ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි.
09 - මහා වංශයේ 06 වැනි ජරිච්ෙඡ්දය ලිවීම ඇරඹේ.
13 - මර්සුකි දරුස්මාන් සකස් කළ යුද්ධය පිළිබ`ද වාර්තාව ශ්‍රී ලංකා රජයට භාරදෙයි.
18 - ශ්‍රී ලංකා ක්‍රිකට් පිඩලේ නව නායකයා ලෙස තිලකරත්න ඩිල්ෂාන් නිළ වශයෙන් ප්‍රකාශයට පත්කෙරේ.
28 - මූන්ගේ වාර්තාව පිළිබ`ද රජයේ ස්ථාවරය එක්සත් ජාතීන්ගේ සංවිධානයට දන්වයි.
මැයි
05 - මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තානාපති පදවියට පත්වෙයි.
05 - ආසියාවේ හො`දම පවුල් සෞඛ්‍ය නිළධාරිනිය ලෙස සම්මාන ලැබූ ලලිතා පද්මිණීට ජනපති අතින් සම්මාන පිරිනැමේ.
18 - නව අගවිනිසුරිය ලෙස ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක දිවුරුම් දෙයි.
23 - සරසවි සිසුන්ට නායකත්ව පුහුණුව දීම ඇරඹේ.
26 - කලාසූරී අරිසෙන් අහුබුදු මහතා මියයයි.
27 - යුද ජයග්‍රහණයේ දෙවැනි සැමරුම අභිමානවත් ලෙසගැලූ මුවදොර පැවැත්විණි.
ජූනි
01 - කටුනායක ගැටුමේ දී පොලිස් වෙඩි පහරින් තුවාල ලැබූ රෝෂේන් මියයයි.
02 - පෞද්ගලික අංශ විශ්‍රාම වැටුප් අහෝසි කෙරේ.
13 - ආසියාවේ විශාලතම ඖෂධ වනය ලෙස සැළකෙන බිබිල නිල්ගල වනය ගින්නකින් වැනසෙයි.
15 - සියවසේ සිදුවූ අදුරුතම පූර්ණ චන්ද්‍රග්‍රහණය සිදුවෙයි.
21 - තොරතුරු දැනගැනීමේ නිදහස රැුකීමේ පනත වැඩි ඡුන්ද 63 කින් පරාජයට පත්වෙයි.
23 - ලංගම හා පෞද්ගලික බස් රථ ගාස්තුව සියයට 7 යි දශම 6 කින් වැඩි කෙරේ.
25 - සාක් පදක්කම් දිනූ බොක්සිං ක්‍රිඩිකාවක වන බුද්ධිකා ඉරේෂා අබේගුණවර්ධන හදිසි අනතුරකින් මිය ගියා.
ජූලි
04 - නව පොලිස්පති ලෙස එන්. කේ. ඉලංගකෝන් මහතා වැඩ භාර ගනියි.
11 - ලංකාවේ දිගම බස් නැවතුම් පළ ජනපති අතින් ගාල්ලේ දී විවෘත වෙයි.
16 - යොවුන් පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ඇරඹෙයි.
27 - පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සංගමයේ නව සභාපතිවරයා ලෙස චමල් රාජප්කෂ මහතා තේරී පත්වෙයි.
අගෝස්තු
03 - කොළඹ මහ නගර සභාව නැවත ස්ථාපිත කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ.
14 - කල්පිටිය මුහුදේ ඛනිජ තෙල් කැණීම ආරම්භ වෙයි.
25 - හදිසි නීතිය ඉවත් කෙරේ.
25 - අගුලාන නඩුවට සම්බන්ධ පොලිස් නිළධාරීන් 04 දෙනාට මරණ දඩුවම නියම කරයි.
26 - ලංකාවේ ශේෂ්ඨ ඉතිහාසඥයෙකු වූ මැන්දිස් රෝහණධීර මහතා අභාවප්‍රාත් වෙයි.
සැප්තැම්බර්
08 - 37 වැනි ජාතික මහා ක්‍රිඩා උළෙල හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.
12 - නව නීතිපති ලෙස සොලිස්ටර් ජනරාල් ඊවා වනසුන්දර මහත්මිය අරලියගහ මන්දිරයේ දී දිවුරුම් දෙයි.
12 - සාහිත්‍ය ලෝකයට සේවය කළ මහා ගත්කරු කේ. ජයතිලක මහතා මියයයි.
17 - කොළඹ පොල්ගහවෙල ගමන්ගත් දුම්රියක් අලව්වේදී සීඝාගාමී දුම්රියක හැපී තිදෙනෙකු මියගොස් 18 ක් තුවාල ලබයි.
21 - අග්‍රගණ්‍ය සිනමා නළු ජෝ අබේවික්‍රම අභාවප්‍රාප්ත වෙයි.
24 - ප්‍රමිතියෙන් තොර රූපලාවන්‍ය භාවිත කිරීම නිසා ගුරුවරියක් මරුට.
29 - විශ්ව විiාල සිසුනට නායකත්ව පුහුණුව ඇරඹෙයි.
ඔක්තොම්බර්
06 - බාල පෙට්ට්‍රල් ගැසීමෙන් හානිවූ වාහනවලට වන්දි ගෙවීම ඇරඹෙයි.
08 - පළාත් පාලන ආයතන 223 කට සභිකයන් 420 ක් තෝරා ගැනීමේ ඡුන්දය පැවැත්වෙයි.
08 - ඡුන්දය දිනය දා හිටපු මන්ත්‍රි භාරත ලක්ෂ්මන් හා දුමින්ද සිල්වා අතර ගැටුමක් ඇති වී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා මියයයි.
11 - දකුණු ආසියානු වෙරළ ක්‍රිඩා උළෙල ඇරඹෙයි.
17 - කොළඹ 25 වන නගරාධිපති ලෙස ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පත්වුණා.
24 - අසාර්ථක ව්‍යාපාර රජයට පවරා ගන්නා බවට මාධ්‍ය හමුවකදී අනාවරණය වෙයි.
27 - බුද්ධික පතිරණ හා ශිරාල් ලක්තිලකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරයි.
නොවැම්බර්
01 - මන්ත්‍රී දුමින්ද ප්‍රතිකාර පිටරටින් ලබා ගනියි.
05 - වෙබ් අඩවි 05 ක් ශ්‍රී ලංකාවේ දී පිවිසිය නොහැකි පරිදි රජය තහනම් කරයි.
08 - පාඩු ලබන ව්‍යාපාර පනත මැතිසභයට ඉදිරිපත් කෙරෙයි.
09 - ආන්දෝලනයකට ලක් වූ පාඩු ලබන ව්‍යාපාර පනත වැඩි ඡුන්ද 76 කින් සම්මත වෙයි.
10 - ප්රජාතාන්ත්රිකයන්ගේ ආසියා සභාපති ධුරයට රනිල් වික්‍රමසිංහ මහතා යළි පත්වෙයි.
13 - ඉල් මහ විරු සමරුව ජවිපෙ හා කැරළිකාර පිල තැන් දෙකකදී පවත්වයි.
18 - සුදු කොඩි නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කෙරේ. සරත් ෆොන්සේකාට වසර 03 කට සිරද`ඩුවම්.
21 - 2012 අයවැය ඉදිරිපත් වෙයි.
25 - දකුණු පළාතේ හදිසියේ ඇති වූ සුළි සුළං හේතුවෙන් 40 ක් පමණ මිය ගිය අතර දේපළ දේපළ විශාල ප්‍රමාණයක් හානියට පක්වුණා.
25 - ශ්‍රී පාදස්ථානයේ නායක හිමි තෝරා ගැනීමේ නිළවරණය පැවැත්වෙයි.
27 - ටෙලිනාට්‍ය නළු අසේල ජයකොඩි මහතා මිය යයි.
27 - අධිවේගී මාර්ගය ජනපති අතින් විවෘත වෙයි.
30 - එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි මොහාන්ලාල් ගේ‍්‍රරු මහතා ආණ්ඩු පක්ෂයට පත්වෙයි.
දෙසැම්බර්
11 - ඇමති පිල හා මන්ත්‍රි පිල අතර පැවති ක්‍රිකට් තරගයෙන් මන්ත්‍රි පිල ජය ලබයි.
13 - එළවළු පළතුරු ප්‍රවාහනයට ප්ලාස්ටික් කූඩ අනිවාර්යය කිරීම නිසා ගොවීන්ගේ උද්ඝෝෂණයක්.
15 - ලංකාවේ ලොකුම ර`ගහල ලෙෂ නෙළුම් පොකුණ ර`ගහල ජනපති අතින් විවෘත වෙයි.
16 - උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසමේ වාර්තාව පාරිලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
17 - ජාත්‍යන්තර මෝටර් රථ තරගාවලියක් කොළඹ දී පැවැත්වෙයි.
19 - එජාප නායකයා තේරීමේ රහස් ඡුන්දයෙන් රනිල් වික්‍රමසිංහ මහතා වැඩි ඡුන්ද 42 කින් ජය ලබයි. සිරිකොත යුද පිටියක් බවට පත්වෙයි.
21 - 2012 අයවැය තුන්වන වර කියවීමේ දී වැඩි ඡුන්ද 98 කින් සම්මත වෙයි.
25 - තංගල්ල හෝටලයක ගැටුමකින් බි්රතාන්ය ජාතිකයෙක් මරුට.
25 - මහත් ආන්දෝලනයකින් පසු උසස් ඵෙ ප්‍රථිපල අන්තර්ජාලයට.
29 - කොළඹ අවම උෂ්ණත්වය වාර්තාවෙයි.
0 comments:
Post a Comment