BUSINESS

බයික්, ත්‍රී වීල් ගණන් බස්සයි


ශ‍්‍රී ලංකාවට අලෙවි කෙරෙන ත‍්‍රීරෝද රථ සහ යතුරු පැදිවල මිල ගණන් 05% ත්, 14%ත් අතර අගයකින් අඩු කිරීමට ඉන්දියාවේ බජාජ් සමාගම තීරණය කර තිබෙනවා. ඉකුත් දා කෙරුණු බදු සංශෝධනයෙන් පසු ත‍්‍රිරෝද රථ සහ යතුරු පැදිවලට ශ‍්‍රී ලංකාවෙන් ලැබෙන ඇනවුම් කැපි පෙනන ලෙස අඩු වීම ඊට හේතුවයි. බජාජ් සමාගමේ නිෂ්පාදනවලින් 7% ක් පමණ ශ‍්‍රී ලංකාවට අලෙවි කෙරෙනවා. එම ප‍්‍රමාණය බජාජ් සමාගමේ අපනයනවලින් 17% කටත් වැඩියි. ඉකුත් දා කෙරුණු බදු සංශෝධනයෙන් පසු ශ‍්‍රී ලංකාවේ ත‍්‍රිරෝද රථයක මිල 32% කින් පමණ ද යතුරු පැදියක මිල 29% කින් පමණ ද ඉහළ ගියා. 


ආණ්ඩුවේ වියදම් රටටම දුක් දෙයි

මෙම වසරේ අයවැය ඉලක්ක සපුරා ගැනීමේදී මූල් මාස 04 දී ශ‍්‍රී ලංකාව අසමත් වී තිබෙනවා. වර්තන වියදම් සීඝ‍්‍රයෙන් ඉහළ යාම ඊට ප‍්‍රමුඛ හේතුවයි. අයවැය ඉලක්ක අනුව මෙම වසර ස`දහා වර්තන වියදම රුපියල් බිලියන 1107 යි දශම 9 ක්. එහෙත්, මුල් මාස 04 දීම වර්තන වියදම එම ප‍්‍රමාණයෙන් සියයට 40 ක් හෙවත් රුපියල් බිලියන 443 ද ඉක්මවා තිබෙනවා. 
අයවැය ඉලක්ක අනුව මෙම වසරේ මුළු ආදායම ඉකුත් වසරට සාපේක්ෂව සියයට 18 යි දශම 3 කින් වැඩි කරගැනීමට අපේක්ෂිතයි. එහෙත්, මුල් මාස 04 දී මුළු ආදායම වැඩි වී ඇත්තේ එයින් අඩකඩත් අඩු ප‍්‍රමාණයකින් හෙවත් සියයට 7 යි දශම 2 කින්. බදු ආදායම පමණක් සියයට 23 යි දශම 1 කින් වැඩි කරගැනීමට අයවැයෙන් ඉලක්ක කෙරුණා. එහෙත්, මුල් මාස 4 දී බදු ආදායම වැඩි වී ඇත්තේ සියයට 10 යි දශම 7 කින් පමණයි. 
මේ අතර අයවැය හි`ගය දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 6 යි දශම 5 ක ර`දවා ගැනීමට අයවැයෙන් ඉලක්ක කෙරුණා. එහෙත්, මුල් මාස 04 දී පමණක් එයින් අඩකඩත් වැඩි ප‍්‍රමාණයක් හෙවත් දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 3 යි දශම 8 යි 3 ක් දක්වා අයවැය හිගය වැඩි වී තිබෙනවා. 


අඩු පොළියට ණයක් ඕන ද ?


විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩල සඳහා අඩු පොලි ණය ක‍්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. උසස් අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ නිවසක් හෝ ඉඩමක් මිලදී ගැනීමට නැතහොත් අර්ධ වශයෙන් ඉදිකර ඇති නිවසක වැඩ අවසන් කිරීමට හෝ වැඩ අවසන් කළ නිවසක සංවර්ධන කටයුත්තක් සඳහා එම ණය ලබා ගත හැකි බවයි. ඊට අයදුම් කළ හැකි උපරිම වයස අනධ්‍ය සේවකයෙකුට නම් අවුරුදු 60 ක් ද අධ්‍යන සේවකයෙකු නම් අවුරුදු 65 ක් ද වනවා. වසර 05 ක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම ද අනිවාර්යයි. අනධ්‍යන සේවකයෙකුට නම් ලබා ගත හැකි උපරිම ණය ප‍්‍රමාණය රුපියල් ලක්‍ෂ 10 ක් ද අධ්‍යන සේවකයෙකුට නම් ලබා ගත හැකි උපරිම ණය ප‍්‍රමාණය රුපියල් ලක්‍ෂ 20 ක් ද වනවා. රුපියල් ලක්‍ෂ 10 ක් දක්වා ණය වෙනුවෙන් අය කෙරෙන පොලිය 07% ක්. රුපියල් ලක්‍ෂ 10 ට වැඩි ණය සඳහා 09% ක පොලියක් අය කෙරෙනවා. කෙසේ වෙතත් පොලිය 07% ක් වන විට 05.5% ක් ද පොලිය 09% ක් වන විට 05% ක් ද ගෙවනු ලබන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින්. 


මහ බැංකුවේ සල්ලි මල්ලේ හිලක්

ශ‍්‍රී ලංකාවේ විදේශ සංචිත තවදුරටත් අඩු වෙමින් තිබෙනවා. ඉකුත් පෙබරවාරි මාසය අවසන් වන විට ශ‍්‍රී ලංකාවේ විදේශ සංචිත ප‍්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5552 ක්. මෑත ඉතිහාසයේ ශ‍්‍රී ලංකාව සතු වූ වැඩිම විදෙස් සංචිත ප‍්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 8 දහස් 98 ක් බව මහ බැංකුව පවසනවා. ඊට සාපේක්ෂව සැළකීමේදී ඉකුත් පෙබරවාරි මාසය අවසන් වන විට පැවති විදෙස් සංචිත ප‍්‍රමාණය සියයට 32 ක අඩු වීමක්. ඉකුත් වසරේ අගභාගයේදී රුපියලේ අගය ස්ථාවරව පවත්වා ගැනීම ස`දහා මහ බැංකුව විසින් විදෙස් සංචිත අලෙවි කරනු ලැබුවා. ඉකුත් පෙබරවාරි මාසයේ දී එලෙස විදෙස් සංචිත අලෙවි කිරීම නතර කර රුපියලේ අගය නිදහසේ තීරණය වීමට අවස්ථාව සළසා දුන්නත් ඛනිජ තෙල් මිළදී ගැනීම සදහා තවදුරටත් විදෙස් සංචිත වැය කරමින් ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 


බදු වැඩිවෙයි - නොබීම වෙරි වෙයි

වාහන, බීර මත්පැන් හා දුම්වවැටි සදහා අයකරෙන බදු වහාම ක්‍රියාත්මක වන පරිදී වැඩි කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පහත පරිදීයි.



ශ‍්‍රී ලංකාවේ මල්ල බර වෙයි

ශ‍්‍රී ලංකාවේ විදේශ සංචිත ඉකුත් මාස කිහිපයේදී ක‍්‍රමයෙන් වැඩි වු බව මහබැංකුව පවසනවා. වසර ආරම්භයේදි තිබුණු විදේශ සංචිත ප‍්‍රමාණය ඊට පෙර වසරේ එම කාලයට වඩා 39% ක් අඩු අගයක් ගත් බවයි මහබැංකුවේ නවතම වාර්තාවල දැක්වෙන්නේ. එහෙත් රටතුලට ගලා ආ විදේශ විනිමය වැඩි වශයෙන් ගලා ඒමෙන් තත්ත්වය ක‍්‍රමයෙන් මගහැරෙමින් තිබෙනවා. වසර ආරම්භයේ සිට මේ දක්වා කොළඹ කොටස් වෙළෙඳ පොලට ගලා ආ විදේශ විනිමය ප‍්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 164 ක්. වානිජ බැංකු වෙත අමෙරිකානු ඩොලර් මිලියන 127 ක පමණ විදේශ විනිමය ඉකුත් සති කිහිපයේදී ලැබි තිබෙනවා. ප‍්‍රති ආයෝජනය සඳහා ඉදිරිපත් කෙරුණු ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවලින් අමෙරිකානු ඩොලර් බිලියන 87 ක් පමණ විදේශ විනිමය ලැබුණු බවයි මහබැංකුව පවසන්නේ. සෙසු බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත්වලින් වසර ආරම්භයේ සිට මේ දක්වා ලැබී ඇති විදේශ විනිමය ප‍්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 385 ක් පමණ වනවා. ඉදිරි සති කිහිපය ද විදේශ විනිමය විශාල ප‍්‍රමාණයක් රටතුලට ගලා ඒමට නියමිත බවයි මහබැංකුව පවසන්නේ. ඒ අනුව සිඝ‍්‍රයෙන් පහල වැටෙමින් ඇති රුපියලේ අගය යළි ස්ථාවර වනු ඇතැයි විශ්වාසය පළ වුණා. 


අල, පරිප්පු, ළුණු, සීනි ගණන් උස්සයි


ආනයනික ආහාරද්‍රව්‍යවල මිල ගණන් සුළු වශයෙන් වැඩි වී තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ජී. නාදන් මහතා පැවසුවේ රුපියලේ අගය අඩුවීම ඊට හේතු වූ බවයි. අර්තාපල් සඳහා ආනයනික බද්ධ වැඩිකර ඇතැයිද ප‍්‍රකාශ කෙරුණා.
අර්තාපල් අද අලෙවි වූයේ කිලෝග‍්‍රෑම් එකක් රුපියල් 58ත් 60ත් අතර මිලකටයි. බී. ළුණු තොග මිල කිලෝග‍්‍රෑම් එකක් රුපියල් 53ත් 55ත් අතර වනවා. පරිප්පු තොග මිල කිලෝග‍්‍රෑම් එකක් රුපියල් 115ක් බවයි ජී. නාදන් මහතා පැවසුවේ. සීනි මිලද සුළු වශයෙන් වැඩි වී තිබෙනවා.


පාං මිල ආයෙත් වැඩිවන ලකුණු

තිරිඟු පිටි මිල වැඩි කිරීමට අවසර ලබාදෙන ලෙස පී‍්‍රමා සහ සෙරන්ඩිබ් සමාගම් පාරිභෝගික සේවා අධිකාරිය වෙත අයදුම්පත් යොමුකර තිබෙනවා. ඉන්ධන මිල ඉහළ යාම, රුපියල අවප‍්‍රමාණය වීම නිසා තිරිඟු පිටි මිල වැඩි කිරීමට සිදුව ඇතැයි සමාගම් ප‍්‍රකාශ කළා. තිරිඟු ඇට ආනයන බද්ද අඩු කළහොත් පිටිමිල වැඩි කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි ඔවුන් ප‍්‍රකාශ කරන්නේ.  ආනයන බදු අඩු නොකළහොත් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 7කින් වැඩි කිරීමට සිදුවනු ඇති. ඉන්ධන මිල වැඩි වීමත් සමග බේකරි නිෂ්පාදකයන් සිය නිෂ්පාදන මිල ඉහළ දැමුවා. පිටි මිල ඉහළ ගියහොත් යළි බේකරි නිෂ්පාදන මිලද වැඩි වනු ඇතැයි වෙළෙද පොළ ආරංචි මාර්ග අනාවරණ කළා.


භාණ්ඩාගාර බිල්පත්වල පොළිය අයෙත් වැඩි වෙයි

භාණ්ඩාගාර බිල්පත් සඳහා ගෙවනු ලබන පොලිය තවදුරටත් ඉහළ යමින් තිබෙනවා. ශී‍්‍ර ලංකා මහ බැංකුව පවසන්නේ මාස තුනෙන් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත්වල පොලිය සියයට 9 යි දශම 3 යි එකක් බවයි. එය ඉකුත් සතියට වඩා සියයට දශම 0 යි 7ක ඉහළ යාමක්. මාස හයෙන් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත්වල පොලිය ඉකුත් සතියට සාපේක්ෂව සියයට දශම එකයි අටකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව එම භාණ්ඩාගාර බිල්පත්වලට දැන් ගෙවනු ලබන පොලිය සියයට 9 යි දශම 4 යි 4ක්. මාස 12න් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත්වලට ගෙවනු ලබන පොලිය සියයට 9 යි දශම 9 යි 9ක් වනවා. එය ඉකුත් සතියට සාපේක්ෂව සියයට දශම එකයි එකක ඉහළ යාමක්.


ෆෝන් එකෙන් පොත් කියනවන්නත් ලෑස්තිවෙන්න

අන්තර්ජාලය මගින් ග්‍රන්ථ ඇණවුම් කර මිලට ගැනීමේ හා බා ගතකර පරිශීලනය කිරීමේ ක්‍රමය ශ්‍රී ලංකාවට හදුන්වා දීමට එටිසලාට්, මයික්‍රෝ ඉමේජ් සහ ඇම්.ඞී. ගුණසේන යන සමාගම් සූදානම් වනවා.  ‘‘ඊ පොත්’’ ලෙස නම් කර ඇති එම සේවාව ලබන මස සිට ආරම්ළ කරන බවයි  එටිසලාට් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී දුමින්ද්‍ර රත්නායක මහතා පැවසුවේ. දේශීයව එළිදක්වන ග‍්‍රන්ථ ඉලෙක්ට්‍රොනික මාධ්‍යයට පරිවර්තනය කිරීම එහිදී සිදුකෙරෙනවා. එලෙස පරිවර්තනය කෙරෙන ග‍්‍රන්ථ අන්තර්ජාල පහසුකම් සහිත පරිගණක , ඇන්ඩ්‍රොයිඞ් සහ ඇපල් ජංගම උපාංග ඔස්සේ මිලදී ගැනීමට හෝ බාගත කිරීමට පාඨකයන්ට හැකියි.අන්තර්ජාල සේවාවේ හෝ දුරකතන සම්බන්ධතාවේ වර්ගය කුමක් වුවද ඊට බාධාවක් නැහැ. සෑම මිලදී ගැනීමකටම 25% ක වට්ටමක් හිමිවනවා.ග්‍රන්ථ මුද්‍රණය කිරීමට මුදල් නොමැතිව ලතවෙන නවක ලේඛකයන්ට ද එය කදිම අවස්ථාවක් බවයි  දුමින්ද්‍ර රත්නායක මහතා පැවසුවේ.


ඉන්ධන මිල අයෙත් වැඩි කරයි ?

ඉන්ධන මිලෙහි ඉකුත්දා කළ වැඩිවීම ප‍්‍රමාණවත් නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එම සංස්ථාව උපුටා දක්වමින් රජය ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ ඞීසල් සහ දැවි තෙල් අලෙවියෙන් තවදුරටත් පාඩු ලබන බවයි. ලෝක වෙළද පොලේ ඞීසල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 139 දක්වා වැඩි වී ඇතැයිද ප‍්‍රකාශ කෙරුණා. ඒ අනුව දේශීය වෙළෙඳපොළ් ඞීසල් අලෙවි කරන්නේ ලීටරයකින් රුපියල් 2 යි ශත 45 ක පාඩු ලබමින් බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ. දැවි තෙල් ලීටරයකින් සිදුවන පාඩුව රුපියල් 33 ක්. බවද ප‍්‍රකාශ කෙරුණා.   


කවදා නවතී ද මේ කඩා වැටිල්ල

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් විනිමය අනුපාත මත කෙරුණු බලපෑම් ලිහිල් කිරිමත් සමග රුපියලේ අගය තවදුරටත් අඩු වෙමින් තිබෙනවා. ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය මේ වන විට (පෙබ 14) දැක්වෙන්නේ 119 ශත 40 ක් ලෙසයි. 
විනිමය අනුපාතය නොවෙනස්ව පවත්වා ගැනීම සඳහා ශ‍්‍රී ලංකා මහබැංකුව ඉකුත් සමයේදී ඔවුන් සතු විදෙස් සංචිත විවෘත වෙළෙඳ පොලෙහි විකුණනු ලැබුවා. එලෙස විදෙස් සංචිත විකිණිම නවතා දැමුණේ ඉකුත් සතියේ සිකුරදා සිටයි. එතැන් සිට මේ දක්වා කාලයේ දී ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය  4 ශත 50 කින් පමණ අඩු වී තිබෙනවා. 


ණය ගන්න දැන්නං අමාරු වෙයි

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය ක‍්‍රමයේ වැදගත් වෙනස්කම් කිහිපයක් ඊයේ (පෙබ 03) සිදුකළා. ප‍්‍රති විකුණුම් අනුපාතය සියයට 08 යි දශම 05 සිට සිියට 09 දක්වා වැඩි කිරීම එක් වෙනස්කමක්. ප‍්‍රති මිළදී ගැනීම් අනුපාතය සියයට 07 සිට සියයට 07 යි දශම 05 ක් දක්වා වැඩි කිරීම තවත් වෙනස්කමක් වනවා. එම වෙනස්කම් නිසා වාණිජ බැංකුවල තැන්පත් මුදල් ස`දහා ගෙවනු ලබන පොළී අනුපාතයත්, ණය ස`දහා අයකෙරෙන පොළී අනුපාතයත් වැඩිවනු ඇති බවයි ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ. ණය ලබාදීම කැපී පෙනෙන ලෙස අඩු කරන්නැයි ද මහ බැංකුව වාණිජ බැංකුවලට උපදෙස් දී තිබෙනවා. වාණිජ බැංකුවලින් ණය ලබාදීම ඉකුත් වසරේ දී සියයට 35 කින් පමණ වැඩි වූ බවයි වාර්තාවල දැක්වෙන්නේ. එය සියයට 18 ක් දක්වාවත් අඩු කළ යුතු බව මහ බැංකුවේ උපදෙස වී තිබෙනවා. 
මේ අතර රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව ශත විස්සකින් අව ප‍්‍රමාණය කිරීමටද මහ බැංකුව අද පියවර ගත්තා. මෙතෙක් පැවති මිළ දී ගැනීමේදී වටිනාකම වූයේ රුපියල් 113 යි ශත 90 ක්. අද සිට එය රුපියල් 114 යි ශත 10 ක් දක්වා වැඩි කෙරුණා. 


ගෑස් බහී


ගෑස් මිලට කඩිනම් සංශෝධනයක් ලබාදීමේ හැකියාවක් නැතැයි පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල වර්ධනය වෙමින් පැවතියද මෙරට ගෑස් මිල ඊට අනුපාතිකව වෙනස් කළ නොහැකි බවයි එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ. ලෝක වෙළෙඳපොලේ ගෑස් ටොන් එකක මිල ඊයේ දිනය වන විට අමෙරිකානු ඩොලර් 1031 දක්වා වර්ධනය වී තිබුණා. මෙම වර්ධනය වීමේ ප‍්‍රවණතාව ආරම්භ වූයේ ජනවාරි මාසයේ මැදභාගයේ සිටයි. එහෙත් වත්මන් ගෑස් මිල තීරණය කිරීමේදී අදාළ කර ගැනෙන්නේ ඉකුත් නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් පමණයි. එ් අනුව මිල සූත‍්‍රයට පරිබාහිරව මිල සංශෝධනයක් ලබා දිය නොහැකි බව එම ප‍්‍රකාශකයා පැවසුවා. මීළඟ ගෑස් මිල සංශෝධනය මාර්තු මාසයට යෙදී තිබෙනවා. මීට පෙර සංශෝධනයේදී ලාෆ් සමාගම ගෑස් සිලින්ඩරයක් සඳහා රුපියල් 207ක මිල වැඩිවීමක් ඉල්ලා සිටියා. එහෙත් එය ප‍්‍රතික්‍ෂේප වූ අතර මේ වන විට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 2046කටයි.


ඇගට නොදැනුනත් උද්ධමනය අඩුවෙලා.

ජනවාරි මාසයේ උද්ධමනය ඉකුත් දෙසැම්බර් මාසයට වඩා අඩු වු බව ශ‍්‍රී ලංකා මහබැංකුව පවසනවා. දෙසැම්බර් මාසයේ උද්ධමනය සියයට 4.9 ක්. ජනවාරි මාසයේදී එම අගය සියයට 3.8 ක් වු බව ශ‍්‍රී ලංකා මහබැංකුව ඊයේ (ජන 31)නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා. 
කෙසේ වෙතත් උද්ධමනය අඩු වීම යනු බඩු මිල අඩු වීම නොව බඩු මිල වැඩි වීමේ වේගය අඩුවිමයි. ජනවාරි මාසයේදී ප‍්‍රවාහන වියදම් සියයට 02 කින් ද පාවහන් මිල ගණන් සියයට 0.5 කින් ද වැඞී වි තිබෙනවා. ආහාර මිල ගණන් සියයට 0.3 කින් අඩු වු බවයි ශ‍්‍රී ලංකා මහබැංකුව ඊයේ නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ. 


ශ්‍රී ලංකාවේ බැංකු වලින් තව තවත් ණය දෙයිලු

ශ‍්‍රී ලංකාවේ වාණිජ බැංකුවලින් ණය ලබාදීම මෙම වසරේදී තවදුරටත් වැඩිවනු ඇතැයි අන්තර්ජාතික ෆිච් රේටින්ග්ස් ආයතනය පවසනවා. එම වැඩිවීම පෙර වසරට සාපේක්ෂව සියයට 25 ක් පමණ වනු ඇති බවයි ෆිච් රේටින්ග්ස් ආයතනය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ. වැඩිම ප‍්‍රමාණයකින් වැඩිවනු ඇතැයි අනුමාන කර තිබෙන්නේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට ණය ලබාදීමයි. අක‍්‍රිය ණය ප‍්‍රමාණය වැඩිවනු ඇතැයි ද ඒ නිසා ගෙවුම් ශේෂ අර්බුදයක් නිර්මාණ වනු ඇතැයිද අනුමාන කර තිබෙනවා. ඊට මුහුණ දීම ස`දහා ඉතා හොද අවධානම් කළමණාකරන යාන්ත‍්‍රණයක් වාණිජ බැංකු විසින් සකසා ගත යුතු බවයි යෝජනා කර ඇත්තේ.  


ශ්‍රී ලංකාවට රට ඇට එපා වෙයි

ධාන්‍ය වර්ග 5ක් ආනයනය කිරීම නතර කිරීමට රජය තීරණය කර තිබෙනවා. කුරක්කන් , උඳු, තල, බඩඉරිඟු සහ රට කජු ආනයනය කිරීම මෙලෙස නතර කරන බවයි කෘෂිකර්ම අමාත්‍යංශය ප‍්‍රකාශ කරන්නේ. එම භෝග දේශිය වශයෙන් නිෂ්පාදනය කිරීම මෙහි අරමුණයි. මේ වන විටත් බඩඉරිඟු වගාව සීඝ‍්‍ර ලෙස ඉහළ නංවා තිබෙනවා. ගොවීන් දිරිමත් කිරීමේ වැඩපිළිවෙළක්ද කි‍්‍රයාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය කටයුතු යොදා අවසන්. ධානය වර්ග අනායනය කිරීම නතර කිරීමත් සමග විදේශ විනිමය ඉතිරිකර ගත හැකි බව එම අමාත්‍යංශය කියා සිටියා.


ශ්‍රී ලංකාවේ හරක් මදි වෙලා


එළදෙණුන් 500 දෙනෙකු ලබන අපේ‍්‍රල් මාසයට පෙර ඔස්ටේ‍්‍රලියාවෙන් ආනයනය කරන බව පශු සම්පත් හා ප‍්‍රජා සංවර්ධන අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශයේ ලේකම් කේ.එම්.ටී. කෑදරගම මහතා පැවසුවේ එලෙස ආනයනය කරන එළදෙණුන්ගෙන් ලබා ගන්නා පැටවුන් දේශීය කිරි ගොවීන් අතර බෙදාදෙන බවයි. ආනයනය කරන එළදෙණුන්ගෙන් කිරි ලීටර විස්සකට වැඩි ප‍්‍රමාණයක් ලබාගත හැකි බවද එමගින් දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවද ප‍්‍රකාශ කෙරුණා. 


රට යවන්න තියා කුකුළු මස් කන්නත් මදිලු

අපනයනයට ප‍්‍රමාණවත් වන තරම් කුකුළුමස් ප‍්‍රමාණයක් ශී‍්‍ර ලංකාවේ තවමත් නිෂ්පාදනය නොකෙරෙන බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ඞී.ඞී. වනසිංහ මහතා පැවසුවේ දැනට කෙරෙන නිෂ්පාදනය දේශීය වෙළෙඳපොළේ අවශ්‍යතා සපුරාලීමට පමණක් ප‍්‍රමාණවත් වන බවයි.
මෙම වසරේ සිට කුකුළු මස් අපනයනය කිරීමට අපේක්ෂා කරන බව මහා භාණ්ඩාගාරය ඉකුත්දා ප‍්‍රකාශ කළා.THE TRUTH ඒ පිළිබඳ කළ විමසීමකදීයි ඞී.ඞී. වනසිංහ මහතා ඉහත අදහස් පළ කළේ.
කෙසේ වෙතත් ක‍්‍රමවත් සැලැස්මක් සකස් කර ඊට අනුව කටයුතු කළහොත් කුකුළුමස් අපනයනය වන අපේක්ෂා සඵල කර ගැනීමට හැකිවන බවයි ඞී.ඞී. වනසිංහ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.
මේ අතර කුකුළු ආහාර නිෂ්පාදනය සඳහා ප‍්‍රමාණවත් තරම් බඩඉරිඟු දේශීය වෙළෙඳපොළේ නොමැති බවද ප‍්‍රකාශ කෙරුණා.


ශී‍්‍ර ලංකාව කුකුළු මස් අපනයනයට සැරසෙයි.

ශී‍්‍ර ලංකාව කුකුළු මස්වලින් ස්වයංපෝෂිත වී ඇතැයි මහා භාණ්ඩාගාරය පවසනවා. එහි ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පවසන්නේ මෙම වසරේදී කුකුළු මස් අපනයනය කිරීමටද හැකිවනු  ඇති බවයි. එලෙස අපනයනය කිරීමට අපේක්ෂා කරන කුකුළු මස් ප‍්‍රමාණය අවම  වශයෙන් මෙට්‍්‍රක් ටොන් පන්දහසක්. 
කුකුළන් සඳහා ආහාර ලෙස යොදා ගැනෙන භෝග නිෂ්පාදනය ඉකුත් වසර කිහිපයේදී කැපී පෙනෙන ලෙස ඉහළ ගියා. කුකුළු මස් නිෂ්පාදනය වැඩි වූයේද එ් නිසා බවයි ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පවසන්නේ. 
කෙසේ වෙතත් මිල ඉහළ ගිය අවස්ථා කිහිපයකදී කුකුළු මස් ආනයනය කිරීමට ඉකුත් වසරවලදී ආණ්ඩුව පියවර ගත්තා. එලෙස මිල ඉහළ ගියේ නිෂ්පාදනය ප‍්‍රමාණවත් නොවීම නිසා බවයි කුකුළු ව්‍යාපාරිකයන් පැවසුවේ.


බදු වැඩිකරන්නලු


පහත හෙලන ලද අර්තාපල් ආනයනික බද්ද යළි ඉහළ දමන ලෙසට වු යෝජනාවක් ඌව පළාත් සභාවේදී අද ඒකඡන්දයෙන් සම්මත වුණා. යෝජනාව ඉදිරිපත් කරමින් අදහස් දැක්වු පළාත් සභා මන්ත‍්‍රී ජේ.එම්.ගුණතිලක මහතා ප‍්‍රකාශ කළේ දේශිය ගොවියා ආරක්‍ෂා කිරීමේ අරමුණින් ආනයනික අර්තාපල් සඳහා වු බද්ද පසුගිය දා රුපියල් 20 දක්වා අඩු කළ බවයි. එම නිසා දේශිය වෙළෙඳ පොලේ අර්තාපල් මිල අඩු වී තිබෙනවා. දේශිය අර්තාපල් අස්වනු නෙලෙන කාලය ආරම්භ වී ඇති බැවින් ගොවියා ආරක්‍ෂා කිරීමේ අරමුණින් බද්ද වැඩි කළ යුතු බව ඔහුගේ අදහස වුණා. බදුල්ල දිස්ත‍්‍රික්කයේ පමණක් අක්කර 2700 කට අධික ප‍්‍රමාණයක අර්තාපල් වගා කර තිබෙනවා. 



මෙන්න තවත් බද්දක්

වෙළදසැල්වල ප‍්‍රදර්ශන පුවරුවලින් බදු අයකිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබෙනවා. එලෙස බදු අයකිරීම ආරම්භ වූයේ ජනවාරි 01 වනදා සිටයි. අදාළ බදු මුදල් නොගෙවෙන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව කොළඹ මහ නගර සභාව පවසනවා.






ශ්‍රි ලංකාවත් අමෙරිකාවට පක්ෂ වී ඉරානයට පස්ස පෙන්නයි ?

අමෙරිකාව , ඉරානයට තෙල් සම්බන්ධයෙන් සම්බාධක පැනවුවහොත් මෙරටට අවශ්‍ය බොරතෙල්  ඕමානයෙන් ලබා ගැනීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙනවා. ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය සඳහන් කළේ මේ වන විට ඉරානයෙන්, සෞදි අරාබියෙන් සහ මැලේසියාවෙන් ශී‍්‍ර ලංකාව තෙල් ආනයනය කරන බවයි. සපුගස්කන්දේ පිහිටි තෙල් පිරිපහදුවද එම බොරතෙල්වලට උචිත වන අයුරින් ඉදිකර තිබෙනවා. වෙනත් රටකින් තෙල් ආනයනය කරන්නේ නම් තෙල් පිරිපහදුවද නවීකරණය කළ යුතු වනවා. ඊට හේතු වී ඇත්තේ වෙනත් රටවල තෙල්වල අඩංගු සංඝටක හේතුවෙන් සපුගස්කන්දේදී තෙල් පිරිපහදු කිරීමට නොහැකි වීමයි.  ඕමානයෙන් බොරතෙල් ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එරට ඉන්ධන සහ ගෑස් පිළිබඳ අමාත්‍යවරයා ලබන සතියේදී දිවයිනට පැමිණිමට නියමිතයි. දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි කටාර් රාජ්‍ය නායකයා සමග බොරතෙල් ලබා ගැනීම පිළිබඳ කිසිදු සාකච්ඡාවක් නොපැවැත්වූ බව අමාත්‍යංශය ප‍්‍රකාශ කරනවා. මෙරටට තවත් මාස 3කට අවශ්‍ය  ඉන්ධන මේ වන විට ගබඩාකර ඇති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප‍්‍රකාශ කරන්නේ.


බත් පතට පරිප්පුත් නැති වෙයි ද?

සීනි, පරිප්පු, ෆාම් ඔයිල් සහ සුදු ලූණු  සඳහා අය කළ ආනයන බදු පසුගිය සිකුරාදා සිට කි‍්‍රයාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. එහෙත් අදාල භාණ්ඩවල ලෝක වෙළෙඳ පොලේ පවතින මිල ගණන් පහල ගොස් ඇති බැවින් දේශිය වෙළෙඳ පොලේ මෙම භාණ්ඩවල මිල ඉහළ නොයන බවයි අමාත්‍යංශය ප‍්‍රකාශ කරන්නේ. පරිප්පු සඳහා මෙතෙක් අය කළ රුපියල් දහයේ බද්ද රුපියල් 18 දක්වා ඉහළ දමා තිබෙනවා. සීනි ආනයනයේදී කිලෝග‍්‍රෑම් එකක් මත අය කළ රුපියල් 5ක් වූ ආනයන බද්ධ රුපියල් 10 දක්වා ඉහළ දැමුණා. සුදු ළුෑණු කිලෝග‍්‍රෑමයක් සඳහා මෙතෙක් අය කළ බදු මුදල වූයේ රුපියල් 25ක්. එය රුපියල් 40 දක්වා ඉහළ දමා ඇති බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කරන්නේ.

මේ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක ආනයන බදු සංශෝධනය කළේ බදු ක‍්‍රමය සරල කිරීමේ අරමුණින් බව මුදල් අමාත්‍යංශය පවසනවා. අයවැය යෝජනා මගින් ආනයන භාණ්ඩ සඳහා අය කරන බදු කිහිපයක් වෙනුවට විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද නමින් නව බද්දක් හඳුන්වා දුන්නා. ඒ අනුව බදු සංශෝධනය කළ භාණ්ඩ කිහිපයක් සඳහා නව බද්ද හඳුන්වා දුන් බවයි මුදල් අමාත්‍යංශය ප‍්‍රකාශ කළේ. 


ති‍්‍රරෝද රථයට මීටරේ අනිවාර්්‍ය කරන්නලු


ති‍්‍රරෝද රථ සඳහා ගාස්තු මීටරය අනිවාර්ය කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කෙරෙනවා. සමස්ත ලංකා ති‍්‍රරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පෙන්වා දෙන්නේ සේවාව විධිමත් කිරීම සඳහා එවැන්නක් අත්‍යවශ්‍ය බවයි.
ති‍්‍රරෝද රථ සේවාව විධිමත් කරන බවට මහින්ද චින්තන ඉදිරි දැක්මෙන්ද ‘‘ති‍්‍රරෝද රථයට අභිමන්’’ යන තේමාව යටතේ පොරොන්දු ලබාදී ඇතැයි මෙහිදී සිහිපත් කෙරුණා.


වැටුප් වැඩිවීමක්


විදුලිබල මණ්ඩලයේ, ජල සම්පාදන මණ්ඩලයේ සහ ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන්ට සියයට 18ක වැටුප් වැඩිවීමක් ලබාදීමට කැබිනට්  අනුමැතිය හිමි වී තිබෙනවා. කැබිනට් ප‍්‍රකාශක  කෙහෙළිය රඹුක්වැල්ල මහ කොළ අද පැවැත්වූ මාධ්‍ය හමුදකදී ඒ බව පැවසුවා.




ණය පිට ණය ගන්නා ශ්‍රි ලංකාව

උතුරු දුම්රිය සේවාව යළි ස්ථාපනය කිරීමට ඉන්දියාවෙන් ණය ආධාරයක් ලැබෙනවා. එම ආධාරය අමරිකානු ඩොලර් මිලියන 382 ක්. 
ශ‍්‍රී ලංකාවට ණය ආධාර ලබාදීමට සෞදි අරාබියද එකග වී තිබෙනවා. එලෙස ලබාදීමට එක`ග වී ඇති ණය ආධාරය අමරිකානු ඩොලර් මිලියන 60 ක්. මහා මාර්ග සංවර්ධනය ස`දහා එම ණය ආධාරය යෙදවෙනු ඇති.


මහ බැංකුවෙන් රත්‍රං පිම්මක්

ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් ඉකුත් වසරේදී මිලදී ගත් රත‍්‍රං ප‍්‍රමාණය ඊට පෙර වසරට වඩා කැපී පෙනෙන ලෙස වැඩි වී තිබෙනවා. ඉකුත් වසරේදී මිලදී ගෙන ඇති රත‍්‍රංවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 600ක්.  ඊට පෙර වසරේදී මිලදී ගත් රත‍්‍රංවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 83ක් පමණයි. 
මේ අතර ලෝක වෙළෙඳපොළේ  රත‍්‍රං මිල දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා. ආයෝජන මූලාශ‍්‍රයක් ලෙස රත‍්‍රංවලට ඇති වටිනාකම වැඩි වෙමින් තිබීම ඊට හේතුවයි. 


ශී‍්‍ර ලංකාවේ ආර්ථිකය තවමත් අවධානමක

ශී‍්‍ර ලංකාවේ ආර්ථිකයට ඇති අවදානම තවමත් පහව ගොස් නැතැයි මූඩිස් අන්තර්ජාතික ණය වර්ගීකරණ ආයතනය පවසනවා. එහි නවතම වාර්තාවක දැක්වෙන්නේ ඉකුත් වසර අවසානයේදී ශී‍්‍ර ලංකාවේ විදෙස් සංචිත ප‍්‍රමාණය අපේක්ෂිත අගයට වඩා අඩු වූ බවයි ජංගම ගිනුමේ හිඟයද වැඩි වෙමින් ඇතැයි පෙන්වා දී තිබෙනවා. එ් නිසා සිදු වන්නේ බාහිර අංශයේ ආර්ථික සාධක දුර්වල වීමයි. එය වළක්වා ගැනීමට රාජ්‍ය ණය සහ අයවැය හිඟය අඩුකර ගැනීමට ශී‍්‍ර ලංකාව කඩිනමින් උත්සහ කළ යුතුව ඇතැයි අවධාරණය කෙරෙනවා. අනාගත ණය වර්ගීකරණයක්වලදී ශී‍්‍ර ලංකාවට හිමි ශ්‍රේණිය ඒ අනුව තීරණය වන බවයි මූඩිස් අන්තර්ජාතික ණය වර්ගීකරණ ආයතනය වැඩිදුරටත් පවසන්නේ. 
මේ අතර ශී‍්‍ර ලංකාවේ මූල්‍ය පද්ධතිය ලෝකයේ අවදානම් සහගත මූල්‍ය පද්ධතීන්ගෙන් එකක් බව ෆිච් රේටින්ස් ආයතනය ඉකුත් දා ප‍්‍රකාශ කළා. මුදල් අමාත්‍යංශයේ ලේකම් පී.බී. ජයසුන්දර මහතා පැවසුවේ පවතින අවදානම ජය ගැනිම සඳහා ශී‍්‍ර ලංකාවේ පොලී අනුපාත වහාම නිවැරදි කළ යුතු බවයි. 


ශී‍්‍ර ලංකාව නැරබිය යුතුමයි.

2012 වසරේ දී නැරඹිය යුතුම ස්ථානයක් ලෙස ශ‍්‍රී ලංකාව නම් කර තිබෙනවා.   ඒ, කොන්ඬේ නාස් ට‍්‍රැව්ලර් නම් අන්තර් ජාතික සංචාරක සගරාව විසින්. යුද ගැටම් පැවතීම නිසා ශ‍්‍රී ලංකාවේ සුන්දරත්වය විදීමට වසර ගණනාවක් බාධා පැවති බව එහි දක්වා තිබෙනවා.යුද ගැටුම් නිමා වීම නිසා එම බාධා ඉවත් වී ශ‍්‍රී ලංකාවේ සුන්දරත්වය ලෝකටයම විවෘත වී ඇති බවයි වැඩිදුරටත් දක්වා තිබෙන්නේ. 

මේ අතර ශ‍්‍රී ලංකාව සංචාරකයන් සදහා සුදුසුම  ස්ථානයක් ලෙස තවත් අනතර් ජාතික සගරා කිහිපයක් විසින් ද මීට පෙර නම් කරනු ලැබුවා. 


ශ‍්‍රි ලංකාවේ පොලී අනුපාත ඉහළට ?

ශ‍්‍රි ලංකාවේ පොලී අනුපාත වහාම නිවැරදි කළ යුතුව ඇතැයි මුදල් අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා රෙයිටර් පුවත් සේවයට ප‍්‍රකාශ කළේ රටක මුදල් සැපයුමේ වර්ධනය 16% කට වඩා අඩු මට්ටමක තිබිය යුතු බවයි. එහෙත් ශ‍්‍රි ලංකාවේ මුදල් සැපයුමේ වර්ධනය මේ වන විට 19% ක් පමණ වනවා. සිදුවෙමින් ඇති අතිරේක මුදල් සැපයුම ලබන වසරේ මුල් අර්ධයේ දී ඉවත් කළ යුතු බවයි ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා පෙන්වා දෙන්නේ. 
මේ අතර ශ‍්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය අවධාමනට ලක්ව ඇති රටක් බව ෆිච් රේටින්ග්ස් ආයතනය ඉකුත් දා ප‍්‍රකාශ කළා. 


උද්ධමනය වැඩිවෙයි.

දෙසැම්බර් මාසයේදී උද්දමනය 4.9% ක් වු බව ශ‍්‍රී ලංකා මහබැංකුව පවසනවා. නොවැම්බර් මාසයේ දී උද්දමනය සටහන් වුයේ 4.7% ක් ලෙසයි. ඒ අනුව දෙසැම්බර් මාසයේ දී උද්දමනය 0.2% කින් වැඞී වී තිබෙනවා. ආහාර ද්‍රව්‍යවල මිල ගණන් වැඞී වීම ඊට හේතු වු බවයි ශ‍්‍රී ලංකා මහබැංකුව පවසන්නේ. කෙසේ වෙතත් මෙම වසරේ සෑම මාසයකම උද්දමනය 10% ට වඩා අඩු අගයක් වුණා. වසරේ වැඩිම උද්දමනය වු 8.9% ක් සටහන් වුයේ අපේ‍්‍රල් මාසයේ දීයි. ජනවාරි මාසයේ සිට අපේ‍්‍රල් මාසය දක්වා උද්දමනය ක‍්‍රමයෙන් වැඩි වුණා. මැයි සහ ජුනි යන මාසවලදී 7.1% දක්වා එය අඩු වුවත් ජුලි මාසයේ දී 7.5% දක්වා යළි වැඩි වු බවයි ශ‍්‍රී ලංකා මහබැංකුව පවසන්නේ. අගෝස්තු මාසයේ දී උද්දමනය 7% ක් වු අතර සැප්තැම්බර් මාසයේ දී එය 6.4% ක් ඔක්තෝබර් මාසයේ දී 5.1% ක් ද දක්වා පහත වැටුණා. 

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum