SCI/TEC

හදුන්‍ගමුවෙන් ද කඩු මතු වෙයි

හදුන්ගමුව වෙහෙරගලගම රජමහා විහාරය ආසන්න ප‍්‍රදේශයකින් පැරණි කඩු 05 ක් හමු වී තිබෙනවා. ඒ එම ප‍්‍රදේශවාසීයෙකු ළිදක් කපමින් සිටියදීයි.  මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් ඒවා සම්බන්ධයෙන් හැදෑරීමක් කළ බව පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසනවා. ඒවා අනුරාධපුරය යුගයට අයත් යැයි එහිදී සාක්ෂි ලැබුණු බවයි සෙනරත් දිසානායක මහතා වැඩිදුරටත් පැවසුවේ. 

මෙම ස්ථානය කාශ්‍යප සහ මුගලන් යන රජවරුන් අතර යුද්ධය ඇති වූ ස්ථානයදැයි සැක සිතීමටද සාක්ෂි ඇතැයි ප‍්‍රකාශ කෙරුණා.


පාහියන්ගෙල ඇටසැකිල්ල කේම්බි‍්‍රජ් සරසවියට

බුලත්සිංහල පාහියන්ගල ලෙනෙන් හමු වූ මිනිස්  ඇට සැකිල්ල පිළිබද කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජේ. ස්ටොක් මහතා ඊයේ (ජුනි 01) පරීක්ෂණයක් ආරම්භ කළා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නිමල් පෙරේරා සහ කැණීම් භාර නිළධාරී ඔෂාන් වෙදගේ යන මහත්වරුන් ද එම අවස්ථාවට එක්ව සිටියා. පර්යේෂණ කටුයතුවලට බාධා වන හෙයින් එම කටයුතු නැරඹීමට මහජනතාවට අවස්ථාවක් ලබා නොදෙන බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ. 


විකිරිණ වලින් පරිස්සම්වෙන්න

සංවර්ධනය වේගවත් වීමත් සමග විකිරණශිලි ද්‍රව්‍ය වැඩි වශයෙන් භාවිතයට ගැනෙන බව ද ඒ නිසා විකිරණ අනතුරුවලින් ආරක්‍ෂාවීමට මහජනතාව දැනුවත්ව සිටිය යුතු බව ද අවධාරණය කෙරෙනවා. විකිරණශිලි ද්‍රව්‍ය ප‍්‍රවාහනය කිරීමේදීත් අපද්‍රව්‍ය ලෙස බැහැර කිරීමේදීත් වඩාත් සැලකිලිමත් විය යුතු බවයි පරමාණුක ශක්ති අධිකාරිය පවසන්නේ. එබැවින් විකිරණශිිලි ද්‍රව්‍ය ප‍්‍රවාහනය කරන සමාගම් සහ එම ද්‍රව්‍ය භාවිත කර අපද්‍රව්‍ය ලෙස බැහැර කරන රෝහල් සහ විiාගාර වැනි ආයතන දැනුවත් කිරිමට කටයුතු කරන බව ද පරමාණුක ශක්ති අධිකාරිය පවසනවා. සමාරම්භක උත්සවය එම අධිකාරියේ ශ‍්‍රවණාගාරයේදී ඊයේ (ජුනි 1) පැවැත්වුණු බවයි        විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසන්නේ. විකිරණ සම්බන්ධ සේවා සපයන සහ සේවා ලබා ගන්නා ශී‍්‍ර ලංකාවේ ලියාපදිංචි සියලූ ආයතනවල නියෝජිතයින් ඊට සහභාගි වු බව ද ප‍්‍රකාශ කෙරුණා. 


ගම්පහ පාසල් 18 ‍ඩෙංගු

ඩෙංගු මදුරුවන් බෝවන පරිදි පරිසර පද්ධතිය පවත්වාගෙන ගිය ගම්පහ දිස්ත‍්‍රික්කයේ පාසල් 18 ක විදුහල්පතිවරුන්ට එරෙහිව නඩු පවරන බව සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ ගම්පහ දිස්ත‍්‍රික්කය ආවරණය වන පරිදි ඩෙංගු මදුරු ව්‍යාප්තිය පිළිබදව කීට විද්‍යා සමීක්ෂණයක් පැවැත්වූ බවයි. එහිදී පුද්ගලික ආයතන 25 ක්, පාසල් 27ක් සහ නිවාස 100 ක් පරීක්ෂාවට ලක්කෙරුණා. කොන්ක‍්‍රීට් වැඩපළවල්, ටයර් අලෙවිසැල් සහ විසිතුරු මල් පැළ තවාන්වල ඩෙංගු මදුරුවන් බහුලව වාසය කරන බව එහිදී අනාවරණ වුණා. 

කෝකා කෝලා සහ පෙප්සි කෝලා පිළිකා කාරක ?

කෝකා කෝලා සහ පෙප්සි කෝලා යන බීම වර්ගවල වට්ටෝරුව වෙනස් කිරීමට එම සමාගම් තීරණය කර තිබෙනවා. පිළිකා අවධානමක් ඇති බවට බීම අඩංගු බෝතලයේ සදහන් කිරීමට නීතියෙන් නියෝග කිරීම වළක්වා ගැනීම එහි අපේක්ෂාවයි. 
මෙතිලිමයිඩසෝල් නම් රසායනිකයක් අඩංගු කැරමල් වර්ණකයක් කෝකා කෝලා සහ පෙප්සි කෝලා යන බීම වර්ගවලට යොදා ගැනෙනවා. එම රසායනිකය පිළිකා අවධානමක් ඇති කරන බවයි මීයන් යොදා ගනිමින් සිදුකෙරුනු පරීක්ෂණයකින් හෙළි වී තිබෙන්නේ. ඒ අනුව එම රසායනිකය පිළිකා අවධානම් ලැයිස්තුවට එක්කිරීමට අමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තය පියවර ගෙන තිබෙනවා. එහි  නීතියට අනුව එලෙස පිළිකා අවධානම් ලැයිස්තුවට එක් කෙරුණු රසායනිකයක් යම් නිෂ්පාදනයක අඩංගු නම් එහි ලේබලයේ ඒ බව දැක්විය යුතුයි. එසේ කිරීමෙන් නිෂ්පාදනවල කීර්ති නාමයට හානි සිදුවිය හැකි බව කෝකා කෝලා සහ පෙප්සි කෝලා සමාගම් පවසනවා. 
කෝකා කෝලා සමාගම පෙන්වා දෙන්නේ මීයන්ට පිළිකා අවධානමක් ඇති කළත් මෙතිලිමයිඩසෝල් නම් රසායනිකයෙන් මිනිසුන්ට එවැනි අවධානමක් ඇති කරන බව තහවුරු වී නොමැති බවයි. එබැවින් වට්ටෝරුව වෙනස් නොකළද කෝකා කෝලා සෞඛ්‍යයට අහිතකර නොවන බව අවාධාරණය කෙරුණා. එහෙත්, ගැටුම් වළක්වා ගැනීම සදහා වට්ටෝරුව වෙනස් කරන බවයි කොකා කෝලා සමාගමේ නියෝජිතයෙකු වන ඩයනා ගයිසා ප‍්‍රකාශ කළේ. එලෙස වට්ටෝරුව වෙනස් කෙරුණු කොකා කෝලා කැලිෆෝනියා හී වෙළදපළට දැනටමත් නිකුත් කර තිබෙනවා. 


උපත් පාලනයට ගොස් ජීවිතය නැතිකරගනීයි.

රඹුකෙවල සෞඛ්‍ය මධ්‍යස්ථානයේදී උපත් පාලන එන්නතක් විෂ වීම නිසා කාන්තාවක් මියගියා. ඒ ම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට කොළඹින් වෛද්‍ය කණ්ඩායමක් පිටත් කර යවා තිබෙනවා. මියගිය කාන්තාවගේ ඥාතීන්ගෙන්, සෞඛ්‍ය මධ්‍යස්ථානයේ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සහ ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ කාර්යය මණ්ඩලයෙන් ඔවු2න් සාක්ෂි ලබාගැනීමට නියමිතයි. පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ වෛiවරයාගෙන්ද සාක්ෂිි ලබා ගනු ඇති. විෂ වූ බව කියන එන්නතේ සාම්පල රසායනාගාර පරීක්ෂණවලට යොමු කිරීමට නියමිතයි. පරීක්ෂණ අවසන් වන තෙක් ඩිපෝ මෙඞ්ඩ්‍රොක්සි ප්‍රොජෙස්ට්‍රෝන් ඇසිටේ නමැති එම එන්නතේ විෂ වූ බව කියන කාණ්ඩය භාවිතයට ගැනීම තාවකාලිකව නතර කෙරුණා. 



උකුණන් මඩින් ලින්ඩේන් තහනම් කෙරේ

හිසෙහි උකුණන් සහ පණුහොරි මර්ධනයට යොදා ගැනෙන ලින්ඬේන් නමැති ඖෂධය වහාම තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ලින්ඬේන් ඖෂධයේ අධි සාන්ද්‍රණයන් කෘමි නාශකයක් ලෙසද යොදා ගැනෙන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ. දීර්ඝ කාලයක් එම ඖෂධය ශරීරගත වීමෙන් භයානක අතුරු ආබාධ ප‍්‍රතිඵල වන බව පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා. ඒ නිසා එම ඖෂධය තහනම් කරන ලෙසයි එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනට අනුබද්ධ ස්ටොක්හොන් සම්මුති මණ්ඩලය ද නිර්දේශ කර ඇත්තේ. එහෙත්, විකල්ප ඖෂධ හදුන්වාදෙන තෙක් 2015 වසර දක්වා එම ඖෂධය තවදුරටත් යොදා ගැනීමට අවසර ලැබී තිබෙනවා. එවැනි විකල්ප ඖෂධ 03 ක් ශ‍්‍රී ලංකාවට දැනටමත් හදුන්වා දී ඇති බවයි විලවුන් උපකරණ හා ඖෂධ නියාමන අධිකාරිය පවසන්නේ. එබැවින් ලින්ඬේන් ඖෂධය වහාම තහනම් කිරීමට තීරණය කළ බව එම අධිකාරියේ සභාපති වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා පැවසුවා. 


උද්භිද පරීක්ෂණයක් නිසා ශී‍්‍ර පාදයේ බෝවිටියා අවධානමක

ශී‍්‍ර පාද රක්ෂිතය බෝවිටියා විශේෂයක් ආක‍්‍රමණයකට ලක්ව ඇතැයි හඳුනාගෙන තිබෙනවා. ඒ පේරාදෙණිය උද්භිද උද්‍යානය මගින් කළ පර්යේෂණයක් නිසා. රත්නපුර මහා සමන් දේවාලයේ බස්නායක නිලමේ සුනිල් ශාන්ත වීරසේකර මහතා ප‍්‍රකාශ කළේ ශී‍්‍ර පාදයට පැමිණෙන බැතිමතුන්ගේ කි‍්‍රයාකාරකම්ද මීට හේතු වී ඇති බවයි.


දිස්ත්‍රික්ක 6 ක ඩෙංගු අවධානමක්

මහනුවර, පුත්තලම, කෑගල්ල, මාතර, කුරුණෑගල සහ මඩකලපුව යන දිස්ත‍්‍රික්ක 06 ඩෙංගු අවදානම් කලාප ලෙස නම් කර තිබෙනවා.                        ඩෙංගු රෝග මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසුවේ ඉකුත් වකවානුවේ දී ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩු වූ බවයි. එහෙත් ඉහත දිස්ත‍්‍රික්ක 06 යේ ඩෙංගු රෝගය යළි හිස ඔසවනු ඇතැයි ප‍්‍රකාශ කෙරුණා. දින 03 ක් උණ පවතින්නේ නම් වහාම වද්‍යවරයෙකුගෙන්  ප‍්‍රතිකාර ලබා ගන්නා ලෙසයි එම දිස්ත‍්‍රික්කවල මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.


මදුරුවන් පරයා මැස්සන් පෙරට


ඩෙංගු රෝගයට වඩා වේගයෙන් මැස්සන් මගින් ව්‍යාප්ත වන රෝගයක් පැතිර යාමේ අවදානමක් මතුව ඇතැයි රජයේ සහකාර කීට විiාඥයින්ගේ සංගමය පවසනවා. ලීස්මානියාසිස් ලෙස හැඳින්වෙන මෙම රෝග තත්වය උතුරේ ප‍්‍රදේශවල පැතිර යාමේ අවදානම ඉහළ ගොස් ඇති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ. එම මුලතිව් ප‍්‍රදේශයේ රජයේ සහකාර කීට විiාඥයින් විසින් සිදු කළ පරීක්ෂණවලදී මේ බව හෙළි වුණා. 
මෙම මැසි ඝනත්වය පවතින ප‍්‍රදේශවල එය පාලනය කිරීමට හැකි එකම විකල්පය අදාළ ප‍්‍රදේශවල ¥මායන කටයුතු සිදු කිරීමයි. එවැනි ප‍්‍රතිකර්ම අවශ්‍ය ප‍්‍රදේශවලට එ්වා නිර්දේශ කරන බවද නජිත සුමනසේන මහතා කියා සිටියා.


කුරුළු උණ ශ්‍රී ලංකාවටත් ඇවිත් ද ?

ලොව පුරා රටවල් ගණනාවක ව්‍යාප්ත වෙමින් ඇති කුරුළු උණ ශී‍්‍ර ලංකාවේද ව්‍යාප්ත වෙමින් ඇත්දැයි සැක පළ වනවා. සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ කුරුණෑගල බිංගිරිය ප‍්‍රදේශයේ ගොවිපොළක කුකුළන් සමූහයක් ඉකුත් දිනවල හදිසියේ මියගිය බවයි. එලෙස මියගිය කුකුළන් අතරින් එක් අයෙකු කුරුළු උණට සමාන රෝග ලක්ෂණ පෙන් වූ බව පර්යේෂණවලින් හෙළි වුණා. 
මේ බව සැලකිල්ලට ගෙන පූර්ව සූදානම් වැඩපිළිවෙළක් වහාම කි‍්‍රයාවට නංවන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ. බිංගිරිය, හලාවත සහ හෙට්ටිපොළ යන රෝහල්වල කාර්ය මණ්ඩලයන් කුරුළු උණ සම්බන්ධයෙන් දැනුවත් කර තිබෙනවා. වැඩිදුර පර්යේෂණ සඳහා  වසංගත රෝග විද්‍ය අංශයේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් දෙකක් බිංගිරිය සහ අවට රෝහල්වලට අද (පෙබ 01) පිටත්ව යාමට නියමිතයි. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මාර්ගෝපදේශ ලබා ගැනීමටද සෞඛ්‍ය අමාත්‍යංශය අදහස් කරනවා.



පකිස්ථානයට මරු කැදවූ හෘද රෝග ඖෂධය රජයේ රෝහල්වල නෑලු

රජයේ රෝහල්වලින් ලබාදෙන ඖෂධ සම්බන්ධයෙන් කිසිසේත් බිය නොවන්නැයි හෘද රෝගීන්ගෙන් ඉල්ලීමක් කෙරෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය ඉකුත් දා තීරණය කළේ හෘද රෝගීන්ට ලබාදෙන අයිසොසොබයිට් මොනෝනයිට්රේට් මිලිග‍්‍රෑම් 20 ඖෂධය තවදුරටත් භාවිතයට ගැනීම වහාම අත්හිටුවීමටයි. පකිස්තානයෙන් නිපදවන එම ඖෂධය ලබාදීමෙන් එරට හෘද රෝගීන් 70 කට වැඩි  පිරිසක් මියගොස් තවත් 400 කට වැඩි පිරිසක් සංකූලතාවයන්ට ලක්ව සිටින බව THE TRURTඉකුත් දා අනාවරණ කළා. එම ඖෂධය තවදුරටත් භාවිතයට ගැනීම වහාම අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කළේ ඉන් අනතුරුවයි. කෙසේ වෙතත් එම ඖෂධය රජයේ කිසිදු රෝහලක නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශය අවධාරනය කරනවා. ආනයන කිරීම සදහා ලියාපදිංචි කර ඇතැත් රජයේ රෝහල්වලට එම ඖෂධය ආනයන නොකළ බවයි වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කමල් ජයසිංහ මහතා THE TRUTH වෙත කියාසිටියේ. 


පකිස්තානුවන් මරාදැමූ හෘද රෝග ඖෂධය ශ‍්‍රී ලංකාවේ තහනම්


හෘද රෝගීන් සදහා ලබාදෙන අයිසෝසෝ බයිට් මොනෝනයිට්රේට් මිලිග‍්‍රෑම් 20 ඖෂධය ශ‍්‍රී ලංකාවේ භාවිත කිරීම වහාම තහනම් කෙරුණා. සෞඛ්‍ය අමාත්‍යංශය අද (ජන 27) නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එම ඖෂධය අලෙවි කිරීම ද තහනම් වන බවයි. පකිස්තානයේ නිෂ්පාදිත එම ඖෂධය ලබාදීමෙන් පසු එරට හෘද රෝගීන් 70කට වැඩි පිරිසක් මියගිය බව THE TRUTH ඊයේ අනාවරණ කළා.  තවත් 400 කට වැඩි පිරිසක් අසාධ්‍ය වී සිටින බවයි THE TRUTH වැරඩිදුරටත් අනාවරණ කළේ. එම ඖෂධය ශ‍්‍රී ලංකාවේ ද ලියාපදිංචි එකක් බව පසුව කළ සොයා බැලීමක දී හෙළිවූණා. ඖෂධය ශ‍්‍රී ලංකාවේ භාවිත කිරීම කහනම් කෙරුණේ ඒ අනුව බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ. 
මේ අතර  එම ඖෂධය නිපදවන පකිස්තාන සමාගම් කිහිපයක හිමිකරුවන් එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැඩිදුර පරීක්ෂණ සදහා ඖෂධ සාම්පල් බි‍්‍රතාන්‍යයට සහ ප‍්‍රංශයට යැවූ බවයි පකිස්තාන ආණ්ඩුව පවසන්නේ. 



එන්නත් හිගවීමෙන් බල්ලොත් බලු වෙයි

සුනඛයන් සඳහා ලබාදෙන ජලභීතිකා මර්දන එන්නත් හිඟ වී ඇතියි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එම එන්නත් ලබන මස මුලදී ආනයනය කරන බවයි අමාත්‍යංශය ප‍්‍රකාශ කරන්නේ. එන්නත් නොමැති වීම නිසා ජලභීතිකා රෝග මර්දනයට බාධා පැමිණ ඇති බව පශු වෛද්‍යවරුන් කියා සිටියා. ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා ආරම්භ කළ වන්ධ්‍යකරණ වැඩපිළිවෙළ ද තාවකාලිකව නතර වී තිබෙනවා. 
මේ අතර විශේෂයෙන්ම රත්නපුර දිස්ති‍්‍රක්කයේ ජලභීතිකා රෝගය වැඩි වී ඇති බව සෞඛ්‍ය වාර්තා අනාවරණ කළා. පසුගිය වසරේ පමණක් රත්නපුර මහ රෝහලෙන් ජලභීතිකා රෝගයට ගොදුරු වූවන් දස දහසක් ප‍්‍රතිකාර ලබාගෙන තිබෙනවා. 


කාන්තාවන්ගේ පියයුරු ‍ලොකු කළ ප්‍රංශ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

කෘති‍්‍රම පියයුරු සකස් කරන සමාගමක අයිතිකරු ප‍්‍රංශ රජය විසින් මනුෂ්‍ය ඝාතන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශල්‍යකර්ම ආධාරයෙන් පියයුරු සැකසීම සඳහා භාවිත කළ යුතු ජෙල් වර්ගය භාවිත නොකර මෙට්ට සෑදීම සඳහා භාවිත කරන ජෙල් වර්ගයක් යොදා ගැනීම ඔහුට එල්ලවී ඇති චෝදනාවයි. වසර 13ක් පුරා සැකකරු කෘත‍්‍රිම පියයුරු සකස් කර ඇත්තේ මෙම ජෙල් වර්ගය භාවිත කරමින්. කෘති‍්‍රම පියයුරු භාවිත නොකරන ලෙස ප‍්‍රංශ රජය එරට කාන්තාවන්ගෙන් පසුගියදා ඉල්ලා සිටියා.


ආයෙත් කුරුළු උණ ගැන කථාවක්

පරිසරයේ පවතින ලානිනා තත්වය කුරුළු උණ ව්‍යාප්ත වීමට හේතු වී ඇතැයි විද්‍යාඥයින් පිරිසක් පවසනවා. විවිධ උණ රෝග පැතිර යාමට එය බලපෑ ඇති බවයි ඔවුන් සිදු කළ පර්යේෂණයකදී අනාවරණ වුණේ. නැගෙනහිර පැසිෆික් කලාපයේ සීත කාලගුණය නිසා ලානිනා තත්වයක් මතුව තිබෙනවා. එම නිසා සංචාරක පක්ෂීන්ගේ ගමන් මග වෙනස් වී ඇති බව විද්‍යාඥයන් පෙන්වා දෙනවා. එය උණ රෝග පැතිර යාමට හේතු වී ඇති බවයි ඔවුන් ප‍්‍රකාශ කරන්නේ.


හොර X - Ray යන්ත‍්‍ර 20 ක් - පරිස්සම් වෙන්න


එක්ස් කිරණ යන්ත‍්‍ර 740 ක් ලියාපදිංචි කර ඇති බව පරමාණුක බලශක්ති අධිකාරිය පවසනවා. එහි සභාපති ආචාර්ය රංජිත් විජේවර්ධන මහතා ප‍්‍රකාශ කළේ රජයේ රෝහල් රැසක ඇති එක්ස් කිරණ යන්ත‍්‍ර ලියාපදිංචි කර ඇති බවයි. ලියාපදිංචි නොකළ එක්ස් කිරණ යන්ත‍්‍ර 20 ක් පිළිබද පැමිණිලි මහජනතාවගෙන් ලැබුණු බව ද ඔහු අනාවරණය කළා. ලියාපදිංචිය ලබාදීමට ප‍්‍රථම එම යන්ත‍්‍රවල ප‍්‍රමිතිය ද සොයා බැලෙනවා. ප‍්‍රමිතියෙන් තොර යන්ත‍්‍රවලින් එක්ස් කිරණ ඡයාරූප ගැනීමේ දී නියමිත පරිදි ඡයාරූප ගතකිරීමට හැකියාවක් නොලැබෙන බවයි ඔහු සදහන් කළේ. 


X Ray ගන්නේ බලාගෙනයි

රෝහලකින් හෝ වෙනත් ස්ථානයකින් එක්ස් කිරණ ඡායාරූපයක් ලබා ගැනීමේදී ඊට යොදා ගැනෙන යන්ත‍්‍රය බලපත‍්‍ර සහිත එකක් දැයි විමසිලිමත් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා. පරමාණුක ශක්ති අධිකාරිය පෙන්වා දෙන්නේ බලපත‍්‍ර නොමැති එක්ස් කිරණ යන්ත‍්‍රවලින් විවිධ අනතුරු සිදුවිය හැකි බවයි. එම අධිකාරියේ සභාපති ආචාර්ය රංජිත් විජේවර්ධන මහතා ඊට හේතු දැක්වුවා.


කිසියම් එක්ස් කිරණ යන්ත‍්‍රයක් බලපත‍්‍ර සහිත එකක් දැයි හඳුනා ගන්නා ආකාරයද මෙහිදී පැහැදිලි කෙරුණා. 


එක්ස් කිරණ යන්ත‍්‍රයක් හෝ විකිරණ නිකුත් කරන වෙනත් යන්ත‍්‍රයක් ශී‍්‍ර ලංකාවට ආනයනය කිරීමේදී පරමාණුක ශක්ති අධිකාරියෙන් ඊට අවසර ලබාගත යුතුයි. පසුව වසර දෙකකට වරක් එම යන්ත‍්‍රයේ බලපත‍්‍රය අලූත් කළ යුතු වනවා. කෙසේ වෙතත් දැනට එලෙස බලපත‍්‍ර ලබාගෙන ඇත්තේ එක්ස් කිරණ යන්ත‍්‍ර හත්සියයකට ආසන්න ප‍්‍රමාණයක් සඳහා පමණක් බවයි ආචාර්ය රංජිත් විජේවර්ධන මහතා ප‍්‍රකාශ කළේ.


පෘතුවිය ප්‍රමාණයේ තවත් ග්‍රහලෝක බිලියන 10 ක්

ක්‍ෂීර පථයේ පිහිටි සෑම තාරුකාවක් වටාම අවම වශයෙන් එක් ග‍්‍රහලෝකයක්වත් භ‍්‍රමණය වෙමින් ඇතැයි අනුමාන කළ හැකි බව තාරකා විද්‍යාඥයන් පවසනවා. එම අනුමානය තහවුරු කිරීමට ප‍්‍රමාණවත් සාක්ෂි අධ්‍යයනවලින් සොයාගෙන ඇති බවයි අමෙරිකානු තාරකා විද්‍යා සංගමයේ 219 වැනි සැසිවාරයේදී අනාවරන වුණේ. ක්‍ෂීර පථය තුළ පෘථිවිය ප‍්‍රමාණයේ ග‍්‍රහලෝක බිලියන 10ක් පමණ ඇතැයිද අධ්‍යයනවලින් සොයාගෙන තිබෙනවා.


ලංකාවේ සයුර පරීක්ෂණයට පිටරටින් එයි.


සාගර දූෂණය මැන බැලීම සඳහා විiාත්මකව ජල සාම්පල ලබා ගැනීම වාද්දුව මුහුදු තීරයෙන් ආරම්භ කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. පරමාණුක ශක්ති අධිකාරියේ සහ සාගර දූෂණ වැලැක්වීමේ අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් එය සිදු කෙරුණේ ජාත්‍යන්තර පරමාණුක ශක්ති ඒජන්සියේ මැදිහත් විමෙන්. මෙම ජල සාම්පල කැළණිය විශ්ව විiාලයීය විiාගාර තුළ දී අද පරික්‍ෂාවට ලක් කෙරුණා. සමුද්‍රය දූෂණය වීම මැඩ පැවැත්වීම අසීරු කරුණක් බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කරන්නේ. නාගරික අපද්‍රව්‍ය, ගෘහස්ථ අපද්‍රව්‍ය කාර්මික සහ කෘෂි අපද්‍රව්‍ය, නෞකා ඉන්ධන මුහුදට එක්විම නිසා සාගරය දූෂණය වනවා. 



ක්‍රීම් ගාන්නේ බලාගෙනයි

වෙළෙඳපොළෙහි අලෙවි කෙරෙන සුවඳ විලවුන් සහ රූපලාවන්‍ය ආලේපනවල සංයුතිය සම්බන්ධයෙන් පර්යේෂණයක් කිරීමට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය සූදානම් වනවා. සුවඳ විලවුන් සහ රූපලාවන්‍ය අලේපන භාවිතය සිදුවිය හැකි ආසාත්මිකතා වළක්වා ගැනීමට පාරිභෝගිකයන්ද සැලකිලිමත්විය යුතු බව අවධාරණය කෙරුණා. එවැනි සුවඳ විලවුන් හෝ රූපලාවන්‍ය ආලේපන භාවිත කිරීමේදී දක්වා ඇති උපදෙස් පිළිපදින්නැයි විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක මහතා ඉල්ලීමක් කළා.


කිලෝ 90 මස් ගෙඩිය සැත්කමකින් ඉවත් කෙරේ

වියට්නාම ජාතිකයෙකුගේ පාදයක තිබූ විශාල ප‍්‍රමාණයේ ගෙඩියක් සැත්කමකින් ඉවත් කිරීමට අන්තර්ජාතික වෛද්‍ය කණ්ඩායමක් සමත් වුණා. එම ගෙඩියේ බර කිලෝ ග‍්‍රෑම් 90 ක්. සැත්කමට ලක් කෙරුණු වියට්නාම ජාතිකයාගේ වයස අවුරුදු 31ක්. සැත්කමකින් ඉවත් කෙරුණු ගෙඩිය ඔහුගේ පාදයේ හටගෙන ඇත්තේ වයස අවුරුදු 4දී. ක වයස අවුරුදු 17 වන විට ඔහුට ඇවිදීමට නොහැකි එය විශාල වී තිබෙනවා. සැත්කම සඳහා වෛද්‍යවරුන් කිසිදු ගාස්තුවක් අය නොකිරීම විශේෂත්වයක්. ඒ සඳහා වැය වූ කාලය පැය 12ක් බව විදෙස් වාර්තා පවසනවා. 



ඒඩ්ස්වලට එන්නතක් 


එච්.අයි.වී. හෙවත් ඒඞ්ස් වෛරසයට ප‍්‍රතිරෝධී එන්නතක් පර්යේෂණවලදී සාර්ථක ප‍්‍රතිඵල ලබා දුන් බව අමෙරිකානු විiාඥයන් පිරිසක් පවසනවා. පර්යේෂණ සිදු කෙරුණේ වඳුරන් යොදා ගනිමින්. එන්නත ලබාදුන් වඳුරන් වෛරසයට නිරාවරණ කළ විට ඔවුන්ගෙන් සියයට 80ක්ම ආරක්ෂිත වූ බව විiාඥයන් පවසනවා. ආසාදනය වූ වඳුරන්ගේද රුධිරයේ අඩංගු වූ වෛරස ප‍්‍රමාණය ඉතා අඩු බවයි ප‍්‍රකාශ කෙරුණේ. එම එන්නත ලබන වසරේදී මිනිසුන් සඳහා අත්හදා බලන බවද ප‍්‍රකාශ කෙරුණා.
මේ අතර ලොවපුරා දැනට සිට එච්.අයි.වී. හෙවත් එ්ඞ්ස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 34කට වැඩියි. මිලියන 25කට වැඩි පිරිසක් එ්ඞ්ස් නිසා මියගොස් තිබෙනවා.


රෝගීන්ගේ චර්යා ගැන පර්යේෂණයක්


රෝගීන්ගේ චර්යාවන් සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදු කිරීමට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය සූදානම් වනවා. වැරදි චර්යා සහ ඒ හේතුවෙන් රෝගීන්ට සිදුවන හානි අවම කර ගත හැක්කේ කෙසේදැයි හඳුනා ගැනීම එහි අපේක්ෂාවක්. වෛද්‍යවරුන් නියම කරන මාත‍්‍රාවට පටහැනිව ඖෂධ ලබා ගැනීම දැනට හඳුනාගෙන ඇති වැරදි චර්යාවක් වනවා. 


වකුගඩු රෝගීන්ට අනතුරු ඇගවීමක්

ඉන්දීය සමාගමක් වන අල්රීටා ෆාමා විසින් නිපදවනු ලබන සයික්ලොස්පොරීන් නම් ඖෂධය රජයේ හෝ පෞද්ගලික රෝහල්වල භාවිතයට ගැනීම වහාම ක‍්‍රියාත්මක වන පරිදි තහනම් කෙරුණා. ඒ, සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝගයකට අනුවයි. වකුගඩු බද්ධ කිරීමක දී එලෙස බද්ධ කෙරෙන වකුගඩුව සිරුරෙන් ප‍්‍රතික්ෂේප වීම වළක්වාලීම සදහා එම ඖෂධය ලබාදෙනවා. එහෙත්, එහි ගුණාත්මකභාවය සම්බන්ධයෙන් සැක පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ. වැඩිදුර පරීක්ෂණ පවත්වන්නැයි ජාතික ඖෂධ තත්ව ආරක්ෂන රසායනාගාරයට උපදෙස් ලබාදුන් බව ද සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.   


පියයුරු ලොකු කරගත්තනම්. පරිස්සමින්

රූපලාවන්‍ය සැත්කම් මගින් පියයුරු වර්ධනය කර ගත් ප‍්‍රංශ කාන්තාවන් අවදානමකට ලක්ව සිටිනවා. එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ එම සැත්කම් බොහෝමයක් සඳහා භාවිත කර ඇත්තේ අනුමැතිය නොලත් සිලිකන් ජෙලි වර්ගයක් බවයි. එබැවින් සැත්කමේදී යොදන ලද සිලිකන් ස්ථරය වහාම ඉවත්කර ගන්නා ලෙස ඊට පියයුරු වර්ධනය කර ගත් කාන්තාවන්ගෙන් ඉල්ලීමක් කෙරෙනවා.













පිළිකා මර්දනයට සියඹලා , දෙළුම් සහ උගුරැස්ස.

සියඹලා , දෙළුම් සහ උගුරැස්ස යන දේශීය පළතුරුවලින් පිළිකා මර්දනය කෙරෙන බව නවතම පර්යේෂණයකින් හෙළිව තිබෙනවා. එම පර්යේෂණය මෙහෙයවනු ලැබූයේ සබරගමුව විශ්ව විද්‍යාලයේ කෘෂි පීඨයේ කථිකාචාර්ය මධුමනී අමරරත්න මහත්මිය විසින්. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරුන් දෙදෙනෙකුද ඊට එක් වුණා. ඌණ භාවිත පළතුරු වර්ග කිහිපයක් පර්යේෂණයට ලක් කළ බවයි මධුමනී අමරරත්න මහත්මිය පවසන්නේ.

හෘදයාබාධ සහ දියවැඩියාව වළක්වාලීමේ හැකියාවද සියඹලා , දෙළුම් සහ උගුරැස්ස යන පළතුරුවල තිබෙන බව තහවුරු වී තිබෙනවා. පර්යේෂණයට ලක් කළ සෙසු පළතුරු වන්නේ පේර, දෙහි, දිවුල්, ඇඹුල් කාබරංකා සහ බිලිං. පර්යේෂණය තවදුරටත් ව්‍යාප්ත කරමින් වෙනත් පළතුරුද ඇගයීමට ලක් කළහොත් රෝග මර්දන හැකියාව සහිත තවත් පළතුරු වර්ග හඳුනා ගැනීමට හැකිවනු ඇතැයි මධුමනී අමරරත්න මහත්මිය විශ්වාසය පළ කරනවා.

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum