SPORTS


එස්.එල්.පී.එල්. වැඩිම මිල ගේල්ට

එස්.එල්.පී.එල්. තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසියේදී වැඩිම මිලකට අලෙවි වී තිබෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ කි‍්‍රස් ගේල්. අමෙරිකානු ඩොලර් ලක්ෂයක මිලකට ඔහු ඌව කණ්ඩායම විසින් ඔහු මිලදී ගැනුනා. රුහුණ කණ්ඩායම විසින් මිලදී ගැනුනු පකිස්තානයේ සයීඞ් අෆ්රිඩි වෙනුවෙන් නියම වූ මිල අමෙරිකානු ඩොලර් පනස් දහසක්. ඔස්ටේ‍්‍රලියාවේ ඩි නෑන්ස් , දකුණු අපි‍්‍රකාවේ ඇල්බී මෝර්කල්, පකිස්තානයේ සොයිබ් මලික් සහ ඔස්ටේ‍්‍රලියාවේ ඇන්ඩෲ මැක්ඩොනල්ඞ් යන කී‍්‍රඩකයන් අලෙවි වූයේ අමෙරිකානු ඩොලර් තිස්පන්දහසක මිලකටයි. ඞී නෑන්ස් බස්නාහිර කණ්ඩායම විසින්ද, ඇල්බී මෝර්කල් කඳුරට කණ්ඩායම විසින්ද මිලදී ගැනුනා. සොයිබ් මලික් සහ ඇන්ඩෲ මැක්ඩොනල්ඞ් යන කී‍්‍රඩකයින් දෙදෙනාම මිලදී ගැනුනේ ඌව කණ්ඩායම විසින්. 
මේ අතර ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් වෙන්දේසියේදී මුලින්ම අලෙවි වූයේ දිනේෂ් චන්දිමාල්. වයඹ කණ්ඩායමේ මහේල ජයවර්ධන විසින් ඔහු තෝරා ගැනුනා. ඒ අමෙරිකානු ඩොලර් තිස්පන්දහසක මිලකටයි. වයස අවුරුදු 21න් පහළ කී‍්‍රඩකයන් අතරින් අකිල ධනංජය මුලින්ම අලෙවි වුණා. ඔහුද මිලදී ගැනුනේ වයඹ කණ්ඩායම විසින්. ප‍්‍රවීණ කී‍්‍රඩක සනත් ජයසූරිය කඳුරට කණ්ඩායම විසින්ද, චමින්ද වාස් වයඹ කණ්ඩායම විසින්ද මිලදි ගැනුනා.


බෝල්ට් ආයෙත් පරදියි

ජැමෙයිකානු නවක ක‍්‍රීඩක යොහාන් බ්ලේක්ට පිට පිටම දෙවරක් පරාජය වුව ද ඔලිම්පික් හීදි යළි ප‍්‍රබලව දක්‍ෂතා අතරට පිවිසෙන බව උසෙයින් බෝල්ට් පවසනවා. මීටර් 100 සහ 200 ඉසව්වේ ඔලිම්පික් ශූරයා මෙන්ම ලෝක වාර්තා ලාභියා ද වන බෝල්ට් ජැමෙයිකානු ඔලිම්පික් තේරීම් තරගවලදී මෙම පරාජයන්ට මුහුණ දුන්නා. ඔහු ඉකුක් සෙනසුරාදා මීටර්  100 ඉසව්වේ දි යොහාන් බ්ලේක්ට පරාජය වීමෙන් අනතුරුව බොහෝ විචාරකයින් පැවසුවේ මීටර් 200 ඉසව්වේ ජයග‍්‍රහණය නිසැක වශයෙන්ම බෝල්ට් හිමිකර ගනු ඇති බවයි. එහෙත් එම අනාවැකි පුස්සක් බවට පත් කරමින් යොහාන් බ්ලේක් ඊයේ(ජුලි 02) පැවති මීටර් 200 තේරිම් තරගය තත්ත්පර 19.8 කින් නිම කරමින් ජයග‍්‍රහණය ලබා ගත්තා. ඉන් අනතුරුව බෝල්ට් කියා සිටියේ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ ආරම්භයට තවත් සති 03 ක් ඇති බැවින් එය යළි දක්‍ෂතා අතරට  පිවිසීමට ප‍්‍රමාණවත් බවයි. 
මේ අතර විචාරකයින් පවසන්නේ පිරිමි කෙටි දුර ධාවන ඉසව් දෙකේම ඔලිම්පික් රන් සහ රිදී පදක්කම් දෙකම මෙවර ජැමෙයිකාවට හිමිවනු ඇති බවයි.


ඔස්ට්‍රේලියාව ආයෙත් එංගලන්තයට පරදීයි

නෙට්වෙට් කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ දෙවන තරගයද ජයගැනීමට එංගලන්තය ඊයේ (ජුලි 01) සමත් වුණා. ඒ, ප‍්‍රතිවාදී ඔස්ටේ‍්‍රලයාව කඩුලූ 06 කින් පරාජය කරමින්. ලන්ඩන් නුවර කෙනින්ටන්  ඕවල් ක‍්‍රිඩාංගණයේදී තරගය පැවැත්වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ‍්‍රලියාව නියමිත පන්දුවාර 50 දී කඩුලූ 07 ක් දැවී ලකුණු 251 යි. ඉනිමේ 46 වන පන්දුවාරයේදී එම ලකුණු සංඛ්‍යාව අභිබවා යාමට එංගලන්තය සමත් වුණා. රවී බෝපාරා ලකුණු 82 යි. ඉයෙන් බෙල් ලකුනු 75 ක් ලබා ගත්තා. ඔස්ටේ‍්‍රලියාව වෙනුවෙන් වැඩිම ලකුනු ලාභියා වූයේ ශේන් වොට්සන්. ඔහු ලකුණු 66 ක් ලබා ගත්තා. තරගාවලියේ පළමු තරගය එංගලන්තය ජයගත්තේ ලකුණු 15 කින්. තුන්වන තරගය අනිද්දා පැවැත්වෙනවා.


ශ්‍රී ලංකාවේ රගර් පිටියේ පෑයූ පිටරට තරු

කාල්ටන් සුපර් සෙවන්ස් ශ‍්‍රී ලංකා 2012, සත් සාමාජික රග්බි තරගාවලිය ඉකුත් 03 වනදා නිමාව දුටුයේ ජනපති පුත් යෝෂිත රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් යාපනය චැලෙන්ජර්ස් පිල සහ චානක චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් වයඹ බ්ලැක්ස් පිල සමස්ත සම ශූරයන් බවට පත්කරමින්.තරගාවලිය අවසානයේ දී බිපාෂා බාසු හා  සමීරා රෙඞ්ඩි ඇතුළු බොලිවුඩ් නිලියන් පිරිවරාගත් සංදර්ශනයක් ද පැවැත්වූණා.





















පකිස්ථානය ශ්‍රී ලංකාවෙන් වාඩුව ගනී


ශ‍්‍රී ලංකාව සහ පකිස්තානය අතර පන්දුවාර 20 යි 20 ක‍්‍රිකට් තරගාවලිය ඊයේ (ජුනි 04) ජය පරාජයෙන් තොරව නිමාව දුටුවා. පළමු තරගයෙන් පරාජය වී සිටි පකිස්තානය ඊයේ තරගය ලකුණු 23 කින් ජය ගැනීම ඊට හේතුවයි. පිත්තෙන්ද පන්දුවෙන්ද ඉහළ දක්ෂතා දැක්වු සහීඞ් අෆ්රිඞී ජයග‍්‍රහණයේ නියමුවා වුණා. තරගය පැවැත්වුණේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදීයි. මහේල ජයවර්ධන තරගයට සහභාගී නොවීම නිසා ඇන්ජලෝ මැතිව්ස් ශ‍්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දුන්නා. ඔහු ශ‍්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදුන් පළමු අවස්ථාවද එයයි. පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුලූ 06 ක් දැවී ලකුණු 122 ක් ලබා ගත්තා. සහීඞ් අෆ්රිඞී නොදැවී ලකුණු 52 යි. නුවන් කුලසේකර සහ කෞශල් ලොකුආරච්චි කඩුලූ 02 බැගින් දවා ගත්තා. පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායම සියලූදෙනා දැවී රැුස්කර ගත්තේ ලකුණු 99 ක් පමණයි. ශ‍්‍රී ලංකා කණ්ඩායම පකිස්තානය හමුවේ ලබාගත් අඩුම ලකුනු සංඛ්‍යාවද එය වනවා. තරගයේ වීරයා වූයේ සහීඞ් අෆ්රිඞීයි. සොහයිර් තන්වීර් තරගාවලියේ වීරයා වුණා. දෙපිළ අතර එක් දින තරග 05 ක්ද පැවැත්වීමට නියමිතයි. එයින් පළමුවැන්න ලබන 07 වනදා පැවැත්වෙනවා. 


ක්‍රිකට් ක්‍රිඩකයන් ද වර්ජන සූදානමක

ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් ක‍්‍රිඩකයින් තරග වර්ජන සූදානමක පසු වන බව එරට මාධ්‍ය වාර්තා පවසනවා. එහි දැක්වුණේ දක්ෂතා මත වැටුප් ගෙවීමේ ක‍්‍රමවේදයට විරෝධය පළකිරීම සදහා ඔවුන් ඊට සැරසෙන බවයි. ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම පන්දුවාර     20 හා එක්දින තරගාවලියක් සදහා ලබන මසදී එංගලන්තයේ සංචාරය කිරීමට නියමිතයි. එය හෝ ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලානය වර්ජනය කිරීම ක‍්‍රීඩකයින්ගේ අරමුණ වී ඇතැයි අදාළ වාර්තාවේ දැක්වුණා. ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් හා පාලක මණ්ඩලය අතර ගිවිසුම අත්සන් තැබීමට නියමිතව ඇත්තේ ජූලි මස 01 වනදායි. එහෙත්, වත්මන් අර්බුද මත එය එදිනට සිදුකිරීමට හැකි නොවනු ඇතැයි ඔස්ටේ‍්‍රලියානු මාධ්‍ය වාර්තා පැවසුවා. මීට පෙර අවසන් වරට ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයින් ගිවිසුම පිළිබද බළධාරීන් සමග ගැටළු ඇති කර ගත්තේ 1994 මාක් ටේලර් කණ්ඩායමේ නායකත්වය දරන අවධියේදීයි.     


ෂාරුක්ගේ කොල්ලො ටික හැඩ වැඩ පෙන්වයි

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව පිට පිටම තුන්වන වරටත් දිනාගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට තිබූ අපේක්ෂා ශාරුක් ඛාන්ගේ කොල්කටා නයිට් රයිඩර්ස් හමුවේ ඊයේ බො`දව ගියා. දෙපිළ අතර අවසන් මහා තරගය පැවැත්වුණේ චෙන්නායි හී එම්.ඒ. චිතම්බරම් ක‍්‍රීඩාංගණයේදීයි. පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි ක‍්‍රීඩකයන් නියමිත පන්දුවාර 20 දී කඩුලූ 03 ක් දැවී ලකුණු 190 ක් ලබා ගත්තා. සුරේෂ් රයිනා පන්දු 38 කදී ලකුණු 73 යි. මයික් හසී ලකුණු 54 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක‍්‍රිඩා කළ කොල්කටා ක‍්‍රීඩකයන් ජයග‍්‍රහණය තහවුරු කරගත්තේ කඩුලූ 05 ක් පමණක් දැවී තිබියදී ඉනිමේ අවසන් පන්දුවාරයේ 04 වන පන්දුවේදීයි. ජයග‍්‍රහණයේ නියමුවා වූ මන්විදර් බිස්ලා පන්දු   48 කදී ලකුණු 89 ක් ලබා ගත්තා. ජැක්කාලීස් ලකුණු 69 යි. මන්විදර් බිස්ලා තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තා. තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ කොල්කටා කණ්ඩායමේම සුනිල් නරේන්. 


සල්ලි වලට තරග පාවාදුන් ශ්‍රී ලාංකිකයා කවු ද?

තරග පාවාදීමක් සදහා ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකුට ඉන්දීය රුපියල් කෝටි 10 ක් ලබාදුන් බවට බුකීකරුවෙකු වන සෝනු යෝගේන්ද්‍ර හෙවත් මලාත් ඉන්දීය පොලීසියේ අපරාධ අංශයට ප‍්‍රකාශයක් දී තිබෙනවා. සෝනු යෝගේන්ද්‍රත් තවත් බුකීකරුවෙකු වන දේවේන්ද්‍ර කොතාරී හෙවත් බයියාජී ද ඉන්දීය පොලීසියේ අපරාධ අංශය විසින් පෙරේදා අත්අඩංගුවට ගැනුණු බවයි ”ටයිම්ස් ඔෆ් ඉන්ඩියා” වෙබ් අඩවිය පවසන්නේ. ඔවුන් ළග තිබූ ලැප්ටොප් පරිඝනක, කටහඩ පටිගත කිරීමේ යන්ත‍්‍ර, ජංගම දුරකතන 25 ක් සහ ඉන්දීය රුපියල් කෝටි 05 කට වැඩි මුදලක්ද පොලිස් භාරයට ගැනුණු බව පොලීසිය පවසනවා. ප‍්‍රශ්න කිරීම්වලින් හෙළිව ඇත්තේ ඔවුන් පාකිස්තානය කේන්ද්‍ර කරගත් බුකී ජාවාරමක සාමාජිකයන් බවයි. ඔවුන්ගේ ඔත්තුකරුවන් ඇෆ්ගනිස්ථානයේ, දකුණු අප‍්‍රිකාවේ, සෞදි අරාබියේ සහ ඉන්දියාවේද සිටින බව තහවුරු වී තිබෙනවා.     


මෙන්න ක්‍රිකට් කොන්ත්‍රාත්කරුවෝ

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය 2012 වසර සදහා ක්‍රීඩකයන් 60 දෙනෙකු සමග ගිවිසුම් වලට එලැබ තිබෙනවා. ඒ ජාතික කාණ්ඩය යටතේ ක්‍රීඩකයන් 20 දෙනෙකුත් පළාත් කාණ්ඩය යටතේ ක්‍රීඩකයන් 40 දෙනෙකුත් සමගයි.  




ජාතික කාණ්ඩය
පළමු කාණ්ඩය 

තිලකරත්න ඩිල්ෂාන් 
කුමාර් සංගක්කාර
මහේල ජයවර්ධන
තිලාන් සමරවීර
ලසිත් මාලිංග 

දෙවන කාණ්ඩය 
නුවන් කුලසේකර
ඇන්ජලෝ මැතිව්ස්
රංගන හේරත්
උපුල් තරංග 

තුන්වන කාණ්ඩය
ප‍්‍රසන්න ජයවර්ධන 


හතරවන කාණ්ඩය
තරංග පරණවිතාන
සුරාජ් රන්දීව්
අජන්ත මෙන්ඩිස්
දිනේෂ් චන්දිමාල්


පස්වන කාණ්ඩය
දිල්හාර ප‍්‍රනාන්දු
චානක වෙළගෙදෙර 
තිසර පෙරේරා 

හයවන කාණ්ඩය
චාමර කපුගෙදෙර
සුරංග ලක්මාල්
ළහිරු තිරිමාන්නයි

පළාත් කාණ්ඩය 
පළමු උප කාණ්ඩය

චාමර සිල්වා
තිළිණ කණ්ඩම්බි
ධම්මික ප‍්‍රසාද්
දිමුත් කරුණාරත්න
පර්විස් මහරුෆ්
ජීවන් මෙන්ඩිස්
කෞෂල් සිල්වා
සචිත‍්‍ර සේනානායක
ශමින්ද එරංග

දෙවන උප කාණ්ඩය
දිල්රුවන් පෙරේරා
දිල්ශාන් මුණවීර
ජනක ගුණරත්න
කෝසල කුලසේකර
කුෂල් ජනිත් පෙරේරා
මාලිංග බණ්ඩාර
මාලින්ද සිරිවර්ධන
නදීර නාවල
නිලංග පේ‍්‍රමරත්න
රොෂාන් සිල්වා
සචිත‍්‍ර සේරසිංහ
සජීව වීරකෝන්
සීකුගේ ප‍්‍රසන්න
තරංග ලක්ෂිත
මලින්ද වර්ණපුර
නුවන් ප‍්‍රදීප් 

තුන්වන උප කාණ්ඩය 
ඇන්ජලෝ පෙරේරා
භනුක රාජපක්ෂ
ජෙහාන් මුබාරක්
කෞෂාල් ලොකුආරච්චි
මහේල උඩවත්ත
මලින්ද පුෂ්ප කුමාර 
ටී.එම්. සම්පත් 

හතරවන උප කාණ්ඩය 
අශාන් ප‍්‍රියන්ජන
අශාන් සිල්වා
ඉසුරු උදාන
කණිෂ්ක ඇල්විටිගල
යොහාන් ද සිල්වා
කිත්රුවන් විතානගේ
සොහාන් බොරලැස්ස
උදාර ජයසුන්දර 



ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලොක්කෙක් ලන්ඩනයේදී අත්අඩංගුවට

බටහිර ඉන්දීය කොදෙව් දුපත් හී සංචාරයක නිරතවු ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ඒ.ආර්.එම් අරුත් මහතා එංගලන්තයේ ලන්ඩන් ගුවන් තොටුපළේ දී එරට ආගමන හා විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණා. ඒ මහතාට ඇති චෝදනාව ආගමන විගමන නීති උල්ලංගණය කරමින් විදේශ ගමන් බලපත‍්‍ර දෙකක් සන්තකයේ තබා ගැනීමයි.
බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි සංචාරය අවසන් කරමින් ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම ඊයේ (මැයි 11) දිනයේ එරටින් පිටව ආවා. ඔවුන්ට ශ‍්‍රී ලංකාවට පැමිණිමිට සිදුව තිබෙන්නේ එංගලන්තයේ ලන්ඩන් සහ ඉන්දියාවේ චෙන්නායි යන ගුවන් තොටුපළ හරහායි. ලන්ඩන් ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගැනුණු ඒ.ආර්.එම්.අරුත් මහතා එහි රඳවා ගෙන තව දුරටත් ප‍්‍රශ්න කෙරෙනවා. කණ්ඩායමේ සෙසු සාමාජිකයින් පිටත් කර එවු අතර ඔවුන් දැන් සිටින්නේ චෙන්නායි ගුවන් තොටුපළෙයි.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමක් විදෙස් රටක සංචාරයක නිරත වන විට එම කණ්ඩායමේ කළමනාකරු ලෙස ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයෙකුම පත් කිරීමට ඉකුත් දා තීරණය කෙරුණා. ඒ අනුව පත්වීම් ලැබු පළමු කළමනාකාරු වන්නේ ඒ.ආර්.එම්. අරුත් මහතායි.


සංගාගේ ජය ඩිල්ෂාන් උදුරා ගනීයි

ඉන්දීය ප‍්‍රීමියර් ලීග් ක‍්‍රීකට් තරගාවලියේ ඊයේ පැවති තරගවලින් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ මුම්බායි ඉන්ඩියන්ස් යන කණ්ඩායම් ජයගත්තා. බැංගලෝර් කණ්ඩායම හමුවේ පරාජය වූයේ කුමාර් සංගක්කාරගේ ඩෙකෑන් චාර්ජස් කණ්ඩායමයි. තිලකරත්න ඩිල්ෂාන්ගේ විශිෂ්ඨ පිතිහරඹය බැංගලෝර් කණ්ඩායමේ ජයග‍්‍රහණයට ප‍්‍රධානම ශක්තිය වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් ඩෙකෑන් චාර්ජස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුලූ 02 ක් දැවී ලකුණු 181 යි. බැංගලෝර් කණ්ඩායම එම ලකුණු සංඛ්‍යාව පසුකර ගියේ කඩුලූ 05 ක් දැවී තිබියදී ඉනිමේ 19 වන පන්දුවාරයේදීයි. තිලකරත්න ඩිල්ෂාන් පන්දු 54 කදී ලකුණු 71 ක් ලබාගත්තා. හයේ පහර දෙකක් සහ හතරේ පහර අටක් ඊට ඇතුළත්. 
මේ අතර මුම්බායි ඉන්ඩියන්ස් හමුවේ ඊයේ පරාජය වූයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමයි. ලසිත් මාලිංගගේ සුපිරි පන්දු යැවීම මුම්බායි ඉන්ඩියන්ස් හී ජයග‍්‍රහණයට ප‍්‍රධානම ශක්තිය වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුලූ 08 ක් දැවී ලකුණු 173 යි. ලසිත් මාලිංග පන්දුවාර 4 ක් යවා ලකුණු 25 කට කඩුලූ 03 ක් දවා ගත්තා. පිළිතුර ඉනිම ක‍්‍රීඩා කළ මුම්බායි ඉන්ඩියන්ස් ක‍්‍රීඩකයන් ජයග‍්‍රහණය තහවුරු කරගත්තේ කඩුලූ 08 ක් දැවී තිබියදී ඉනිමේ අවසාන පන්දුවාරයේ


දැරියකගේ නාසය කැඩූ ගේල් ගේ හයේ පහර

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කැපී පෙනෙන චරිතයක් තමයි ක්‍රිස් ගේල්. ඔහුගේ විශිෂ්ඔ පිතිහරඹය දැනටමත් අවස්ථා කිහිපයකදී රෝයල් චැලෙන්ජර්ස් බැන්ගර්ලෝර් කණ්ඩාමයට ජය ගෙන ආවාත එත් ඉකුත්ද ා පැවති තරගයකදී එම පිතිහරඹය දැරයකට ගෙන ආවේ බිහිසුණු අත්දැකීමක්. ගේල් ගේ පිත්තෙන් නිකුත් වූ පන්දුව තරගය නරඹමින් සිටි දැරියගේ නාසයේ ගැටුණා. ප්‍රතිකාර සදහා රෝහල්ගත කෙරුණු පසු ඇගේ සුවදුක් විමසා බැලීමට ගේල් අමතක කළේ නැහැ. ඒ සිද්ධිය ඉන්දියාවේ එන්.ඩී.ටී.වී විසින් මෙසේ ආවරණය කළා.





අෆ්රිඩීගෙන් රසිකයෙකුට කම්බුල් පහරක්

බංග්ලාදේශයේ ඉකුත්දා පැවැත්වූ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශුරතාව දිනාගතතේ පකිස්ථානයි.  අවසන්ත තරගයේ වීරයා ලෙස ෂහිඩ් අෆ්රිඩි සම්මාන දිනාගත්තා.

දිනාගත් ශුරතාවත් සමග පකිස්තාන කණ්ඩායම ආපසු මව්රටට පැමිණියේ මහත් අභිමානයෙන්.  ඔවුන් පිළිගැනීමට ක්‍රිඩාලෝලීන් ද විශාල පිරිසක් පැමිණ සිටියා. මාධ්‍යවේදින් සමග අදහස් දැක්වූ ෂහිඩ් අෆ්රිඩී එලෙස රැස්ව සිටි ක්‍රිඩාලෝලීන් අතරින් සිය මොටර් රථය වෙත් ඇවිද ගියා. ක්‍රිඩාලෝලීන්ගෙන් අෆ්රිඩීට ලැබුණේ උණුසම් පිළිගැනීමක්. එහි අධික තදබදයක් ද ඇති වුණා. ඒ තෙරපීම නිසා අෆ්රිඩීගේ තුන් හැවිරිදි දියණිය බිමට අද වැටි තිබෙනවා.

ඒ දුටු අෆ්රිඩී හොදටම කෝප අරන්. කෝපය කොතෙක් ද කියනවනං දියණිය අසල සිටි ක්‍රීඩා ලෝලියෙක් තල්ලුකර දැමූ අෆ්රිඩී ඔහුට කම්මුල් පහරක් ද දී තිපෙනවා. ගැටුම තවදුරටත් දරැණු වීමට නොදී අෆ්රිඩීව පාලනය කරගෙන ඇත්තේ ඔහුගේ සොහොයුරා විසින්. 

"මම දන්නවා මම වැරදි දෙයක් කලේ. මගේ කෝපය පාලනය කරගත යුතුව තිබුනා. එත් මගේ පුංචි දුව බිම ඇද වැටෙනකොට මගේ කෝපය මට පාලනය කරගන්න බැරුව ගියා."

ගැටුමෙන් පසු අෆ්රිඩී මාධ්‍යවේදීන් අමතා එසේ ප්‍රකාශ කළා.


දිනනදාටත් ගල්මද ?

සී.බී. කුසලාන තුන්කොන් තරගාවලියේ අනුශූරතාව දිනා ගත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම අද අලූයම මවුබිමට පැමිණියා. ඔවුන් රැගත් එස්.කිව්. 468 දරණ යානය අලූයම 12 යි 05ට ගුවන් තොටුපොළට ළඟා වූ බවයි නෙත් කටුනායක වාර්තාකරු පවසන්නේ. එහෙත් ඔවුන් පිළිගැනීමට පවුල්වල ඥාතීන් හැර වෙනත් කිසිවෙකු පැමිණ නොසිටි බවද ප‍්‍රකාශ කෙරුණා.


මහේලට තරහ ගියේ ඇයි ?

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ම‍හේල ජයවර්ධනට ඊයේ (මාර්තු 6)තරග ගාස්තුවෙන් 10% ක් දඩ ලෙස ගෙවීමට නියම කර තිබෙනවා. තරගය අවස්ථාවේදී විනිසුරුවන්සමග ඇති කරගත් බහින්බස්වීමක් ඊට හේතුවයි. ඔස්ට්‍රේලියානු ඉනිමේ 44 වන පන්දුවාරයේ දී පර්වෙස් මහරූෆ් යැවූ පන්දුවක් විනිසුරුවන් විසින් නිපන්දුවක් ලෙස නම් කිරීම එම බහින්බස්වීම ඇති වුණා. පසුව පැවැත්වූ මාධ්‍ය හමුවකදී මහේල ඒ සිද්ධිය විස්තර කළේ මෙලෙසයි.


නිපන්දුව ගැන ගැටළුවක් නොතිබූ බවත් ගැටළුව වූයේ විනිසුරුවන් විසින් ඒ බව සළකුණු කෙරුණේ සැහෙන ප්‍රමාදවීම බවත් මහේල පැවසුවා. කෙසේ වෙතත් බහින්බස්වීමක් ඇතිකරගැනීමට නොතිබූ බවයි මහේල වැඩිදුරටත් පැවසුවේ. සිය අදහස් පළ කර විනිසුරුවන් වෙතින් පිටව යාමට තිබූ බව ද ප්‍රකාශ කෙරුණා. එහෙත් බහින්බස්වීමකට තරම් එය දුරදිග ගියේ කඩුල්ලක් දවා ගැනීමට තිබූ දැඩි වුවමනාවෙන් පීඩාවට පත්ව සිටි නිසා බවයි මහේල වැඩිදුරටත් පැවසුවේ.
රංගන එළියට, සීකුගේ සහ සුරංග ඇතුලට


ආසියානු කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා සංචිතය ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. සී.බී. කුසලාන තුන්කොන් තරගාවලියට සහභාගි වී සිටින රංගන හේරත් එම සංචිතයට එක්කර නැහැ. සුරංග ලක්මාල් සහ සීකුගේ ප‍්‍රසන්න සංචිතයට එක්කර තිබෙනවා. නායකයා ලෙස නම් කර සිටින්නේ මහේල ජයවර්ධනයි. ඇන්ජලෝ මැතිව්ස් උපනායකයා වනවා. තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල් සහ ලහිරු තිරිමාන්න යන කී‍්‍රඩකයන්ද සංචිතයට ඇතුළත්. ආබාධයන්ට ලක්ව සිටින ෆර්වීස් මහරුෆ් සහ තිසර පෙරේරාද සංචිතයට අතුළත්ව සිටිනවා. සෙසු කී‍්‍රඩකයන් වන්නේ සචිත‍්‍ර සේනානායක නුවන් කුලසේකර, සහ ලසිත් මාලිංගයි. 
ඉන්දියාව, පකිස්තානය සහ බංග්ලාදේශය ආසියානු කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලියට සහභාගි වන සෙසු කණ්ඩායම් වනවා. තරගාවලිය ආරම්භවීමට නියමිතව තිබෙන්නේ ලබන 11 වැනිදායි.

මහේල වරද පිළිගනීයි

සී.බී කුසලාන තුන්කොන් තරගාවලිය යටතේ ඊයේ (පෙබ 29)පැවති තරගය පරාජය වීමට තමන් ගත් වැරදි තීරණද හේතුවක් වූ බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නායක මහේල ජයවර්ධන පවසනවා. එම එක් වැරදි තීරණයක් වන්නේ පන්දු රකින කණ්ඩායම ලෙස ලබාගත යුතු වන පවර් ප්ලේ පන්දුවාර 5 ප‍්‍රමාද කිරීමයි. එම පන්දුවාර 5 ඉන්දීය ඉනිමේ 20 වැනි හෝ 22 වැනි පන්දුවාරයේ සිට ලබා ගැනීමට මුලින් අදහස් කළ බව මහේල ජයවර්ධන පැවසුවා. එහෙත් ඉන්දීය කණ්ඩායම ඉතා හොඳින් පන්දුවට පහර දෙමින් ලකුණු වේගය පන්දුවාරයකට 8ක් හෝ 9ක් මට්ටමේ රඳවා ගැනීම නිසා එය ප‍්‍රමාද කිරීමට තීරණය කළ බවයි ප‍්‍රකාශ කෙරුණේ. එ් අනුව ලකුණු වේගය අඩු කර හෝ කඩුල්ලක් දවා ගැනීමෙන් පසු එම පන්දුවාර 5 ලබා ගැනීමට අදහස් කළ බවද ප‍්‍රකාශ කෙරුණා. එහෙත් ඉන්දීය කණ්ඩායම දිගින් දිගටම හොඳින් පන්දුවට පහර දීම නිසා තමන් අසාර්ථක වූ බවයි මහේල පෙන්වා දුන්නේ. 
ලසිත් මාලිංග පන්දු යැවීමට යොදාගත් ආකාරයද මතභේදයට ලක්ව තිබෙනවා. මාලිංග යැවූ පළමු පන්දුවාර 3දී ඉන්දීය පිතිකරුවන් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 28ක්. ඊළඟ පන්දුවාරයේදි සචීන් ටෙන්ඩුල්කාර් දවා ගනිමින් යළි සුපුරුදු රිද්මයට පිවිසීමට මාලිංග සමත් වුණා. එහෙත් එ් වහාම ඔහු පන්දු යැවීමෙන් ඉවත් කෙරුණු අතර යළි කැඳවනු ලැබුවේ ඉනිමේ අගභාගයේදීයි. 
ශ්‍රී ලංකාවට තවත් ජයක්

CB කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අද පැවති තරගය ඉන්දියාව පරදා ලකුණු 51 න් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුළු 6 ක් දැවී ලකුණු 289 යි. පිළිතුරැ ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව ලකුණු 238 ට සියළ දෙනා දැවී ගියා.

ලකුණු පුවරුව


ඔස්ට්‍රේලියාට ක්ලාක් අහිමි වෙයි

සී බී කුසලාන තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ ඔස්ටේ‍්‍රලියාව සහභාගී වන මීළග තරගයට එක්වීමේ අවස්ථාව එම කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක්ට අහිමි වී තිබෙනවා. කලවා ප‍්‍රදේශයේ ආබාධයකට ලක්ව සිටීම ඊට හේතුවයි. 
සී බී කුසලාන තුන්කොන් ක‍්‍රීකට් තරගාවලියේ මෙතෙක් සහභාගී වූ තරග 03 න් 02ක් ජයගැනීමට ඔස්ටේ‍්‍රලියාව සමත් වී සිටිනවා. ඔවුන් සහභාගී වන මීලග තරගය ශ‍්‍රී ලංකාව සමග ලබන 17 වනදා පැවැත්වීමට නියමිතයි. 


ශ්‍රී ලංකාව ආයෙත් පරාදයි

සී බී කුසලාන තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ සිය දෙවන ජයග‍්‍රහණය ලබාගැනීමට ඔස්ටේ‍්‍රලියාව අද සමත් වුණා. ඒ, තියුණු තරගයකින් පසු ශ‍්‍රී ලංකාව ලකුණු 05 කින් පරාජය කරමින්. ඔස්ටේ‍්‍රලියාවේ පර්ත් හී වකා ක‍්‍ර‍්‍රීඩාංගණයේ දී තරගය පැවැත්වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සියලූදෙනා දැවී ලකුනු 231යි. පිලිතුරු ඉනිම ක‍්‍රීඩා කළ හ‍්‍රී ලංකා කණ්ඩායම  ලකුණු 226 කට සියලූදෙනා දැවී ගියා. සටන්කාමී ඉනිමක් ක‍්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 64 යි. තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 40 ක් ලබා ගත්තා. තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ ලකුණු 57 ක් ලබා ගනිමින් ඔස්ටේ‍්‍රලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මයිකල් ක්ලාක්. 


ශ්‍රී ලංකා ක්‍රිකට් පොඩ්ඩෝ ජාමේ බේරා ගනී

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමග අද පැවති එක්දින ත‍්‍රිකට් තරගය කඩුළු 06 කින් ජය ගැනීමට ශ‍්‍රී ලංකා ඒ කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ වෙලගෙදර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදියි. පළමුවෙන් පන්දුවට  පහර දුන් එංගලන්ත ලයන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 50 දී කඩුළු 09 ක් දැවී ලකුණු 258 ක් ලබා ගත්තා. ජේ.සී.බට්ලර් ලකුණු 119 යි. සීක්කුගේ ප‍්‍රසන්න කඩුළු 03 ක් දවා ගත්තා. පිළිතරු ඉනිම ක‍්‍රිඩා කළ ශ‍්‍රි ලංකා ඒ කණ්ඩායම තරගයේ ජය තහවුරු කර ගත්තේ ඉනිමේ 48 වැනි පන්දුවාරයේදියි. දිමුත් කරුණාරත්න ලකුණු 94 ක් ලබා ගත්තා. භානුක රාජපක්‍ෂ ලකුණු 72 යි. තරගාවලියේ පලමු තරග 02 ජය ගැනීමට සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමත් වුණා.


පාපැදියටත් අතුරු කමිටුවක්

පාපැදි ක‍්‍රිඩාව පරිපාලනය සදහා අතුරු කමිටුවක් අද (ජන 30) පත්කෙරුණා. ඒ ක‍්‍රිඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින්. එයාර් වයිෂ්මාෂල් ගගන බුලත්සිංහල මහතා අතුරු කමිටුවේ සභාපතීත්වය දරනවා. ලේකම් ධුරයට කිසිවෙකු පත්කර නොකිරීම විශේෂත්වයක්. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ, බි‍්‍රගේඩියර් රවී මායාදුන්න, ජාතික ඔලිම්පික් කමිටුවේ උප ලේකම් නිශාන්ත පියසේන හා පාපැදි ජාතික සංගමයේ හිටපු ලේකම් එන්. කරුණාරත්න යන මහත්වරුන් අතුරු කමිටුවේ සෙසු සාමාජිකයන් වනවා. 
පාපැදි ක‍්‍රිඩාව ඉකුත් වසරේ මාර්තු මාසයේ සිට පරිපාලනය කෙරුණේ ක‍්‍රීඩා අමාත්‍යංශය විසින්. පාපැදි ජාතික සංගමය සදහා නිලවරණයක් පැවැත්වීමට අධිකරණයෙන් වාරණයක් පනවා තිබීම ඊට හේතුවයි. 


වෙනසින් පසු පළමු සටනට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිල මවුබිමෙන් පිටව යයි.

ඔස්ටේ‍්‍රලියාවේදී තුන්කොන් එක්දින කි‍්‍රකට් තරගාවලියකට සහභාගිවීම සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම අද(ජන 27) අලූයම මවුබිමෙන් පිටත්ව ගියා. තරගාවලියට සහභාගි වන අනෙක් කණ්ඩායම් දෙක වන්නේ ඔස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාවයි. 
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුව ජාතික කණ්ඩායමේ පුහුණුකරු , කළමනාකරු සහ නායකයාද වෙනස් කිරීමෙන් පසු ඔවුන් සහභාගි වන පළමු තරගාවලිය මෙය වනවා. පුහුණුකරු වන්නේ දකුණු අපි‍්‍රකානුවෙකු වන ග‍්‍රැහැම් ෆෝර්ඞ්, චරිත් සේනානායක මහතා කළමනාකරු වනවා. කණ්ඩායමේ නායකත්වය දරන්නේ මහේල ජයවර්ධනයි. ඉකුත්දා අවසන් වූ දකුණු අපි‍්‍රකාව සමග තරගාවලියේදී සිදු කළ යහපත් දේ තවදුරටත් රඳවාගෙන දුර්වලතා මගහරවා ගත යුතු බව මහේල මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කළා. තරගවලට සහභාගි කෙරෙන අවසන් කණ්ඩායම තීරණය කළ යුත්තේ ඔස්ටේ‍්‍රලියාවේදී පැවැත්වෙන පුහුණු තරගවලින් පසුව බවයි මහේල වැඩිදුරටත් පැවසුවේ. 


ශ්‍රි ලංකා ක්‍රිකට් වෙනසට හේතු කියයි

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් හි මෑත දී සිදු කළ වෙනස්කම්වල යහපත් ප‍්‍රතිඵල වැඩිකල් නොගොස් නෙලා ගැනීමට හැකිවනු ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස මහතා පවසනවා. කුමන විවේචන පැවතියද එම වෙනස්කම් සිදු කළේ සද්භාවයෙන් බවයි උපාලි ධර්මදාස මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. ජාතික කණ්ඩායමට එක් වූ දිනයේ සිට තිලකරත්න ඩිල්ෂාන් විශිෂ්ඨ සේවයක් ඉටු කළ බවද නිවේදනයේ දක්වා තිබෙනවා. නායකයෙකු ලෙස ඩිල්ෂාන්ට තරග කිරීමට සිදු වූයේ එංගලන්තය, ඔස්ටේ‍්‍රලියාව, පකිස්තානය සහ දකුණු අපි‍්‍රකාව වැනි ප‍්‍රබල ප‍්‍රතිවාදීන් සමගයි. දකුණු අපි‍්‍රකාව ඔවුන්ගේ රටේදීම ටෙස්ට් තරගයකදී පරාජය කිරීමෙන් සහ එක්දින තරගාවලිය 3 ට 2ක් ලෙස ජයග‍්‍රහණයට ආසන්න ස්ථානයකට රැුගෙන එ්මෙන් ඩිල්ෂාන්ගේ නායකත්වය යටතේ ශී‍්‍ර ලංකා කණ්ඩායම දක්ෂතා දැක් වූ බවද උපාලි ධර්මදාස මහතා පවසනවා. එහෙත් පැවැති සමහර ගැටලූ වඩා හොඳින් විසඳා ගැනීම සඳහා නායකත්වයේ වෙනසක් අවශ්‍ය වූ බවයි පැහැදිලි කර ඇත්තේ. තරුණ නායකයෙකු අනාගතයට හුරු කරවීම ඇතුළු කඩිනම් අවශ්‍යතා මැනවින් ඉටු කිරීමට හැකි හොඳම පුද්ගලයා මහේල ජයවර්ධන ලෙස හඳුනා ගත් බවද එ් නිසා නායකත්වය ඔහුට පැවරූ බවද ප‍්‍රකාශ කෙරුණා. 
මේ අතර කණ්ඩායමේ පුහුණුකරු ලෙස ග‍්‍රැහැම් ෆෝර්ඞ් කැඳවනු ලැබූයේ  21 වැනි සියවසේ පුහුණුකරුවෙකුගේ අවශ්‍යතාව නිසා බවයි උපාලි ධර්මදාස මහතා පවසන්නේ. 
පුහුණුකරුවෙකු මෙන්ම ග‍්‍රැහැම් ෆෝර්ඞ් දක්ෂ කළමනාකරුවෙකු බවද ඔහුගේ ශෛලීය ඔස්ටේ‍්‍රලියාවේ හිටපු සාර්ථකම පුහුණුකරුවෙකු වන ජෝන් බුච්මන් බෙහෙවින් සමාන බවද ප‍්‍රකාශ කෙරුණා. කෙසේ වෙතත් ජෙෆ් මාෂ් ගේ සේවය අගය කරන බවයි උපාලි ධර්මදාස මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.


යුවරාජ් සිංට මාස 6ක් ක්‍රිකට් බෑලු

ඉන්දීය තුන් ඉරියව් කී‍්‍රඩක යුවරාජ් සිංට මාස හයක් කි‍්‍රකට් පිටියෙන් ඉවත්වීමට සිදුව තිබෙනවා. ඒ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්. මේ නිසා යුවරාජ් සිංට ජාත්‍යන්තර තරගාවලිය කිහිපයකට සහභාගි වීමේ අවස්ථාව අහිමි වනවා. ඒ අනුව ඉන්දියාව , ශී‍්‍ර ලංකාව සහ සත්කාරක ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමග පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියත්, මාර්තු මස බංග්ලාදේශයේ පැවැත්වෙන ආසියානු තරගාවලියත් යුවරාජ් සිංට අහිමිවනු ඇති. ලබන අපේ‍්‍රල් මාසයේ ආරම්භ වන ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියට කී‍්‍රඩා කිරීමේ අවස්ථාවද යුවරාජ් අහිමි වී තිබෙනවා. පසුගිය වසරේදී පූනේ වෝරියස් කණ්ඩායමට නායකත්වය ලබාදුන් යුවරාජ් සිංට මෙම වසරේදී තම කණ්ඩායමට නායකත්වය ලබාදීමටද මෙවර හැකි වන්නේ නැහැ. 
පසුගිය වසරේ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැති අවසන් මහ තරගයෙන් පසු යුවරාජ් සිංට  එක් හෝ එක්දින තරගයකට කී‍්‍රඩා කර නැහැ. එම තරගාවලියේදී යුවරාජ් සිං තරගාවලියේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබුවා.


ක්‍රිකට් තේරිම් කමිටුවට මහේලගෙන් ටොක්කක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජයන්ට හිටපු තේරීම් කමිටුව ගත් තීරණ ද හේතු වු බව මහේල ජයවර්ධන අවධාරණය කරනවා. තිලකරත්න ඩිල්ෂාන් ප්‍රකාශ කළේ  නායකත්වය දරන සමයේදි කිසිදු පාර්ශ්වයකින් බලපෑම් නොවූ බවයි. හිටපු ක්‍රිකට් ක්‍රිඩකයෙකු මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අයෙක් නායකත්වය දරන සමයේදී බලපෑම් නොකළේදැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින්  ඩිල්ෂාන් ඒ බව ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ඩිල්ෂාන් එම ප්‍රශ්ණයට පිළිතුරු දුන්නේ අවස්ථා කිහිපයකදී මගහැර සිට මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්ණ කිරීමේදීයි.

මේ අතර කණ්ඩායම තුළ කිසිඳු බෙදිමක් හෝ දේශපාලන බලපෑම් නොමැති බව මහේල ජයවර්ධන අවධාරණය කළා. නායකත්වයේ තමන් රැඳි සිටින්නේ වසරක පමණ කාලයක් බවයි මහේල වැඩිදුරටත් පවසන්නේ. ඊට හේතුව ලෙස ප්‍රකාශ කෙරුණ් නවකයින්ට අවස්ථාව ලබා දිමයි. නමුත් අවම වශයෙන් නායකත්වයේ වසර 02 ක පමණ කාලයක් හෝ රැඳි සිටින්නැයි මාධ්‍ය හමුවට එක්ව සිටි හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් ඉල්ලීමක් කළා.එසේ නොවුන හොත් කණ්ඩායමේ ස්ථාවරත්වය පවත්වා ගැනීම ගැටළුවක් වන බවයි ඩිල්ෂාන් පෙන්වා දුන්නේ. 


ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කළමණාකාරීත්වයට සේනානායකවරයෙක්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමනාකාර ධුරය සඳහා චරිත් සේනානායක මහතා පත් කිරීමට නියමිත බවට වාර්තාවනවා. මේ වන විට එම ධුරයේ කටයුතු කරන්නේ අනුර තෙන්නකෝන් මහතායි. කණ්ඩායම දිගින් දිගටම පරාජය වීම හේතුවෙන් තේරීම් කමිටුව, පුහුණුකරු, නායකත්වය මෙන්ම කළමනාකාරීත්වය ද වෙනස් කළ යුතු බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කළා. කළමනාකාර ධුරයට චරිත් සේනානායක මහතා පත් කිරීමට නියමිතව ඇත්තේ ඒ අනුවයි. ඒ මහතා මීට පෙර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ අලෙවි අංශයේ සේවය කර තිබෙනවා. 1991 වසරේ දී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම  ද නියෝජනය කළ ඔහු ටෙස්ට් තරග 03 කට සහ එක්දින තරග 07 කට සහභාගි වුණා. 


මහේලට මැජික් බෑලූ

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ රියදුරු අසුන දැන් මාරුවෙලා. රියදුරු අසුනේ මුලින් සිටි ඩිල්ෂාන් ඉන නැගිට ගියා. දැන් අසුන හිමි වී තිබෙන්නේ මීට කලිනුත් වසර 5 ක් පමණ එම අසුන හිමිව සිටි මහේලට. ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් බිමිවූ සාර්ථකම ක්‍රිකට් නායකයා ලෙස ද සැලකෙන්නේ මහේලයි. රිවිර පුවත්පත සමග ඔහු කළ සාකච්ඡාවකින් උපුටාගත් කොටසක් මේ.
‘‘ අපේ ක‍්‍රිකට් පිලේ පසුබෑම්වලට නායකත්වයට පමණක් චෝදනා කරන්න එපා. අපිට සිදුවුණේ කණ්ඩායමක් ලෙසට සියලූ දෙනාම හොඳින් කී‍්‍රඩා නොකරපු එක. ඒ නිසා නායකත්වය ලැබුණා කියා මම මැජික්කාරයෙක් නොවේ ’’ යැයි මහේල පවසනවා.

‘‘ ඇත්තටම ඩිල්ෂාන් හොඳින්, කණ්ඩායම අමාරු තත්ත්වයන් යටතේ පාලනය කළා. එංගලන්තය,  ඕස්ටේ‍්‍රලියාව වගේ ප‍්‍රබල ප‍්‍රතිවාදීන් සමග ඔහු නායකත්වය ලබා දුන්නා. එහෙත් එංගලන්තය හමුවේ ඉන්දියාව පරාජය වුණ ලෙසට අපි අන්ත පරාජයක් ලැබුවේ නැහැ. අනෙක් අතට දකුණු අපි‍්‍රකාවේදී ඓතිහාසික ටෙස්ට් ජයක් ලැබුවා. කොහොම වුවත් ඔහු නායකත්වයෙන් ඉල්ලා අස් වු විට මගෙන් වත්මන් තේරීම් කමිටුව ඉල්ලීමක් කරා නායකත්වයට. මම පැවසුවා කෙටී කාලිනව වසරක් පමණ මගේ සේවය නැවතත් දෙන්න. මොකද මගේ වයස ගැනත් සලකා අපි තවත් කෙනෙකු නායකත්වයට ඉක්මනින් හුරු කළ යුතුයි. ඇන්ජලෝ මැතිව්ස් උපනායක ලෙස හොඳින් හුරුවක් ලබා වී ’’ යැයි ද මහේල පැවසුවා.

‘‘නැවතත් නායක්වය මම ඉල්ලූවේ නැහැ. එය පැහැදිලිව කිව යුතුයි. මගෙන් තේරිම් කමිටුව ඉල්ලිමක් කළා. පසුව මගේ බිරිඳ, දෙමව්පියන් සහ කවදත් මම කථා කරන පීරිස් සමග මම මුලින්ම වැඩිදුර සාකච්ඡා කළා’’   මහේල වැඩිදුරටත් පවසනවා.

‘‘පැහැදිලිව කිව යුතුයි හිටපු තේරීම් කමිටුව යොවුන් ක‍්‍රීඩකයන් ආදේශ කොට කරපු හොඳ දේවල් වෙනස් කළ යුතු නැහැ. අපි හැමදාම ක‍්‍රිකට් ගහන්නේ නැහැ. පැහැදිලිව කිව යුතුයි නායකයා ලෙස ඩිල්ෂාන්ට අපි හැමදෙනා උපරිමව සහාය දුන්නා. සමහර කටකථා පැතිරුණා. ඒවා නවත්තන්න බෑ. විශේෂයෙන් මෙම තත්ත්වයන් වෙනස් වී අපි ඉදිරියට යා යුතුයි ’’ යැයි ද  මහේල පවසනවා.

මේ වනවිට පෞද්ගලිකව දක්‍ෂතා අතර නැති බව ගැන ඇසු පැනයට පිළිතුරු දෙමින්මෙහේල පැවසුවේ ‘‘ටෙස්ට් තරගවල ලකුණු අතර නොසිටියත් එක්දින තරගවල එතරම් පසුබැස නැති බවත් අවසන් අවුරුද්දේ ලකුණු දහසක් ලැබු ක‍්‍රීඩකයින් හතර දෙනා අතර ඉන්න බව ද, තමාගේ දුර්වලතා හැකි තරම් ඉක්මනින් හදා ගෙන යථා තත්ත්වයට එන බව ’’ යි. 

සනත්ගේ මහේල විරෝධය එළිවෙයි.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නායකත්වයෙන් තිලකරත්න ඩිල්ෂාන් ඉවත් වීමෙන් අනතුරුව යළිත් හිටපු නායක මහේල ජයවර්ධනට නායකත්වය භාරදීම දීරඝ කාලීන අත්වැරැද්දක් බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන සනත් ජයසූරිය පවසයිග

නව නායකයෙක් පත් කරන්නේ නම් ඔහු 2015 ලෝක කුසලානය සඳහා වසර තුන හතරක් තිස්සේ සුදානම් කල හැකි නායකයෙකු වීම සම්බන්ධයෙන් තේරීම් කමිටුව හෝ බළධාරීන් නොසලකා ඇති බවද ඔහු කියා සිටීග

මෙම තීන්දුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආපස්සට යා හැකි බවද ඔහු පෙන්වා දේ.


ශී‍්‍ර ලංකා ක්‍රිකට් පිළේ අළුත් පුහුණුකරු මෙන්න

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර භාර ගන්නා බව දකුණු අප‍්‍රිකානු ජාතික ග්‍රෙහැම් ෆෝර්ඞ් තහවුරු කර ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආරංචි මාර්ග පවසනවා. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලධාරීන් සමග පැවැති සාකච්ඡුාවකදී ඔහු මේ බව තහවුරු කර ඇති බව සඳහන්. ඒ අනුව ඔහු එළැඹෙන ඔස්ටේ‍්‍රයානු තරග සංචාරයේ සිට ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති. ග්‍රෙහැම් ෆෝරඞ්, දකුණු අපි‍්‍රකාවේ නටාල් කී‍්‍රඩා සමාජයේ පුහුණුකරුවෙකු ලෙසත් දකුණු අපි‍්‍රකා ‘‘ඒ’’කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙසත් මීට පෙර කටයුතු කර තිබෙනවා. ඔහු එංගලන්ත කෙන්ට් ප‍්‍රාන්ත කණ්ඩායමේ හිටපු අධ්‍යක්ෂවරයෙක්ද වනවා. මේ වන විට ඔහු රැඳී සිටින්නේද ශී‍්‍ර ලංකාවේයි.


දුක් කදුළු පිසදා සිනා කැන් මැවිලා

ශ‍්‍රී ලංකාව සමග පැවති එක්දින ක‍්‍රිකට් තරගාවලිය තුනට දෙකක් ලෙස ජයගැනීමට දකුණු අප‍්‍රිකාව සමත් වුණා. එහෙත්, ඊයේ (ජන 22) පැවති තරගාවලියේ අවසන් තරගයෙන් ජය හිමිවූයේ ශ‍්‍රී ලංකාවටයි. ජොහැන්නස්බර්ග් හී වොන්ඩර්ස් ක‍්‍රීඩාංගණයේ දී තරගය පැවැත්වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප‍්‍රිකාව කඩුලූ 04 ක් දැවී ලකුණු 312 යි. ගේ‍්‍රම්ස්මිත් සහ ඒ.බී. ඩිවිලියස් ලකුණු 125 බැගින් ලබාගත්තා. එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ එක් තරගයකදී දකුණු අප‍්‍රිකානුවන් දෙදෙනෙකු ශතක රැස්කළ 11වන අවස්ථාව එයයි. 
ලසිත් මාලිංග කඩුලූ 02 ක් බිද හෙළුවත් ඔහුට එරෙහිව ලකුණු 79 ක් ලබාගැනීමට දකුණු අප‍්‍රිකානුවන් සමත් වුනා. එක්දින ක‍්‍රිකට් තරගයකදී ලසිත් මාලිංගට එරෙහිව ප‍්‍රතිවාදීන් විසින් ලකුණු 75 කට වැඩියෙන් රැස්කළ 05 වන අවස්ථාව එයයි. පිලිතුර ඉනිම ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉනිමේ අවසන් පන්දුවාරයේ 05 වන පන්දුවේ දී නියමිත ලකුනු සංඛ්‍යාව පසුකර ගියා. විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ කුමාර් සංගක්කාර ලකුණු 102 කයි. ළහිරු තිරිමාන්න ලකුණු 69 ක් ලබාගත්තා. ශ‍්‍රී ලංකා කණ්ඩායම මීට පෙර තරගය ද ජයගත්තේ ලකුණු 300 ට වැඩි ඉලක්කයක් හඹා යමින්. කිසියම් කණ්ඩායමක් පිට පිට තරග 02 කදී ලකුණු 300 ට වැඩි ඉලක්කයක් හඹාගොස් ජයගත් ලෝක ඉතිහාසයේ දෙවන අවස්ථාව එය වනවා. තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේ කුමාර් සංගක්කාරයි.  ඒ.බී.ඩිවිලියස් තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තා. 


ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව තවත් පසුබසී

දකුණු අපි‍්‍රකාව හමුවේ ඊයේ (ජන 17) ලැබූ පරාජයත් සමග ශී‍්‍ර ලංකාව ලෝක එක්දින කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පසුබැස සිටිනවා. ඊයේ තරගයට පෙර ශී‍්‍ර ලංකාවට හිමිව තිබුණේ 4 වැනි ස්ථානයයි. තරගයෙන් පසු නිකුත් කෙරුණු ශ්‍රේණිගත කිරීම්වලදී ඔවුන්ට හිමිව ඇත්තේ පස්වැනි ස්ථානයයි. ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 108 ක් වනවා. ප‍්‍රතිවාදී දකුණු අපි‍්‍රකාව දැන් සිටින්නේ දෙවන ස්ථානයේයි. ඔස්ටේ‍්‍රලියාව ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ පසුවනවා. 3 වැනි ස්ථානයේ සිටින්නේ ඉන්දියාවයි. පකිස්තානය 4 වැනි ස්ථානය හිමිකරගෙන සිටිනවා.


ශ්‍රී ලංකාව අයෙත් නා ගනී

ශී‍්‍ර ලංකාව සමග පැවැත්වෙන් එක්දින කි‍්‍රකට් තරගාවලියේ ජය තහවුරු කර ගැනීමට දකුණු අපි‍්‍රකාව ඊයේ (ජන 17)සමත් වුණා. ඒ තරගාවලියේ පළමු තරග දෙක මෙන්ම , ඊයේ පැවැත්වූ 3 වැනි තරගයත් ජය ගනිමින්. වර්ෂාවෙන් සිදු වූ බාධා නිසා තරගයේ ජය පරාජය තීරණය කෙරුණේ ඩක්වර්ත් සහ ලූවිස් න්‍යාය යොදා ගනිමින්. ඒ අනුව දකුණු අපි‍්‍රකාවට ලකුණු 4ක සියුම් ජයක් හිමි වුණා. මුලින්ම පන්දුවට පහර දුන්නේ ශී‍්‍ර ලංකා කණ්ඩායමයි. ඔවුන් නියමිත පන්දුවාර 50 දී කඩුලූ 9 ක් දැවී ලකුණු 266ක් ලබා ගත්තා. උපුල් තරංග ලකුණු 58යි, නුවන් කුලසේකර ලකුණු 40ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ දකුණු අපි‍්‍රකාව පන්දුවාර 34කදී කඩුලූ 5ක් දැවී ලකුණු 179 යි. ෆැෆ් ඩු  ප්ලිසිස් ලකුණු 72ක් ලබා ගත්තා. ලසිත් මාලිංග කඩුලූ 2 යි මෙම තරගයේදී දුවද්දී දැවීයාම් 5ක් සිදුවීම විශේෂත්වයක් වනවා. ශී‍්‍ර ලංකා ඉනිමේ දී කුමාර් සංගක්කාර , මහේල ජයවර්ධන සහ කෝසල කුලසේකර දුවද්දී දැවී ගියා. දකුණු අපි‍්‍රකානු ඉනිමේදී ෆැෆ් ඩු ප්ලිසිස් සහ ජේ.පී ඩුමිනි යන කී‍්‍රඩකයන් දැවී ගියේද දිවීමට යාමේදීයි. 

ළකුණු පුවරුව


අජන්ත වෙනුවට සචිත්‍ර

දඟ පන්දු යවන කී‍්‍රඩක සචිත‍්‍ර සේනානායක දකුණු අප‍්‍රිකාවට එරෙහි එක්දින සංචිතයට එක් කිරීමට කී‍්‍රඩා අමාත්‍යවරයා අනුමැතිය ලබාදී තිබෙනවා. සචිත‍්‍රට මෙම අවස්ථාව හිමි වන්නේ අජන්ත මෙන්ඩිස් ආබාධයට ලක්ව සිටීම හේතුවෙන්. ඒ අනුව අජන්ත මෙන්ඩිස් කඩිනම්න් මව්බිමට ගෙන්වා ගැනීමටත්, සචිත‍්‍ර දකුණු අපි‍්‍රකාව වෙත පිටත්කර යැවීමටත් පියවර ගන්නා බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කළා. 


මේ පාරත් අනී ද ?

ශී‍්‍ර ලංකාව හා දකුණු අප‍්‍රිකාව අතර එක්දින කි‍්‍රකට් තරගාවලියේ දෙවන තරගය අද පැවැත්වෙනවා. පළමු තරගයේදී ලද දරුණු පරාජයේ අමිහිරි වේදනාවන්ද සමගයි 
ශී‍්‍ර ලංකා කණ්ඩායම එම තරගයට පිවිසෙන්නේ.  නැගෙනහිර ලන්ඩනයේ බෆලෝපාර්ක් කී‍්‍රඩාංගණයේදී තරගය පැවැත්වෙනවා. දිවා තරගයක් වන එය ශී‍්‍ර ලංකා වේලාවෙන් දහවල් 1 යි 30ට පමණ ආරම්භ වීමට නියමිතයි. පළමු තරගයට සහභාගි වූ දිල්හාර ප‍්‍රනාන්දු හා අජන්ත මෙන්ඩිස් ආබාධයන්ට ලක්ව ඇතැයි THE TRUTH වෙත වාර්තා වුණා. ඔවුන් වෙනුවට රංගන හේරත්, ධම්මික ප‍්‍රසාද් හා තිසර පෙරේරා යන කී‍්‍රඩකයන්ගෙන් දෙදෙනෙකු කණ්ඩායමට එක්වනු ඇති බවයි කණ්ඩායමට සමීප ආරංචි පැවසුවේ. 
මේ අතර පුහුණුවීම් සඳහා උපරිමයෙන් කැපවී සිටින බව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායක තිලකරත්න ඩිල්ෂාන් පවසනවා. අවශ්‍ය වන්නේ පුහුණුවේදී ප‍්‍රගුණ කරන දේ තරගයේදී යොදා ගැනීම බවයි ඩිල්ෂාන් අවධාරණය කළේ.


එසෙක්ස් ක්‍රිකට් පිළේ පාවාදෙන්නා

එංගලන්තයේ එසෙක්ස් ප‍්‍රාන්ත කණ්ඩායම නියෝජනය කළ මර්වින් වෙස්ට්ෆීල්ඞ් තරග පාවාදීම සම්බන්ධයෙන් වරදකරුවෙකු කෙරුණා. ඒ ලන්ඩන් හි මධ්‍යම අපරාධ අධිකරණය විසින්. තරග පාවාදීමක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වූ පළමු එංගලන්ත කි‍්‍රකට් කී‍්‍රඩකයාද මර්වින් වෙස්ට්ෆීල්ඞ් වනවා. ඩර්හැම් ප‍්‍රාන්ත කණ්ඩායම සමග තරගයක පළමු පන්දුවාරයේදී ලකුණු 12ක් ලබාදීමට යූරෝ හයදහසක් ලබා ගත් බවටයි ඔහු චෝදනාවට ලක්ව සිටියේ. දඬුවම් නියම කිරීම ලබන මස 10 වැනිදා සිදු කිරීමට නියමිතව තිබෙනවා. උපරිම දඬුවම වසර 7ක සිරගත කිරීමක් විය හැකි බවයි නීතීඥයන් පවසන්නේ.


දෝනිට ටෙස්ට් ක‍්‍රිකට් එපා වෙයි


ඉන්දීය ක‍්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි ලබන වසරේදී ටෙස්ට් ක‍්‍රිඩාවෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ 2015 වසරේ ලෝක කුසලානය සම්බන්ධයෙන් පූර්ණ අවධානය යොමු කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි. කණ්ඩායමේ සාමාජිකයින් අතර ගැටුමක් පවතින බවට නැගෙන චෝදනා ඔහු ප‍්‍රතික්ෂේප කළා. 


අනේ අනිච්‍ඡේ - සිංහයෝද බලු වෙති

එක්දින කි‍්‍රකට් ඉතිහාසයේ මෙතෙක් ලැබූ දරුණුම පරාජයේ අමිහිරි වේදනා විඳීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට ඊයේ(ජන 11) සිදු වුණා. ඒ දකුණු අපි‍්‍රකාව හමුවේ ලකුණු 258කින් පරාජය වෙමින්. පර්ල් හි බෝලන්ඞ් පාර්ක් කී‍්‍රඩාංගණයේදී එම තරගය පැවැත්වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අපි‍්‍රකාව කඩුලූ 8 ක් දැවී ලකුණු 301 යි. හෂිම් අම්ලා පන්දු 128කදී ලකුණු 112ක් ලබා ගත්තා. ජක් කලීස් ලකුණු 72 යි. ඒ බී ඩිවිලියර්ස් පන්දු 40කදී ලකුණු 52ක් ලබා ගත්තා. ලසිත් මාලිංග ලකුණු 54කට කඩුලූ 5යි. එය මාලිංග එක්දින තරගයකදී කඩුලූ 5ක් දවා ගත් පස්වැනි අවස්ථාව වනවා. 
පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම සියලූ දෙනා දැවී රැුස් කර ගත්තේ ලකුණු 43 ක් පමණයි. කෝසල කුලසේකර කුලසේකර ලකුණු 19ක් ලබා ගත්තා. සෙසු සියලූ පිතිකරුවන් ලකුණු 10ට වඩා අඩුවෙන් දැවී යාම විශේෂත්වයක්. 
ලෝක ඉතිහාසයේ එක්දින කි‍්‍රකට් තරගයකදී කණ්ඩායමක් ලැබූ 4 වැනි දරුණුම පරාජයද , ශී‍්‍ර ලංකාව ලැබූ දරුණුම පරාජය මෙය වනවා. මීට පෙර ඔවුන් ලැබූ දරුණුම පරාජය වූයේ 1985 වසරේදී ඔස්ටේ‍්‍රලියාව හමුවේ ලකුණු 232කින් ලැබූ පරාජයයි.  
ශී‍්‍ර ලංකා කණ්ඩායම එක්දින තරගයකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවද ඊයේ සටහන් වුණා. ලෝකයේ  ඕනෑම කණ්ඩායමක්  එක්දින තරගයකදී රැුස් කළ 4 වැනි අඩුම ලකුණු සංඛ්‍යාවද එයයි. මීට පෙර සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 35කට සහ ලකුණු 38කටද කැනඩාව ලකුණු 36කටද දැවී ගොස් තිබෙනවා. විශේෂත්වය වන්නේ එම අවස්ථා තුනේම ප‍්‍රතිවාදීන් වූයේ ශී‍්‍ර ලංකාව වීමයි. 
මේ අතර ශී‍්‍ර ලංකා කණ්ඩයමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු නොලබා දැවී ගිය දෙවන අවස්ථාව ඊයේ සටහන් වුණා. ඉදිරිපෙළ පිතිකරුවන් හයදෙනොගෙන් 3 දෙනෙකුම ලකුණු නොලබා දැවීගිය 3 වැනි අවස්ථාවද එයයි. 

ලකුණු පුවරුව                                                                   තවත් විස්තර


ශ්‍රී ලංකා, දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් ගැටුම අද සිට

ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකාව අතර තරග 5කින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙනවා. දිවා රාති‍්‍ර තරගයක් වන එය ශ‍්‍රී ලංකා වේලාවෙන් සවස 6ට පමණ ආරම්භ වීමට නියමිතයි. 
ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර මේ දක්වා පවත්වා ඇති එක්දින කි‍්‍රකට් තරග සංඛ්‍යාව 46ක්. එ්වායින් තරග 22 බැගින් ජය ගැනීමට කණ්ඩායම් දෙකම සමත් වී තිබෙනවා. අනෙක් තරග දෙක විසඳුමකින් තොරව නිමා වී තිබෙනවා. 
මේ අතර ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින කි‍්‍රකට් කණ්ඩායම් අතර ශී‍්‍ර ලංකාවට හිමිව තිබෙන්නේ ලෝකයේ 4 වැනි ස්ථානයයි. දකුණු අපි‍්‍රකාව 3 වැනි ස්ථානයේ පසුවනවා.


වසරේ හොඳම පාපන්දු කී‍්‍රඩකයා, ලයනල් මෙසී

2011 වසරේ හොඳම පාපන්දු කී‍්‍රඩකයාට හිමි ‘‘බැලොන් ඩි ඔර්’’ සම්මානය  දිනා ගැනීමට ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී සමත් වුණා. බාසිලෝනා කණ්ඩායමටද කී‍්‍රඩා කරන මෙසී 2009 සහ 2010 වසරවලදීද එම සම්මානය දිනා ගත්තා. එ් අනුව එම සම්මානය අඛණ්ඩව 3 වැනි වරටත් දිනා ගැනීමට මෙසී සමත්වී සිටිනවා. මෙවර ඔහු සිටි ප‍්‍රබලම අභියෝගය වූයේ පෘතුගාලයේ කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝයි. රියල් මැඞ්රිඞ් කණ්ඩායමද නියෝජනය කරන රොනාල්ඩෝ 2011 වසරේදී තරග 44කට සහභාගි වී ගෝල 48 ක් රැුස්කර ගෙන තිබෙනවා. කෙසේ වෙතත් ලයනල් මෙසී එම වසරේදී තරග 47කට සහභාගි වී රැුස් කරගෙන ඇති ගෝල සංඛ්‍යාව 43ක් පමණයි. 
මේ අතර 2011 වසරේ හොඳම පාපන්දු කී‍්‍රඩිකාව ලෙස ජපානයේ හෝමාර් සාවා සම්මාන දිනා ගත්තා. ෆිෆා ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ජපාන කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේද ඇයයි.

පැරදුනත් ඩිල්ෂාන් සතුටින්

දකුණු අපි‍්‍රකාව සමග ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය පරාජය වුවද එහි එක් තරගයක් හෝ ජය ගැනීමට හැකි වීම සතුටට කරුණක් බව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායක තිලකරත්න ඩිල්ෂාන් පවසනවා. දකුණු අපි‍්‍රකාවට පැමිණෙන විට කණ්ාඩයමේ බොහෝ දෙනෙකු මෙන්ම ඉන් පිටත බොහෝ දෙනෙකුද සිතා සිටියේ ශී‍්‍ර ලංකාවට ටෙස්ට් තරගයක් ජය ගැනීමට නොහැකි බව යැයිද ඩිල්ෂාන් ප‍්‍රකාශ කළා. එහෙත් එම අසුභවාදී විශ්වාසයන් බිඳහෙලීමට කණ්ඩායමට හැකි වූ බවයි ඩිල්ෂාන් අවධාරණය කළේ. දකුණු අප‍්‍රිකාව සමග එක්දින කි‍්‍රකට් තරගාවලියට ශක්තිමත්ව මුහුණ දෙන බවද ඔහු ප‍්‍රකාශ කළා. තරග 5කින් සමන්විත එම තරගාවලිය ලබන බදාදා ආරම්භ වීමට නියමිතයි.


ශී‍්‍ර ලංකාවේ IPL සිහිනය බොදවෙයි

ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ සත්කාරකත්වය ලබා ගැනීමට ශී‍්‍ර ලංකාවට තිබූ බලාපොරොත්තු බිඳ වැටී තිබෙනවා. සියලූ තරග ඉන්දියාවේම පැවැත්වීමට සංවිධායකයන් විසින් තීරණය කර තිබීම ඊට හේතුවයි. 
තරගවලින් කිහිපයක් හෝ ශී‍්‍ර ලංකාවේ පැවැත්වීමට අවස්ථාව ලබා දෙන්නැයි 
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ අලූතින් පත් වූ නිලධාරීන් ඉන්දීය කි‍්‍රකට් මණ්ඩලයට යෝජනා කළා. එහෙත් එම යෝජනාව ඉන්දීය කි‍්‍රකට් මණ්ඩලය විසින් ප‍්‍රතික්‍ෂ්ප කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. තරගාවලියේ කාලසටහන ඊයේ (ජන 06) එළිදැක්වුණා. ඊට අනුව කණ්ඩායමක් 9 ක් අතර තරග 76ක් පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා යොදා ගැනෙන කී‍්‍රඩාංගණ සංඛ්‍යාව 12ක් වනවා. 

දකුණු අප්‍රිකාව හමුවේ දණ නැමු ශ‍්‍රී ලංකාව

ශ‍්‍රී ලංකාව සමග පැවති ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය තරග 02 කට 01 ක් ලෙස ජයගැනීමට දකුණු අප‍්‍රිකාව අද සමත් වුණා. ඒ, තරගාවලියේ  තුන්වන සහ අවසන් තරගය කඩුලූ 10 කින් ජයගනිමින්. ඉනිමක පරාජයෙන් ගැළවීමට තියුණු සටනක නිරත වූ ශ‍්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 342 කට සියළුදෙනා දැවී ගියා. පළමු ඉනිමේදී ඔවුන් රැස්කරගත්තේ ලකුනු 239 ක් පමණයි. ඒ, දකුණු අප‍්‍රිකාව කඩුලූ 04 ක් පමණක් දැවී ලබාගත් ලකුණු 580 ට පිළිතුරු වශයෙන්. තරගය ජයගැනීම සදහා දෙවන ඉනිමේදී දකුණු අප‍්‍රිකාවට ලබාගතයුතු වූයේ ලකුණු 02 ක් පමණයි. කිසිවෙකු නොදැවී ඔවුන් එම සීමාව අභිබවා ගියා. තරගයේ වීරයා ලෙස සම්මානය දිනාගත්තේ ජක් කාලිස්. පළමු ඉනිමේ දී ලකුණු 224 ක් ලබාගත් ඔහු ඉනිම දෙවන ඉනිමේ දී කඩුලූ 03 ක් දවා ගත්තා. තරගය පුරා ඔහු විසින් රැුකගන්නා ලද උඩ පන්දු සංඛ්‍යාව 08 ක්. ඒ.බී.ඩිවිලියස් තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත්තා.


ලකුණූ පුවරුව


සුපිරි ක්‍රිඩකයාගේ සුපිරි සිහිනය ආයෙත් බොද වෙයි

ඉන්දියාව සමඟ පැවති ටෙස්ට් තරගයෙන් ඉණිමක සහ ලකුණු 68ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව අද (ජන 06) සමත් වුණා.

මේ අතර ජාත්‍යන්තර ශතක 100ක් රැස් කිරීමේ සිහිනය සැබෑවක් කර ගැනීමට  සුපිරි ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ට අදත් හැකි වුණේ නැහැ.ඉන්දීය දෙවන ඉනිමේ දී තෙන්ඩුල්කාර් විසින් රැස්කරගත්තේ ලකුණු 80ක් පමණයි.



මයිකල් ක්ලාක්ගේ ත්‍රිත්ව ශතකය


සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ටේ‍්‍රලියාව අතර බෝර්ඩර් - ගවස්කාර් ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ දෙවන තරගයේ 3 වැනි දිනය අදයි. දිනය නිමා වනවිට දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙන ඉන්දිය කණ්ඩායම කඩුලූ දෙකක් දැවී ලකුණු 114ක් ලබාගෙන සිටියා. එ් අනුව ඉනිමක පරාජයෙන් බේරීමට නම් තවත් ලකුණු 354ක් ලබා ගත යුතුයි. පළමු ඉනිමේදී ඔවුන් සියලූ දෙනා ලකුනු 191 කට දැවී ගියා. ඔස්ටේ‍්‍රලියාව කඩුලූ 4ක් දැවී ලකුණු 659යි. නායක මයිකල් ක්ලාක් නොදැවී ලකුණු 329ක් ලබා ගත්තා. ඔහු ටෙස්ට් කි‍්‍රකට් තරගයකදී ති‍්‍රත්ව ශතකයක් ලබා ගත් හත්වැනි ඔස්ටේ‍්‍රලියානුවයි. මයික් හසී නොදැවී ලකුණු 150ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ නොබිඳුනු සබඳතාව ලකුණු 334ක්.


ශී‍්‍ර ලංකා - දකුණු අපි‍්‍රකා කි‍්‍රකට් ගැටුමේ අලුත් තතු 


ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකාව අතර ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ 3 වැනි තරගයේ 3 වැනි දිනය දිනය අදයි. ඊයේ තරගය නතර කරන විට පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුලූ දෙකක් දැවී ලකුණු 149 ක් ලබාගෙන සිටියා. තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 78යි. කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 35ක් ලබාගෙන සිටිනවා. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්නේ දකුණු අපි‍්‍රකාවයි. ඔවුන් කඩුලූ 4ක් දැවී ලකුණු 580ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවූවා. තරගය පැවැත්වෙන්නේ කේප් ටවුන් හි නිව්ලන්ඞ්ස් කී‍්‍රඩාංගණයේදීයි.
ලංකාවට තරු පෙන්වූ කලිස්

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකාව අතර ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ තුන්වැනි තරගයේ දෙවැනි දිනය අදයි. පළමු තරග දෙකේදීම අසාර්ථක වූ ජක් කලිස් යළිත් ලකුණු අතරට පිවිසීමට ඊයේ සමත් වුණා. තරගය නතර කරන විට දකුණු අපි‍්‍රකාව පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 3ක් දැවී ලකුණු 347 යි. ලකුණු 56ක් වන විට පළමු කඩුලූ දෙක දවා ගැනීමට ශී‍්‍ර ලංකාව සමත්වී සිටියා. තරගයේ අණසක දකුණු අපි‍්‍රකාව විසින් උදුරා ගත්තේ ජක් කලිස් සහ ඇල්විරෝ පීටර්සන් එක්ව 3 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 205ක සබඳතාවක් සමගයි. පීටර්සන් ලකුණු 109කට දැවී ගියා. ජක් කලිස් නොදැවී ලකුණු 159ක් ලබාගෙන සිටිනවා. පළමු කඩුලූ දෙක දවා ගත්තේ ධම්මික ප‍්‍රසාද් විසින්. අනෙක් කඩුල්ල චානක වෙලගෙදර විසින් දවා ගනු ලැබුවා. තරගය පැවැත්වෙන්නේ කේප්ටවුන් හි නිව්ලන්ඞ්ස් කී‍්‍රඩාංගණයේදීයි.


ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සුක්කානම යළි උපාලිට

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස උපාලි ධර්මදාස මහතා නිතරගයෙන් අද තේරී පත් වුණා. ඒ කී‍්‍රඩා විද්‍යාආයතනයේ පැවැති නිලවරණයේදීයි. මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටි තිලංග සුමතිපාල මහතාගේ පාර්ශ්වයේ සියලූදෙනා ඉල්ලා අස්වීම හේතුවෙන් සියලූ තනතුරු සඳහා පුද්ගලයන් නිතරගයෙන් තේරී පත් වූ බවයි නෙත් ස්පෝර්ට්ස් වෙනුවෙන් එහි සිටින හසිත අකලංක ප‍්‍රකාශ කළේ. ලේකම්වරයි වන්නේ නිශා‍න්ත රණතුංග මහතායි

දිනේෂ් චන්දිමාල්ට රෝහල් ගත ප‍්‍රතිකාර.




යොවුන් ක‍්‍රිකට් ක‍්‍රීඩක දිනේෂ් චන්දිමාල් ආබාධයටකට ලක්වීම නිසා රෝහල් ගතකර තිබෙනවා. එහෙත්, ප‍්‍රතිකාරවලින් පසු ඊයේ පස්වරුවේ ඔහු රෝහලෙන් පිටව ගිය බවයි දකුණු අප‍්‍රිකාවෙන් වාර්තා වන්නේ. දකුණු අප‍්‍රිකාව සමග හෙට (ජන 03) ආරම්භ වන ටෙස්ට් තරගයට ද ඔහු සහභාගී වනු ඇතැයි විශ්වාසය පළ වනවා. ශ‍්‍රී ලංකාවට ජය හිමිකර දෙමින් ඉකුත් දා අවසන් වූ ටෙසට් ක‍්‍රිකට් තරගයේ දී ඉනිම දෙකේදීම අර්ධ ශතක රැුස්කර ගැනීමට දිනේෂ් චන්දිමාල් සමත් වුණා. ඔහු සහභාගී වූ පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය ද එයයි. 

ක්‍රීඩා නිලධාරීන්ට තරවටුවක්

ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අනුයුක්ත සියළුම ක‍්‍රීඩා නිළධාරීන්ට ස්ථාන මාරු ලබාදීමට ක‍්‍රීඩා අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ක‍්‍රීඩා නිළධාරීන්ගේ සේවය කාර්යක්ෂම කිරීම එහි අපේක්ෂාවයි. මේ වන විට සේවයේ යෙදී සිටින ක‍්‍රිඩා නිළධාරීන්ගේ ගණන 130 ක්. රටම ආවරණය වන පරිදි ඔවුන් දිසති‍්‍රක්කවලට අනුයුක්ත කෙරෙනු ඇති. සෑම ක‍්‍රීඩා නිළධාරියෙකුටම උතුරේ හෝ නැගෙනහිර වසරක සේවා කාලයක් අනිවාර්යය කිරීමට නියමිතයි.

 ශී‍්‍ර ලංකාව දකුණු අපි‍්‍රකාවේදී අළු ගසා දමයි

È.ska È.gu ,enQ mrdcfha wñysß fõokdjka uld ±uQ YS% ,xld lKavdhu ol=Kq wm%sldfõ§ ish m<uq fgiaÜ ls%lÜ ch.%yKh iksgqyka lsÍug  Bfha ^foie 29& iu;a jqKd'  tA forg w;r meje;s fojk fgiaÜ ;r.h  ,l=Kq 208lska ch .ksñka' fuu ;r.fha m<uq bksu lS%vd l< YS% ,xld lKavdhu ,l=Kq 338 la ,nd .;a w;r ol=Kq wms%ldkqjkag ,nd.; yels jQfha ,l=Kq 168la muKhs'  fojks bksu fjkqfjka YS% ,xld lKAvdhu ,l=Kq 279 la /ia l<d' tA wkqj ,l=Kq 450l b,lalhla yUd.sh ol=Kq wms%ldkqjka ,l=Kq 241lg iSud lrñka YS% ,xld lS%vlhka ;r.fha ch jd¾;d l<d' ùYsIaG mkaÿ heùul ksr; fjñka bksu fofla§ ,l=Kq 128 lg lvq¨ 9 la ì| fyÆ rx.k fyar;a ;r.fha ùrhd f,i iïudk ysñlr .;a;d'
udi 18lg miq iy uq;a;hshd uqr,sorka fgiaÜ msáfhka iuq.ekSfuka miq YS% ,xldj fgiaÜ ;r.hla ch.;a m<uq wjia:djo fuh jkjd' tfukau ;s,lr;ak ä,aIdkaf.a kdhl;ajfhka YS% ,xldj ,enQ m<uq fgiaÜ ch.%yKho fuhhs' 


ක්‍රිකට් නිලවරණය කල් යයි ?


ක්‍රිකට් නිලවරණය කල් දැමීම ඉලක්කකර ගනිමින්  නීතිමය පියවර ගැනීමට තිලංග සුමතිපාල මහතාගේ පාර්ශ්‍වය  පියවර ගෙන තිබෙනවා. මේ අනුව ක්‍රීඩා සමාජ 05ක් ඒකාබද්දව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට නියමිතයි. ඊට අර්වින් ජයවර්ධන මහතා නායකත්වය දෙන බවද සදහන්. මේ පිලිබද නීති උපදෙස් ලබාගන්නේ ජනාධිපති නීතිඥ මාරසිංහ මහතා හරහායි. ලබන ජනවාරි මස දෙවනදා මෙම නඩුව කොළඹ අධිකරණයකදී ගොනුකරනු ඇති. මෙහිදී ඉල්ලා සිටීමට නියමිතව ඇත්තේ නිලවරණයට ඉදිරිපත්ව සිටින කේ.මතිවානන් , හිරන්ත පෙරේරා හා අසංග සෙනවිරත්න යන මහත්වරුන්ගේ නාමයෝජනා අත්හිටුවන ලෙසයි. ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවට අනුව නිලවරණයට ඉදිරිපත් විය හැක්කේ එහි විධායක කමිටුවේ වසර දෙකක් සේවය කර ඇත්නම් පමණි. නමුත් මෙම තිදෙනාම එලෙස සේවය කර නැහැ. මෙලෙස නීතිමය පියවර ගතහොත් ජනවාරි මස 03 වනදා පැවැත්වීමට නියමිත නිවරණය කල් දැමීමට සිදුවනු ඇති.


ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිළ යළි කැපවෙලා

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම යළි සුපුරුදු දක්ෂතා අතරට පැමිණියේ කැපවීමෙන් පුහුණු වීම නිසා බව තිලාන් සමරවීර පවසනවා. පුහුණුවීම් සඳහා එතරම් කැපවීමක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමෙන් නිරීක්ෂණය කළේ වසර 5කට පසුව බවයි දකුණු අපි‍්‍රකාවේදී මාධ්‍යවේදීන් අමතමින් තිලාන් සමරවීර වැඩිදුරටත් පැවසුවේ. 
ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය මේ දිනවල පැවැත්වෙනවා. පළමු තරගයේදී අවමන් සහගත පරාජයක් ලද ශී‍්‍ර ලංකා කණ්ඩායම දෙවන තරගයට පිවිසියේ අවමානය මකා ගැනීමේ දැඩි  ඕනෑකමකින්. අද එම තරගයේ තුන්වැනි දිනයයි. තිලාන් සමරවීර අගනා ශතකයක් රැුස් කරමින් එහිදී දක්ෂතා දැක් වුවා. චානක වෙලගෙදර ලකුණු 52 කට කඩුලූ 5 යි. දකුණු අපි‍්‍රකානු පළමු ඉනිම ලකුණු 168කට සීමා කිරීමට ශී‍්‍ර ලාංකික පන්දු යවන්නන් සමත් වූණා. එය ශී‍්‍ර ලංකා දකුණු අපි‍්‍රකා කි‍්‍රකට් ඉතිහාසයේ දකුණු අපි‍්‍රකානු කණ්ඩායමක් රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාවයි. 
ඊයේ තරගය නතර කරන විට ශ‍්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 07ක් රැස්කරගෙන සිටියා. පළමු ඉනිමේදී ඔවුන් රැස් කළ ලකුනු සංඛ්‍යාව 338ක්.

චන්දිමාල්ට ටෙස්ට් වරම් ?

දකුණු අපි‍්‍රකාව සමග අනිද්දා (දෙසැ 26) ආරම්භ වන තරගයේදී නවක කී‍්‍රඩක දිනේෂ් චන්දිමාල්ට ටෙස්ට් වරම් හිමිවනු ඇතැයි විශ්වාසය පළ වනවා.  කෞෂාල් සිල්වා වෙනුවට කඩුලූ රකින්නා ලෙස දිනේෂ් චන්දිමාල් කණ්ඩායමට එක් කෙරෙනු ඇති බවයි THE TRUTH වෙත වාර්තා වුණේ. තිසර පෙරේරා කණ්ඩායමෙන් ඉවත් කෙරෙනු ඇතැයිද, ඔහු වෙනුවට ධම්මික ප‍්‍රසාද් කැඳවෙනු ඇතැයිද විශ්වාසය පළ වනවා. කෙසේ වෙතත් කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමෙන් වැඩි වගකීමක් පිතිකරුවන්ට පැවරෙන බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ. දකුණු අපි‍්‍රකාව සමග ඉකුත්දා අවසන්  වූ ටෙස්ට් තරගයේදී ශී‍්‍ර ලංකා පිතිකරුවන් දැක්වූයේ දුර්වල කී‍්‍රඩා විලාශයක්. ඊට පෙර පැවැති තරග ගණනාවකදීම ශී‍්‍ර ලංකා පිතිකරුවන් අපේක්ෂිත දක්ෂතා දැක් වූයේ නැහැ.

ක‍්‍රිකට් ලෝකය හෙල්ලූ බංග්ලාදේශයේ පොඩි එකා

බංග්ලාදේශ කී‍්‍රඩක සකීබ් අල් හසන් ජගත් ටෙස්ට් කි‍්‍රකට් තුන් ඉරියව් කී‍්‍රඩක ලැයිස්තුවේ ප‍්‍රථමස්ථානය දිනා ගැනිමට සමත්ව තිබෙනවා. ඒ පකිස්තාන කණ්ඩායම සමග මිරිපුර් හි පැවැති ටෙස්ට් තරගයේදී දැක් වූ දක්ෂතා හේතුවෙන්. ඔහු එම තරගයේදී ශතකයක් සහ කඩුලූ 6ක් දවා ගැනීම සමත් වුණා. තරගයක එවැනි දස්කමක් දැක් වූ පළමු බංග්ලාදේශ කී‍්‍රඩකයා වන්නේද සකීබ් අල් හසන්. ජගත් ටෙස්ට් තුන් ඉරියව් කී‍්‍රඩක ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දකුණු අපි‍්‍රකාවේ ජක් කලිස්ට හිමිව තිබෙනවා. තුන්වැනි , සිවුවැනි සහ පස්වැනි ස්ථානවල පිළිවෙළින් පසුවන්නේ නවසීලන්තයේ ඩැනියෙල් විටොරි, ඔස්ටේ‍්‍රලියාවේ ෂේන් වොට්සන් සහ එංගලන්තයේ ස්ටුවර්ට් බ්‍රෝඞ්. ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩකයෙකු ජගත් තුන් ඉරියව් කී‍්‍රඩක ලැයිස්තුවේ දක්ෂතම කී‍්‍රඩකයින් දස දෙනා අතරට ඇතුළත් වී නොතිබීමද විශශ්ෂත්වයක්.


මම තවමත් තරගේ 



තමා නිලවරණයෙන් ඉල්ලා අස්වන බවට පැතිර යන කටකතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කි‍්‍රකට් නිලවරණයේ සභාපති ධුරය සඳහා තරග කරන සුමිත් පෙරේරා මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ තමන් ඉබි ගමනින් ගියද අවසානයේ ජයග‍්‍රහණය කරන බවයි. සුමිත් පෙරේරා මහතා මේ වන විට බදුරලිය කි‍්‍රකට් කී‍්‍රඩා සමාජයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරනවා. මේ හේතුවෙන් කී‍්‍රඩා සංගම් සමග මනා සම්බන්ධතාවයක් තමාට පවතින බවයි නෙත් ස්පෝර්ට්ස්මන් සමග සම්මුඛ සාකච්ඡුාවකට එක්වෙමින් ඔහු කියා සිටියේx සුමිත් පෙරේරා මහතා සමග නිලවරණයේ සභාපති ධුරය සඳහා තරග කරන්නේ උපාලි ධර්මදාස මහතායි.  කි‍්‍රකට් ආයතනයේ නිලවරණය කී‍්‍රඩා විද්‍යායතනයේදී ජනවාරි මස 3 වැනිදා පැවැත්වෙනු ඇති.


ශී‍්‍ර ලංකාව තවත් පහළට

අන්තර්ජාතික ටෙස්ට් කි‍්‍රකට්ශේ‍්‍රණිගත කිරීමේ සටහනේ ශී‍්‍ර ලංකාව තවදුරටත් පහත බැස තිබෙනවා. නවතම ශේ‍්‍රණිගත කිරීම්වලට අනුව ශී‍්‍ර ලංකාවට හිමිව ඇත්තේ හයවැනි ස්ථානයයි. පසුගියවර පස්වැනි ස්ථානයේ සිටි ශී‍්‍ර ලංකාව එම ස්ථානය කරා පසුබසිද්දී පකිස්තානය  හයවැනි ස්ථානයේ සිට 5 වැනි ස්ථානය දක්වා පෙරට පැමිණ තිබෙනවා. බංග්ලාදේශය සමග පැවත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ දෙවන තරගයත් ඊයේ අඛණ්ඩව ජයග‍්‍රහණය කිරීමට ඔවුන් සමත් වීම ඊට හේතුවයි. ටෙස්ට් ශේ‍්‍රණිගත කිරීමේ සටහනේ එංගලන්තය පළමු ස්ථානයේ පසුවන අතර , දෙවන 3 වන සහ සිවුවන ස්ථාන පිළිවෙළින් හිමිවී ඇත්තේ ඉන්දියාව, දකුණු අපි‍්‍රකාව සහ ඔස්ටේ‍්‍රලියාවටයි. ශී‍්‍ර ලංකා කණ්ඩායම මෑත භාගයේ ටෙස්ට් ශේ‍්‍රණිගත කිරීමක පහතටම ඇදවැටුණු පළමු අවස්ථාවද මෙය වනවා. එය සිදු වූයේ ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉතිහාසයේ ටෙස්ට් හොඳම ශේ‍්‍රණිගත කිරීමට ලක් වී වසරක් ඇතුළත වීමත් විශේෂත්වයක්.

ටෙස්ට් ශේ‍්‍රණිගත කිරීම් සටහන
01. එංගලන්තය  - 125
02. ඉන්දියාව  - 118
03. දකුණු අපි‍්‍රකාව  - 116
04. ඔස්ටේ‍්‍රලියාව  - 103
05. පකිස්තානය  - 99
06. ශී‍්‍ර ලංකාව  - 99
07. බ.ඉ. කොදෙව්  - 88
08 නවසීලන්තය  - 83
09. බංග්ලාදේශය  - 4


තිලංග පසුබසී.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිළවරණයට ඉදිරිපත් නොවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි තිලංග සුමතිපාල මහතා අද ප‍්‍රකාශ කළා. ඒ මහතා මීට පෙර ප‍්‍රකාශ කළේ  ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට තරගවදින බවයි. පෞද්ගලික හේතුවක් නිසා එම තීරණය වෙනස් කළ බව THE TRUTH අද කළ විමසීමක දී ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිළවරණය සදහා නාමයෝජනා භාරදීමට ලබාදුන් කාලය අද මධ්‍යහ්නයෙන් අවසන් වුණා.  ඒ වනවිට සභාපති ධුරයට තරගවැදීම සදහා නාමයෝජනා භාර දී තිබුණේ උපාලි ධර්මදාස සහ සුමිත් පෙරේරා යන මහත්වරුන් පමණයි.


ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩා සමාජ වලටත් ක‍්‍රිකට් එපා වෙයි


අනිද්දා (දෙසැ.21) ආරම්භ වීමට නියමිත අන්තර් සමාජ තුන්දින ක‍්‍රිකට් තරගාවලිය වර්ජනය කිරීමට ක‍්‍රීඩා සමාජ තීරණය කර තිබෙනවා. ක‍්‍රීඩා සමාජ 15 ක අත්සනින් ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාට යැවූ ලිපියක ඒ බව සදහන්. තරගාවලිය වර්ජනය කිරීමට හේතුව ලෙස එහි දක්වා ඇත්තේ නියමිත ගෙවීම් මෙතෙක් නොලැබීමයි. 
නියමිත ගෙවීම් නොලැබීම නිසා අන්තර් සමාජ එක්දින ක‍්‍රිකට් තරගාවලිය ද වර්ජනය කිරීමට ක‍්‍රීඩා සමාජ මීට පෙර තීරණය කර තිබුණා. එම තීරණය වෙනස් කරමින් තරගාවලියට සහභාගී වීමට ක‍්‍රිඩා සමාජ පියවර ගත්තේ නියමිත ගෙවීමෙන් සියයට 30 ක් කඩිනමින් ලබාදීමට ක‍්‍රීඩා අමාත්‍යවරයා එක`ගවීමෙන් පසුවයි. ඉතිරි සියයට 70 තුන්දින තරගාවලියට පෙර ලබාදෙන බවට ද ක‍්‍රීඩා අමාත්‍යවරයා එහි දී එකගවුණා. එහෙත්, එම ගෙවීම මෙතෙක් ලැබී නැහැ. 
මේ අතර තුන්දින තරගාවලිය කෙටි කලකින් අවසන් කිරීමට සැළසුම් කර තිබීම ද ක‍්‍රීඩා සමාජවල අප‍්‍රසාදයට ලක්වනවාx තරගාවලිය එලෙස කෙටි කලකින් අවසන් කිරීම සදහා විවේක දින අවම කර තරග අඛණ්ඩව පැවැත්විය යුතුයි. එසේ වීමෙන් ක‍්‍රීඩකයන් ආබාධවලට ලක්වීමේ ප‍්‍රවණතාව වැඩි වන බව ක‍්‍රීඩා සමාජ පෙන්වා දෙනවා. සේවය කරන ආයතනවලින් නිවාඩු ලබාගැනීම ද ක‍්‍රිඩකයන්ට අසීරු වන බවයි පෙන්වා දී තිබෙන්නේ.

Sri Lanka's   Parliamentarians were plyed a cricket match on 11th dec 2011 ar Spots Ministries Grounds, Colombo. MP's Team Lead by Sanath Jayasuriya won the match over the Minister's team led by Susil Premajayanth. Minister Dalas Alahapperuma was the man of the match. Akila viraj kariyawasam, a UNP MP won the prize as the bast batsmen as he scored 32 runs while Harsha de Silva, also a UNP MP won the prize for the best bowler as he took two wickets. The president Mahindara Rajapakse and the Opposition Leader Ranil Wickramasinghe were also present at the prize giving.  

Hear are some photos. 





















 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum