POLITICAL

ශ්‍රී ලංකාව එක්ක ගණුදෙනු එපා

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව ලෝකයේ සෙසු රටවල් විසින් හුදෙකලා කළ යුතු බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පවසනවා. ජනාධිපතිවරයා බි‍්‍රතාන්‍යයට ගිය අවස්ථාවේ එරට අග‍්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරුන් මහතා ඔහු හමුවීම පවා නොකළ යුතු වූවක් බවයි ප‍්‍රකාශ කෙරුණේ. ජනාධිපතිවරයා මානව හිමිකම් සහ ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් උල්ලංඝනය කරන ඒකාධිපතියෙකු බවද සරත් ෆොන්සේකා මහතා පවසනවා. ඒ මහතා ඒ බව පැවසුවේ බි‍්‍රතාන්‍යයේ ” ද ටෙලිග‍්‍රාෆ් ” වෙබ් අඩවිය සම`ග සංවාදයකට එක්වෙමින්. සිරගතව සිට ජනාධිපති සමාව ලබා නිදහස් වීමෙන් පසු ඒ මහතා ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව කළ ප‍්‍රබලම ප‍්‍රකාශයද එයයි. ශ‍්‍රී ලාංකිකයන් සියලූදෙනා අරාබි වසන්තයට සමානව නැගී සිටිය යුතු බවද ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ප‍්‍රජතාන්ත‍්‍රිකව පළවා හැරිය යුතු බවද ප‍්‍රකාශ කෙරුණා. 


බන්දුලට හා එස් බීට බැරි නම් කාටද පුළුවන් ? 

ඉසෙඞ් ස්කොර් අර්බුදය විසඳාලීමට බන්දුල ගුණවර්ධන සහ එස්.බී. දිසානායක යන අමාත්‍යවරුන්ට හැර ආණ්ඩුවේ වෙනත් කිසිවෙකුට හැකියාවක් නැතැයි එක්සත් ජාතික පක්ෂයේ අජිත් පී. පෙරේරා මන්තී‍්‍රවරයා පවසනවා. එබැවින් අමාත්‍ය ධුරවලින් ඉවත් වන්නැයි ඇතැම් පිරිස් කරන ඉල්ලීම්වලට අවනත නොවන ලෙසයි මන්තී‍්‍රවරයා එම අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියේ. පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදයට යෝජනාව ඉදිරිපත් කරමින් ඊයේ (ජුලි 07)එම ඉල්ලීම කෙරුණා. 



කාපට් පාරක තල් පැලවෙයි

කාපට් යොදා මෑතදී අළුත්වැඩියා කෙරුණු මාර්ගයක තල් ගසක් පැල වී ඇතැයි එක්සත් ජාතික පක්‍ෂයේ දයාසිරි ජයසේකර මහතා කළ පෙන්වා දීමකින් පාර්ලිමේන්තුව අද සිනහවෙන් පිරි ගියා. එම පෙන්වා දීමට ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු ලබා දුන්නේ පළාත් පාලන හ පළාත් සභා නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතායි. කථානායක චමල් රාජපක්‍ෂ මහතා ද සංවාදයට එක්වුණා. 




මංගලගේ නිවස සෝදිසියට වරෙන්තුවක්

පාර්ලිමේන්තු මන්ත‍්‍රි මංගල සමරවීර මහතාගේ නිවස සෝදිසි කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිඹුරුපත් සකසන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ එවැනි සෝදිසි කිරීම් සත්භාවයෙන් කෙරෙන ඒවා නොවන බවයි.
ශ‍්‍රී ලංකා මිර(ර්) සහ එක්ස් නිවුස් පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලේ ඉකුත්දා කෙරුණු වැටලීමද විවේචනයට ලක්වුණා. 


උතුරු මැදින් පත්තුවෙන සන්ධානේ බෙදිල්ල

උතුරු මැද මහ ඇමති ධූරයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවරද තරග වදින්නේ තමාම බව හිටපු මහ ඇමති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතා පවසනවා. අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගෙන් හෝ වෙනත් කිසිවෙකුගෙන් තමන්ට අභියෝගයක් නොමැති බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ. 
කෙසේවෙතත් උතුරු මැද මහ ඇමති ධූරයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීමට අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා නම් කෙරෙනු ඇතැයි ඇතැම් වාර්තා පළ වනවා. හිටපු මහ ඇමති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතා ඉහත අදහස් දැක්වුයේ THE TRUTH ඒ පිළිබද කළ විමසීමකදීයි. 

THE TRUTH මේ පිළිබද අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගෙන්ද විමසීමක් කළා. අමාත්‍යවරයා පැවසුවේ උතුරු මැද ධුරයට තරග කරන්නේ මහා සංඝ රත්නයෙන්, ප‍්‍රදේශවාසීන්ගෙන් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකුගෙන් ද ඉල්ලීම් ලැබුණු බවයි. එම ඉල්ලීම් සළකා බලා දින තුනක් ඇතුළත් ප‍්‍රතිචාරය ලබාදෙන බව අමාත්‍යවරයා පැවසුවා.


මංගලගෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක්

තම පාලනය යටතේ පවත්නා ශ‍්‍රී ලංකා එක්ස් නිවුස් වෙබ් අඩවියේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයට එරෙහිව නඩු පවරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත‍්‍රි මංගල සමරවීර මහතා කොළඹ ඊයේ (ජුනි 01) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ආණ්ඩුව මාධ්‍ය මර්දනය කරමින් චෞර රාජ්‍යයක් කරා ගමන් කරමින් සිටින බවයි. 


ඡන්දේ ඉල්ලන්න ෆොන්සේකා නෑ

උතුරු මැද, සබරගමුව හා නැගෙනහිර යන පළාත් සභාවල ඡන්ද විමසීමට තරග නොකරන බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය පවසනවා. ඊයේ (ජුනි 29)පැවත් වූ රැස්වීමකදී එම සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතාද එ් බව තහවුරු කළා. කෙසේ වෙතත් ඊට හේතු මොනවාදැයි නිශ්චිතව කිව නොහැකි බවයි එම සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ටිරාන් අලස් මහතා පැවසුවේ. 


ස්ත්‍රී දූෂකයන්ට දේශපාලනඥයන් සරණ

බාලවයස්කාර දැරියක් ස්ථාන කිහිපයකදී දූෂණය කිරීම සම්බන්ධයෙන් තංගල්ලෙදී අත්අඩංගුවට ගැනුනු සැකකරුවන් දේශපාලනඥයන්ගේ සමීපතමයන් බවට නෙත් නිවුස් වෙත තොරතුරු ලැබුණා. එම තොරතුරුවලින් කියවුණේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වන දිලිප් වෙදආරච්චි මහතා සැකකරුවන් මුණගැසීමට තංගල්ල පොලිස් ස්ථානයට ගොස් ඇති බවයි. එහි සත්‍යතාව කුමක්දැයි THE TRUTH ඒ මහතාගෙන් විමසීමක් කළා.


උක්ත අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිපදෙනෙකු තවමත් අත්අඩංගුවට ගෙන නැතැයිද ඊට හේතුව ඔවුන් ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ සමීපතමයන් වීම බවද දිලිප් වෙදආරච්චි මහතා පවසනවා. 


මේ අතර දූෂණයට ලක් වූ දැරියගේ වයස අවුරුදු 14ක්. හක්මන ප‍්‍රදේශයේ පදිංචිව සිටි ඇය රැකියාවක් සෙවීම සඳහා තංගල්ලට පැමිණි බවටයි නෙත් නිවුස් වෙත තොරතුරු ලැබුණේ. පුද්ගලයන් 9 දෙනෙකු විසින් ස්ථාන කිහිපයකදී ඇය දූෂණය කෙරුණු බවටද තොරතුරු ලැබුණා. ඒ බව තහවුරු කරමින් වැඩබලන පොලිස් ප‍්‍රකාශක පොලිස් අධිකාරි සජීව මැදවත්ත මහතා පැවසුවේ සැකකරුවන් 9 දෙනෙකු දැනට අත්අඩංගුවට ගෙන සිටින බවයි. ලබන මස 10 වැනිදා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කර ඇතැයිද ප‍්‍රකාශ කෙරුණා. 


නාසය කෑ මන්ත්‍රීට මාංචු

ව්‍යාපාරිකයෙකුගේ නාසය සපා කෑ බවට චෝදනාවට ලක්ව සිටින එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙකු වන දුනේෂ් ගන්කන්ද මහතා අද (මැයි 28) උදෑසන පොලීසියට භාර වුණා. පොලිස් ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ නීතීඥයෙකු සමග කොල්ලූපිටියේ පොලිස් ස්ථානයට පැමිණ ඒ මහතා පොලීසියට භාර වූ බවයි. පසුව ඔහු අත්අඩංගුවට ගත් බවද කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කරන බවද ප‍්‍රකාශ කෙරුණා. 


ෆොන්සේකා ආණ්ඩුවට ?

රටට යහපතක් කරන්නේ නම් ආණ්ඩුව සමග වුවද එක්වීමට සූදානම් බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පවසනවා. අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසන්නේ ෆොන්සේකා මහතා වුවද යහපත් අදහසක් ඉදිරිපත් කරන්නේ නම් ඊට සංවේදී වන බවයි. 
ෆොන්සේකා මහතා ඉකුත්දා රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර හිමියන් බැහැදුටුවා. ඒ, මීරිගම ශාසනවර්ධන පිරිවේනේදීයි. පසුව, ඒ මහතා මාධ්‍යවේදීන් ඇමතුවා. 
මේ අතර සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අදහස් පළකළේ කොළඹ ඊයේ පැවැත්වු මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින්. 
හිරුණිකා අළුත් හවුල්කරුවෙකු සොයයි

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සමග එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය පවසනවා. ඇය වැඩිදුරටත් පැවසුවේ ඉදිරි දිනක ෆොන්සේකා මහතා හමුවී ඒ පිළිබඳ සාකච්ඡා කිරිමට බලාපොරාත්තු වන බවයි. භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ඝාතනය පිළිබඳ නඩුව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණ භූමියේදී ඊයේ (මැයි 22) විභාගයට ගැනුණා. නඩු විභාගයෙන් පසු අධිකරණ භුමියේදී මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු ලබා දෙමිනුයි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය ඉහත කරුණු දැක්වූයේ.


ෆොන්සේකාගේ ටිකට් කැපේ

නවලෝක රෝහලෙන් පිටව යාමට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට වෛද්‍යවරුන්ගෙන් අනුමැතිය ලැබී තිබෙනවා. ඒ මහතාගේ සෞඛ්‍ය තත්වය යහපත් බවට වෛiවරුන් නිර්දේශ කළ බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රි ටිරාන් අලස් මහතා පැවසුවේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සරත් ෆොන්සේකා මහතාට සමාව ලබා දී තිබෙනවා. එම නෛතික කටයුතු අවසන් වුවහොත් සරත් ෆොන්සේකා මහතාට නිවස බලා යා හැකියි. නැතහොත්, එම නෛතික කටයුතු අවසන් වන තෙක් නැවත වැලිකඩ බන්ධනාගාරයට යාමට ඒ මහතාට සිදු වනවා. 
මන්ත්‍රීවරියක් පැහැරගෙන

බුලත්සිංහල ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රිවරියක් පැහැර ගැනීමට ලක්ව තිබෙනවා. එලෙස පැහැර ගැනීමට ලක්ව තිබෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලක්මිණී අනූපමා පණ්ඩිතරත්න මහත්මියයි. තෙඹුවන පොලිස් වසමට අයත් විහාරස්ථානයක් ඉදිරිපිටදී ඊයේ (මැයි 21) රාත‍්‍රි 7 ට පමණ පැහැර ගැනීම සිදුව තිබෙන බව පොලීසිය පවසනවා. පැහැර ගැනීම සිදුකර තිබෙන්නේ මෝටර් රථයකින් පැමිනි පිරිසක් බවයි මූලික විමර්ශන වලින් හෙළිවුණේ. 


ෆොන්සේකා දවලුත් වලේ වැටෙයි ද ?

එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතු සදහා සරත් ෆොන්සේකා මහතා යළි එක්කර ගැනීමට විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. දේශපාලන ආරංචි පැවසුවේ ඒ සම්බන්ධයෙන් වූ යෝජනාවක් එක්සත් ජාතික පක්ෂයේ අද (මැයි 21) පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමටද රනිල් වික‍්‍රමසිංහ මහතා සූදානම් වන බවයි. පසුව එම යෝජනාව කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සාකච්ඡුාවට ගැනෙනු ඇතැයිද දේශපාලන ආරංචි පැවසුවා. 


ඇමති මර්වින්ට බුදු බණ සිහිවෙයි

නිර්වාණය අවබෝධ කිරීමට මෛත්‍රී බුදුරජ පහළවන තෙක් බලා සිටිය යුතු නැතැයි අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසනවා. පංචශීල ප්‍රතිපත්තිය අනුගමනය කිරීමෙන් නිර්වාණය අවබෝධ කිරීමට පළමු පියවර තැබිය හැකි බවයි අමාත්‍යවරයා පැවසුවේ. දඹුල්ලේ පැවැත්වූ උත්සවයකදී අමාත්‍යවරයා කී ඒ කථාව දැන් සම්පූර්ණයෙන් අහමු.




මෙන්න ණය

රාජ්‍ය බැංකුවලින් රුපියල් මිලියන සියයකට වඩා ණය ලබාගත් පුද්ගලයන්ගෙන් එම බැංකුවලට අයවිය යුතු මුළු ණය ප‍්‍රමාණය රුපියල් මිලියන 15,442ක් බව පාර්ලිමේන්තුවේදී ඊයේ (මැයි 11) ප‍්‍රකාශ කෙරුණා. ඉන් වැඩිම ප‍්‍රමාණය වන රුපියල් මිලියන 9909 ක් අයවිය යුත්තේ මහජන බැංකුවට බවයි අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පැවසුවේ. ලංකා බැංකුවට රුපියල් මිලියන 4722ක්ද , ලංකා පුත‍්‍ර සංවර්ධන බැංකුවට රුපියල් මිලියන 811ක්ද අයවිය යුතු වනවා. ඒ බව ප‍්‍රකාශ කෙරුණේ එක්සත් ජාතික පක්ෂයේ රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්තී‍්‍ර යෝජනාවක් විවාදයට ගත් අවස්ථාවේයි. 


හිරුණිකා නිසා මාධ්‍යවේදීන්  දෙදෙනෙකු අමාරුවේ 

හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය ඝාතනය කිරීමේ සැලසුමක් පිළිබඳ පළ කළ වාර්තාවක් සම්බන්ධයෙන් රන්දිව පුවත්පතේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු ප‍්‍රකාශ සටහන් කර ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට අද (මැයි 2) කැඳවා තිබෙනවා. ප‍්‍රශ්නගත වාර්තාව සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප‍්‍රශ්න කරන බවයි පොලිස් ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ. 
මේ අතර ප‍්‍රශ්න ගත වාර්තාව ඉකුත් 22 වැනිදා රන්දිව පුවත්පතේ පළ කර තිබුණා. එමගින් හෙළි කෙරුණේ හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය ඝාතනය කිරීම සඳහා කොළඹ ප‍්‍රබල දේශපාලනඥයෙකු කොන්ත‍්‍රාත්තුවක් ලබා දී ඇති බවයි. ඒ අනුව ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය ඉකුත් දා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. එමෙන්ම කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත්වරයා ඇයට එල්ල වි ඇති තර්ජන පිළිබඳ පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවනු ලැබුවේ ඉකුත් සඳුදා භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතන නඩුව අවසන්වරට කැඳවු අවස්ථාවේදියි. 


රනිල්ගෙන් දේවානන්දට තෑග්ගක්

එක්සත් ජාතික පක්ෂයේ කම්කරු දින රැළියට සහභාගී වීම සදහා යාපනයට ගොස් සිටියදී විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මහජන විරෝධයකට මුහුණ දුන්නා. THE TRUTH වාර්තාකරු පවසන්නේ කිසියම් පිරිසක් කලූ කොඩි වනමින් විපක්ෂ නායකවරයාට විරෝධය පළ කළ බවයි. ඩෙල්ෆ් දූපතේ ඉකුත් දා සිදුවු ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට චෝදනා කරමින් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලමේන්තු මන්ත‍්‍රිවරියක වන විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් කරන ලද ප‍්‍රකාශයක් ඊට හේතු වුණා. කෙසේවෙතත් එම විරෝධතාව නවතාලමින් විපක්ෂ නායකවරයා බේරා ගත්තේ ද අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා බවයි THE TRUTH වාර්තාකරු පවසන්නේ. ඊට ත්‍යාගයක් ලෙස උතුරට හා නැගෙනහිරට දේශපාලන විසදුමක් සදහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගී වන්නැයි දෙමළ ජාතික සන්ධානයෙන් ඉල්ලා  සිටින බව විපක්ෂ නායකවරයා පැවසුවා.සජිත් ෆොන්සේකාට එරෙහි වුණා ද ?

හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස ගුණ සමරුව ලූත්කඬේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදි ඊයේ (මැයි 1) පැවැත්වුණා. පැමිණ සිටි පිරිස පිලිගත්තේ  සජිත් පේ‍්‍රමදාස මහතායි. ඒ මහතාගේ කථාවේ පළමු විනාඩි 54 තුළ දී කිසිඳු ස්ථානයක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් කුමන හෝ ප‍්‍රකාශයක් කෙරුණේ නැහැ. එසේවූයේ ගුණ සමරුවට සහභාගී වීම සදහා සරත් ෆොන්සේකා මහතාගේ ආධාරකරුවන් ද බොහෝදෙනෙකු පැමිණ සිටියදීයි. අනෝමා ෆොන්සේකා මහත්මිය ද ප‍්‍රධාන අසුනක අසුන් ගෙන සිටියා. එබැවින්, සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් ද කුමක් හෝ ප‍්‍රකාශ කරන ලෙසයි පැමිණ සිටි ක‍්‍රියාකාරිකයෙකු ශබ්ද නගා යෝජනා කළේ. සජිත් පේ‍්‍රමදාස මහතා සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් අදහස් පළ ‍කළෞ ඉන් අනතුරුවයි.


ඇමති මර්වින්ගේ තවත් පිස්සුවක්

කැළණිය ප‍්‍රාදේශීය සභාවේ අද පැවැති මහ සභා රැස්වීම උණුසුම් ස්වභාවයක් ගත්තා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් පිරිසකට අමාත්‍ය මර්වින් සිල්වා මහතා විසින් යවන ලදැයි කියන ලිපියක් ඊට හේතුවයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින රැුළියට අනිවාර්යයෙන් සහභාගී වන්නැයි එම ලිපියෙන් දන්වා තිබෙනවා. ඊට යොදා ගෙන ඇත්තේ කැළණිය ප‍්‍රාදේශීය සභාවේ නිළ ලිපි ශීර්ෂ සහ මුද්‍රා බවයි මහ සභා රැස්වීමේදී ප‍්‍රකාශ කෙරුණේ.


 ශ්‍රී ලංකාව ගැන හොයන්න යුරෝපෙනුත් ඇවිත්

යුරෝපා පාර්ලිමේන්තුවේ නියෝජිත කණ්ඩායමක් අද (අප්‍රේල් 30) ශ‍්‍රී ලංකාවට පැමිණෙනවා.             මන්ත‍්‍රිවරුන් තුන් දෙනෙකු සහ තවත් දෙදෙනෙකු එම නියෝජිත පිරිසට ඇතුළත්. ශ‍්‍රී ලංකාව සමග සහයෝගීතාව වර්ධනය කරගැනීම සහ රටේ වත්මන් තත්වය සොයා බැලීම ඔවුන්ගේ අපේක්ෂාවයි. මැයි මස 05 වනදා දක්වා ඔවුන් ශ‍්‍රී ලංකාවේ රැුදී සිටින බව යුරෝපා සංගමය ප‍්‍රකාශ කළා. රජයේ ප‍්‍රධානීන් සමග සාකච්ඡුා කිරීමටත් යුරෝපා සංගමයේ ආධාරවලින් ශ‍්‍රී ලංකාවේ උතුරේ සහ නැගෙනහිර ක‍්‍රියාත්මක ව්‍යාපෘතීන් අධීක්ෂණය කිරීමටත් ඔවුන් කටයුතු කරනු ඇති බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. 


කැළණිය උප සභාපති ගැහුවේ මර්වින්ම ලු

කැළණිය ප්‍රාදේශිය සභාවේ උප සභාපති චමිල දුමින්ද මහතාගේ නිවසට පෙරේදා රාත්‍රි එල්ලවූ ප්‍රහාරය අමාත්‍ය මර්වින් සිල්වාගේ උවමනාවටම සිදුවූවක් බවට සැකපළවනවා. චමිල දුමින්ද මහතා ද ඒ බව පුකාශ කිරීම ඊට එක් හේතුවක්. ඒ මහතා, අමාත්‍ය මර්වින් සිල්වා මහතා කැළණියෙන් පළවා හැරීමට ඉකුත් සමයේ කෙරුණු මෙහෙයුමේ මෙන්ම අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවට පැමිණිලි කළ පිරිසේද ප්‍රමුඛ සාමාජිකයෙකු වීම දෙවන හේතුවයි. කෙසේවෙතත් පහරදීම සම්බන්ධධයෙන් කිසිවක් නොදන්නා බවත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක නිසා වෙනත් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත් අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසනවා. පොලීසිය පවසන්නේ කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගත් බවයි. එහෙත් සැකකරැවන් කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.
මේ අතර පෙරේදා රාති‍්‍රයේ සිදු වූ පහරදීමෙන් සිය ඥාති සහෝදරයෙකු සහ සහෝදරියකට තුවාල සිදු වූ බව චමිල දුමින්ද මහතා පවසනවා. නිවසේ තිබූ රුපියල් ලක්ෂ 20ක් පමණ මුදල් සහ රන් ආභරණද පැහැරගෙන ගොස් ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ. 


ජන අරගලය නායක්තව ආරවුලක ?

ජන අරගල ව්‍යාපාරය පහුගිය දිනවල ශ්‍රී ලංකාවේ පමණක් නොව විදෙස් රටවල ද කථාබහට ලක්වු පාර්ශවයක්. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස පසුව ප්‍රතිසංවිධාන කෙරුණේ ද ජන අරගල ව්‍යාපාරයයි. එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවත් දේශපාලන මණ්ඩලය හා පේකම් මණ්ඩලයත් ඉකුත්දා තෝරා ගැණුනා. ඒත් නයකයෙක් නම් නෑ. ඊට හේතුව ජ්‍යේෂ්ඨයන් අතර ආරවුලක් බවයි THE TRUTH  වෙත වාර්තා වුණේ. නායාකයා හෝ නායකනෙකු නොමැති නම් ප්‍රධාන ලේකම් හෝ තේරී පත්වනු ඇතැයි විශ්වස කළ ප්‍රේමකුමාර් ගුණරත්නම් මහතා රට හැරයාමත් සමග එම අරවුල ඇති වී තිබෙනවා. තවත් ජ්‍යේෂ්ඨයෙකු වන සේනාධීර ගුණතිලක මහාතා විසින් දැනටමත් පක්ෂයේ බලය අල්ලා ඇතැයි සදහන්. ප්‍රධාන ලේකම් ලෙස පත්කරනු ලැබ සිටින්නේ ද ඒ මහතායි. පේ‍්‍රමකුමාර් ගුණරත්නම් මහතා ලේකම් මණ්ඩලයට හෝ ඇතුලත්ව නැහැ. 


ජන අරගලේ හොදටම නාගෙන

ප්‍රේමකුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල යනු මේ දවසවල පුකට චරිත දෙකක්. දින කිහිපයකට පෙර අතුරුදන්වූ ඔවුන් දෙදෙනා ගැන ඊයේ (අප්‍රේල් 11) තොරතුරු ලැබුණා.  ප්‍රේමකුමාර් ඔස්ට්‍රේලියාවට ගිහිං. දිමුතුත් ආපහු ගෙදර ඇවිත්.මුලින් ප්‍රකාශ කෙරුණේ මේ දෙදෙනා පැහැරගැණුනු බව. පොලීසියත් හමුදාවත් ඒ බව ප්‍රතික්ෂේප කරනවා.ජන අරගල ව්‍යාපරය නම් ආයෙත් ආයෙත් කියන්නේ පැහැරගැනීමක් සිදුවූ බවමයි. ඒත් පැහැරගැනීම සිදුකළේ කවුද යන්න ගැනනම් ඔවුන්ට නිරවුල් අදහසක් නැහැ. ජන අරගලයේ ප්‍රබලයෙකු වන පුබුදු ජයගොඩ මහතා පවසන්නේ පැහැරගැනීම ආරක්ෂක අංශ විසින් සිදුකෙරුණූ බවයි.




ඒත් පැහැරගැණුනු බව කියන /  අතරුදන්වූ දිමුතු ආටිගල පවසන්නේ මීට වෙනස් කථාවක්.‍ පැහැරගැනීමට ජනතා විමුක්ති පෙරමුණත් සම්බන්ධයැයි සැක සිතෙන බවයි ඇය පැවසුවේ.



දැන් එතකොට ඇත් කියන්නේ කවු ද ? පැහැරගැණුනු කෙනා ද ? නැත්තං පැත්තක හිටපු අය‍ ද ? නැත්තං සේ දෙකම බොරු ද ?


කුමාර් හා දිමුතු නැතිව පෙරටුගාමීන් කොයිබට ද ?

කුමාර් ගුණරත්නම් හෙවත් කුමාර් මහත්තයාත්  දිමුතු ආටිගල මහත්මියත් අතුරුදන්ව දැන් දවස් දෙකක් ගතවෙලා. ඒ දෙදෙනා ජනඅරගයේ ප්‍රමුඛයන්.
මේ අතර ජනඅරගල ව්‍යපාරය අද පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස ප්‍රතිසංවිධානය කෙරෙනවා..  එම පක්ෂයේ පළමු ජාතික සමුළුව පැවැත්වීමට නියමිතව තිබෙන්නේ කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදීයි.කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල යන මහත්ම මහත්මීන් නායකත්ව තනතුරු සදහා තෝරාගැනීමට එහදී වැඩි ඉඩක් ඇතැයි ජනඅරගල ව්‍යාපාරයේ දේශපාලන අංශයේ ප‍්‍රධානී පුබුදු ජයගොඩ මහතා පවසනවා.
කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල යන මහත්ම මහත්මීන් අතුරුදන් වූයේ ඉකුත් සෙනසුරාදායි. කිරිබත්ගොඩ නගරයේදී ඔවුන් පැහැර ගැනීමකට ලක් වුණා. එ් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වෙත කෙරෙන චෝදනා සත්‍යයෙන් තොර බවයි පොලිස් ප‍්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා නැවත නැවතත් පවසන්නේ. අතුරුදන්ව සිටින කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල යන මහත්ම මහත්මීන් සෙවීම සඳහා විමර්ශන සිදු කරන බවද පොලිස් ප‍්‍රකාශකවරයා පැවසුවා.


සජිත්ගේ විලක්පය ගැන රනිල් සෝදිසියෙන්

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් පැවැත්වීමට සූදානම් වන විකල්ප මැයි රැළිය සම්බන්ධයෙන් සොයා බැලීමට එම පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. දේශපාලන ආරංචි පැවසුවේ විකල්ප මැයි රැළිය සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ලබාදෙන්නැයි රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට දැනුම් දී ඇති බවයි. එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළිය යාපනයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. එහෙත්, ඊට සහභාගී නොවන බවයි  සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රකාශ කර ඇත්තේ. ඒ වෙනුවෙන් කොළඹදී වෙනමම මැයි රැළියක් පැවැත්වීමට සජිත් පේ‍්‍රමදාස මහතා සූනාදම් වනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා විශේෂ හමුවක් කුරුණෑගල පෞද්ගලික හෝටලයක ඊයේ (අප්‍රේල් 01) පැවැත්වුණු බවයි දේශපාලන ආරංචි පැවසුවේ. ශිරාල් ලක්තිලක, මෛත‍්‍රි ගුණරත්න සහ ලාල් පෙරේරා යන මහත්වරුන් ඊට සහභාගී වී තිබෙනවා. 


ඇමති පියසේනගේ අඩත්තේට්ටම

ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ මහතාගෙන් අඩත්තේට්ටම් සිදුවන බව දකුණු පළාත් සභාවේ මන්ත‍්‍රීවරයෙකු වන ආනන්ද කාරියවසම් මහතා එම පළාත් සභාවේ අද පැවති රැස්වීමේ දී චෝදනා කළා. මන්ත‍්‍රීවරයා පැවසුවේ නියාගම, විජිත මහා විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගි වීමට ඔහුට තිබු අවස්ථාව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ මහතා විසින් අවහිර කෙරුණු බවයි. උත්සවයේ ආරාධනා පත‍්‍ර තැපැල් කිරීමට භාර ගෙන තිබුණේ ජේ්‍යෂ්ඨ අමාත්‍යවරයා බව ද තමාට එම ආරාධනා පත‍්‍රය ලැබුණේ උත්සවය පැවති දිනට පසු දින දී බව ද මන්ත‍්‍රීවරයා පැවසුවා. එහෙත් විරුද්ධ පාර්ශ්විකයෙකු වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගයන්ත කරුණාතිලක මහතාට ආරාධනා පත‍්‍රය නිවසටම ගොස් භාර දී ඇති බවයි මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් පැවසුවේ. 


කෙහෙළියට හා දුම්න්දට නිවාඩු 

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ මන්ත‍්‍රී දුමින්ද සිල්වා යන මහත්වරුන්ට මාස 03ක් නිවාඩු ලබාදීමට පාර්ලිමේන්තුව අද තීරණය කළා. අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල මහතාට නිවාඩු ලබාදී ඇත්තේ ලබන 22 වනදා සිටයි. ඔස්ටේ‍්‍රලියාවේදී අනතුරකට ලක්වූ ඒ මහතා තුවාල ලබා ප‍්‍රතිකාර ලබමින් සිටිනවා. දුමින්ද සිල්වා මහතාට මාස 03 ක් නිවාඩු ලබාදුන් දෙවන අවස්ථාව මෙයයි. ඉකුත් වසරේ ඔක්තෝබර් මස 08 වනදා මුල්ලේරියාවේ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල වූ ඒ මහතා විදෙස් රටක ප‍්‍රතිකාර ලබමින් සිටිනවා. 


ජයලලිතාගේ රුදාව

ශී‍්‍ර ලංකාව යුද අපරාධ සිදු කළ බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට ඉන්දියාව සහය දිය යුතු බව තමිල්නාඩු ප‍්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් මහත්මිය යළි අවධාරණය කරනවා. අග‍්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා අමතමින් ඇය ඊයේ යැවූ ලිපියක සඳහන් වන්නේ ඉන්දියාව ප‍්‍රමාණවත් තරම් බලපෑම් නොකළහොත් ශී‍්‍ර ලංකාව තවදුරටත් අත්තනෝමතික ලෙස කි‍්‍රයා කරනු ඇති බවයි. මීට සතියකට පමණ පෙරද ඇය ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට මෙවැනි ලිපියක් යවා තිබෙනවා. එහෙත් එම ලිපියට මධ්‍යම ආණ්ඩුව මෙතෙක් ප‍්‍රතිචාර දක්වා නැහැ. 


රනිල් කොයි පැත්තෙ ද ? දයාසිරි හා මහින්දානන්ද කඹ අදීයි.

පාර්ලිමේන්තුව ඊයේ (මාර්තු 6) රැස්වූ අවස්ථාවේ තවත් කථාබහ ද අතර කෙරුණු අපූරු සංවාදයකට මාතෘකාව වුණේ රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයේ ද ආණුඩුවේ ද යන්නයි. එක්සත් ජාතික පක්ෂයේ දයාසිරි ජයසේකර හා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ යන මහත්වරුන් අතර එම සංවාදය ඇති වුණා. ඊට හේතු වුණේ ප්‍රශ්ණ ඇසීම සදහා දයාසිරි ජයසේකර මහතාට තොරතුරු ලබා‍දෙන්නේ ආණ්ඩු පක්ෂයේම කෙනෙකු බවට අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ විසින් කරන ලද ප්‍රකාශයක්.



පිටරට මාධ්‍ය දිනාගැනීමට දියතලාවේ කුමන්ත්‍රණයක්

අන්තර්ජාතික මාධ්‍ය දිනාගැනීමට ආණුවේ අවධානය යොමුව තිබෙනවා.  දියතලාව රාජ්‍ය ආරක්ෂක විද්‍යා පීඨයේ ඊයේ (මාර්තු 4)සහ පෙරේදා (මාර්තු 5) පැවැත්වූ  දේශපාලන වැඩමුලූවේදී ඒ පිළිබද සාකච්ඡා වූ බවයි THE TRUTH වෙත වාර්තා වුණේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් සියලූ දේශපාලන පක්ෂවල මන්ත‍්‍රිවරුන් එම වැඩමුලූවට එක්ව සිටියා. 

රනිල්ගේ "ගල" ගැන "රත්තරන්ගේ " කවි පද

එක්සත් ජාතික පක්ෂය සහ ගල් අතර ඇත්තේ ගහට පොත්ත මෙන් වෙන් කල නොහැකි අත්‍යන්ත බැදීමක් බව නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බව පැවසුවේ පානදුරේ ඊයේ (මාර්තු 2) පැවති උත්සවයකදීයි.




මැති ඇමතීන්ගේ හමුදා පුහුණුව මේක ද ?

ආණ්ඩුපක්ෂයේ මැති ඇමැතිවරුන් සඳහා දෙදින වැඩමුළුවක් අද ආරම්භ වනවා. අද සහ හෙට යන දින දෙකේදී එම වැඩමුළුව දියතලාවේදී පැවැත්වෙනු ඇති. මෙවැනි වැඩමුළු වාර්ෂිකව සංවිධාන කෙරෙන බවත්, ආර්ථිකය , ජාතික ආරක්ෂාව, දේශපාලන සන්නිවේදනය, පරිපාලන ප‍්‍රතිසංස්කරණ හා සාමූහික වගකීම යන විෂයන් සම්බන්ධයෙන් එහිදී මැති ඇමැතිවරුන් දැනුවත් කෙරෙන බවත් ආණ්ඩුව පැවසුවා. දේශණ පැවැත්වීම සඳහා එම විෂයන් සම්බන්ධයෙන් ප‍්‍රවීණයන් හා විද්වතුන් සහභාගිවීමට නියමිතයි. 


රනිල් සජිත් ගැටුම ආයෙත් පුපුරයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර පවතින අර්බුදය යළි උග‍්‍ර වී තිබෙනවා. පක්ෂ අභ්‍යන්තර ආරංචි අනාවරණ කළේ පානදුර ප‍්‍රදේශයේ ඊයේ (මාර්තු 2) පැවැති විපක්ෂයේ විරෝධතා ව්‍යාපාරය අතරතුරදීද එම තත්වය මතු වූ බවයි. මෙහිදී වික‍්‍රමසිංහ මහතා තම කථාවෙන් පසු, රැස්ව සිටි පිරිසට කොළඹ දෙසට පෙළපාලියකින් ගමන් කරන ලෙස  ඉල්ලා සිටියා. එවිට නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාට අදහස් දැක්වීමට අවස්ථාවක් ලබාදෙන ලෙස උද්ඝෝෂකයින් ඉල්ලා සිටියද රනිල් වික‍්‍රමසිංහ මහතා ඊට අවස්ථාව ලබාදුන්නේ නැහැ. එම අවස්ථාවේ එහි ඇති වූයේ නොසන්සුන්කාරී වාතාරවණයක්.


මහින්දට එරෙහි නඩුව ඉවත දැමුයේ කැමැත්තෙන් නෙමෙයිලු

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි තවත් නඩුවක් අමෙරිකාවේ අධිකරණයක් විසින් ඉවත දමා තිබෙනවා. යුද අපරාධ සිදු කළ බවට මෙම නඩුවෙන් චෝදනා නගා තිබුණේ විදෙස් රැකවරණ ලබමින් සිටින උතුරේ වැසියන් තිදෙනෙකු ප‍්‍රමුඛ කණ්ඩායමක් විසින්. කෙසේ වෙතත් දිස්ති‍්‍රක් විනිසුරු කොලීන් කොලාර් කෝට්ලි මහතා මෙහිදී කියා සිටියේ මෙම නඩුව ඉවත දැමීමේ තීරණය සැහැල්ලූවෙන් ලබා ගන්නා එකක් නොවන බවයි. නගා ඇති චෝදනා බරපතල ඒවා වනවා. එහෙත් රාජ්‍ය තාන්ති‍්‍රක නීතිරීතිවලට අනුව ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිවරයා සිය අධිකරණය හමුවට කැඳවිය නොහැකි බවයි විනිසුරුවරයා පෙන්වා දුන්නේ. විදෙස් රටක රාජ්‍ය නායකයෙකු වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාට අමෙරිකාව තුළ වුවද මුක්තියක් හිමිවනවා. එය ඔබාමා පරිපාලනය මෙන්ම එරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින්ද තහවුරු කර ඇති බව විනිසුරු කෝට්ලි සිය තීන්දුවෙක් ප‍්‍රකාශ කළේ යැයි සුප‍්‍රකට ෆොක්ස් නිවුස් වෙබ් අඩවිය කියා සිටියා. 


බුද්ධිකට හා ශිරාල්ට එජාපයේ විනය කමිටුවෙන් කැදවීමක්

එක්සත් ජාතික පක්ෂයේ විනය කමිටුව හමුවේ පෙනී සිටින්නැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර බුද්ධික පතිරණ මහතා සහ බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර ශිරාල් ලක්තිලක යන මහත්වරුන්ට දැනුම් දීමක් ලැබී තිබෙනවා. බුද්ධික පතිරණ මහතාට විනය කමිටුව හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී ඇත්තේ හෙට පස්වරු 5ටයි. ලබන 13 වැනිදා විනය කමිටුව හමුවේ පෙනී සිටින්නැයි ශිරාල් ලක්තිලක මහතාට දැනුම් දී තිබෙනවා. ශිරාල් ලක්තිලක මහතාට චෝදනා පත‍්‍රයක්ද භාරදී ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ. එහෙත් බුද්ධික පතිරණ මහතාට විනය කමිටුව හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී  ඇත්තේ සම්මුතියකට එළැඹීම සඳහායි. ඔවුන් දෙදෙනාගේම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දැනට අත්හිටුවා තිබෙනවා. 


පෑලියගොඩ නගර සභාපතිගේ යකඩ හොරකම


ගැල්වනයිස් යකඩ බට තොගයක් නීති වි‍රෝධීව ප‍්‍රවාහනය කරමින් තිබියදී පෑලියගොඩ නගර සභාවට අයත් ට‍්‍රැක්ටරයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුනා. එම යකඩ බට තොගය පෑලියගොඩ ගුවන් පාලම අසල තැන්පත් කර තිබූ බවයි පොලීසියට ලැබුණු පැමිණිල්ලක සඳහන් වන්නේ. ඒවා වෙනත් ස්ථානයකට ප‍්‍රවාහනය කර ඇත්තේ පෑලියගොඩ නගර සභාවේ සභාපතිවරයාගේ නියෝගයක් අනුව බවද එලෙස රැගෙන යමින් තිබු‍ණේ සභාපතිවරයාගේ නිවසට බව ද පැමිණිල්ලේ සඳහන් වනවා. කෙසේ වෙතත් සභාපතිවරයාගෙන් ප‍්‍රශ්න කිරීමක් මෙතෙක් සිදු නොකළ බවයි පොලිස් ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසන්නේ.  


ෆොන්සේකාගේ ඉරණම ගැන අමෙරිකාව තවමත් විමසිල්ලෙන්

සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් අනුගමනය කෙරෙන නීතිමය කි‍්‍රයාමාර්ග කෙරෙහි විමසිල්ලෙන් පසුවන බව අමෙරිකාව පවසනවා. අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රජාතන්ත‍්‍රතවාදය පිළිබඳ කාර්යංශයේ සහකාර රාජ්‍ය ලේකම් මයිකල් එච්. පොස්නර් මහතා මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා. ඒ සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට මැදිහත් වන්නැයි ඉල්ලා ඉකුත්දා අන්තර්ජාලයෙන් අත්සන් තැබුණු පෙත්සමක් පිළිබඳ මාධ්‍යවේදියෙකු කළ විමසීමකදීයි. පොස්නර් මහතා එහිදී පැවසුවේ ෆොන්සේකා මහතා පළමුවරට අත්අඩංගුවට ගත් දිනයේ සිට මේ දක්වා ඔහු මුහුණ දුන් සිදුවීම් සමීපව නිරීක්ෂණය කර ඇති බවයි. එසේම 2010 වසරේ නිකුත් කරන ලද වාර්තාවකින් ඔහු දේශපාලන සිරකරුවෙකු ලෙස අමෙරිකාව විසින් පිළිගෙන ඇතැයිද සහකාර ලේකම්වරයා කියා සිටියා. 


ශ්‍රී ලංකාව වෙනුවෙන් රුසියාවත් සටනට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශී‍්‍ර ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් උවහොත් ඊට විරුද්ධව  සටන් කරන බව රුසියාව පවසවනවා. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ව්ලැඩිමීර් මිකායිලොව් මහතා අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කරුණු සම්බන්ධයෙන් වෙනත් රටවල් හෝ සංවිධාන බලපෑම් නොකළ යුතු බවයි.  ශී‍්‍ර ලංකාව සහ රුසියාව අතර රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතාවලට වසර 55ක් සපිරිම වෙනුවෙන් කොළඹදී සංවිධාන කළ මාධ්‍ය හමුවකට එක්වෙමින් තනාපතිවරයා මේ බව පැවසුවා. 

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ මීළග සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ලබන සඳුදා ආරම්භ වනවා.. ඒ සමාජික රටවල් 45 ක සහභාගීත්වයෙන්.


තෙල් මිල අඩු කරන්න - නැත්තං වැටුප් වැඩි කරන්න

රටවැසියන් ආර්ථික දුෂ්කරතාවන්ගෙන් නිදහස් කර ගැනීමට සැබෑ වුවමනාවක් ඇත්නම් ආණ්ඩුවට තෝරාගත හැකි විකල්ප දෙකක් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අද පෙන්වා දුන්නා. ඒ ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින්. ඉන්ධන මිල අඩු කර රටවැසියන්ට සහන සැලසීම විපක්ෂ නායකවරයා පෙන්වා දුන් පළමු විකල්පයයි. රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම දෙවන විකල්පය වනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන්නේ වංචා දූෂණ සහ අකාර්යක්ෂම කළමනාකරණය නිසා බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. 
ආණ්ඩුව වෙනුවෙන් ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා මීට පිළිතුරු ලබාදුන්නා. අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව එසේ නොකර ඉන්ධන මිල අඩු අගයක පවත්වා ගැනීමට දිගින් දිගටම ලබාදුන් සහනාධාරය නිසා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලැබීම බවයි. මෙම තත්වය වෙනස් වී ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩු වුවහොත් වහාම දේශීය වෙළෙඳපොළේද ඉන්ධන මිල අඩු කරන බවයි අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ. 
මේ අතර ඉන්ධන මිල වැඩි වුවද උද්ධමනය අඩු වී එළවළු හා පොල් වැනි ආහාරද්‍රව්‍යවල මිල ගණන් අඩු අගයක පැවතීම නිසා ජිවන වියදම දරා ගැනීම දුෂ්කර නොවන බවද ප‍්‍රකාශ කෙරුණා. 

හිරුණිකාගේ ඇත්තම සෙල්ලම

ශ‍්‍රී ලංකා මහජන පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්ත ද ක‍්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට තවත් කල් ගතවන බව හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය පවසනවා. ප‍්‍රධාන පක්ෂ පසෙකලා ශ‍්‍රී ලංකා මහජන පක්ෂයේ සාමාජිකත්වය ලබාගත්තේ පෞද්ගලික වාසිවලට වඩා ප‍්‍රතිපත්ති ගරුකරන නිසා බවයි පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය වැඩිදුරටත් පැවසුවේ.  එහෙත් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට නම් තවත් පරිනත විය යුතු බවයි ප්‍රකාශ කෙරුණේ. ඊට තවත් කල් අවශ්‍ය බව ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ප්‍රකාශ කළා.
ක‍්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන බව හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය පළමුවරට ප‍්‍රකාශ කළේ ඇගේ පියා වන භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතනය කෙරුණු වකවානුවේයි. එහෙත්, පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය දේශපාලනය එක් නොවනු ඇතැයි පසුව ප‍්‍රකාශ කෙරුණා. ශ‍්‍රී ලංකා මහජන පක්සයේ සාමාජිකත්වය ලබා ගන්නා බව ඇය ප‍්‍රකාශ කළේ ඊයේ දිනයේ දීයි.  
                                                                    
හිරුණිකා, විජයගේ පක්ෂයෙන් දේශපාලනයට වැඩ අල්ලයි

පියාගේ අඩි පාරේ යමින් ශ‍්‍රී ලංකා මහජන පක්ෂයෙන් දේශපාලනයට පිවිසීමට තීරණය කළ බව හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය පවසනවා. ඇය ප‍්‍රකාශ කළේ ඊයේ (පෙබ 05)දිනයේ දී ශ‍්‍රී ලංකා මහජන පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් බවයි. ශ‍්‍රී ලංකා මහජන පක්ෂයේ සාමාජිකත්වය ඉල්ලා ඇය එහි ලේකම් රංජිත් නවරත්න මහතා වෙත පසුගියදා ලිපියක් යොමු කළා. ඉන්පසුව අවස්ථා කිහිපයක දී එම පක්ෂයේ නියෝජිතයන්් සහ හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය සමග සාකච්ඡා වට කිහිපයක් පැවති බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ. හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවියගේ පියාවන ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ද දේශපාලනයට පිවිසියේ ශ‍්‍රී ලංකා මහජන පක්ෂයෙන් වීම විශේෂත්වයක්. 1984 වර්ෂයේ දී විජය කුමාරණතුංග මහතාගේ නායකත්වයෙන් ශ‍්‍රී ලංකා මහජන පක්ෂය පිහිටවනු ලැබුවා.  


දෙවරක් ද්‍රෝහීන්ගේ කථා වස්තුව

සිරිකොත යළි ගෙඩනැගීම සදහා කෙරෙන අරමුදල් රැස්කිරීමට විරුද්ධ වන්නේ සිරිකොතට පහරදුන් පිරිසම බව විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. රනිල් වික‍්‍රමසිංහ මහතා ඒ බව පැවසුවේ බේරුවල නගරයේ ඊයේ (පෙබ 03) පැවති ජනහමුවකදීයි. එම ජනහමුව සංවිධාන කර තිබූ ස්ථානයට සමීප ස්ථානයක දී විපක්ෂ නායකවරයාට විරෝධය පළකරන උද්ඝෝෂණයක් පැවැත්වුණා. ඊට එක්වූ බේරුවල ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රීවරයෙකු වන චමිල රණසිංහ මහතා පැවසුවේ රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ සැබෑ නායකයා නොවන බවයි. 


මර්වින්ගේ අඩවියෙන් ජනපතිට සහය දෙන පුවරු ගැලවෙයි

ජනාධිපතිවරයාට සහාය පළ කරමින් පෑලියගොඩ නගරයේ අද පෙරවරුවේ සවි කළ ප‍්‍රචාරක පුවරුවක් පැය කිහිපයක් තුළ ඉවත්කර තිබෙනවා. මෙම පුවරුව සවිකර ඇත්තේ කැලණිය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සංවිධායක මර්වින් සිල්වා අමාත්‍යවරයාට විරෝධය පළ කරන ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරුන් කණ්ඩායමයි. එබැවින් මෙම ප‍්‍රචාරක පුවරුවේ මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ රුව ඇතුළත්ව තිබී නැහැ. කෙසේ වෙතත් එම පක්ෂයේ දිස්ති‍්‍රක් නායක බැසිල් රාජපක්ෂ මහතාගේ මෙන්ම ආරක්ෂක ලේකම්වරයාගේ රුවද මෙම ප‍්‍රචාරක පුවරුවේ ඇතුළත්ව තිබුණා.


ජනපති මහින්දගෙන් ජයලලිතාට ඉල්ලීමක්


විවිධ අවශ්‍යතා වෙනුවෙන් ඉන්දියාවට පැමිණෙන ශී‍්‍ර ලාංකිකයන්ගේ ආරක්ෂාව සහතික කරන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමිල්නාඩු ප‍්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් මහත්මියගෙන් ඉල්ලා සිටිනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ශී‍්‍ර ලංකාවේ සාමාන්‍ය පුරවැසියන් මෙන්ම අමාත්‍යවරුන් සහ ඔවුන්ගේ ඥාතීන්ද අවස්ථා කිහිපයකදී තමිල්නාඩු ප‍්‍රාන්තයේදී පහරදීම්වලට ලක් වූ බවයි. ඌව පළාත් සභාවේ අමාත්‍යවරයෙකු වන සන්දිල් තොණ්ඩමන් මහතා සහ ජල සම්පාදන හා ජලාපවාහන නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර නඬේෂන් මහතාද එලෙස පහරදීමට ලක් වුණා. නඬේෂන් මහතාට පහරදීමේ හේතුව කිසිසේත් අවබෝධ කර ගත නොහැකි බවයි විදෙස් මාධ්‍ය ආයතනවල ශී‍්‍ර ලංකා නියෝජිතයන් සමග ඊයේ පැවැත් වූ සාකච්ඡවකදී ජනාධිපතිවරයා පැවසුවේ. නඬේෂන් මහතා උතුරේ වැසියෙකු බවත් හින්දු භක්තිකයෙකු බවත් සිහිපත් කෙරුණා. තමිල්නාඩු ප‍්‍රාන්තයේ ඇතැම් වෙළෙඳසැල්වලින් ශී‍්‍ර ලංකාවේ නිෂ්පාදන ඉවත්කර ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ. ශී‍්‍ර ලංකාවට එරෙහි එවැනි අකටයුතුකම් නවත්වාලීමට මැදිහත්වන්නැයිද ජනාධිපතිවරයා ජයලලිතා ජයරාම් මහත්මියගෙන් ඉල්ලා සිටිනවා. 

දුමින්ද සිල්වාගේ සිහිය විකල් වෙලා

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාගේ සිහි විකල්වී ඇතැයි අධිකරණයට ඉදිරිපත් වු වෛද්‍ය වාර්තාවලින් පෙනී යන බව කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා අද ප‍්‍රකාශ කළා. එබැවින් නීති උපදෙස් ලබා දෙන්නැයි ඒ මහතා කිසියම් නිතිඥවරයෙකුගෙන් ඉල්ලා සිටි බව සාධාරණව විශ්වාස කළ නොහැකි බවයි මහේස්ත‍්‍රාත්වරයා පෙන්වා දුන්නේ. දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් නීතිඥවරයෙකුගේ සහය ලබා ගන්නා බවට වගකිව යුතු වෙනත් කිසිඳු පාර්ශ්වයක් ද අධිකරණයට දැනුම් දී නැතැයි ප‍්‍රකාශ කෙරුණා. ඒ, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ද ඝාතනය කෙරුණු මුල්ලේරියාව වෙඩි තැබීම සම්බන්ධයෙන් නඩුව අද කැඳවු අවස්ථාවේදියි. ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා මෙම නඩුවේදී දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් පෙනි සිටියා.  එහෙත් ඊට විරෝධතාව පළ කරමින් අගතියට පත් පාර්ශ්වය කියා සිටියේ දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටිමට  හේමන්ත වර්ණකුලසූරිය මහතාට අයිතියක් නොමැති බවයි. ඉහත කරුණු ඉදිරිපත් කරමින් මහේස්ත‍්‍රාත්වරයා ද අද ඒ බව තහවුරු කළා. 


ආණ්ඩුව කෙළින් නෑලු


රජයේ මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් ඍජු ප‍්‍රකාශයක් කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බව විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ විදේශීය  රටවලට රජය විශාල මුදලක් ණය වී ඇති බවයි. එහෙත් සත්‍ය වසන් කර ජනතාව මුලා කිරීමට   ආණ්ඩුව  කටයුතු කරන බව ඔහු පැවසුවේ හෝමාගම ප‍්‍රදේශයේ ඊයේ පස්වරුවේ පැවැති ජනහමුවකට එක්වෙමින්.

මේ අතර අරලියගහ මන්දිරයේ ඊයේ පැවැති මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ගේ රැස්වීමේදී අදහස් දැක් වූ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ විදේශීය රටවලින් ණය මෙන්ම ආධාරද ලබා ගන්නා බවයි. පසුගිය වසරේදී චීනය ශී‍්‍ර ලංකාවට වැඩිම ආධාර ලබාදුන් විදේශීය රට වනවා. නෙළුම් පොකුණ රඟහල, කිරිබත්ගොඩ - කඩවත ප‍්‍රධාන මාර්ගය චීන ආධාර යටතේ ඉදිකළ ව්‍යපෘති වනවා. ඉන්දියාවද ශී‍්‍ර ලංකාවට ණය සහ ආධාර ලබාදී ඇති බවයි ඔහු අනාවරණ කළේ. 

වැලිගම  ප‍්‍රාදේශීය  සභාවෙන් ලදු පොතක් අතුරුදන්


පිටු සියයකින් සමන්විත ලදු පොතක් වැලිගම  ප‍්‍රාදේශීය  සභාවෙන් අතුරුදන්වීම පිළිබඳ පරීක්ෂණවලට දේශපාලන බලපෑම් එල්ල වී තිබෙනවා. මෙම අක‍්‍රමිකතාවය සිදු වූයේ 2010 වසරේදීයි. එම ලදුපොත උපයෝගී කර ගනිමින් වෙරළ ආශි‍්‍රත හෝටල් ඉදිකිරීම සහ වෙනත් ඉදිකිරීම් සඳහා මුදල් නිකුත් කර ඇති බව අනාවරණ වූණා. ලදු පොත අස්ථාන ගත වීමෙන් වැලිගම ප‍්‍රාදේශීය සභාවට අහිමි වී ඇති මුදල රුපියල් කෝටි ගණනක් වනවා. THE TRUTH මේ පිළිබඳ වැලිගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ මහතාගෙන් විමසීමක් කළා. සිද්ධිය සම්බන්ධයෙන් ආරම්භ කර ඇති පරීක්ෂණ මන්දගාමී බවයි ඔහු පෙන්වා දුන්නේ. 

රනිල්ට ආයෙත් නොතීසි

2012 වසර සදහා එක්සත් ජාතික පක්ෂයේ නායකයන් තෝරා ගැනීමට ඉකුත් දා පැවැත් වූ නිලවරණය නීති විරෝධී යැයි ප‍්‍රකාශ කරන ලෙස වූ පෙත්සමක් කොළඹ දිසා අධිකරණය හමුවේ අද ගොණු කෙරුණා. ඒ, දකුණු පළාත් සභා මන්ත‍්‍රි මෛත‍්‍රී ගුුණරත්න මහතා විසින්. ලබන මස 22 වනදා දිසා අධිකරණයේ පෙනී සිට ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයට නියෝග කෙරුණා. 
මේ අතර අභියෝගයට ලක්ව ඇති නිලවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා පත්වූයේ කරූ ජයසූරිය මහතා පරාජය කරමින්. රවී කරුණානායක මහතා පරාජය කරමින් සජිත් පේ‍්‍රමදාස මහතා නියෝජ්‍ය නායක ලෙස තේරී පත් වුණා. ජාතික සංවිධායක ලෙස පත්වූයේ දයා ගමගේ මහතායි. දයාසිරි ජයසේකර මහතා ඒ මහතා හමුවේ පරාජය වුණා. 


ඉඩම් හා පොලිස් අත්හරිනු බෑ

දේශපාලන විසදුමක් ලෙස ක‍්‍රියාත්මක කළ යුත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ද ඊට වැඩි හෝ අඩු බලය බෙදීමක් දැයි තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුව බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. තේරීම්කාරක සභාවක් ද පත්කර ඊට නියෝජිතයන් නම් කරන්නැයි සියළු පක්ෂවලට ආරාධනා කළේ ඒ නිසා බවයි මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග අද (ජන 30)පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ. එහෙත්, විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් ඊට නියෝජිකයන් පත් නොකළ බව ද එය සැළකිල්ලට ගෙන සියළු පක්ෂවල නායකයන් පාර්ලිමේන්තුවේ දී මුණ ගැසී සාකච්චා කරන බව ද ජනාධිපතිවරයා පැවසුවා. 
මේ අතර 13 වන සංශෝධනය ඉක්මවා යන දේශපාලන විසදුමක් ලබාදෙන බවට ජනාධිපතිවරයා පොරොන්දු වූ බවයි ඉන්දීය විදේශ අමාත්‍ය එස්.එම්.ක‍්‍රිෂ්ණා මහතා ඉකුත් දා ප‍්‍රකාශ කළේ. ඒ සම්බන්ධයෙන් කළ විමසීමක දී ජනාධිපතිවරයා පැවසුවේ ආණ්ඩුවේ යෝජනාවක් වන සෙනට් සභාව 13 වන සංශෝධනය ඉක්මවා යාමක් බවයි. එහෙත්, 13 වන සංශෝධනයේ ස`දහන් පරිදි ඉඩම් හා පොලිස් බලතල පළාත් සභාවලට පවරා දීමට කිසිසේත් ක‍්‍රියා නොකරන බව ජනාධිපතිවරයා අවධාරනය කළා. 


ඇමති මර්වින් බණ ධහමට ලැදිව සන්සුන් වෙයි


තමන් මේ වන විට සන්සුන් පිළිවෙතක් අනුගමනය කරන බව මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු පිළිබද අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසනවා. බණ දහමට ගරු කරමින් ජනාධිපතිවරයා තමන් වෙත පවරා ඇති වගකීම ඉටු කරන බවයි ඔහු අවධාරනය කර සිටියේ. මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු අමාත්‍යංශය බම්බලපිටියේ ස්ථාපනය කිරීම වෙනුවෙන් අද පෙරවරුවේ පැවති උත්සවයකට එක්වෙමින් ඔශු මෙ බව පැවසුවා. තමන්ට එරෙහිව පවතින විරෝධතා ක්‍රෝධය සහ වෛරය මුල්කර ගනිමින් සිදුවන්නක් බවයි ඔහු පෙන්වා දුන්නේ. ජනාධිපතිවරයාගේ කීර්ති නාමයට හානි කිරීමට තමන්ගේ සූදානමක් නොමැති බව ඔහු අවධාරනය කර සිටියා.


විපක්ෂ නායක මාධ්‍යවේදීන් එළවා ගනියි - වීඩියෝව

විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මහනුවර සංචාරයක් ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් අද කරදරයකට ලක් වුණා.  THE TRUTH වාර්තාකරු පවසන්නේ විපක්ෂ නායකවරයා ශී‍්‍ර දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් පසු අස්ගිරි හා මල්වතු මහානාහිමිවරුන් බැහැදුටු බවයි. එහෙත් එම අවස්ථා ආවරණය නොකරන ලෙසත් වහාම ඉවත්වන ලෙසත් විපක්ෂ නායකවරයා මාධ්‍යවේදීන්ට දැනුම් දී තිබෙනවා. ශී‍්‍ර දන්ත ධාතූන් වහන්සේ හෝ අස්ගිරි හා මල්වතු මහානාහිමියන් ඇපයට තබා දේශපාලන වාසි ලබා නොගන්නා බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ. මේ නිසා ශී‍්‍ර දළදා මාලිගයටත් , අස්ගිරි හා මල්වතු විහාරවලටත් පිටතින් සිට සිදුවන දෑ බලා සිටීමට මාධ්‍යවේදීන්ට සිදුවුණා. කෙසේ වෙතත් වැදගත් අවස්ථා කිහිපයක් THE TRUTH කැමරාවේ සටහන් වුණා.



දොස්තර ජයලත් කොටි එක්කත් එකට හිටියලු


ජයලත් ජයවර්ධන මන්ත‍්‍රීවරයා එල්.ටී.ටී.ඊ සංවිධානය සමග ගනුදෙනු කළ බව එක්සත් ජාතික පක්‍ෂය සුරැකිමේ ව්‍යාපාරය පවසනවා. එහි සාමාජික දකුණු පළාත් සභා මන්ත‍්‍රී මෛත‍්‍රී ගුණරත්න මහතා කොළඹ ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා. 
ජයලත් ජයවර්ධන මන්ත‍්‍රීවරයා පක්‍ෂය විනාශ කරන බවටද චෝදනා කෙරුණා.

ශී‍්‍ර ලංකාවේ මාධ්‍ය නිදහස තවත් අඩුවෙලා

මාධ්‍ය නිදහස පිළිබඳ ලෝක දර්ශකයේ ශී‍්‍ර ලංකාව පසුබෑමකට ලක්ව තිබෙනවා. දේශසීමා රහිත වාර්තාකරුවන් නමැති සංවිධානය සකස් කළ මෙම දර්ශකයේ ශී‍්‍ර ලංකාවට හිමිව ඇත්තේ 163 වැනි ස්ථානයයි. 2010 වසරේදී ශී‍්‍ර ලංකාව රටවල් 178ක් අතරින් ශ්‍රේණිගත කෙරුණේ 158 වැනි ස්ථානයටයි. ඒ අනුව ඉකුත් වසරේදී ශී‍්‍ර ලංකාව ස්ථාන 5කින් පසුබැස ඇතැයි එම වාර්තාවේ සඳහන්. ලොව මාධ්‍ය නිදහස සුරක්ෂිතම රාජ්‍ය ලෙස එමගින් හඳුන්වාදී ඇත්තේ ෆින්ලන්තය සහ නෝර්වේ රාජ්‍යයි.  අමෙරිකාව මෙම දර්ශකයේ 47 වැනි ස්ථානය දක්වා පසුබැස සිටිනවා. දකුණු ආසියානු කලාපයේ පෙරමුණ ගෙන සිටින්නේ භූතානය වන අතර ඔවුනට මෙම දර්ශකයේ 70 වැනි ස්ථානය හිමිව තිබෙනවා. මාලදිවයිනට හිමි වූයේ 73 වැනි ස්ථානයයි. නේපාලය 106 වැනි ස්ථානයටත්, බංග්ලාදේශය 129 වැනි ස්ථානයටත් ශ්‍රේණිගත කෙරුණා. ඉන්දියාව 131 වැනි ස්ථානයටත්, පකිස්තානය 151 වැනි ස්ථානයට ශ්‍රේණිගත කර තිබෙනවා.


ශ්‍රී ලංකාවේ යුධ අපරාධවලට සාක්ෂි සොයා ලන්ඩනයේ මෙහෙයුමක්

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු වූ බවට සාක්ෂි සොයමින් එල්.ටී.ටී.ඊ. හිතවාදීන් ලන්ඩනයේ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි වාර්තා වනවා. ඉදිරි ජගත් කවුන්සල මානව හිමිකම් සැසිවාරයට පෙර මෙවැනි සාක්ෂියක් සියතට ගැනීම එල්.ටී.ටී.ඊ හිතවාදීන්ගේ අරමුණයි. මේ සඳහා වන ප‍්‍රබල සාක්ෂියක් ලන්ඩනයට පැමිණ ඇතැයි යන තොරතුර මත  මෙම මෙහෙයුම කි‍්‍රයාත්මක බවයි THE TRUTH වෙත වාර්තා වුණේ. 
මෙවැනි සාක්ෂියක් පදනම් කර ගනිමින් ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර යුද අධිකරණයක් ඉදිරියට ගෙන යාම එල්.ටී.ටී.ඊ හිතවාදීන්ගේ අරමුණක්. එසේම යුද්ධයේ අවසන් සමය පිළිබඳ ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටීමටද ඔවුන් සූදානම් වන බවයි වාර්තා වන්නේ. ඉන් ඇතමෙකු මෙවැනි සාක්ෂියක් ඇත්නම් ඒ සඳහා ඩොලර් මිලියන ගණනින් ගෙවීමට සූදානමක් ඇතැයිද ලන්ඩන් THE TRUTH වාර්තාකරු ප‍්‍රකාශ කළා. 


ජන අරගලය ආයෙත් ජවිපේ සරණ පතයි


ජනතාව වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සමග දේශපාලනය කිරීමට සුදානම් බව ජන අරගල ව්‍යාපාරය පවසනවා. එම ව්‍යාපාරයේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේ ජනතා අරමුණු ජයග‍්‍රහණය කරවීම පිළිබඳ පුළුල් දැක්මක් තමන්ට ඇති බවයි. ජනතා විමුක්ති පෙරමුණ සහ තමන් අතර පවතින විශම මත පදනම් කර ගනිමින් එය පටු කිරිමට සුදානම් නැතැයි ද එහිදී අවධාරණය කෙරුණා.

සිය දේශපාලන ක‍්‍රියාදාමය වෙනුවෙන් පක්‍ෂයක් ලියාපදිංචි කිරිම කඩිනම් කරන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. කොස්වත්ත මහතා  පැවසුවේ ජන අරගල ව්‍යාපාරයෙන් වෙනස්වන දේශපාලනික ලක්‍ෂණ එම පක්‍ෂය තුළ දැකිය හැකිවනු ඇති බවයි. 

ජන අරගල කොමියුනිස්ට් වෙයි ?

ජන අරගල ව්‍යාපාරය නව දේශපාලන පක්ෂයක් ලබන මාසයේ දී ප‍්‍රකාශයට පත්කිරීමට සූදානම් වනවා. මෙම දේශපාලන පක්ෂයේ ප‍්‍රතිපත්ති, ඉදිරි වැඩපිළිවෙල සහ දේශපාලන උපාය මාර්ග පිළිබද දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වන බව සදහන්. නව දේශපාලන පක්ෂයේ නම මෙතෙක් තීරණය කර නොමැති බව ජන අරගල ව්‍යාපාරය සදහන් කළා. ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන් වී ගිය කුමාර් ගුණරත්නම් පාර්ශවය විසින් ජන අරගල ව්‍යාපාරය මෙහෙයවනවා. නව පක්ෂය පිහිටුවීමෙන් පසු එය ලියාපදිංචි කිරීමට ද පියවර ගන්නා බවයි ඔවුන් ප‍්‍රකාශ කරන්නේ. කෙසේ වෙතත් එම ව්‍යාපාරයේ ආරංචි මාර්ග සදහන් කළේ කොමියුනිස්ට් පක්ෂය ලෙස එය නම් කිරීමට නියමිත බවයි.  


ප‍්‍රභූන් ගුවනින් ගෙනයාමට වසරකට රුපියල් මිලියන 200 ක්


සිය නිල ගමන් සඳහා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා යොදා ගැනිම තව දුරටත් ඉහළ යා හැකි බව අග‍්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතා පවසනවා. අග‍්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී අද මේ බව කියා සිටියේ අකිල විරාජ් කාරියවසම් මන්ත‍්‍රීවරයාගේ වාචික ප‍්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. මෙහිදී සභාවේ ඇති වුයේ තරමක නොසන්සුන්කාරී තත්ත්වයක්. 
කෙසේ වෙතත් ප‍්‍රභූවරුන්ගේ ගුවන් ගමන් සඳහා රජය වාර්ෂිකව වැය කරන මුදල රුපියල් මිලියන 200 කට අධිකයි. 

මහින්ද - රනිල් හොර ගිවිසුම ජනතාවට හෙළි කළවුන් ගැන සිරිකොතෙන් විමර්ශන.

‘‘එජාපයට පරාජය උරුම කළ මහින්ද - රනිල් හොර ගිවිසුම’’ නමින් ලක්ෂ්මන් ආනන්ද ලැනරෝල් මහතා විසින් රචනා කරන ලද කෘතියක් ඊයේ (ජන 17) එළිදැක්වුණා. ඒ සඳහා වූ නිල උත්සවයට සහභාගි වූවන් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. උත්සවයට සහභාගි වූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් පළාත් සභා මන්තී‍්‍රවරුන් සහ පළාත් පාලන සභිකයන් හඳුනා ගැනීම එහි අපේක්ෂාවයි. පක්ෂ ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව ඔවුන් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමටද විපක්ෂ නායකවරයා අදහස් කරන බව දේශපාලන ආරංචි පැවසුවා. දකුණු පළාත් සභාවේ මන්තී‍්‍රවරයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අද දිනය තුළම අත්හිටුවනු ඇති බවයි දේශපාලන ආරංචි වැඩිදුරටත් පැවසුවේ. එම මන්තී‍්‍රවරයා පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස මහතා වෙනුවෙන් දීර්ඝ කාලයක සිට පෙනී සිටින්නෙක්. 
මේ අතර ඊයේ එළිදැක්වුණු කෘතියෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සිදුකරන ලද බව කියන ඇතැම් කටයුතු විස්තර කර තිබෙනවා.


13 න් ඔබ්බට යාමට ජනපතිගෙන් සහතිකයක්

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයෙන් ඔබ්බට ගිය දේශපාලන විසදුමක් ක‍්‍රියාත්මක කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහතික වූ බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්.එම්. ක‍්‍රිෂ්ණා මහතා පවසනවා. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි. 
ජනාධිපතිවරයා විසින් ලබාදෙන ලද සහතිකය ක‍්‍රියාත්මක කිරීමේ කාල රාමුවක් සම්බන්ධයෙන් එකගතාවක් ඇති වූයේ දැයි මාධ්‍යවේදියෙකු මෙහිදී ප‍්‍රශ්න කළා. අමාත්‍ය එස්.එම්. ක‍්‍රිෂ්ණා මහතා පැවසුවේ එවැනි කාලරාමුවක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් නොවූ බවයි. 


සාලි සහ මිලින්ද ගැටුම ජනපතිටත් ලෙහනු නොහැකි වෙයි

සිය ගැටළු පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කළ ද මෙතෙක් විසඳුම් නොලැබුණ බව කොළඹ මහනගර සභා මන්ත‍්‍රී අසාද් සාලී මහතා පවසනවා. THE TRUTH වෙත අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ කොළඹ මහනගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී කණ්ඩායමේ පවතින ගැටළු කිහිපයක් හේතුවෙන් තමන් මන්ත‍්‍රී ධුරයෙන් ඉවත් වන බවයි. ලබන 19 වැනිදා සිය තීරණය නගර සභා මාසික සභා වාරයේදි ප‍්‍රකාශයට පත් කරන බව ඔහු කියා සිටියා. නගර සභාවේ විපක්‍ෂ නායකවරයා සහ තවත් මන්ත‍්‍රීවරයෙකුගේ ක‍්‍රියා කලාපය හේතුවෙන් මෙම ගැටළු නිර්මාණය වී ඇතැයි ඔහු පෙන්වා දෙනවා. 


සජිත්ට හා දයාසිරිට එජාපය නැති වෙයි ද ?


නව නිළධාරීන් පත්වීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ප‍්‍රථමවරට අද (ජන 16) රැස්වනවා. ඒ, නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රි ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා පැවසුවේ පවතින පුරප්පාඩු සදහා පුද්ගලයන් පත්කිරීම ද මෙහිදී සිදුවන බවයි. ආණ්ඩුවට එරෙහි ශක්තිමත් විපක්ෂයක් බිහිකිරීම සදහා ගතයුතු ඉදිරි ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද සාකච්ඡා කරන බව ප‍්‍රකාශ කෙරුණා. පක්ෂයේ සමගිය ආරක්ෂා කිරීම ද සාකච්ඡුාවලට මාතෘකාවක් වනු ඇති. දේශපාලන ආරංචි පවසන්නේ ඇතැම් සාමාජිකයන්ගේ විනය විරෝධි ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද අද රැස්වන කෘත්‍යාධිකාරී මණ්ඩලය සාකච්ඡා කරන බවයි. නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රි දයාසිරි ජයසේකර යන මහත්වරුන්ගේ සාමාජිකත්වය අත්හිටුවා විනය පරීක්ෂණයක් පැවැත්වීමට වූ යෝජනාවක් ද කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත්වීමට ඉඩ ඇති බවයි දේශපාලන ආරංචි වැඩිදුරටත් පැවසුවේ.  


ජනපති මහින්දට අමෙරිකාවත් පක්ෂ වෙයි.


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව කිසිදු නීතිමය ක‍්‍රියාමාර්ගයක් ගැනීමට හැකියාවක් නොමැති බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. එල් ටී ටී ඊ හිතවාදී දෙමළ ඩයස් පෝරාව විසින් කොලොම්බියා අධිකරණයේ ගොණු කර ඇති නඩුවක් සම්බන්ධයෙන් රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම නියෝගය ලබා දී ඇති බව සදහන්. වදහිංසා පමුණුවන පුද්ගලයන් සම්බන්ධයෙන් ඇමරිකාවේ පවතින නීතියට අනුව ජනාධිපතිවරයාට එරෙහිව ක‍්‍රියාකළ යුතු බව දෙමළ ඩයස් පෝරාව පෙන්වා දී තිබෙනවා. එහෙත්, එම නීතියට අනුව රාජ්‍ය නායකයෙකුට එරෙහිව නෛතික ක‍්‍රියාමාර්ග ගැනීමට නොහැකි බවයි රාජ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. 


එජාපේ ප්‍රබලයෙකුට සන්ධාන මන්ත්‍රීගෙන් ගුටි බැට

එක්සත් ජාතික පක්ෂයේ කි‍්‍රයාකාරිකයෙකුට කොළඹ මහ නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන සභිකයෙකු විසින් පහරදුන් බවට පාර්ලිමේන්තු මන්ති‍්‍ර රවි කරුණානායක මහතා චෝදනා කරනවා. පහරදීම සිදුවූයේ ඊයේ (ජන 13) රාති‍්‍ර බවයි නෙත් ප‍්‍රවෘත්ති කළ විමසීමකදී රවි කරුණානායක මහතා පැවසුවේ. චන්දන පුෂ්පකුමාර නමැත්තෙකු පහරදීමට ලක්ව තිබෙනවා. පහරදීම සිදු කර ඇත්තේ අජන්ත ලියනගේ මහතා බවයි ප‍්‍රකාශ කෙරුණේ. ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කළ බවද රවි කරුණානායක මහතා පවසනවා.
ඊයේ සිදු වූ පහරදීම සම්බන්ධයෙන් පොලීසිය සාධාරණ පරීක්ෂණයක් සිදු කරනු ඇතැයි අපේක්ෂා කරන බවද රවි කරුණානායක මහතා පවසනවා. 


ශිෂ්‍ය සටන් අපේ වැඩක්

නිදහස් අධ්‍යාපනය සුරැකීමට සිදු කෙරෙන ශිෂ්‍ය අරගල පසුපස ජනතා විමුක්ති පෙරමුණද සිටින බව අනුර දිසානායක මහතා ඊයේ (ජන 13) පිළිගත්තා. ඒ කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.



  විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය අරගල ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවන බවට ආණ්ඩුව අවස්ථා ගණනාවකදී චෝදනා කළා. ඒ බව එම පෙරමුණ විසින් ප‍්‍රසිද්ධියේ පිළිගත් පළමු අවස්ථාව මෙයයි.

 මේ අතර පෞද්ගලික විශ්ව විද්‍යාල පනත හෙවත් ප‍්‍රමිති ආරක්ෂණ වරප‍්‍රදාන හා සුදුසුකම් රාමුව යන කෙටුම්පත හකුලා ගැනීමෙන් පමණක් නිදහස් අධ්‍යාපනයට එරෙහිව ආණ්ඩුවේ කි‍්‍රයාකාරකම් අවසන් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙනවා. නිදහස් අධ්‍යාපනය සුරැකීම ආණ්ඩුව ප‍්‍රතිපත්තියක් ලෙස පිළිගත යුතු බවයි පාර්ලිමේන්තු මන්ති‍්‍ර අනුර දිසානායක මහතා අවධාරණය කළේ.


ශිෂ්‍ය අරගලකරුවන් එල් ටී ටී ඊ යේ හිටපු සාමාජිකයන් සමග සන්ධානයක

රට පුරා සිදු කෙරෙමින් ඇති ශිෂ්‍ය අරගලයට එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයන්ද සම්බන්ධ කර ගැනීමට පසුබට නොවන බව ‘‘අපි ශී‍්‍ර ලාංකිකයෝ ’’ සංවිධානය පවසනවා. ඒ සඳහා දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි එම සංවිධානයේ නියෝජිතයෙකු වන උදුල් පේ‍්‍රමරත්න මහතා පවසන්නේ.

මේ අතර ආණ්ඩුව පවසන්නේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ද සම්බන්ධ කර ගනිමින් ශිෂ්‍ය අරගලයක් මුවාවෙන් ත‍්‍රස්තවාදයක් ඇති කිරීමට උත්සහයක් ඇති බවයි. එම චෝදනාව පදනම් විරහිත බව උදුල් පේ‍්‍රමරත්න මහතා අවධාරණය කළා. ශිෂ්‍ය අරගලය කිසිවිටෙකත් බෙදුම්වාදය වෙනුවෙන් පෙනී නොසිටින බවයි ප‍්‍රකාශ කෙරුණේ. 


අමෙරිකානු රාජ්‍ය තාන්ති‍්‍රකයන් පිරිසක් ශී‍්‍ර ලංකාවට

අමෙරිකානු රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරින් හතර දෙනෙකු ඉදිරි දින කිහිපයේදී ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුබද්ධ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාය මාර්ගික අධ්‍යයන කටයුතු පිළිබඳ මැදපෙරදිග හා දකුණු ආසියානු මධ්‍යස්ථානයේ ජේම්ස් ඒ ලාරොකො මහතා ඔවුන්ගෙන් කෙනෙක්. ලබන 15 වැනිදා ඒ මහතා ශී‍්‍ර ලංකාවට පැමිණෙන බව ශී‍්‍ර ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය පවසනවා. අමෙරිකානු  වාණිජ දෙපාර්තමේන්තුවේ අපි‍්‍රකා,  මැදපෙරදිග සහ දකුණු ආසියාව පිළිබඳ නියෝජ්‍ය සහකාර ලේකම් හොලී විනියාඞ් මහත්මිය ලබන 17 වැනිදා ශී‍්‍ර ලංකාවට පැමිණිමට නියමිතයි. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියාව පිළිබඳ නියෝජ්‍ය සහකාර ලේකම් ආචාර්ය ඇලීසා එයර්ස් මහත්මිය ලබන 18 වැනිදා ශී‍්‍ර ලංකාවට පැමිණෙනවා. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මානව හිමිකම් හා කම්කරු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සහකාර ලේකම් තෝමස්  ඕ මෙලියා මහතා ලබන 20 වැනිදා ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිතයි. දේශපාලන නායකයන් , රාජ්‍ය නිලධාරීන් ව්‍යාපාරිකයන් සහ සිවිල් කි‍්‍රයාකාරීන් සමග සාකච්ඡුා කිරීම ඔවුන්ගේ අපේක්ෂාව වනවා.


ප්‍රභාගේ මුද්දරයට බ්‍රිතාන්‍යයේ දී තහනමක්

බි‍්‍රතාන්‍යයේ රාජකීය තැපැල් සේවය විසින් නිකුත් කරන ලද වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ රුව සහිත මුද්දරය වහාම කි‍්‍රයාත්මක වන පරිදි අවලංගු කර තිබෙනවා. බි‍්‍රතාන්‍යයේ ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් කෙරුණු ඉල්ලීමක් සැලකිල්ලට ගෙන එම තීරණයට එළැඹි බවයි රාජකීය තැපැල් සේවය පවසන්නේ. 
බි‍්‍රතාන්‍යයේ මුද්දර නිකුත් කිරීමේ බලය රාජකීය තැපැල් සේවයට හිමි වී තිබෙනවා. ඒ සමග ගිනුමක් අරඹා අභිමත රූප සහිත මුද්දර නිකුත් කරවා ගැනීමට  ඕනෑම අයෙකුට හැකියි. වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ රුව සහිත මුද්දර නිකුත් කෙරුණේ  ඒ අනුව බව රාජකීය තැපැල් සේවය පවසනවා. එමගින් ලක් රජයට කිසියම් අපහසුවක් සිදු වූයේ නම් ඊට සමාව ඉල්ලා සිිටින බවයි රාජකීය තැපැල් සේවය වැඩිදුරටත් පවසන්නේ.
මේ අතර කැනඩාව සහ ප‍්‍රංශයද වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ රුව සහිත මුද්දර නිකුත් කර තිබෙනවා. 


විමල්ගෙන් පොලීසියට කෝචොක් එකක්

පොලීසිය ඇතැම් විට කටයුතු කරන්නේ එහි මූලික පරමාර්ථයට පටහැනිව බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඊයේ (ජන 12)පැවැති උත්සවයකදීයි.‍



ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු වගකීම්ද මෙහිදී පැහැදිලි කෙරුණා. අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පවුලක සමගිය ඇතිවීම සඳහා නිවස යනු අත්‍යවශ්‍ය සාධකයක් බවයි. 


ජන සෙවණ වැනි නිවාස ව්‍යාපෘතීන් ආරම්භ කළේ මෙම කරුණුද සැලකිල්ලට ගනිමින් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.


සජිත්ට පලාත් පාලන නියෝජිතයන්ගෙන් උපදෙස්

පක්‍ෂ නායකත්වය සමග සාකච්ඡා කර මතුව ඇති අර්බුදය විසඳා ගන්නා ලෙස මහනුවර දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන නියෝජිතයින් එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාට දැනුම් දී තිබෙනවා. ඒ, මහනුවර ඊයේ (ජන 12) පැවති රැස්වීමක දීයි. පළාත් පාලන ආයතන නියෝජිතයින් 124 දෙනාගෙන් නියෝජිතයින් 104 දෙනකු මෙම අවස්ථාවට එක්ව සිටියා. ඔවුන් පෙන්වා දී ඇත්තේ පක්‍ෂ නායකයික් බේද බින්න වී මතුව ඇති ගැටළුව නිරාකරණය කළ නොහැකි බවයි. තමාගේ අරමුණ ද ප‍්‍රශ්නය විසඳා පක්‍ෂය ජයග‍්‍රාහී මාවතට ගෙන යාම බව නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා එහිදී ප‍්‍රකාශ කළා. 


ඇමති මර්වින්ගේ විනය ගැන දැනගන්න ලැස්ති ද ?


අමාත්‍ය මර්වින් සිල්වා මහතා සහ කැළණිය ප‍්‍රාදේශිය සභාවේ මන්ත‍්‍රීවරුන් අතර ඇති වී ඇති ගැටළුව සම්බන්ධයෙන් වු විනය පරික්‍ෂණ වාර්තාව ලබන සතියේ දී ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි. අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව ප‍්‍රකාශ කළා. 


ඇමති මර්වින්ට එරෙහිව මුලටියනත් කැළණියට එක්වෙයි

අමාත්‍ය මර්වින් සිල්වා මහතාට විරෝධය පළ කරමින් කැලණිය ප‍්‍රාදේශීය සභාව විසින් ආරම්භ කරන ලද අරගලයට මුලටියන ප‍්‍රාදේශීය සභාවද එක්ව සිටිනවා. එම ප‍්‍රාදේශීය සභාවේ සභිකයෙකු වන නුවන් කරන්නාගොඩ මහතා පැවසුවේ ඊට අදාළ යෝජනාවක් ඒකමතිව සම්මත වූ බවයි. අදිසි හස්තයක් විසින් බලපෑම් එල්ල කරන්නේ නම් මහජන සේවය සාධාරණව ඉටු කළ නොහැකි බවද කරන්නාගොඩ මහතා පවසනවා. අමාත්‍ය මර්වින් සිල්වා මහතා එවැනි බලපෑම් එල්ල කරන අදිසි හස්තයක් බවයි ප‍්‍රකාශ කෙරුණේ. ඒ මහතාට එරෙහිව කැලණිය ප‍්‍රාදේශිය සභාව සමග එක්වීමට තීරණය කළේ ඒ නිසා බවද ප‍්‍රකාශ කෙරුණා.


කරූගේ කාර්යාලයට වෙඩිතැබීමේ තැතක්

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කරු ජයසූරිය මහතාගේ ගම්පහ දිස්ත‍්‍රික් කාර්යාලයට කිසියම් පිරිසක් ගිනි තැබීමට උත්සහ කර තිබෙනවා. සුදු පැහැති වෑන් රථයකින් අද (ජන 10)අළුයම පැමිණි පිරිසක් එලෙස කාර්යාලයට ගිනි තැබීමට උත්සහ කළ බවයි කරු ජයසූරිය මහතාගේ ලේකම් තුසිත කුමාර මහතා පවසන්නේ. ඔවුන් විසින් කාර්යාලයේ ගේට්ටුව කඩා බිඳ දමා ඊට ඇතුළු වීමට උත්සහ කළ බව ද තුසිත කුමාර මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් ගම්පහ පොලිසියට පැමිණිලි කළ බවයි වැඩි දුරටත් ප‍්‍රකාශ කෙරුණේ.


කැළණියේ සභාපතිට එරෙහිව ඇමති ම්ර්වින්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

කැලණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්තී‍්‍රවරුන්ගේ දූෂිත ගනුදෙනු කිහිපයක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවට පැමිණිලි කිරීමට අමාත්‍ය මර්වින් සිල්වා මහතා තීරණය කර තිබෙනවා. අමාත්‍යවරයාගේ නිතීඥවරුන් අද (ජන 10) සවස එම කොමිසන් සභාවේ පෙනී සිටින බවයි THE TRUTH වෙත වාර්තා වුණේ. කැලණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්තී‍්‍රවරුන්ගේ දූෂිත ගණුදෙනු සම්බන්ධයෙන් සාක්ෂි සමහරක් ඔවුන් විසින් කොමිසන් සභාවට භාරදෙනු ඇතැයිද THE TRUTH වෙත වාර්තා වුණා.
මේ අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයන්ගෙන් සමන්විත ති‍්‍රපුද්ගල කමිටුවක් විසින් අමාත්‍ය මර්වින් සිල්වා මහතාගෙන් අද ප‍්‍රකාශයක් ලබා ගැනීමට නියමිතයි. එම ති‍්‍රපුද්ගල කමිටුව විසින් කැලණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්තී‍්‍රවරුන්ගෙන්ද ප‍්‍රකාශ ලබා ගත්තා. 


ඇමති මර්වින්ට තාම මද කිපිලා නෑලු.........


දක්ෂිණ ලංකා භික්ෂු සංවිධානය නියෝජිතයින් අද මහජන සම්බන්ධතා අමාත්‍යාංශයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණිග

එහිදී අමාත්‍ය මර්වින් සිල්වා  මෙසේ අදහස් පළ කළේය.


"මේක දාන්න දැන් කුමන්ත්‍රණය එළිපිට ආරංචිනේ සරත් ෆොන්සේකා කියනවා. ඔය ගොල්ලන්ගේ දාපු වොයිස් කට් එකට පස්සේ මොකක් ද කිව්වේ සරත් ෆොන්සේකා දිට්ටඨ ධම්ම වේදනීය කර්මය ඔය රොඩු ගැමුණු උන් කියුපු එකම කිව්වා. සාකච්ඡා කරලා මම කැලණියේ ප්‍රාදේශීය සභාවට මගේ ප්‍රණාමය පුද කරනවා. කියලා කවුද කියන්නේ දේශද්‍රෝහි සරත් ෆොන්‍සේකා ජාතිද්‍රෝහි සරත් ‍ෆොන්සේකා ජනාධිපතිතුමා ඇතුළු පවුලේ උදවිය මරන්න හෝටලේ පැලෑන් කරපු සරත් ෆොක්සේකාල ඉතින් මේවා ඔයගොල්ලෝ දාන්නේ නැනේ දැන් කුමන්ත්‍රණය පේනවානේ මේක කොහෙද තියෙන්නේ කියලා දැන් උගේ යුනිෆෝම් එක කොහද තියෙන්නේ  මර්වින් සිල්වා උගේ යුනි‍ෆෝම් එක තියෙද්දී බැනපු  එකෙක් මර්වින් සිල්වා උගේ යුනිෆෝම් එක තියෙද්දී කැලණියට ආපු වෙලාවේ යුනිෆෝම් එක තියෙද්දී කැලණියට ආපු වෙලාවේ යුනිෆෝම් එකෙන් එළවත්ත එකෙක් මර්වින් සිල්වා මම තාම නැගිට්ටේ නැහැග හමුදා යුනිෆෝම් එක තියෙද්දි ඉතින් මොකට ද  මම බය බය නැ තාම මට මද කිපුනේ නැහැ"


 කැනඩාවෙත් කොටි මුද්දර

කැනඩාවේ තැපැල් සේවය විසින් එල්. ටී. ටී. ඊ සංවිධානයේ සිතියමක් සහිත මුද්දරයක් නිකුත් කර තිබෙනවා. කැනඩාවේ කොටි හිතවාදී සංවිධානයක් විසින් කළ ඉල්ලීමකට අනුවයි මෙම මුද්දරය නිකුත් කර ඇත්තේ. වෙනම රාජ්‍යයක් බිහිකිරීම සඳහා එල්. ටී. ටී. ඊ. සංවිධානය අත්පත් කරගැනීමට උත්සාහ කළ ප‍්‍රදේශයඑහි ඇතුලත් සිතියමෙන් නිරූපනය වනවා. එම මුද්දරයේ වම් පස පහළ කොටසේ සමූල ඝාතනය අපට මතකයි’’ යනුවෙන් වදනක් ද සටහන් කර තිබෙනවා.

සිරිකොතල සජිත්ගේ කාමරයට දොරගුළු

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරය  තුළ පක්ෂයේ නියෝජ්‍ය නායකයාට වෙන් කර තිබූ නිල කාමරය ඊ‍යේ (ජන.05) සිට වසා දමා තිබෙනවා. එම කාමරය හිමිවිය යුතුව තිබුණේ සජිත් ප්‍රේමදාස මහතාටයි.

මේ අතර හෙට (ජන.06) මාතලේදී පැවැත්වීමට නියමිත රැස්වීම කිසිදු හේතුවක් මත නතර නොකරන බව ද ඔහු පවසයිග




දුමින්දයි භාරතයි පැත්තං මාරු කරංලු

ආණ්ඩුවේ ක‍්‍රියාකාරකම් නිසා නීතිය පිළිබද විශ්වාසය ද පළුදු වී ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසනවාග පාර්ලිමේන්තු මන්ත‍්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසුවේ තංගල්ලේ සංචාරක හෝටලයක දී බි‍්‍රතාන්‍ය ජාතිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද යුක්තිය ඉටුවෙතැයි අපේක්ෂා කළ නොහැකි බවයි. 


උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය ද ප‍්‍රශ්නකාරී බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ද්‍රෝහියා කවුද ?

එක්සත් ජාතික පක්‍ෂයට ද්‍රෝහීකම් කරන්නන් හදුනාගන්නැයි රනිල් වික‍්‍රමසිංහ මහතා සිය පාක්‍ෂිකයින්ගෙන් ඉල්ලීමක් කරනවා. වික‍්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ ආණ්ඩුව පෙරළා දැමීම අරමුණු කර ගනිමින් සිය පක්‍ෂය නව ගමනක් ආරම්භ කර ඇති බවයි. සිරිකොත මන්දිරයට පහර දුන්නේ සහ එලෙස පහර දුන් පිරිස ආරක්ෂාකරන්නේ ද්‍රෝහීන් බව වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා. ඒ පහරදීමෙන් හානි වූ සිරිකොත මන්දිරය ප‍්‍රතිසංස්කරණය සදහා ලක් වනිතා පෙරමුණ විසින් රුපියල් ලක්‍ෂයකට වැඩි මුදල් පරිත්‍යාගය කිරීම වෙනුවෙන් ඊයේ (ජන 04) පැවැත්වූ උත්සවයකදීයි.. 

රනිල්ගේ සහ චන්ද්‍රිකාගේ හොර ගිවිසුමක්

විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය අතර රහසිගත එකඟතාවක් විකිලීක්ස් වෙබ් අඩවියෙන් අනාවරණ කෙරුණා. ඒ ශී‍්‍ර ලංකාවේ හිටපු අමෙරිකානු තානාපතිවරයෙකු වන ජෙෆ්රි ජේ ලන්ස්ටීඞ් මහතා විසින් සකස් කරන ලද කේබල් පණිවුඩයක් උපුටා දක්වමින්. 2005 වසරේ නොවැම්බර් මස 17 වැනිදා ලියන ලද එම කේබල් පණිවුඩයෙන් ඊට පෙරදින පැවැති රාති‍්‍ර භෝජනයකදී සිදුවූ දෑ විස්තර කර තිබෙනවා. ජනාධිපති ධුරයෙන් විශ‍්‍රාම ගැනීමට පෙර චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය විසින් ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ති‍්‍රකයන් වෙනුවෙන් පිරිනැමූ අවසන් රාති‍්‍ර භෝජනය එයයි. ජනාධිපතිවරණය නොවැම්බර් මස 17 වැනිදා පැවැත්වුණා. රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන් ජයග‍්‍රහණය කළහොත් තවත් දින 6ක් යනතුරු ජනාධිපති ධුරයේ දිවුරුම් නොදීමට එකඟවී සිටි බවයි චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය එහිදී ප‍්‍රකාශ කර ඇත්තේ. හමුදාව විසින් ඇයට සමුදීමේ ආචාර පෙළපාලියක් පැවැත්වීමටද එකඟතාවක් ඇතිකර ගත් බව ඇය ප‍්‍රකාශ කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා ජයග‍්‍රහණය කළහොත් වසර 11ක් තිස්සේ තමන් විසින් ආරම්භ කරන ලද සියලූ දේ ඔහු විසින් විනාශ කරනු ඇතැයි සැක සිතන බවයි ඇය වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබෙන්නේ.


දොස්තර ජයලත්ට ටිරාන්ගෙන් ටොක්කක්

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමට විපක්ෂයේ ඇතැම් නියෝජිතයන්ද බාධා කරන බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ටිරාන් අලස් මහතා පවසනවා. සරත් ෆොන්සේකා මහතා නිදහස් වුවහොත් ඔවුන්ට හිමි මහජන බලය දෙදරා යනු ඇතැයි සැක කිරීම ඊට හේතුව බවයි ටිරාන් අලස් මහතා පෙන්වා දෙන්නේ. සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමට මාස කිහිපයක් තිස්සේ ජනාධිපතිවරයා සමග සාකච්ඡුා කරමින් සිටින බව එ් මහතා මීට පෙර ප‍්‍රකාශ කළා. එහෙත් එවැනි සාකච්ඡුා ඵලදායී නොවන්නේ යැයි ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර දොස්තර ජයලත් ජයවර්ධන මහතාට ප‍්‍රකාශ කළ බවයි පුවත්පතක වාර්තා කර තිබුණේ. එවැනි සාකච්ඡුාවක් කළ යුත්තේ සරත් ෆොන්සේකා මහතාගේ පවුලේ සාමාජිකයන් බවද එහි දක්වා තිබුණා. 
THE TRUTH ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ටිරාන් අලස් මහතා පැවසුවේ ජනාධිපතිවරයා සමග දැනට කරන සාකච්ඡා සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතාගේ පවුලේ සාමාජිකයන් දැනුවත්ව සිටින බවයි. සාකච්ඡා කළ යුත්තේ සරත් ෆොන්සේකා මහතාගේ පවුලේ සාමාජිකයන්ම බව ජනාධිපතිවරයා කිසිදු අවස්ථාවක තමන් වෙත ප‍්‍රකාශ නොකළ බවද ටිරාන් අලස් මහතා පවසනවා.

ෆොන්සේකා නිදහස් කර ගැනීමට රාජපක්ෂත් අත්සන් කලා ද ?

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් අමෙරිකාවේ ධවල මන්දිරයට භාර දුන් පෙත්සමේ නිර්වද්‍යතාව සම්බන්ධයෙන්   සැක පළව තිබෙනවා. සති 02 ක් වැනි කෙටි කලක් තුළ දී පුද්ගලයින් 25,638 දෙනකු අන්තර් ජාලය ඔස්සේ ඊට අත්සන් තැබු බවයි සරත් ෆොන්සේකා මහතාට සමීප ආරංචි ප‍්‍රකාශ කළේ. එලෙස අත්සන් තැබුවන් අතර මහින්ද රාජපක්‍ෂ නමින් 05 දෙනකු ද ශිරන්ති රාජපක්‍ෂ නමින් 05 දෙනකු සහ ගෝඨාභය රාජපක්‍ෂ නමින් දෙදෙනකු ද වන බව කලම්බු ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවිය පවසනවා. බැසිල් රාජපක්‍ෂ නමින් දෙදෙනකු, නාමල් රාජපක්‍ෂ නමින් දෙදෙනකු සහ යෝෂිත රාජපක්‍ෂ නමින් දෙදෙනකු ද අත්සන් තැබුවන් අතර වන බවයි සඳහන් වන්නේ. රෝහිත රාජපක්‍ෂ, ශෂේන්ද්‍ර රාජපක්‍ෂ සහ චමල් රාජපක්‍ෂ ලෙස ද ඊට අත්සන් තබා ඇතැයි කලම්බු ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවිය පවසනවා. මර්වින් සිල්වා නමින් අත්සන් දෙකක් සහ විමල් වීරවංශ නමින් අත්සන් දෙකක් ද ඊට ඇතුලත්. මහින්ද යාපා අබේවර්ධන, ලක්‍ෂමන් යාපා අබේවර්ධන, මනූෂ නානායක්කාර, මහින්දානන්ද අලූත්ගමගේ, සනත් ජයසූරිය, අනුරුද්ධ රත්වත්තේ, ෆෙඞ්රිකා ජෑන්ස් සහ ලක්‍ෂමන් හුළුගල්ලේ යන නම්වලින් ද ඊට අත්සන් තබා තිබෙනවා. තිලකරත්න ඩිල්ෂාන්, මහේල ජයවර්ධන, රොෂාන් මහානාම, රංජන් මඩුගල්ල, මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, මාවන් අතපත්තු, චාමර සිල්වා සහ උපුල් තරංග යන නම්වලින් ද ඊට අත්සන් තබා ඇති බවයි කලම්බු ටෙලිග‍්‍රාෆ්ට් වෙබ් අඩවිය පවසන්නේ්. 
චාමර කපුගෙදර, තිලිණ කණ්ඩම්බි, උපුල් තරංග, ඇන්ජලෝ මැතිව්ස් සහ ළහිරු තිරිමාන්න යන නම්වලින් ද ඊට අත්සන් තබා ඇතැයි කලම්බු ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවිය පවසනවා. එහෙත් එම අත්සන් සත්‍ය ඒවාදැයි විශ්වාස කිරීම අපහසු බවයි පෙන්වා දී ඇත්තේ.  පෙත්සමේ නිර්වiතාව සම්බන්ධයෙන් සැක පලව ඇත්තේ ඒ නිසායි. 
THE TRUTH ඒ සම්බන්ධයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතාගෙන් විමසීමක් කළා. ඒ මහතා පැවසුවේ අත්සන් තැබුවන්ගේ විද්්‍යුත් ලිපිනයන් සහ ජාතික හැඳුනුම්පත් අංක ද පෙත්සමට ඇතුලත් කර ඇති බවයි. අත්සන් සම්බන්ධයෙන් සැක පවතී නම් එම තොරතුරු මගින් නිර්වiතාව පරික්‍ෂා කළ හැකි බව ප‍්‍රකාශ කෙරුණා


ෆොන්සේකා වෙනුවෙන් ධවල මන්දිරයට

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් වූ පෙත්සමක් අමෙරිකාවේ ධවල මන්දිරය වෙත භාරදී තිබෙනවා. සරත් ෆොන්සේකා මහතාට සමීප ආරංචි මාර්ග අනාවරණ කළේ ඊට පුද්ගලයන් විසිපන්දහස් 638 දෙනෙකු අත්සන් තබා ඇති බවයි. අන්තර්ජාලය ඔස්සේ මෙම පෙත්සමට අත්සන් ලබා ගැනීම සිදු කෙරුණා. සති දෙකක් වැනි කෙටි කාලයක් තුළදී එම අත්සන් ලබා ගැනීම සිදු කෙරුණු බවයි එම ආරංචි මාර්ග අනාවරණ කළේ. 


රනිල් පාවාදෙන්නන්ගේ ලයිස්තුවක් හදයි

පක්ෂ විනය උල්ලංගණය කරන්නන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. සිය සිංගප්පූරු සංචාරය නිමවා රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (ජන 02) දිවයිනට පැමිණියා. ඉන් අනතුරුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිපදෙනෙකු සමග වික‍්‍රමසිංහ මහතා ඊයේ රාති‍්‍රයේ විශේෂ සාකච්ඡුාවක් පැවැත් වූ බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ. පක්ෂයේ ඇතැම් මන්තී‍්‍රවරුන් කරනු ලබන ප‍්‍රකාශ සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡ්ඡා කර තිබෙනවා. හෙට පැවැත්වෙන පක්ෂ උපදේශක කමිටුවේදීද ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමටයි වික‍්‍රමසිංහ මහතා තීරණය කර තිබෙන්නේ. පක්ෂයේ විනය සහ  සමගියට බාධා වන අයුරින් කටයුතු කරන මන්තී‍්‍රවරුන්ගේ නාමලේඛනයක් සකස් කරන ලෙසට වික‍්‍රමසිංහ මහතා මහලේකම් තිස්ස අත්තනායනක මහතාට මෙහිදී උපදෙස් ලබාදී තිබෙනවා. ඊට අමතරව පක්ෂ ව්‍යවස්ථාවට ගෙන ආ යුතු සංශෝධන කිහිපයක් සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව ඇති බව සඳහන්. ඒ සම්බන්ධයෙන්ද හෙට පැවැත්වෙන උපදේශක කමිටුවේදී අවධානය යොමු කිරීමටයි රනිල් වික‍්‍රමසිංහ මහතා තීරණය කර ඇත්තේ.


පස්ස ගහන්නේ ඇයි? සෝමවංශ පිළ කැරළිකරුවන්ගෙන් අසයි.

තමන් විසින් නිවැරදි යැයි කියන මතය ජනතා විමුක්ති පෙරමුණේ බහුතර පිළිගැනීම දැයි මහා සමුළුවක දී උරගා බැලීමට මැලිවන්නේ මන්දැයි එම පෙරමුණ කැරළිකාර පාර්ශවයෙන් ප‍්‍රශ්ණ කරනවා. ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කොළඹ අද පැවැත් වූ මාධ්‍ය හමුවක දී පැවසුවේ මහා සමුළුවක් පැවැත්විය යුතුයැයි මුලින්ම යෝජනා කළේ ද කැරළිකාර පාර්ශවය බවයි. එසේ තිබියදීත් දැන් ඊට එරෙහි වන්නේත් එය වළක්වාලීමට අධිකරණයේ සරණ පතන්නේ මන්දැයි ඔහු ප‍්‍රශ්ණ කළා.
ජනතා විමුක්ති පෙරමුණේ මහා සමුළුව මුලින් සැළසුම් කළ පරිදිම තිස්සමහාරාම දෙබරවැව මහජන ක‍්‍රිඩාංගණයේ දී අනිද්දා පැවැත්වෙන බව ද අවධාරනය කෙරුණා. 


දයාසිරි වෙනුවෙන්

අප‍්‍රසාදයට ලක් වනවා. එහි සභාපති අරුණ දහනායක මහතා පවසන්නේ දයාසිරි ජයසේකර මහතා මහජන අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින නිර්භය පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙකු බවයි. ඒ මහතා ආණ්ඩුවට පමණක් නොව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට ද හිසරදයක් වී ඇතැයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා. 


ගේ‍්‍රරුට අධිකරණයේ පිහිට

පාර්ලිමේන්තු මන්තී‍්‍ර මොහාන් ලාල් ගේ‍්‍රරු මහතාගේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය අහෝසි කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරුණා. එ් කොළඹ දිසා අධිකරණයේ  ප‍්‍රධාන විනිසුරු රංජිත් එන්. වතුපොළ මහතා විසින්. ගේ‍්‍රරු මහතා සම්බන්ධයෙන් විනය පරීක්ෂණ පැවැත්වීමද එක්සත් ජාතික පක්ෂයට තහනම් කෙරෙන බව අතුරු තහනම් නියෝගයේ සඳහන් වනවා. එම නියෝගය නිකුත් කෙරුණේ මොහොන් ලාල් ගේ‍්‍රරු මහතා විසින් කරන ලද පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමින්. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ සහ මහලේකම් තිස්ස අත්තනායක යන මහත්වරුන් එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටිනවා. 

ජවිපෙ කැරළිකරුවන් අධිකරණයෙනුත් කුණු කූඩයට

තිස්සමහරාම දෙබරවැව මහජන කී‍්‍රඩාංගණයේදී අනිද්දා පැවැත්වීමට නියමිත ජනතා විමුක්ති පෙරමුණේ මහා සමුළුව වාරණය කරන්නැයි කෙරුණු ඉල්ලීමක් කොළඹ දිසා අධිකරණය අද ප‍්‍රතික්‍ෂේප කළා. එම ඉල්ලීම කෙරුණේ ජනතා විමුක්ති පෙරමුණේ කැරළිකාර පාර්ශ්වය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ති‍්‍ර අජිත් කුමාර සහ ජී. කුලරත්න මහත්වරුන් විසින්. එය විභාගයට ගන්නා අද දින කොළඹ දිසා අධිකරණයේ පෙනී සිටින්නැයි ජනතා විමුක්තිි පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා ඇතුළු විසි දෙදෙනෙකුට නියෝග කර තිබුණා. එහෙත් ඔවුගෙන් කිසිවෙකු අධිකරණයට පැමිණ සිටියේ නැහැ. ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් අධිකරණය හමුවේ කරුණු දැක්වුවා. 
මේ අතර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට සාමාජිකයන් 226 දෙනෙකු අලූතින් බඳවාගෙන ඇති බවයි. එම බඳවා ගැනීම් නායකත්වය විසින් අත්තනෝමතිකව සිදුකර ඇතැයිද චෝදනා කෙරුණා. අනිද්දාට නියමිත මහ සමුළුව සංවිධාන කෙරෙන්නේ ඔවුන් යොදා ගනිමින් බවටයි වැඩිදුරටත් චෝදනා කෙරුණේ.


දෙමළ සන්ධානයෙන් හමුදාවට මල් මිටක්.


සාම්පූර්හි වෙසෙන අවතැන් ජනතාව වෙනුවෙන් යුද හමුදාව ඉටු කරනු ලබන මෙහෙය අගය කරන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. සම්බන්ධන් මහතා ප‍්‍රකාශ කළේ සන්තෝෂපුරම් සිදනවේලි ප‍්‍රදේශයේ ඉදිකරන නව නිවාස ව්‍යාපෘතිය අවතැන් ජනතාවට මහත් වූ සහනයක් බවයි. සාම්පූර් විශේෂ ආර්ථික කලාපයේ සංචාරයකට එක්වෙමින් සම්බන්ධන් මහතා මේ බව ප‍්‍රකාශ කළා. මන්තී‍්‍රවරයා එහිදී පෙන්වා දුන්නේ යුද්ධය හේතුවෙන් උතුරේ ජනතාව මහත් පීඩාවට පත් වූ බවයි. ඔවුන්ගේ ජන ජීවිත යළි යථා තත්වයට පත් කිරීමට යුද හමුදාව මහත් පරිශ‍්‍රමයක් දරමින් සිටිනවා. ජාතීන් අතර සමගිය ඇතිකිරීමට එය රුකුලක් වනු ඇති බවයි ආර්. සම්බන්ධන් මහතා එහිදී ප‍්‍රකාශ කළේ.


රනිල්ගෙන් ඔත්තු සේවයක්

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට එරෙහිව කි‍්‍රයා කරන්නන් සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටීමට නිල නොලත් ඔත්තු සේවාවක් ආරම්භ කර තිබෙනවා. රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් එම ඔත්තු සේවාව ආරම්භ කර ඇති බවයි නෙත් ඬේ ටයිම් නිවුස් වෙත වාර්තා වූණේ. ඔත්තුකරුවන් මැතිවරණ කොට්ඨාස මට්ටමින් සේවයට යොදවා සිටිනවා. පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල සභිකයන්ගේ කි‍්‍රයාකාරකම් පිළිබඳ විමසිල්ලෙන් සිටීම ඔවුන්ට පවරා ඇති ප‍්‍රමුඛ කාර්යයි. 


ජවිපෙ නායකයාට නොතීසි

ජනතා විමුක්ති පෙරමුණ විසින් එලැබෙන ජනවාරි පළමුවනදා පැවැත්වීමට නියමිත මහා සමුළුව අධිකරණයේ දී අභියෝගයට ලක්ව තිබෙනවා. එම සමුළුව වලක්වන්නැයි ඉල්ලමින් කුමාර් පාර්ශයේ දෙදෙනෙකු විසින් කොළඹ දිසා අධිකරණයේ ගොනු කර ඇති පෙත්සමක් ඊට හේතුවයි. ලබන 30 වනදා අධිකරණයේ පෙනී සිටින්නැයි එය විභාගයට ගත් දිසා අධිකරණයේ විනිසුරුවරයා ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා ඇතුළු 20 දෙනෙකුට අද දෙසැ. 27 නියෝග කළා. පෙක්සම්කරුවන් පෙන්වා දී ඇත්තේ යෝජිත මහා සමුළුව කැදවනු ලැබ ඇත්තේ නීති විරෝධීව බවයි.

විපක්ෂ නායකගේ නිල කටයුතු ගැන රනිල්ට ප්‍රශ්ණයක්

විපක්ෂ නායකවරයාගේ නිල කටයුතු සහ නිල නොවන කටයුතු මොනවාදැයි කතානායකවරයාගෙන් කරුණු විමසීමට රනිල් වික‍්‍රමසිංහ මහතා සූදානම් වනවා. පාර්ලිමේන්තුවේ කටයුතු ජනවාරි මස යළි ආරම්භ කිරීමෙන් පසු එම කරුණු විමසීම සිදුකරන බවයි රනිල් වික‍්‍රමසිංහ මහතා පවසන්නේ. කොළඹ ඉකුත් දා පැවත්වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මහතා කළ ප‍්‍රකාශයක් ඊට හේතු වී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට සහභාගී වීම විපක්ෂ නායකවරයාගේ නිල කටයුත්තක් නොවන බවයි දයාසිරි ජයසේකර මහතා එහි දී ප‍්‍රකාශ කලේ. එබැවින් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට සහභාගී වීම සදහා විපක්‍ෂ නායකවරයා රජයෙන් ලබාදී ඇති නිල රථයෙන් පැමිණීම විවේචනයට ලක්කෙරුණා. කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වුනේ පිටකෝට්ටේ සිරිකොත මන්දිරයේ දීයි. එහි දී කෙරුණු පහරදීමෙන් විපක්‍ෂ නායකවරයාගේ නිල රථයට රුපියල් ලක්‍ෂ 6 කට වැඩි අලාභයක් සිදුව තිබෙනවා.


සජිත් ගේ ගැටේ 

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රනිල් වික‍්‍රමසිංහ මහතාට යළි දිනා දීම සජිත් පේ‍්‍රමදාස මහතාගේ උපක‍්‍රමයක් බවට අදහස් පළ වනවා. නායකත්වය සඳහා වූ ඡුන්ද විමසීමේ ප‍්‍රතිඵලවලින් ඒ බව තහවුරු වන බවයි අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ.



කඩුවෙල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.


ජවිපෙ මහා සමුළුව කුමන්ත‍්‍රණයක් ?

ජනතා විමුක්ති පෙරමුණ විසින් කැඳවන ලද විශේෂ මහා සමුළුව නිලධාරීන් කිහිපදෙනෙකු විසින් බලය තවදුරටත් රඳවා ගැනීමේ කුමන්ත‍්‍රණයක් බව කුමාර් පාර්ශ්වය චෝදනා කරනවා. එම පාර්ශ්වය මීට පෙර දිගින් දිගටම පෙන්වා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මත ගැටුම් නිරාකරණය සඳහා විශේෂ මහා සමුළුවක් කැඳවිය යුතු බවයිx එහෙත් කැඳවා ඇති මහා සමුළුව ඊට පටහැනි එකක් බව එම පාර්ශ්වයේ මාධ්‍ය ප‍්‍රකාශක පුබුදු ජයගොඩ මහතා පවසනවා.


කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ විශේෂ මහා සමුළුව තිස්සමහාරාම දෙබරවැව මහජන කී‍්‍රඩාංගණයේදී ලබන ජනවාරි පළමුවැනිදා රැස්වන බව එම පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කළා.


ජවිපේ හදිසියේම මහ සමුළුවක් කැදවයි



විශේෂ මහා සමුළුවක් කැදවීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා. තිස්ස මහාරාම දෙබරවැව මහජන ක‍්‍රිඩාංගණයේ දී ලබන ජනවාරි 01 වනදා පස්වරු 02 ට එම මහා සමුළුව රැුස්වීමට නියමිතයි. ඊට හේතු දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා.




ඇමැති මාරුවේ නම් ලැයිස්තුව සැකසෙයි.


යෝජිත අමාත්‍ය මණ්ඩල සංශෝධනය ජනවාරි මස දෙවන සතියේදී සිදු කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙනවා. රජයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු පැවසුවේ ජනවාරි මස පැවැත්වෙන දෙවන කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳ අවසන් තීරණයක් ගනු ඇති බවයි. ප‍්‍රධාන අමාත්‍යංශ කිහිපයක අමාත්‍යවරුන් වෙනස් කිරීමටයි ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබෙන්නේ. ඊට අමතරව නියෝජ්‍ය අමාත්‍ය ධුර කිහිපයක්ද අලූතින් ඇති කිරීමටද අවධානය යොමුව තිබෙනවා. ඒ සඳහා නිශාන්ත මුතුහෙට්ටිගම, සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ , මනුෂ නානායක්කාර සහ හේමාල් ගුණසේකර යන මන්තී‍්‍රවරුන්ගේ නම් ඊට යෝජනා වී ඇති බව සඳහන්. ඊට අමතරව තවත් අධීක්ෂණ මන්තී‍්‍ර ධුර කිහිපයක් ලබාදීමටද ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී තිබෙනවා. නවක මන්තී‍්‍රවරුන් දැක් වූ කුසලතා අනුව ඒවා ලබාදීමටයි තීරණය වී තිබෙන්නේ. නමුත් මෙම සංශෝධන සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

බුලත් කොළය දැන් තුනකදී හපවෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි  පළාත් පාලන ආයතන 03 ක අයවැය දින 03 ක් තුළ  පරාජයට පත් වුණා. ඒ, මිහින්තලය හා සූරියවැව ප‍්‍රාදේශිය සභා සහ ඇඹිලිපිටිය නගර සභාවෙයි. මිහින්තලය ප‍්‍රාදේශිය සභාවේ අයවැය අද පරාජයට පත්වුණා. ඊට පක්‍ෂව එක් ඡුන්දයක් පමණක් ලැබී තිබුණා. ආණ්ඩු පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් 05 දෙනකු මිහින්තලය ප‍්‍රාදේශිය සභාව නියෝජනය කරනවා. පලාත් පාලන ආයතනවල අයවැය පරාජය කිරීමට කටයුතු කරන මන්ත‍්‍රීවරුන්ට එරෙහිව විනය කි‍්‍රයාමාර්ග ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානය මීට පෙර ප‍්‍රකාශ කළා. 

කරුගේ කාමරය සජිත් ඉල්ලයි.

කරු ජයසූරිය මහතා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වෙන්කර තිබූ කාර්යාලය තමන් වෙත භාර දෙන්නැයි සජිත් පේ‍්‍රමදාස මහතා විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව එම කාර්යාලය ලබන වසරේ සිට සජිත් පේ‍්‍රමදාස මහතාට භාර දෙන බවයි  ජෝන් අමරතුංග මහතා පැවසුවේ. එතෙක් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා වන්නේ කරු ජයසූරිය මහතා බැවින් කාර්යාලයද ඒ මහතාගේ භාරයේ පවතිනු ඇතැයි ජෝන් අමරතුංග මහතා පැවසුවා. කෙසේ වෙතත් එම කාර්යාලය ඊයේ සිට වසා දමා ඇති බවයි නෙත් ඬේ ටයිම් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු පවසන්නේ. කරු ජයසූරිය මහතාට අයත් ලිපිලේඛන ඉන් ඉවත්කර ගෙන තිබෙනවා.

කරූ පාර්ලිමේන්තුවෙදීත් පසුපෙළට ?

කරු ජයසූරිය මහතා වෙනුවෙන් තවදුරටත් පාර්ලිමේන්තුවේ ඉදිරි පෙළ අසුනක් වෙන් නොකරන්නැයි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ කරු ජයසූරිය මහතා දැන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා නොවීමයි. කරු ජයසූරිය මහතාට වඩා ජ්‍යෙෂ්ඨ මන්තී‍්‍රවරුන් පාර්ලිමේන්තුවේ පසුපෙළ ආසනවල සිටි බවද ඔවුන් පෙන්වා දී තිබෙනවා. කෙසේ වෙතත් රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කර ඇත්තේ මෙම වසර අවසන් වන තෙක් කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා වන බවයි. ඔහුට එම ධුරය අහිමි වන්නේ ලබන වසරේ සිට බවද රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කර තිබෙනවා. 

TNA ත් LTTE යට දෙවෙනි නෑ

දෙමළ ජාතික සන්ධානය ඇතැම් අවස්ථාවලදී කි‍්‍රයා කරන්නේ එල්.ටී.ටී.ඊයට සමානව බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා. එල්.ටී.ටී.ඊ යේ ලක්ෂණයක් වූයේ සාකච්ඡුාවලට පිවිස අතරමගදී දැඩි කොන්දේසි ඉදිරිපත් කරමින් ඉන් ඉවත්ව යාමයි. දෙමළ ජාතික සන්ධානයද ඊට සමානව කි‍්‍රයා කරන බව මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග ඊයේ පැවැති වූ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා පැවසුවා. ඊට හේතුව ලෙස පැහැදිලි කෙරුණේ එල්.ටී.ටී.ඊ. ය මෙන්ම දෙමළ ජාතික සන්ධානයද බෙදුම්වාදය විශ්වාස කරන බාහිර පාර්ශ්වයකින් මෙහෙයවනු ලැබීමයිx දෙමළ ජාතික සන්ධානයට තනිව තීරණයක් ගැනීමේ හැකියාව නොමැති බවද ජනාධිපතිවරයා පැවසුවා. සාකච්ඡා පැවැත්විය යුත්තේ තනිව තීරණයකට එළැඹිය හැකි පාර්ශ්වයක් සමගයි. එසේ නොමැති පාර්ශ්වයක් සමග සාකච්ඡා කිරීම ඵලදායී නොවන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. එබැවින් පවතින ගැටලූ සාකච්ඡා මගින් විසඳා ගැනීමට අවශ්‍ය නම් දෙමළ ජාතික සන්ධානය බාහිර පාර්ශ්වයන්ට අවශ්‍ය ලෙස කි‍්‍රයා කිරීමෙන් වෙන්ම ස්වාධීනව කි‍්‍රයා කිරීමට පටන් ගත යුතු බවයි අවධාරණය කෙරුණේ.

එජාප නායකත්ව සටනේ අන්තිම ප‍්‍රථිපලේ

එක්සත් ජාතික පක්ෂයේ නව නායකයන් තෝරා ගැනීමට අද (දෙසැ. 19) පැවැත්වූ ඡන්ද විමසීමේ ප‍්‍රථිපල මෙන්න.

නායකත්වය රනිල්ට.

රනිල් වික‍්‍රමසිංහ මහතා  - ඡන්ද 72 

කරු  ජයසූරිය මහතා - ඡන්ද 24



නියෝජ්‍ය නායක සජිත්.

සජිත් පෙ‍්‍රමදාස මහතා - ඡන්ද 50 

රවි කරුණානායක මහතා - ඡුන්ද 42 




ජාතික සංවිධායක දයා 

දයා ගමගේ මහතා - ඡුන්ද 56 
දයාසිරි ජයසේකර මහතා - ඡුන්ද 36.



මෙම ඡන්ද විමසීමෙන් පසු සිරිකොත මන්දිරය අවට නොසන්සුන්තා ඇතිවුණා. ක=පිත වූ පාක්ෂිකයන් සිරිකොත මන්දිරයට කඩා වැදී ගල්මුල් ප‍්‍රහාර එල්ල කළා.

රනිල් ගේ වාහනය කුඩු ?

සිරිකිකොත මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණ වලින් රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නිල රථයට ද හානි සිදුව තිබෙනවා. තවත් මන්ත‍්‍රීවරුන්ගේ වාහන වලටද හානි සිදුව තිබෙන බවයි එහි සිටින වාර්තාකරු පවසන්නේ.



එජාප නායක සටනේ ජය රනිල්ට

එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා යළි පත් වුණා. ඒ මීට නොබෝ වේලාවකට පෙර අවසන් වූ රහස් ඡුන්ද විමසීමක දීයී. කෘත්‍යධීකාරී මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ සමාජිකයන් එහිදී ඡුන්දය ප‍්‍රකාශ කළා.ksfhdacH kdhl;ajhg ið;a fma%uodi uy;dත් cd;sl ixúOdhl Oqrhg kef.kysr m<d;a iNd úmlAI kdhl ohd .uf.a uy;d m;a jqKd¡  fï w;r mlaI uQ,ia:dkhg we;=¿ jQ ck;dj uQ,ia;dkhg .,a m%ydr t,a, lrkjd¡ 

මන්ත‍්‍රී පාලිත කනේ පාරක්

අයවැය කාරක සභා විවාදය අවස්ථාවේ පාර්ලිමේන්තුව අද නොසන්සුන් වුණා. එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රිවරුන් සභාවෙන් පිටව ගිය බවත් එම පක්ෂයේ පාලිත රංගේ බණ්ඩාර මහතා පහරදීමකට ලක්ව ඇති බවත් THE TRUTH වෙත වාර්තා වුණා. පහරදීම සිදුකර ඇත්තේ ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරයෙක් විසින්. ඒ සම්බන්ධයෙන් කතානායකවරයාට පැමිණිලි කරන බව විපක්ෂය පවසනවා. විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා පැවසුවේ එම පහරදීම පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට පටහැනි වන  බවයි.

අග‍්‍රාමාත්‍යවරයා කතා කරමින් සිටි අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රිවරුන් සභාව හරහා ගමන් කළ බව ද ජෝන් අමරතුංග මහතා පවසනවා.

ෆොන්සේකාට ජනාධිපති සමාව ?

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට ජනාධිපති සමාව ලැබෙනු ඇතැයි පුවත්පත් කිහිපයක අද (දෙසැ.19)පළවූ වාර්තා සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දැක්වීමට නොහැකි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල ජයසේකර මහතා පැවසුවේ සරත් ෆොන්සේකා මහතාට සමාව ලබාදෙන්නේ දැයි ප‍්‍රකාශ කළ හැක්කේ හැක්කේ ජනාධිපතිවරයාටම පමණක් බවයි.
සරත් ෆොන්සේකා මහතා දෙවන යුද අධිකරණය විසින් පනවන ලද මාස 30 ක සිරදඩුවමකට සහ මහාධිකරණය විසින් පනවන ලද වසර 03 ක සිරදඩුවමකට ලක්ව සිටිනවා. ඒ මහතාට සමාව ලබාගැනීම සදහා මාස 02 ක් තිස්සේ ජනාධිපතිවරයා සම`ග සාකච්ඡුා කරන බවයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ  ටිරාන් අලස් මහතා ඊයේ (දෙසැ.18) ප‍්‍රකාශ කළේ. ලබන ජනවාරි 01 වනදා සරත් ෆොන්සේකා මහතාට ජනාධිපති සමාව ලැබෙනු ඇතැයි පුවත්පත් කිහිපයක් අද වාර්තාකර තිබුණා. 

එජාපයේ මහ පුටු පෙරලෙයි ද ?

2012 වර්ෂය සදහා එක්සත් ජාතික පක්ෂයේ නිළධාරී මණ්ඩලය තෝරා ගැනීම අද සිදුකෙරෙනවා. ඒ සදහා වන ඡන්ද විමසීම සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී මධ්‍යහ්න 12 ට පැවැත්වෙනු ඇති. එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයන්ට සහ ඊට ඇතුළත් නොවන එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන්ට ඡුන්ද බලය හිමිව තිබෙනවා. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයන් සංඛ්‍යාව 87 ක්. ඊට ඇතුළත් නොවන පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් 09 දෙනෙකු සිටිනවා.

කෙසේ වෙතත් සභාපති සහ උපනායකයා යන තනතුරුවලට  පුද්ගලයන් පත්කර ගැනුණේ ඡන්ද විමසීමකින් තොරව පොදු එකගතාවකින්. සභාපති ලෙස වත්මන් සභාපති ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතාත් උප නායකයා ලෙස ජෝශප් මයිකල් පෙරේරා මහතාත් එලෙස පත්කර ගැනුණා.

නායකත්වය සදහා රනිල් වික‍්‍රමසිංහ සහ කරූ ජයසූරිය යන මහත්වරුන් තරගවැ`ද සිටිනවා. නියෝජ්‍ය නායක ධුරය සදහා තරගවැද සිටින්නේ රවී කරුණානායක සහ සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන්. දයා ගමගේ සහ දයාසිරි ජයසේකර යන මහත්වරුන් ජාතික සංවිධායක ධුරයට තරගවැද සිටිනවා.

රනිල් වික‍්‍රමසිංහ මහතා 1994 වසරේ සිට එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරනවා. 1949 වසරේ මාර්තු මස 24 වනදා උපන් ඒ මහතා වෘත්තියෙන් නීතීඥවරයෙක්. ශ‍්‍රී ලංකාවේ ලාබාලතම අමාත්‍යවරයා ද වූ රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය සහ විපක්ෂ නායක යන ධුරයන් ද හොඹවා තිබෙනවා. ශ‍්‍රී ලංකාවේ වැඩිම කලක් විපක්ෂ නායක ධුරය හෙඹවූ පුද්ගලයා වන්නේ ද ඒ මහතායි.
කරූ ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නියෝජ්‍ය නායකවරයෙකු වනවා. 1940 වසරේ සැප්තැම්බර් 29 වනදා උපන් ඒ මහතා හමුදා නිළධාරියෙකු ලෙස වසර කිහිපයක් සේවය කළා. තානාපති සේවයේ ද යෙදී ඇති කරූ ජයසූරිය මහතා ව්‍යාපාරිකයෙකු ලෙස ද ප‍්‍රකටයි. 2000 වසරේ දී පළමුවරට පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

සජිත් පේ‍්‍රමදාස මහතා වෘත්තියෙන් සමාජ සේවකයෙක්. 1967 වසරේ ජනවාරි මස 12 වන දා උපන් ඒ මහතා තරුණ සවිය, ජන සුවය සහ සසුනට අරුණ වැනි වැඩසටහන්වල නිර්මාතෘවරයායි. මැතිවරණ කිහිපයක දීම වැඩිම මනාප ප‍්‍රතිශතයක් හිමිකරගත් අපේක්ෂකයා වූ සජිත් පේ‍්‍රමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නියෝජ්‍ය නායකවරයෙකු ද වනවා. 
රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ වත්මන් ජාතික සංවිධායකවරයායි. 1963 වසරේ ජනවාරි මස 19 වනදා උපන් ඒ මහතා හිටපු අමාත්‍යවරයෙකු වනවා.


දයාසිරි ජයසේකර මහතා උපත ලබා ඇත්තේ 1968 වසරේ ජුනි මස 12 වනදායි. වෘත්තියෙන් නීතිඥවරයෙකු වන ඒ මහතා 2004 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙකු ලෙස කටයුතු කරනවා.
දයා ගමගේ මහතා දයා සමූහ ව්‍යපාරයේ සභාපතිවරයායි. නැගෙනහිර පළාත් සභාවේ විපක්ෂ නායකවරයා ද වන ඒ මහතා වසර ගණනාවක් එක්සත් ජාතික පක්සයේ ක‍්‍රියාකාරීකයෙකු ලෙස කටයුතු කරනවා.





දුමින්දට නිවාඩු අනුමතයි.


එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා මහතාට මාස 3ක කාලයකට පාර්ලිමේන්තු රැුස්වීම් සඳහා සහභාගිවීමට අදාළ නිවාඩු යෝජනාවට පාර්ලිමේන්තුවේදී අද අනුමැතිය හිමි වුණා. අදාළ යෝජනාව ඉදිරිපත් කළේ සභානායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතායි. ඒ අනුව මේ මස 23 වැනිදා සිට මාස 3ක කාලයක් සඳහා දුමින්ද සිල්වා මහතාට නිවාඩු අනුමත කෙරුණා.  මීට පෙර මන්ත‍්‍රීවරයාගේ පවුලේ ඥාතීන් විසින් මාස හයක නිවාඩු ඉල්ලා කථානායකවරයා වෙත ලිපියක් එවා තිබුණා.




දැන් ඉතිං මොකද කියන්නේ.....



උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට අද (16)ඉදිරිපත් කෙරුණා. ඒ සභානායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින්. අමාත්‍යවරයා පැවසුවේ කොමිසම මගින් ඉදිරිපත් කර ඇති සියලූ නිර්දේශ රජය පිළිගන්නා බවයි. දේශපාලන පක්ෂ පොදු සතුරු ආකල්පයෙන් බැහැරව ජාතික ප‍්‍රශ්නවලදී පොදු එකඟතාවයේ තීරණ ගත යුතු බවට කොමිසම ඉදිරිපත් කර ඇති නිර්දේශයටද රජය එකඟ වන බව අමාත්‍යවරයා සඳහන් කළා. මතභේදයට තුඩු දී ඇති වීඩියෝ දර්ශනවල සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් සිදු කළ යුතු බවට කොමිසම නිර්දේශ කර තිබෙනවා. එලෙස ඉදිරිපත් කර ඇති සෑම කරුණක් සම්බන්ධයෙන්ම මතුවන සැකය දුරලීම සඳහා සත්‍ය හෙළිදරව් කරගැනීම රජයට අතිශයින්ම වැදගත් බව නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවා. එබැවින් වාර්තාවේ ඇති සිද්ධීන්ට අදාළව සත්‍ය තොරතුරු එක්රැස් කිරීමේ හා ඇගයීම සඳහා යාන්ත‍්‍රය සකස් කොට ඊට ශක්තිමත් විමර්ශන ව්‍යුහයක් සැකසිය යුතු බවද ඔහු අවධාරණය කළා. ඉඩම් ගැටලූ සම්බන්ධයෙන්ද කොමිසම නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.

විපක්ෂ නායක මම ම තමයි.



විපක්ෂ නායක ධුරය කිසිසේත් වෙනස් නොවන බව රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද අවධාරණය කළා. ඒ අණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කරන ලද ප‍්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින්. විපක්ෂ නායක ධුරය යනු අයවැයෙන්ද මුදල්ද වෙන්කර ඇති වැදගත් තනතුරක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා. එබැවින් විපක්ෂ නායක ධුරය ඉදිරි දින කිහිපයේදී වෙනස් වුවහොත් එමගින් අයවැයටද ඍජු බලපෑමක් සිදුවන බවයි අමාත්‍යවරයා පැවසුවේ. එවැන්නක් සිදු නොවන බවත්, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව සැක සංකා උපදවා ගැනීම අනවශ්‍ය බවත්, විපක්ෂ නායකවරයා පැවසුවා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum