ENTERTAINMENT




ගයේෂාගේ අළුත්ම අඩව්ව

2012 ආසියා පැසිපික් රූ රැජින තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ගයේෂා පෙරේරා සූදානම් වනවා. කොරියාව සහ ජපානය යන රටවල් හී දී එම තරගාවලිය පැවැත්වීමට නියමිතයි. සමාන්‍ය රූ රැජින තරගාවලියකින් තරමක් වෙනස් වන එම තරගාවලියේ දී  ගායන, රංගන හා නිරූපන ආදී වූ ක්ෂේත්‍ර කිහිපයකින් ඇගයීම් සිදුකෙරෙනවා.ජයග්‍රාහිකාවට කිරුළ පළදවන්නේ ඉකුත් තරගාවලියේ ජයග්‍රාහිකාව වූ ඩයනා ස්ටාකොවා විසින්.

මේ අතර ගයේෂා පෙරේරා මීට පෙර  2006 මිස් ඉන්ටනැෂනල් තරගාවලියද, 2009 මිස් ටුවරිසම් ක්වින් ඉන්ටනැෂනල් තරගාවලියද නියෝජනය කල අතර 2009 දී ඇය මිස් ටැලන්ට් කිරුළ හිමි කර ගැන්මට සමත් වූණා.






පබෝදාත් මගුල් කයි


ශෂි පබෝදා සන්දීපනීට මේ දවස්වල මගුල් සක්වලක්. ඇයි ඉතිං එකක් මදිවට මගුල්ම දෙකක් නේ. එකක් සූපර් සික්ස් චිත්‍රපටය. පබෝදා එම චිත්‍රපටයේ කරන රගපෑමට එහරි හරි ප්‍රතිචාර. ඒ අතර ඇය ඉකුත් දා විවාහ දිවියට එලැබියා. ඒ තමයි දෙවන මගුල. පබෝදාගේ අතගත් වාසනාවන්තයා සිදත්. දෙන්නගේ මගුල් තෙදර ඡායාරූප තමයි පහත දැක්වෙන්නේ.

















නර්මදාගේ ජය මගුල

ජනප්‍රිය නිවේදිකාවක් ද නිරූපිකාවක් ද වන නර්මදා ගොඩත් අයගේ ආදරය දිනූවෙක්. එත් ඇගේ ආදරය එක්කෙනෙක්ට විතරයිත ඔවුන් මීට දින කිහිපයකට පෙර අතිනත ගත්තා ඒ ‍සොදුරු දවසේ ඡායරූප එකතුවයි මේ.





































ඇන්ජලාගෙන් අළුත් පොතක්

තමන් මත් ජාවාරමට සම්බන්ධ බවට පළ වූ අසත්‍ය වාර්තාවලින් සිදුවු අසාධාරණය පියවා ගැනීමට නීතියේ සහන පතන බව රංගන ශිල්පිනී ඇන්ජලා සෙනෙවිරත්න මහත්මිය පවසනවා. පළමු පියවර නම් එම ජාවාරම සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ට ඇප ලබා නොදෙන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටීමයි. සිදුවූ අපහාසයට වන්දි ඉල්ලා නඩු පැවරීම දෙවන පියවර බව ඇන්ජලා සෙනෙවිරත්න මහත්මිය පවසනවා.
සිදුවු අපහාසය නිසා මානසිකව පීඩා විදින බවයි  ඒ මහත්මිය වැඩිදුරටත් පැවසුවේ. ඒ නිසා මවුබිම හැරයාමට තීරණය කළ බවද ඇය පවසනවා. දරුවන් සහ සෙසු හිතවතුන් ද සිටින්නේ විදෙස්ගතව බවයි ඇය පවසන්නේ. 
මේ අතර උක්ත අසත්‍ය වාර්තාවලින් සිදුවු අසාධාරණය විස්තර කරමින් ග‍්‍රන්ථයක් රචනා කරන බවද ඇන්ජලා සෙනෙවිරත්න මහත්මිය පවසනවා. වසර ගණනාවක් තමන්ට ආදරය කළ පේ‍්‍රක්ෂකයන් එවිට සත්‍ය තේරුම් ගනු ඇති බවටයි ඇය විශ්වාසය පළ කළේ. 




ශැගී ගේ රැගුම

ප්‍රකට හිපොප් සහ රෙගේ ගායකවයකු වන ශැගී සහභාගී වූ සංගීත පුසංගයක් පෙරේදා (අප්‍රේල් 28) කොළභදී පැවැත්වුණා. පහත දැක්වෙන්නේ එහි ඡායාරූප සමහරක්.





















ශැගී ලංකාවට ඇවිත්

ශැගී හෙවත් mr. Boombastic දැන් ශ්‍රී ලංකාවේ. ඔහු සහභාගීවන සංගීත ප්‍රසංගයක්  කොළඹ CR & FC ක්‍රිඩාංගණයේ දී අද (අප්‍රේල් 28) පැවැත්වීමට නියමිතයි.
ශැගී ප්‍රකට හිප්පොප් සහ රෙගේ ගායකයෙකු වනවා. ඔහුගේ ගීත කිහිපයක් මේ.





 පියුමිගේ අවුරුදු කුමාරයා

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සැමරීමටයි මේ දිනවල ශ්‍රී ලංකාවේම උනන්දුව. එත් අනිත් හැමෝටම වඩා පියුමි පුරසිංහට අවුරුද්ද ජයයි. පහුගිය දිනක (මාර්තු 24) ඇගේ විවාහ ගිවිසගැනීම සිදුවුණා. ඇගේ සහකරු වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකු වන රෙමී රාජ්ලාල්. ඔවුන්ගේ විවාහ උත්සවය ලබන වසරේ මාර්තු 24 දා සිදුකෙරෙනවා. 







  
ලහිරුගේ සාදය සැරසු නදීෂාගේ අපූරුව

ලහිරු මුදලිගේ යනු තරුණ පරපුරේ ජනප්‍රිය නිවේදකයෙක්. ඔහුගේ උපන්දින සාදය ඉකුත් දා පැවැත්වුණා. ඒ තවත් ජනප්‍රිය තරු කහිපයක ද සහභාගීත්වයෙන් ඒ අය අතරින් වැඩි දෙනෙක්ගේ ඇස නතර වුණේ නදීශා හේමමාලි ලග. ඡායරූප උපුටා ගත්තේ gossip9.com වෙබ් අඩවියෙන්.












චතුරිකාගෙයි රංජන්ගෙයි රහස් ඇසුරක් ?

චතුරිකා පිරිස්ගේ හා රොෂාන් පිලපිටියගේ ප්‍රේම කථාව දැන් රහසක් නෙමෙයි. ඒත් දෙන්නගේ විවාහය තාම සිදු නොවීම බොහෝ දෙනාගේ විමතියට කරැණක්. ඒ අතර දැන් කථා පැතිරෙන්නේ චතුරිකා සහ  රන්ජන් රාමනායක සමීප ඇසුරක වෙලී සිටින බවටයි. ඒත් ඒ කථා ඇත්ත නොවන බව චතුරිකා පවසනවා.

"මම කටකතා ගණන් ගන්නේ නැහැ. කටකතාවලට හේතු ඇති. නමුත් හේතු නැතිව කියන කටකතා තමයි වැඩිපුර තියෙන්නේ. රංජන් අයියා විතරක් නෙමෙයි මීට කළින් ධනංජය, සුරාජ්මාපා,රොෂාන් රවීන්ද්‍ර වගේ අයත් එක්කත් මාව පටලවලා කතා හැදුවා. මම ඕවට උත්තර දුන්නේ නෑ. මිනිස්සුන්ගේ කටවහල් වහන්න අපට බෑනේ. කටකතා ගොතලා පතුරුවලා කවුරු හරි තෘප්තියක් ලබනවනම් ඒකත් මට පිනක්." 

චතුරිකා වැඩිදුරටත් පවසනවා.

"දැන්මනම් මම විවාහ වෙන්නේ නෑ. මට තව ටික කාලයක් නිදහසේ ඉන්න ඕනේ. ගෙදර වැඩත් තවම ඉවර නෑ. ඉතිං රොෂානුයි මමයි තීරණය කළා මේ හැම ප‍්‍රශ්නයක්ම විසදගෙන තව ටික කාලයක් ඉඳලා විවාහ වෙන්න."

චතුරිකා එසේ ද පවසනවා.









හිමාලි යුග දිවියට

මේ අවුරුද්දේ දි ජනප‍්‍රිය තරු ගණනාවක් විවාහ ජීවිතයට එලැබුණා. රංගන ශිල්පිණියක වන හිමාලි සයුරංගිත් ඔවුන්ගෙන් කෙනෙක්. ඇගේ විවාහ උත්සවය කොළඹ සිනමන් ලේක් හෝටලයේදී ඊයේ (මාර්තු 1) පැවැත්වුණා.ඇ‍ගේ අතගත් වාසනාවන්තයා වුණේ අසංග. ඇඞ්ලෑන්ඞ් ඇඞ්වර්ටයිසින් නමැති වෙළෙඳ දැන්වීම් ආයතනයේ හිමි කරු ද ඔහුයි.මේ නව යුවල මධු සමය සදහා තෝරාගෙන ඇත්තේ එංගලන්තයයි. දෙදෙනා ඊයේ රාත්‍රියේම එරට බලා පිටත්ව ගිය බවයි THE TRUTH වෙත වාර්තා වුණේ. 












බොලිවුඩය ජයගැන්මට ග්‍රී ලංකාවෙන් තවත් සුරූපිණියක්


ඉන්දීය රංගන ශිල්පිනියන් ශ්‍රී ලංකවේ සිනමාවට පිවිසීම අළුත් දෙයක් නෙමෙයි. එත් ශ්‍රී ලංකාවේ රූ රැජිණක වූ ජැක්ලීන් ෆර්ඩිනැන්ඩ්ස් ඉන්දීය සිනමාවට පිවිසීම අළුත් දෙයක් වුණා. දැන් ශ්‍රී ලංකාවේ තවත් රූ රැජිණක් ඉන්දීය සිනමාවට පිවිසීමට සුදානම් වනවා. ඇය 2009 වසරේ දී දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගනිමින් එම වසරේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක රූ රැජිණ තරගාවලිය නියෝජනය කළ ගම්‍යා ප්‍රසාදිනී විජේදාසයි. එහිදී ඇය අවසන් තරගකාරිණියන් 25 දෙනා අතරට තේරීමට ද සමත්වූණා.

ගාම්‍යා උපත ලබා ඇත්තේ 1986 වසරේ දෙසැම්බර් මස 06 වන දායි. කොළඹ මියුසියස් විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලද ගාම්‍යා සිංගප්පූරුවේ දී සිය ද්විතීයික අධ්‍යාපනය ද ලැබුවා. ‍මනෝ විද්‍යාව පිළිබඳ පිළිබඳ උපාධිධාරිණියක් ද වන ඇය මේ වනවිට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද හදාරමින් සිටිනවා.

ඉන්දීය මාධ්‍ය පවසන්නේ ගාම්‍ය රංගනයට සූදානම් වන්නේ මනිෂ් මනික්පූරි අධ්‍යක්ෂණය කරන ,අලාප්, චිත්‍රපටයේයි. කෙසේවෙතත් ගාම්‍යා පෙනී සිටිනු ඇත්තේ මෙම චිත්‍රපටයේ ගීතයකට පමණයි. කණිකා ජෝශි හා බොනී චක්‍රබෝර්ති ගීතය ගායනා කරනවා. 










ඔස්කා හි අණසක පැතිරූ "දි ආර්ටිස්ට්"

ඔස්කාර් සම්මාන උළලේද හොදම චිත‍්‍රපටය ඇතුළු සම්මාන 05 ක් දැනාගැනීමට    ” දි ආර්ටිස්ට් ” සමත්  වුණා. නිහඩ කළු සුදු  චිත‍්‍රපටයක් වන එය ප‍්‍රංශ ජාතික මිෂෙල් හැසෙනවික්ස්ගේ අධ්‍යක්ෂනයක්. හොදම නළුවා ලෙස සම්මාන දිනා ගත්තේ එම චිත‍්‍රපටයේ එලපෑ ජීන් ඩුජර්ඩින්. ” ද අයන් ලේඩි ” චිත‍්‍රපටයේදී හිටපු බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරියක වන මාග‍්‍රට් ටැචර්ගේ චරිතය නිරූපණය කළ මෙරිල් ස්ටෙ‍්‍රප් හො`දම නිළිය ලෙස සම්මාන දිනා ගත්තා. හොදම විදේශීය චිත‍්‍රපටය ලෙස සම්මානයට පාත‍්‍ර වූයේ ඉරාන ජාතිකයෙකු වන අස්ගර් ෆර්හාඞ් අධ්‍යක්ෂණය කළ    ” අ සෙපරේෂන් ” චිත‍්‍රපටයයි. ඊයේ (පෙබ 26) රාත‍්‍රි අමෙරිකාවේදී සම්මාන උළෙල පැවැත්වුණා.  



පිරිමි වසග කිරීමට ඇදුම් අදින රුවන්ගි

රුවන්ගි රත්නායක මේ දවස්වල ජනප්‍රිය චරිතයක්. අහසින් වැටුණා ටෙලි නාට්‍යයේ නෙහාරාගේ චරිතය නිරෑපණය කරන ඇයි රූපවාහිනී වැඩසටහන් කිහිපයක නිවේදිකාව ද වනවා. සති අන්ත පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවක දී ඇය කිව්වේ හරිම අපූරු කථාවක්. ඇය ඇඳුම් අදින්නේ තරුණයන්ගේ ආකර්ශනය ගැනීමටලු. කෙසේවෙතත් එලෙස ආකර්ශනය ලබාගැනීමට අපේක්ෂා කරන විශේෂ කෙනෙක් නම් නෑලු. ඇදුමෙන් පැළදුමෙන් කෙනෙකුගේ හැදියාව මැනිය නොහැකි බවයි ඇගේ අදහස. 

මේ අතර රූපවාහිනී අවුරුදු කුමරිය වෙමින්කළා ක්ෂේත‍්‍රයට පිවිසි රුවන්ගි තවමත් විසිහතර වැනි වියේ පසුවන්නියක්.  ඇය මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ කුරුණෑගල ශූද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන්.

මෙන්න කොළඹ විලාසිතා

‘කලම්බු ෆැෂන් වීක්’ වාර්ෂිකව සංවිධාන කෙරෙන විලාසිතා දැක්මක්. එම විලාසිතා දැක්ම ඉකුත් 24 දා කොළඹදී ඇරඹුණා. ශ්‍රී ලංකාව, ඉන්දියාව. පකිස්තානය, පලස්තීනය, බංග්ලාදේශය හා එංගලන්තයේ නමගිය විලාසිතා නිර්මාණකරුවන් රැසක් ඊට එක් වුණා.
















කේටි ප‍්‍රයිස්ගේ නුපුරුදු සෙල්ලම

කේටි ප‍්‍රයිස් යනු විලාසිතා ලොවේ ප්‍රකට චරිතයක්. එහෙත් මීට දින කිහිපයකට පෙර ඇය නුහුරැ ක්‍රියාවක නිරත වුණා. ඒ බ‍්‍රයිටන් අර්ධ මැරතන් තරගාවලියට එක් වෙමින්. 

දෘශ්‍යාබාධ හා ඩිස්ලෙක්සියා වැළඳුනු ළමයින්ට ආධාර ලබාදෙන පුණ්‍යාතනයක් විසින් මෙම මැරතන් තරගය සංවිධාන කර තිබුණා. තරගය නිමා කිරීමට කේටි ප්‍රයිස් විසින් ගත කෙරුණු කාලය පැය දෙකකට වැඩියි.

 ඇය දිරිගැන්වීමට ඇගේ දරු දෙදෙනෙකු හා පෙම්වතා ද පැමිණ සිටියා.







මෙන්න සම් භාණ්ඩ


පාවහන් හා සම් භාණ්ඩ ප්‍රදර්ශණයක් ඉකුත් දිනවල කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේ දී පැවැත්වුණා. එහිදී සංවිධාන කර තිබූ මෝස්තර නිරූපන සංදර්ශණයේ අවස්ථා කිහිපයක් මේ





























ජයනිගෙන් කවුරුත්ම අහන්නේ නෑලු


ජයනි සේනානයක කියන්නේ ජනප‍්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පිනියක්. හැබැයි අනෙක් රංගන ශිල්පිනියන් වගේ නෙමෙයි ඇය, ඇගේ පෞද්ගලික තොරතුරු නම් කතා කරන්නේ හරිම අඩුවෙන්.ඒකට හේතුව අකමැත්ත හෝ වාරණයක් නෙමෙයිලු. කවුරුත් ඒ ගැන අහන්නේ නෑලු. ඒත් අපිනං ඇගෙන් ඒ ගැන ඇහුවා. ඊට පිළිතුරු දෙමින් ඇය කිව්වේ ඊයේ සතුටු හිතුණු දිනයක ්කියලා. ඒකට හේතු දෙකක් තියෙනවලු. එකක් තමයි ඊයේ ඇගේ උපන්දිනේ. අනෙක තමයි විදෙස්ගතව ඉන්න ඇගේ සැමියා, සංජය ඉලේපෙරුම උපන්දිනේ වෙනුවෙන් ඇයට විශේෂ තෑග්ගක් එව්වලු. 


විද්‍යාගේ නිරුවතට සම්මානයක්


ඉන්දීය ෆීල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී දක්ෂතම රංගන ශිල්පියා ලෙස රන්බීර් කපූර්ද, දක්ෂතම රංගන ශිල්පිනිය ලෙස විද්‍යා බාලන්ද සම්මාන දිනා ගත්තා. මුම්බායි නුවරදී ඉකුත් ඉරිදා රාති‍්‍ර  පැවැත් වූ සම්මාන උළෙළේදී හොඳම චිත‍්‍රපටය ලෙස සම්මාන දිනා ගත්තේ ‘‘සින්දගී නා මිලේන්ගි දෝබාරා’’ යි. 


ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ 57 වැනි වරටයි. 2011 වසරේදී ඉන්දියාවේ තිරගත වූ චිත‍්‍රපට සම්මාන සඳහා සලකා බැලූණා. දක්ෂතම රංගන ශිල්පියා ලෙස රන්බීර් කපූර් සම්මානයට පාත‍්‍ර වූයේ ‘‘රොක්ස්ටාර්’’ චිත‍්‍රපටයේ රඟපෑම වෙනුවෙන්. නිරුවත් කය වැඩි වශයෙන් ප‍්‍රදර්ශනය කළේයැයි මතභේදයට ලක් වූ ‘‘ඩර්ටි පික්චර්’’ චිත‍්‍රපටය වෙනුවෙන් විද්‍යා බාලන් දක්ෂතම රංගන ශිල්පිනිය ලෙස සම්මානය පාත‍්‍ර වුණා. 


මෙම සම්මාන උළෙලේදී දක්ෂතම රංගන ශිල්පියා ලෙස විචාරක සම්මානය දිනා ගත්තේද රන්බීර් කපූර්. දක්ෂතම රංගන ශිල්පිනිය ලෙස විචාරක සම්මානය සෙවන් කූන් මාෆ් චිත‍්‍රපටයේ රඟපෑ පි‍්‍රයංකා චොප්රාට හිමි වුණා. හොඳම චිත‍්‍රපටය ලෙස සම්මානයට පාත‍්‍ර වූ සින්දගී නා මිලේන්ගී දෝබාරා සෝයා අක්තාර්ගේ අධ්‍යක්ෂණයක්. දක්ෂතම අධ්‍යක්ෂණය සඳහා වූ සම්මානයද එම චිත‍්‍රපටයට හිමි වුණා. දක්ෂතම සහය නළුවා ලෙස සම්මානයට පාත‍්‍ර වූයේ එම චිත‍්‍රපටයේ රඟපෑ ෆර්හාන් අක්තාර්. නෝ වන් කිල්ඞ් ජෙසිකා චිත‍්‍රපටයේ රඟ පෑ රාණි මුඛර්ජි දක්ෂතම සහය නිළිය ලෙස සම්මාන දිනා ගත්තා. 
දක්ෂතම සංගීත අධ්‍යක්ෂණය, හොඳම ගී පද රචනා සහ දක්ෂතම පසුබිම් ගායනයට හිමි සම්මානය දිනා ගත්තේ රොක්ස්ටාර් චිත‍්‍රපටයයි. 


අන්තර්ජාතික සම්භාවනාවටද පාත‍්‍ර වී සිටින එ්.ආර්. රහුමාන් රොක්ස්ටාර් චිත‍්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා වනවා. සම්මානයට පාත‍්‍ර වූ ගී පද රචකයා වූයේ ඉර්ෂාඞ් කාමිල්. මෝහිත් චව්වාන් දක්ෂතම පසුබිම් ගායකයා වුණා.


දක්ෂතම පසුබිම් ගායිකාව ලෙස සම්මාන දිනා ගත්තේ සෙවන් කූන් මාෆ් චිත‍්‍රපටය වෙනුවෙන් රේඛා භාරද්වාජ් සහ ඌෂා උතුප්. 


මෙම සම්මාන උළෙලේදී දක්ෂතම නැගී එන නළුවා ලෙස් ෆෝර්ස් චිත‍්‍රපටයේ විiුත් ජමාල්ද , දක්ෂතම නැගී එන නිළිය ලෙස ලේඩිස් වර්සස් රිකී බායි චිත‍්‍රපටයේ පරිනීති චොප්රා සහ දක්ෂතම නැගී එන අධ්‍යක්ෂවරයා ලෙස දිල්ලි බෙල්ලි චිත‍්‍රපටය වෙනුවෙන් අබිනේ ඩියෝ ද සම්මාන දිනා ගත්තා.




ගයේෂාගේ පත්තර මෝස්තර


ගයේෂා පෙරේරා, ජනප්‍රිය රංගන ශිල්පිණියක් වගේම මොස්තර නිරෑපණු ශිල්පිණියක්. ඇය විසින් නිරූපණය කෙරුණු අපූරු ඇදුම් මෝස්තර කිහිපයක් THE TRUTH ‍වෙත හමු වුණා. පහත දැක්වෙන‍්නේ එවායෙන් සමහරක්.




















උරේෂාත් කූඩු වෙයි

ප්‍රකට ගායිකා උරේෂා රවිහාරි ඉක්මනින්ම යුග දිවියට එලැබෙන බව THE TRUTH ඉකුත් 17 වනදා හෙළ කළා. එය සැබෑවක් කරමින් ඇය ඊයේ (ජබ 27) රාත්‍රී විවාහ දිවියට එලැබියා. උත්සවය පැවැත්වුණේ කොළඹ ගෝල්ෆේස් හෝට‍ලයේදීයි.  එහිදී ලබාගත පහත ඡායාරෑප අප විසින් උපුටාගත්තේ gossiplankanews.com වෙබ් අඩවියෙන්. Comment එකක් දලා ඇයට සුබ පතන්න නැත්තම් හිතේ තියෙන දුක කියන්න ඔබටත් පුළුවන්.


























පූජා එක්ක විවාහයට ශ්‍රී ලාංකිකයෙකුට ආරාධනා


පූජා උමාශංකර්, ඇය ඉන්දීය රගංන ශිල්පිනියක් වුව ද දැං ශ්‍රි ලංකිකයෙකු තරමටම ශ්‍රී ලාංකාවට සමීප වෙලා. සිනමාවෙන් සමුගන්නා බව කියා තිබූ ඇය මේ දවස්වල ආයෙත් රිදී තිරයේ හැඩ වැඩ පානවා. ඒ කුස පබා චිත්‍රපටයේ දීයි. ඒ ගැනත් තවත් දේ ගැනත් ඇය සමග "දිවයින" ඉරිදා සංග්‍රහය කළ සංවාදයකින් කොටසක් මේ.

පබා කියන්නද පූජා කියන්නද.... මේ දවස්වල කැමති මොන නමටද ?
පබා තමයි ලස්සන........ හැම කෙනෙක්ම මේ දවස්වල මට කතා කරන්නේ පබා කියලා.  එයාර්පෝර්ට් එකෙන් ගොඩබහිද්දීත් ආ පබාවතී ඇවිල්ල කියලා ගොඩක් අය කිව්වා. පූජා සහ පබා කියන නම් දෙකටම කැමතියි.

පබාවතී ගැන පූජාට හිතෙන්නේ මොනවද ?
කෙනෙකුගේ පිටත ලස්සන විතරක් නොවේ හදවතත් ගතිගුණත් දැකිය යුතුයි. ඒත් පබාවතී කුසගේ දකින්නේ බාහිර පෙනුම විතරයි. බාහිර පෙනුම කෙටි කාලෙකදී නැතිවෙලා යනවා. අභ්‍යන්තර ලස්සන එහෙම නැහැ. මෙය පබාවතී තේරුම් ගන්නේ ප‍්‍රමාද වෙලා. පබාවතී හරිම මුරණ්ඩුයි.

පූජා ඇත්තම කියන්න කුසපබා ඔබේ අවසන් චිත‍්‍රපටයද ?
හම්මෝ මිලියන් ඩොලර් ප‍්‍රශ්නයක්... මම දන්නේ නෑ. මොනවද කියන්නේ කියලා. හුඟක් කතා කළොත් වරදක් වේවි. මට නම් මොකුත් කල්පනා වෙන්නේ නැහැ. හෙට මොනවද කරන්න කියලාවත් ඔලූවට  එන්නේ නෑ. හිතෙන්නම කුසබපා ගැන.

කුසපබා අවසන් චිත‍්‍රපටය කියලනේ ඔබ කිව්වේ?
එහෙම කිව්වා  තමයි. ඊට කලිනුත් එහෙම කිව්වා. මම ආයෙත රඟපාන්න නැති නිසා හොඳට කෑවා බිව්වා. ව්‍යායාම කළෙත් නැහැ. ඒ නිසා මහත් වුණා. දැන් අයෙත් ජිම් එකකට යන්න වෙනවා. දැන් මම මහතයි. රඟ නොපාන්නත් පුළුවන්. අප්පා  කැමති නෑ අයෙත් රඟපානවට.

දැන් කසාද බඳින්න කාලය අවිත්ලූ. 
හොඳ හොඳ යෝජනා ආවා. ඒ ඔක්කොම පිටරට අය. අප්පාගේ නෑයොත් ඒ අය අතර හිටියා. ඒ අය හදන්නේ බැඳලා පිටරට යන්න. කවදද එන්ගේජ් වෙන්නේ කියලා ඇහුවාම මම කිව්වා මම එන්නේ නැහැ පිටරට යන්න කියලා.

ඔහු ලාංකිකයෙක් නම් ?
ඉන්දියාවේ කෙනෙක් බැන්දොත් නම් රඟපාන්න දෙන එකක් නැහැ. මම හරිම සතුටුයි ශී‍්‍ර ලාංකිකකයෙකුට. ලංකාව මගේ ගෙදරනේ . මම බැංග්ලෝර්වල මගේ ගෙදරට යන්නේ ඒ ගේ ශුද්ධ කරලා එන්න විතරයි මම බැංග්ලෝර්වලට යන්නේ. මගේ පාස්පෝට් එක බලන්න. වැඩිපුරම ඇවිත් තියෙන්නේ ලංකාවට.

ඔබේ සැමියා වෙන්න නම් තිබිය යුතු සුදුසුකම් මොනවාද ?
එයා හිඟන්නෙක් වුණත් කමක් නැහැ. ඔහු මාව හොඳින් තේරුම්ගත යුතුයි.  ඕනෑවට වඩා නීති දාන්න බැහැ. තේරුම් ගැනීම විශ්වාසය සහ මා කෙරෙහි ගෞරවයක් ඔහුට තිබිය යුතුයි.  එතකොට තමයි ආදරයක් උපදින්නේ. මම රඟපාන්න ආසයි. සැමියා කැමති වුණොත් රඟපානවා. ඒත් ඒ ඉඳලා හිටලා. බිරිඳක් වූ පසු සැමියාගේ දරුවන්ගේත් කටයුතුවලට මුල්තැන දෙන්න  ඕනෑ. පවුල අංක එක.

ඔහු නළුවෙක් නම්.
නැහැ. මම නළුවන්ට කැමති නෑ. නළුවන්ට වැඩ අධිකයි. ෂුටිං කියලා මාස ගණන් පිටරට යයි. ගෙදර ඉන්න එකක් නැහැ. දෙන්නම රඟපානවා නම් ඉතිං හොඳයි. මට බෑ තනියම ඉන්න.

විවාහය මේ අවුරුද්දේ අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවද ?
මේ අවුරුද්දේ බඳින්න වෙනවා. අම්මා කියනවා මැයි මාසෙට පස්සේ හොඳ විවහා යෝගයක් තියෙනවලූ. බලමු කොහේ ඉඳලා එන කුස කෙනෙක්ද කියලා.




සිය ගණනකට පොල්ල තබා ශිහාන් ශිෂීගෙම වෙලා

බොහෝදෙනෙකුගේ, විශේෂයෙන්ම තරුණියන්ගේ සිහින කුමරා ද වන ශිහාන් මිහිරංග විවහා දිවියට එලැබියා. ශිහාන්ගේ අතගත් සුරූපිණියගේ නම ශෂි සිල්වා. වසර 9 ක් වූ ඔවුන්ගේ ආදර කථාව විවාහය ලෙස රාජාභිෂේක කෙරුණේ හැදල නායකකන්ද ශාන්ත මේරි දේවස්ථානයේදීයි. එහිදී ලබාගත් පහත ඡායාරූප උපුටාගත්තේ gossip9.com වෙබ් අඩවියෙන්.


























ශාරුක් ඛාන් ද "කොලවරි ඩී" ගයයි

ශාරුක් ඛාන් යනු අතිශය ජනප්‍රිය බොලිවුඩ් රංග ශිල්පියෙක්. Why this kolavery di (වයි දිස් කොලවරි ඩී) යනු මේ දවස් වල ලෝකෙම ජනප්‍රිය ගීත වලින් ඉදිරියෙන්ම තිබෙන්නක්. එම ගීතය විවධ භාෂ වලටත් වෙනත් පදමාලා වලටත් පරිවර්තනය වී තිබෙනවා. එහි අළුත්ම පරිවර්තනය ශාරුක් ඛාන්ගෙන්.NDTV සමග ඉකුත්දා පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ශරුක් ඛාන් Why this kolavery di (වයි දිස් කොලවරි ඩී)  ගීතය හරි අපූරුවට ගායනා කළා. සම්මුඛ සාකච්ඡාවට ප්‍රියංකා චොප්රාත් එක්ව සිටියා.



නළුවන් කිහිපදෙනෙක්ම ෂෙරිල්ට ආදරෙයි කියලා

ෂෙරිල් රොමේන් මේ දවස්වල හරි ජනප‍්‍රියයි. ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කෙරෙන  "අමා" ටෙලි නාට්‍යයේ ප‍්‍රධාන චරිතයක් රගන ඇය "රිවිර " සති අන්ත පුවත්පත සමග ඛළ සාකච්ඡාවකින් උපුටාගත් කොටසක් මේ.

  • විශ්ව කොඩිකාර,පුබුදු ගමගේ, රෝෂාන් රණවන යන නළුවන් කඩවසම්කම අනුව නම් කළොත්?
අංක එක රෝෂාන් රණවන.


  • වත්සලා දියලගොඩ,උපේක්ෂා ස්වර්ණමාලී,නෙහාරා පීරිස් රූමත්කම අනුව නම් කළොත්?
තුන්දෙනාම එකවගේ ලස්සනයි. 

  • මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස්, ජැක්සන් ඇන්තනී දක්ෂතාවය අනුව නම් කරන්න?
මේ තුන් දෙනාම දක්ෂ ප‍්‍රවීණයන්.ඒ නිසා එක්කෙනෙක්ව නම් කරන්න බැහැ. 

  • තිරයේදී මුණගැහුණ නළුවන්ට සැබෑ ජීවිතයේදී ආදරය ප‍්‍රකාශ කරලා තියෙනවද?

 කවදාවත් එහෙම වෙන්නේ නැහැ.නළුවන් නම් අනන්ත අප‍්‍රමාණ සංඛ්‍යාවක් මට ආදරය කරලා තියෙනවා. 

  • ජීවිතයේදී කීදෙනෙකුට ආදරය කරලා තියෙනවද?
      ඉස්කෝලේ යන කාලේ ආදර සම්බන්ධතා එකක් දෙකක් තිබුණා
  • ඔබේ පළමු පෙම්වතාගේ නම?
     ආදරය සුන්දර වරදකී. ඒ නිසා නම කියන්න කැමති නැහැ. 
  • ඔබ රූමත්ද?
      මම ලස්සන ඇති.  
  • පෙනුම රැකගන්න මාසයකට කොපමණ වියදම් කරනවද?
 සතපහක්වත් වියදම් කරන්නේ නැහැ.අඩුම තරමේ මම සැලෝන් එකකටත් යන්නේ නැහැ. 
  • ඔබ ගැන පැතිරුන නරකම කටකතාව?
 ජැක්සන් ඇන්තනීගේ පුතා අසේල එක්ක සම්බන්ධයක් තිබුණා කිවුව එක. ඒක මහා අමූලික බොරුවක්.
  • අඩ නිරුවතින් රගපාන්න ඇරයුම් ලැබුණොත්?
  කවදාවත් අඩ නිරුවතින් පෙනී ඉන්නේ නැහැ. මම සංවර ළමයෙක් නිසා.

  • ඔබට දෙවියන්ගෙන් වරමක් ලැබුණොත් ඔබ ඉල්ලන්නේ?
      මාව හැමදාටමත් නිරෝගීමත් පුද්ගලයෙක් කරන්න කියලා. 







අනර්කලී සමග විවාහයට රංජන් කැමැත්තෙන්


රංජන් රාමනායක ජනප‍්‍රිය නළුවෙක්. චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙක්. දැන් දේශපාලකයෙක්. රිවිර සති අන්ත පුවතපත සමග කළ සංවාදයකින් කොටසක් මේ.

ටීචර්ගේ නඩුවට මොකද වුණේ.
ඒක බොරු නඩුවක්. පැමිණිලිකාරිය දවස් 11කට රිමාන්ඞ් කළා. මට වෙච්ච අපහාසයට කෝටි 50ක වන්දියක් ඉල්ලා මම නඩුවක් දැම්මා. තවම නඩු හබ ඉවරයක් නැහැ.

ඇයි මේ හිට හිරේ ඇඳුම් අඳින්නේ.
ඒ කියන්නේ ඔයා මගේ දිහා හොඳ බලලා තියෙනවා නේද ?  උස මහත සිරුරට මම ආසයි. හිරට ඇඳුම් අඳින්නේ උස මහත පේන්න.

ඔය විදියට ඇඟ හදාගන්න කැමැති කෙනෙකුට උපදෙස් ටිකක් දෙන්න බැරිද ?
හොඳ පෝෂණවේදියෙකුගෙන් උපදෙස් අරගෙන ශරීරය හදාගන්න. පාන්, නූල්ඞ්ස් කට්ලට් අයින් කරලා හොඳ සිංහල කෑම කන්න. කෘති‍්‍රම කායවර්ධන බෙහෙත් පාවිච්චි කරන්න එපා. ඒවායේ අතුරු ආබාධ ප‍්‍රතිඵල වැඩියි. ඇඟට දැනෙන් ව්‍යායාම් කරන්න. ධාර්මික වෙන්න. කෙටි මාර්ග හොයන්න එපා. සොබාදහමට එකඟව කායවර්ධනය කරන ගන්න.

චිත‍්‍රපටවල රඟපාන වීරයා  චරිතය සැබෑ ජීවිතයේදීත් රඟපානවද ?
මරාගෙන මැරෙන මිනිහෙන් විදියට ඇත්ත ජීවිතයේදීත් මම බොහෝ තැන්වලට කඩා පැනලා තියෙනවා. ඒ අසාධාරණයට විරුද්ධව. ඒ නිසා පිළිතුරු ‘‘ඔව්’‘.

ඇත්තටම මොකද මේ වීරයෙක් වෙන්න දඟලන්නේ.
පුංචි කාලේ ඉඳන් චිත‍්‍රකතා පත්තර බැලූ නිසා මම වීරයන්ට ආසයි. දුෂ්ටයන්ට ආසම නැහැ.

තුවක්කුවෙන් වෙඩි තියන්න පුළුවන්ද ?
පුළුවන් 1996 දී මම අවි ආයුධ ගැන පුහුණුවක් ලබලා තියෙනවා.

දේශපාලනයට ආපු නිසා කලාකාරයෙක් විදියට හදාගත්තු නම කැතවුණා කියලා හිතෙන්නේ නැද්ද ?
නෑ. මම අඛන්ඩව ජනපි‍්‍රය නළුවා ලෙස සම්මාන ලබනවා. ජනතාවගේ නළුවා මමයි. මම දේශපාලනයට ආවේ විජය කුමාරතුංග මහත්තයාට තිබුණු ඥාතීත්වය නිසයි. විවිධ පක්ෂ මත දරන අය මා දිහා වෛරයෙන් බලන්න පුළුවන්. ප‍්‍රශ්නයක් නැහැ.

කැමතිම නිළිය කවුද ? 
එදත් අදත් රමණි බර්තොලමියුස්

ඇත්ත වයස කීයද ?
අහන්න එපා. තවමත් චිත‍්‍රපටවල ‘‘කොල්ලට’’ විකිණෙන නිසා වයස කියන්න බෑ.

මොකද තවම කසාදයක් හරිගියේ නැත්තේ ?
මම බැඳීම්වලට කැමති නෑ. නිදහසට ගරු කරන නිසා මම ඒ ගැන උනන්දුවක් නැහැ.

අනර්කලීගෙන් විවාහ යෝජනාවක් ලැබුණොත් පිළිගන්නවද ?
දුමින්දත් නැති නිසා සලකලා බලන්න පුළුවන්. හඳහන සමග ඉදිරිපත් වෙන්න කියන්න.








"සුපර් සික්ස්", ගීත වීඩියෝ එළියට

ශ්‍රී ලංකාවේ වැඩිම වියදමක් දරැ නිෂ්පාදන කරන චිත්‍රපටයයි. එහි ඇතුලත් ගීත වගේම ඒවයේ වීඩියෝද ඉකුත්දා එළිදැක්වුණා.









සිංහල සින්දු කියන ලාඕසයේ හැඩකාරී

ක්ලැරන්ස් විජේවර්ධන, මිල්ටන් මල්ලවාරච්චි සහ ඉන්ද‍්‍රනි පෙරේරා යනු ශ‍්‍රී ලංකාවේ බෙහෙවින් ජනප‍්‍රිය ගායන ශිල්පීන්. විදෙස් රටවල උදවියත් දැන් ඔවුන්ගේ ගීත වලට වට වැටිලා. ඒ කොතරම් ද කිවහොත් ලා ඕසයේ සංගීත කණ්ඩායමක් ඔවුන්ගේ සෑම දර්ශණයකදීම එම ගායන ශිල්පීන්ගේ ගීත කිහිපයක් ගායනා කරන්න තිරණය කරලා. සංගීත කණ්ඩායමේ නම "ලාඕ ශ‍්‍රී ලංකා". ඔවුන් විසින් ගායනා කරන ලද ගීත කිහිපයක් මේ.









අසීන් ගේ රෙදි ගැලවෙයි.

මීට කලින් මොන මොන නැටුම් නටලා තිබ්බත් ගොඩක් අය අසීන්ව අඳුනගත්තේ ගජිනි චිත‍්‍රපටියෙන්. ගජිනි සුපර් හිට් එකක් වුණ ගමන් ඇයට  ඕනවුණේ මුම්බායිවල පදිංචියට එන්න. ඒත් කතාවක් තියෙනවනේ කැලේ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ කියලාග ඉතින් ගෙවල් මාරු කළා කියලා අසීන් කන - බොනල      අදින - පළදින සහ හිතන - පතන විදහේ කිසි වෙනසක් වුණේ නැහැග ඔය අතරෙදි බෙහෙන්ජි චිත‍්‍රපටියේ අධ්‍යක්ෂවරයා අසීන්ට කියලා තියෙන්නෙ මේ චිත‍්‍රපටියේ රඟපාන්න  ඕනෙ නම් මීට වඩා සරාගි විදිහට අදින්න පුරුදු වෙන්න කියලා. 
අසීන්ට නම් ඒක හිතන තරම් ලේසි නැහැ. අමාරුයි කියලා මේ ලැබිච්ච අවස්ථාව අතඅරින්න බැහැනේ. ඒ නිසා ඇය ප‍්‍රසිද්ධ  ඇදුම් නිර්මාණ ශිල්පියෙක් හම්බවෙන්න ගිහින්ග ආරංචියේ හැටියට ඔහු අසීන්ට පොරොන්දු වෙලා තියෙනවා ඇයව බොලිවුඞ් වල ඉන්න සාරාගීම නිළිය කරන්න..



2011 දී වැඩියෙන්ම හම්බුකරපු බොලිවුඩ් නළු නිළියන් 

ශ‍්‍රී ලංකාවේ වගේ නෙමෙයි හොලිවුඩ්වලත් බොලිවුඩ්වලත් නළු නිළියන් හොදට හම්බ කරනවා චිත‍්‍රපටයක් සදහා ඔවුන් අය කරන ගාස්තුව ශ‍්‍රී ලංකාවේ අපට කිව්වත් විශ්වාස නොකරන තරම්

2011 දි එලෙස වැඩියෙන්ම හම්බ කරපු බොවුඩ් නළු නිළියන ඉකුත් දා සම්මානයට පාත‍්‍ර වුණා ඒ බොලිවුඞ් බිස්නස් අවෝඞ් හිදීයි 

වැඩියෙන්ම හම්බ කරපු නළුවන් වුණේ සල්මන් ඛාන් සහ ෂාරුක් ඛාන්
 





වැඩියෙන්ම හම්බකරපු නිළිය ලෙස කරීනා කපූර් සම්මාණයට පාත‍්‍ර වුණා




ශානිකාගේ සුපර් ස්ටාර් කාර් එක හොරකං කරලා


සිරස සුපර් ස්ටාර්හි කිරුළ හිස දැරූ සුරූපි අහිංසාකව මතක ද ? ඇය ශානිකා මධුමාලි රත්නායකයි.  ශානිකා කොළඹින් ඈත පොල්ගහවෙල ප‍්‍රදේශයෙන් පැමිණි යුවතියක්. ජීවිතයේ ඈ විඳි දුක් දොම්නස් ‘‘සිරස සුපර් ස්ටාර්’’ නැරඹු අයට රහසක් නෙමෙයි. සිරස සුපර් ස්ටාර් ඒ දුක් දොම්නස් නිමා කළ සුරවිමනක් වුණා යැයි හැමෝම හිතන්න ඇති. ශානිකාත් එ් හීනයම දකින්න ඇති. එ්ත් ඇත්ත, හීනය තරම් සුන්දර නැහැ. සිරස සුපිරි කිරුළ දරා වේදිකාවෙන් පොළවට බැස්ස ශානිකාගේ මේ කතාව ඇහුවම ඔබටම එය වැටහේවි. 


සිරස සුපර් ස්ටාර් කිරුළ හිමිවීමෙන් පසුව ගොඩක් දේවල් වුණා නේද ?


ඔව්, යහපත් දේවල් වගේම අමිහිරි අත්දැකීමුත් විඳින්න වුණා. තරගයේ ජයග‍්‍රහණයත් එක්කම ගායිකාවක් විදියට ඉදිරියට යන්න අවස්ථාව ලැබුණා. එ්ක විශේෂයි. විඳින්න වුණු අමිහිරි අත්දැකීම නම් මතක් කරන්නවත් කැමති නැහැ.


සුපිරි කිරුළ එක්ක ශානිකාට ලැබුණු වටිනා මෝටර් රථය ශානිකාට ලොකු කරදයක් වුණා කියලා ආරංචියි.


ඔව්. මම එ් මෝටර් රථය විකුණන්න තීරණය කළා. කුරුණෑගල පැත්තේ කාර් සේල් එකකට එ්ක භාර දුන්නා. එ් දවස්වල මට කැනඩාවේ සංගීත සංදර්ශනයකට  යන්න වුණා. මං ගිහින් එන අතර එ් අය මගේ අත්සන යොදල ලියකියවිලි හදල වාහනේ විකුණලා. එ්කේ වටිනාකම ලක්ෂ 45 යි. අදත් මම දන්නේ නැහැ එ් කට්ටිය මගේ වාහනේ විකුණපු මුදල.


ශානිකා ඇයි එ් තරම් වටිනා වාහනයක් වංචාකරයින් අතට පත් කළේ


එ් පුද්ගලයින් අපේම ගමේ කට්ටියක්. සුපර්ස්ටාර් තරගයට මට උදව් කරන්නත් ඉදිරිපත් වුණා. මේ තරම් කපටිකමක් කරාවි කියලා හීනෙකින්වත් හිතුවේ නැහැ.


නීතිය ඉදිරිය ගියේ නැද්ද 


ඇත්තටම කියනවා නම් මම කවදාවත් පොලීසියකටත් ගිහින් තිබුණේ නැහැ. මට ඉන්නේ අම්මා විතරයි. අපේ අහිංසකකම දන්න හින්දයි මේ අය මෙහෙම දෙයක් කළේ. ඔය වෙලාවේ මට නීතිමය පියවර ගන්න උදව් කළේ සිරස ආයතනය. ඔවුන්ට පින් සිදුවන්න අර කපටි මිනිසුන්ගේ යම් මුදලක් ගන්න මට පුළුවන් වුණා. එ්ත් එ් නියමිත මුදලින් තුනෙන් එකකටත් වඩා අඩු මුදලක් එ් මුදල හරි ලැබුණේ සිරස නිසා නැතිනම් අර මිනිස්සු මට සතයක්වත් දෙන එකක් නැහැ. 


නැදෑ හිතමිත‍්‍රාදීන් ශානිකා ගෙන් දුරස් වුණා කියලා ආරංචියි


හැමෝම නෙවෙයි කිහිදෙනෙක්. ඇත්තටම මම කාට හරි උදව් කරන්නේ යමක් බලාගෙන නෙමෙයි. එ්ත් හැමෝම එහෙම නැහැ. සුපර් ස්ටාර් තරගයෙන් මට ලක්ෂ දහය ලැබුණම ගොඩක් අය මගෙන් ගොඩක් දේවල් බලාපොරාත්තු වුණා. එ් හැමෝගෙම ඉල්ලිම් ඉටු කරන්න ලක්ෂ 10 මදි. මේ හැමෝම මට උදව් කරලා තියෙන්නේ යම් යම් බලාපොරොත්තු මත. අන්තිමට හැමෝම මාත් එක්ක තරහ වුණා.


දැන් ඉන්නේ පොල්ගහවෙල ගෙදර නෙමෙයි නේද 
නැහැ.. අම්මා ගත්තු ඉඩමක ගේ හැදුවා. දැන් අම්මයි මමයි ඉන්නේ එ්කේ.


ශානිකා ජනතාවට පොරොන්දු වුණා බුදු මැදුරක් ඉදිකරන බව


ඔව්. එදා තරගයෙන් දිනුවම ම ප‍්‍රදේශයේ බුදු මැදුරක් හදනවා කියලා පොරාන්දු වුණා. එ්ත් එ්කට අකුල් හෙළුවේ එ් වටා පිටාවේම සමහරු. කොහොම හරි අන්තිමට බුදුමැදුර ඉදිකරන එක නතර කරන්න වුණා. එ් වෙනුවෙන් මම ඉගෙන ගත්තු මොන්ටිසෝරිය හදලා දෙන්න තිරණය කළා. දැන් එ්ක සිදුවෙමින් පවතිනවා. මට ලැබුණු සේරම දේවල් වතුරේ ගියා. ගේ හදන්න ඉතුරු මුදල් ටික වියදම් වුණා. අයේම මුල ඉඳන් තමයි ජීවිතය පටන් ගන්න වෙලා තියෙන්නේ. එ්ත් මට පුළුවන් තරමින් තවත් කෙනෙකු වෙනුවෙන් යමක් කරනවා. එ්ක මට ලොකු සතුටක්.


දුක්බර දේවල් කතා කළා. දැන් සතුටුදායක දේවල් කතාකරමු.


මේ දවස්වල ‘‘සඳ සිත්තම’‘ ටෙලි නාට්‍යයේ තේමා ගීයට එකතුවෙලා තියෙනවා.  අමල් පෙරේරා මහතා සහ සමිතා මහත්මිය සමගයි මම ගීතය ගයන්නේ. මගේ ගුරුවරු දෙදෙනෙකු සමග එ් ගීතය ගයන්න ලැබීම ලොකු භාග්‍යයක්. එ් වගේම ‘‘ආදරේ අහස තරම්’’ ටෙලි නාට්‍ය  තේමා ගීතය ගයන්කේ දුමාල් අයියය් මමයි.  ඔයිට අමතරව ‘පුංචි කුඬේ’ ‘‘පැතූ පෙම්’’ ගීත කියන මම ගැයූ ගීත නිතරම ප‍්‍රචාරය වෙනවා. මගේ සී.ඞී. එකත් ළඟදීම අවුට් කරනවා.


පෞද්ගලික ජීවිතයෙන් සතුටුදායක ආරංචියක් තියෙනවා නේද? ඔහු ගැනත් කියන්න


(හිනැහී - ඔහු දැනට විදේශයක ඉන්නේ. වැඩි විස්තර පස්සේ කියන්නම්.


2012 දී ශානිකා ඔහුගේ කැදැල්ලට යනවද ?


(හිනැහී - තවම නැහැ. මම හිතාගෙන ඉන්නේ ඉන්දියාවට ගිහින් වැඩිදුර සංගිතය හදාරන්න. අනික විවාහවෙන්න තව කල් තියෙනවා. දැන්ම මගේ විවාහය වෙන එකක් නැහැ.


උපුටා ගැනීම - දිවයින ඉරිදා සංග‍්‍රහය

සංඛ දිනෙක් යුග දිවියට


සංඛ දිනෙත් යුන දැන් කොයි කාටත් හුරු පුරුදු නමක්.සිරස රූපවාහිනියෙන් සංවිධාන කෙරුණු සුපර් ස්ටාර් වැඩසටහනින් ගායකයෙකු ලෙස රටම දැනගත් ඔහු ඉන් පසුවත් රසික සිත් සනසමින් සිටිනවා.

මේ අතරමෙතෙක් කල් පෙම්වතියක් ලෙස සංඛගේ සිත සනසමින් සිටි ටීනා ෆර්නැන්ඩෝ ඉකුත් දා සංඛගේ මනාලිය උණා. 


විවාහ මංගල උත්සවය පැවැත්වුණේ කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ දීයි.











ඡුායාරූප උපුටාගැනීම වෙබ් අඩවියෙනි.



විද්‍යා රජිනිට බෑ කියයි


දකුණු ඉන්දීය සුපිරි නළු රජිනි කාන්ත් එක්ක රඟපාන එක හැම නිලියකගෙම හිතේ තියෙන හීනයක්. ඒත් විද්‍යා බාලන් තමන්ට ලැබුණු ඒ සුපිරි අවස්ථාව ප‍්‍රතික්‍ෂෙප කරලා. රජිනි කාන්ත්ගේ අසනීප තත්ත්වය නිසා දවසින් දවස රූ ගතකිරීම් කල් දාපු රනා චිත‍්‍රපටයේ රඟපාන්න තමයි ඇය බෑ කියල තියෙන්නෙ. තමන්ව ගොඩක් අගය කරන රජිනි සර්ගේ ඉල්ලීම ඇයි විද්‍යා බාලන් මේ විදිහට ප‍්‍රතික්‍ෂෙප කළේ. විද්‍යා කියන විදියට රනා චිත‍්‍රපටයේ ඇයට ලැබුණු චරිතය ගැන ලොකු පැහැදීමක් නැහැලූ. පිටපත කියවද්දි ඒ චරිතයේ අපැහැදිලි තැන් ගොඩක් තියෙනවාලූ. මේ හේතු නිසා දැන් එහෙම තීරණයක් ගත්තත් පස්සෙ දවසක විද්‍යා බාලන් හිතයිද දන්නෑ අපරාදෙ මම එහෙම කළේ කියලා.

රයිගම් ටෙලි සම්මානයට දින නියම කෙරේ

2011 රයිගම් ටෙලි සම්මාන උළෙලට දින නියම කර තිබෙනවා. ‘‘ ද කින්ඩම් ඔෆ් රයිගම් ’’ සමාගම පැවසුවේ මැයි මස 11 වැනිදා සම්මාන උළෙල පවත්වන බවයි. 2011 වර්ෂය තුළදී අවසාන කොටස විකාශය කළ ශී‍්‍ර ලාංකික ටෙලිනාට්‍ය , 2011 වර්ෂය තුළදී ශී‍්‍ර ලංකාවේ රූපවාහිනී නාලිකාවක විකාශය වූ වෙනත් නිර්මාණ සහ රූපවාහිනී නිවේදික නිවේදිකාවන් සම්මාන සඳහා සලකා බැලෙනවා. එහෙත් කේබල් රූපවාහිනි සහ මුදල් ගෙවා නැරඹිය හැකි නාලිකාවල පමණක් විකාශය වූ නිර්මාණ කිසිවක් සම්මාන සඳහා සලකා බැලෙන්නේ නැහැ. අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය ලෙස මෙම මස 31 වැනිදා ප‍්‍රකාශයට  පත් කර තිබෙනවා. අයදුම්පත් ඇගයීමට ලක් කරමින් සම්මාන සඳහා සුදුස්සන් තෝරා ගන්නේ විනිශ්චය මණ්ඩලයක් විසින්. මහාචාර්ය පැටි‍්‍රක් රත්නායක මහතා විනිශ්චය මණ්ඩලයේ ප‍්‍රධානත්වය දරනවා. ජනපි‍්‍රය සම්මාන සඳහා සුදුස්සන් තෝරා ගැනීම එස්.එම්.එස්. මත විමසීමකින් සිදු කිරීමට නියමිතයි. එම එස්.එම්.එස්. මත විමසීම අපේ‍්‍රල් මස පළමුවැනිදා සිට ආරම්භ කෙරෙනවා. 
මෙවර සම්මාන උළෙල සඳහා ද කිංඩම් ඔෆ් රයිගම් සමග එක්ව සිටින සෙසු හවුල්කරුවන් වන්නේ සම්පත් බැංකුව සහ ඩැස්ලින් රූපලාවන්‍ය නිෂ්පාදන සමාගමයි. 

රොහානිගේ තරු පාටිය

නළු නිළියන් දැන් ඕනතරම්. ඔවුන් අතර දිදුල තරුවක් රොහානි වීරසිංහ. ඇගේ උපන්දින සාදය පෙරේදා (ජන 07) ඇගේ නිවසේදී පැවැත්වුණා ඒ තවත්.කලාකරුවන් රැසකගේ ද සහභාගීත්වයෙන්. පහත දැක්වෙන්නේ එහි අවස්ථා කිහිපයක්.ඡායාරූප වලට අනුග්‍රහය gossiplanka.com වෙබ් අඩිවියෙන්.


















ළමයින් සමග ගෙවීගිය සුරාජ් මාපා ගේ උපන්දිනේ

කාලෙන් කාලට විවිධ විලාසිතා. නළ නිළියන්ගේ සුපිරි උපන්දින සාද මේ කාලේ සුලබ විලාසිතාවක්. බොහෝවිට එවැනි උපන්දින සාද වලට තොර ගැනෙන්නේ නම ගිය හෝටලයක්. එත් ඊට වඩා වෙනස් මගක් ගන්න රංගන ශිල්පී සුරාජ් මාපාට හිතිලා. උපන්දින සාදය පවත්වන්න ඔහු තෝරාගත්තේ ළමා නිවාසයක්. උපේක්ෂා,කිෂානි,ජනිත් ඇතුළු තවත් කලාකරුවන්ද සාදයට සහභාගී වුණා. පහත දැක්වෙන්නේ එහි අවස්ථා කිහිපයක්. ඡයාරූප අනුග‍්‍රහය gossiplanka වෙබ් අඩවියෙන්.








ශෙහාන් රට හැර යනවලු.........


සමහරු ජනප‍්‍රියත්වය හොයාගෙන යනවා. තවත් සමහරු ළගට ජනප‍්‍රියත්වය  හොයාගෙන එනවා. එක රැයකින් ජනප‍්‍රිය වෙන අයත් ඉන්නවා. ටිකක් අතීතයට ගියොත් ගායන ලෝකයේ දී එක රැයකින් ජනප‍්‍රිය සිහින කුමරා වීමේ වාසනාව ලැබුණේ නාමල් උඩුගමට. නාමල්ගෙන් පසු ඒ  වාසනාව ලැබුණේ ශෙහාන් මිහිරංගට. 


ශෙහාන් සතිඅන්ත දිවයින පුවත්පත සමග කරපු  සාකඡචාවකින් උපුටාගත් කොටසක් මේ.


ශෙහාන් කොහොමද නව වසරේ වැඩකටයුතු?
පසුගිය කාලේ අතපසු වූ දේවල් මොනවාද කියලා වටහාගෙන හොදින් කරගෙන යනවා. ගිය වසරට වඩා මේ වසර හොදවෙයි කියලා ධනාත්මකව හිතනවා. 


හොද නොවී කොහොමද? අපිටත් ආරංචියි මේ වසරේ ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් වෙනවා කියලා.
ඒ කිවුවේ මොනවගේ දෙයක් ගැනද? මට ප‍්‍රශ්නය අපහැදිලියි.


ශෙහාන් මිහිරංග ළගදීම විවාහ වෙනවා කියන්නේ.?
ඔය ගීතයක් නිසා ඇතිවුණු කතාවක්නෙ. " මේ  ඇස් දිහා බලන්න " ගීතය තමයි ඔය කතාවට මුල් වුණේ. ශෙහාන්ගේ පෙම්වතිය ඔය ගීතයට කැමති නිසා ලොකු වියදමක් කරලා ශෙහාන් පෙම්වතිය සනසන්න ගීතය ගත්තා කියලා තමයි කතාව යන්නේ.


ඒ කියන්නේ ශෙහාන් විවාහ වෙන්නෙත් නෑ?
මම එහෙම කිවුවේ නැහැනේ. කවදද, කොහෙදිද කියලා තවම තීරණය කරලා නැහැ. විවාහ නොවී ඉන්න බැහැනෙ. කවදාහරි විවාහ වෙන්න එපැයි.


එහෙනම් පෙම්වතියකුත් ඇතිනේ?
ඔව් ඉතිං. මේ වගේ වයසකදී පෙම්වතියක් නැහැ කිවුවොත් මට ලෙඩක් තියෙනවා කියලා හිතයි. පෙම්වතියක් ඉන්නවා. හැබැයි දැන්ම විවාහ වෙන්නේ නැහැ.


පෙම්වතිය කවුද කියලා කියන්න අකැමතිද?
මම ආදරේ කරන කෙනෙක්. කලා ක්ෂේත‍්‍රයේ නම් නෙමෙයි. කොහොමටත් මම කලා ක්ෂේත‍්‍රයට සම්බන්ද කෙනෙක් බදින්නේ නෑ. ඒක නම් ස්ථිරව කියන්න පුළුවන්. ඒ, ගැන ඒ ඇති.


එංගලන්තෙ පැත්තේ දීර්ඝ සංචාරයක් කරන්න සූදානමක් තියෙනවා කියන්නේ ඇත්තද?
ඔව්. ජනවාරි මාසයේ මැද ඩුබායිවල තියෙන ෂෝ එක ඉවරවුණාට පස්සේ වැඩි කාලයක් වෙන් වෙන්නේ එංගලන්තේ ෂෝ එකට. ඒක මම තනියම කරන එකක් නෙමෙයි. ශලනි තාරකා, නෙහාරා පීරිස්, මේනකා, හර්ෂණ, තරංග දිසානායක වගේ රංගන ශිල්පි ශිල්පිණියන් රැසක් එක්ක එකතුවෙලා සමාජ සත්කාරයක් අරමුණුව කරන වැඩක්. 


සමාජ සත්කාර වැඩක් වුණත් ඔබ වෘත්තීය ගායකයෙක් නිසා ඔබ ඔබේ අයකිරීම එලෙසම කළා නේද?
මම වෘත්තීය ගායකයෙක් බව ඇත්ත. නමුත්, මේ ෂෝ එක කරන අරමුණ හොද එකක් නිසා සාධාරණ මුදලක් තමයි මම අය කළේ. ඒක ඒ, සංවිධායකයන්ටත් මටත් දෙපැත්තටම සාධාරණයි. බොරු නම් මේ ෂෝ එක අධ්‍යක්ෂණය කරන රවින්ද්‍ර විජේරත්නගෙන් ඔබට අහන්න පුළුවන්. දෙමපියන්ගෙ රැකවරණය අහිමි අපේ රටේ ළමයින්ට රැකවරණමධ්‍යස්ථානයක් සහ පාසලක් හදන්නයි මේ ෂෝ එකේ පරමාර්ථය. ඒ නිසාමයි පෙබරවාරි මාසය වගේ කාලයේදී අපි ටුවර් කරන්නේ නැති වුණත් වැඬේට කැමති වුණේ.


නාමල් උඩුගමගේ ” රැ සිහිනෙන් ” ගීතය ගැයීම නිසා ඇති වූ අවුල තාම තියෙනවද?
ඒකේ කිසිම අවුලක් තිබුණේ නැහැ. මෙච්චර කාලෙකට  නාමල් අයියගේ කටින්වත් එහෙම දෙයක් පිටවෙලා නැහැ. අනික මම නාමල් අයියත් එක්ක තවත් සිදු 05 ක් කරන්න යන්නේ. අපි දෙන්නා අතර ගැටළුවක් තියෙනවනම් එහෙම එකට වැඩක් කරන්න බැහැනෙ. ” රැ සිහිනෙන් ” ගැයීමෙන් මට වගේම එය පෙර ගැයූ නාමල් අයියටත් හොදක් මිස නරකක් වෙලා නෑ. 


ටෙලි නාට්‍ය රංගනයට ලැබුණු ආරාධනා ප‍්‍රතික්ෂේප කළේ ඇයි?
රගපාන්න හැකියාවක් නැතැයි කියලා හිතුණ නිසා. ඒක ආවාට ගියාට කරන්න බැහැ. හැදෑරීමක් ඇතිව කරන්න  ඕන දෙයක්. සමහරවිට හිතුණොත් ඉදිරයේ දී හදෑරීමකට පසු රංගනයට යොමුවෙන්න පුළුවන්. මොකද  ඕනම දෙයක් හිතුවොත කරන්න පුළුවන් කියලා හිතන කෙනෙක් මම. 


කාන්තා පාර්ශවයෙන් ඔබට බොහොම ලෙංගතුයි. නමුත් පිරිමි පාර්ශවයෙන් ඔබ ගැන තියෙන ආකල්පය ඊට ප‍්‍රතිවිරුද්ධයි. ඔබ ක්ෂේත‍්‍රයට පැමිණි මුල් යුගයේ මේ බව හොදින් පෙනුණා. දැන්  කොහොමද?
දැනටත් ඒවා නැත්තටම නැතිවෙලා නැහැ. නමුත් මුල් කාලේ වගේ තදබල ලෙස නෑ. දැන් මම ක්ෂේත‍්‍රයට ඇවිත් වසර 07 ක් වෙනවා. එළිමහන් සංදර්ශනවලදී වැඩිපුර ඉන්නේ පිරිමිනේ. ඒ රසිකයො දැන් මගෙත් එක්ක එකට ඉදන් ෆොටෝස් ගන්න පවා එනවා. ඉතින් දැන් නම් ඒ තත්වය සරළ සාමාන්‍ය වෙලා කියලා දැනෙනවා.


ඔබේ අළුත් ගීත එකතුවක් එන්නේ කවදාද? 
පෙබරවාරිවල එංගලන්ත සංචාරයට කලින් අලූත් ගීත ඇල්බමය නිකුත් කරන්නයි බලාපොරොත්තුව. ඒකට මම නම තිබ්බේ ”එරස්” කියලා.


”එරස්” වැරදීම් කියන නම යෙදවීමට හේතුව?
මගේ ජීවිතයේ වෙන වෙනස්වීම් හැල හැප්පීම් එක්ක තමයි මෙච්චරකල් කළ හැම ගීත ඇල්බමයක්ම හැදුනේ. සුපර් ස්ටාර් වෙන්න කලින් ගීත ඇල්බමයක් හදන්න මම එහෙ මෙහෙ දිවුවා. ඒක හරි ගියාම ”ඞී‍්‍රම් ඔෆ් ෂෙහාන්” කියලා මම ඒකට නම තිබ්බා. දෙවැනි ඇල්බම් එක එනකොට මම ජනප‍්‍රිය වෙලා. ඒ නිසා ”ඞී‍්‍රම් ටූ - මයි ලයිෆ්” කියලා දෙවෙනි ඇල්බමයට නම තිබ්බා. පසුගිය කාලේ ජීවිතේ ගෙවුණේ බොහොම හැලහැප්පීම්, ප‍්‍රශ්නත් එක්ක. මගේ ගීත ලියන්නෙත් මමනේ. ඒ අවුල් සහගත කාලේ ලිවු ගීත. ඒ නිසා ඞී‍්‍රම් ත‍්‍රි - ”එරස්” කියලා නම් තිබ්බා. 
  
ගයාත‍්‍රිට චන්නව එපා වෙලා.


ගයත‍්‍රි ඩයස් යනු අපි ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක්. ඇය රංගන ශිල්පිනියක් වගේම අද වන විට රූපලාවන්‍ය ශිල්පිනියක් ලෙසත් එකසේ ජනප‍්‍රියයි.   මේ රිවි සති අන්ත පුවත්පත ඇය සමග කළ සංවාදයකින් උපුටාගත් කොටසක්. 


මේ දවස්වල කොහොමද කටයුතු?
ගෙවෙන්නේ හරිම අමාරුවෙන්. 


ඔබ ජීවිතය සැහැල්ලූවෙන් ගතකළ කාලය මතකද?
එහෙම සැහැල්ලූවෙන් හිටිය කාලයක් මතකයට එන්නේම නැහැ.


ඇයි එහෙම කියන්නේ? දැන් සැහැල්ලූවෙන් නෙමෙයිද ඉන්නේ? 
මම දන්න කාලෙක ඉදන් මම සැහැල්වෙන් ඉදලා නැහැ. කාලෙක ඉදලා මම හරිම කාර්යය බහුලයි. දටත් ඒක එහෙමම තමයි. 


විවාහ ජීවිතේ කියන්නේ බරක්ද? 
ඔව් එක්තරා විදිහක බරක්.මට දැන් හිතෙනවා මම විවාහ නොවී හිටියානම් හොදයි කියලා. 


විවාහ වෙන්න කලින් ඒ ගැන හිතුවේ කොහොමද?
මෙහෙම ප‍්‍රශ්න වෙයි කියලා ඒ කාලේ හිතුවේ නැහැ. 


විවාහය කියන්නේ ගැහැණියක් සීමා මායිම්වලට අහුවෙනවා කියන එකද?
ඔව්. එතන සීමා මායම් තිබුණොත් එතන අර්බුදයක් ඇති වෙනවා.


ජනප‍්‍රිය කෙනෙක් වුණාම කටකතා හැදෙනවා. ඒවායින් පවුල් ජීවිතයට බලපෑමක් ඇතිවෙලා තියෙනවද?
ඔව්. කටකතාවක් හැදෙන්න පුංචි හරි හේතුවක් තියෙන්න  ඕන. අපි දෙන්නා අතරත් එහෙම ප‍්‍රශ්න නැතුවාම නොවේ. මොනවා වුණත් අපි දෙන්නා එක ගෙදරක තවම ඉන්නවා. ගෙදර ප‍්‍රශ්න එළියට ගියාම කටකතා ඇති වෙනවා. 


පවුල් ජීවිතේ ඔබ කළකිරුණු අවස්ථා තියෙනවද?
පවුල් ජීවිතේ ගතකරන එක හරිම අමාරුයි. කළකිරුණු අවස්ථා ගොඩක් තියෙනවා. නමුත්, මම දුක්වෙන්නේ නැහැ. සමබරව ඉන්නවා.


ලබන ආත්මයෙත් චන්න පෙරේරා ඔබේ ස්වාමි පුර්ෂයාම වෙන්න කියලද ඔබ ප‍්‍රාර්ථනා කරන්නේ.?
නෑ. නෑ මම කවදාවත් එහෙම ප‍්‍රාර්ථනා කරන්නේ නැහැ. එයාගේ අතිනුත් වැරදි සිදුවෙලා තියෙනවා. මගේ අතිනුත් වැරදි සිදුවෙලා තියෙනවා. ලබන ආත්මෙදී තනියම ඉන්න ලැබෙන්න කියලා තමයි මම ප‍්‍රාර්ථනා කරන්නේ. 


ඔබ හිතනවද ඔබ ජීවිතේ ගත්ත තීරණ හරි කියලා?
නෑ. වැරදුන තීරණ  ඕන තරම් තියෙනවා. ඒ හැම එකක්ම ම තනියම ගත්ත තීරණ. 


කේන්දර විශ්වාස කරනවද?
ඔව්.


පුංචි කාලේ කේන්දර බලලා කවුරුහරි කිවුවද අනාගතේ ඔබ මේ වගේ වෘත්තියක් කරයි කියලා?
නෑ.එහෙම නෑ. සාර්ථක කෙනෙක් වෙයි කියලා නම් කියලා තිබුණා. 


ලග්නෙ මොකද්ද? ඒකට අනුවද වැඩ කරන්නේ?
මිථුන. නෑ. මම කවදාවත් ලග්නවලට කේන්දරවලට මුල්තැන දීලා කටයුතු කරලා නෑ.


ඔබව හ`දන්වනවාට කැමති රංගන ශිල්පිනියක් හැටියට ද? ව්‍යපාරික කාන්තාවක් හැටියටද?
රූපලාවන්‍ය ශිල්පිනියක් හැටියට හ`දුන්වනවාට මම කැමතියි.


ඔබට තියෙන්නේ එකවරක් බැලූවොත හැරිලා බලන රූපයක් ද?
ඒක නම් මම දන්නේ නැහැ. මට තේරෙන විදිහට මම එහෙම කෙනෙක් නෙමේ.


අනාගත බලාපොරොත්තු කිවුවොත්?
දරුවන් දෙන්නාට උගන්වලා සතුටින් ඉන්න.














ශලිනි නළුවෙකුට ආදරෙයි කියලා ?


ශලනි තාරකා කියන්නේ ගොඩක් දෙනෙක් ආදරේ කරන හුරුබුහුටි රංගන ශිල්පිනියක්. ඇය ගැන අළුත් දේවල් දැනගන්න කැමැත්තෙන් ඉන්න අය වෙනුවෙනුයි මේ ලිපිය. එය සකස් කළේ ඇය රිවිර සති අන්ත පුවත්පත සමග කළ සාකඡ්ඡාවක් ඇසුරින්.

සම්පූර්ණ නම        - ගෝනකුඹුර පංගුකාරගේ ශලිනි තාරකා.

උපන්දිනය            - 1990.11.15

ආගම                    - රෝමානු කතෝලික

පෙම්වතාගේ නම  - එහෙම කෙනෙක් තවම නෑ

සිත් ගත් ගීතය       - සිනා තොටක් ( නිරෝෂා විරෝජිණි )

තිරයේ දී මුණ ගැසුණු නළුවන්ට සැබෑ ජීවිතයේ දී ආදරය ප්‍රකාශ කර තිබේද                 -  නැත්තෙත් නෑ

තිරයේ දී පෙම්වතා ලෙස කැමති ‍නළුවෙක් ඉන්නවද -  නැහැ

ඔබ රූමත් ද          -  බලන්න බැරි තරම් කැත නැහැ‍

පෙනුම රැක ගැනීමට මාසික වියදම -  ස්ථිර මුදලක් නැහැ, හමේ  වෙනසක් වෙනකොට යථා තත්ත්වයට එන්න ඕන තරම් වියදම් කරනවා.

ඔබ ගැන පැතිරුණු නරකම කට කථාව - කට කථා අනන්තයි

පළමු පෙම්වතා    - එයා දැන් විවාහකයි, නම කියලා එයාගේ පවුල අවුල් කරන්න හොද නැහැ

සිප ගැනීමේ දර්ශනයක් රූගත කිරීමට ලැබුණොත් - බොහෝ විට ප්‍රතික්ෂේප කරනවා.












කමල් පොලීසි ගියේ ඇයි ?

කමල් අද්දරආරච්චි එදත්, අදත් එකලෙස ජනප‍්‍රියත්වය දිනූ කලාකරුවෙක්. රංගනයෙන් සහ ගායනයෙන් පේ‍්‍රක්ෂක ආදරය දිනූ ඔහු තවත් අතකින් සාර්ථක ව්‍යාපාරිකයෙක්. මේ, සතිඅන්ත ලක්බිම පුවත්පත ඔහු සමග කළ සාකච්ඡාවකින් උපුටාගත් කොටසක්...............

අවසාන වතාවට පොලීසියට ගියේ කවදාද?
ගිය සතියේ මිරිහාන පොලිසියට ගියා.


පැමිණිලි පාර්ශවයෙන්ද විත්ති පාර්ශවයෙන්ද?
පැමිණිලි පාර්ශවයෙන්. 

සිද්ධිය විස්තර කළොත්?
අවේලාවේ අපේ ගෙදරට නා`දුනන පුද්ගලයෙක් ඇතුළුවෙලා තිබුණා. මම ගෙදර හිටියෙත් නැහැ. ඔහු සම`ග පැමිණි තවත් අයෙක් ගෙට ඇතුළු නොවී පාරේ ඉ`දගෙන ඔත්තු බලා බලා හිටියලූ. 

කාට විරුද්ධවද පැමිණිලි කළේ?
අපේ ගෙදර කාලයක් සේවය කළ මෙහෙකරුවෙක් හිටියා. ඒ කාලේ අපේ ගෙදර වටිනා බඩු කිහිපයක්ම නැති වුණා. ඒ කෙනා ගැන මට සැකයක් තිබුණා. කරදර නොකර, ප‍්‍රශ්න කරලා නිදහස් කරන්න කියලයි මම පොලීසියට භාර දුන්නේ. පොලීසියේ දී අශිෂ්ට විදියට හැසිරුණත්, පස්සේ ඒ කෙනා මට දණ ගහලා වැදලා සමාව අරගෙන පිටවෙලා ගියා.

මාසික අදායම කීයද?
ඒවා ඉතිං ආදායම් දෙපාර්තමේන්තුවෙන් අහන ප‍්‍රශ්නනේ. පත්තරේට මොකටද මගේ ආදායම. 

වැඩිපුර හම්බ කරන්නේ කලාවෙන්ද ව්‍යාපාරයෙන්ද?
දැන් නම් ව්‍යාපාර කටයුතුවලින්.

පාවිච්චි කරන වාහනය මොකද්ද?
හුන්ඩායි කාර් එකක්.

කොච්චර විතර වටිනවද?
අපෝ දුප්පත් වාහනයක්. උපරිම මිලියනයක් ඇති. 

ඔය තරම් දුප්පත් නම් ජීවන වියදම ඉරට දැනෙනවා ඇති නේද?
කියලා වැඩක් නැහැ. ඒ ගැන නම් කතා කරන්න එපා.

තවම ඔබ තරුණියන්ගේ සිහින කුමාරයාද?
මට ඒ ගැන උත්තරයක් දෙන්න බැහැනේ. 

නෑ ඉතින්, කොහොමද හිතගෙන ඉන්නේ?
කසාදයත් එක්ක කුමාරකම නැතිවෙලා යනවනේ.

විලාසිතා කරන්නේ ඇයි?
බලන අය පිනවන්න.

කැමැතිම නිළිය කවුද?
දැන් එහෙම කෙනෙක් මකත් වෙන්නේ නැහැ. අළුත් චිත‍්‍රපට බැලෙන්නෙත් නැහැනෙ. මම රුක්මණී දේවිට ටිකක් වැඩිපුර කැමතියි. 

ඔබට නොලැබුණු ඒත්, කරන්න කැමති චරිතයක් තියෙනවද?
ඒ ප‍්‍රශ්නය හොදයි බබෙක්ගෙන් අහන්න. ඔයා කැමති බබා ලොකු වුණාම කවුරු වෙන්නද.......?කියලා. ඒ නිසා එහෙම නෙවෙයි. මට චරිත වැදගත් නෑ. කම්කරුවෙක්ගේ චරිතයක් හරි කමක් නැහැ. මට කොයිතරම් සියුම්ව, චරිතයේ චෛතසික ස්වභාවය නිරූපණය කරන්න පුළුවන්ද කියලයි මම හිතන්නේ. 

ඔබ රගපෑවා නම් මීට වඩා හො`දින් කරන්න තිබුණා යැයි හිතන චරිතය කුමක්ද?
අපෝ.. එකක් නෙමෙයි,  ඕන තරම් තියෙනවා. ඒ ගැන නළුවන්ටම දොස් කියන්න බැහැ. අධ්‍යක්ෂකවරුත් දැනගන්න  ඕන. නළුවන්ගෙන් වැඩක් ගන්න. නම් කරලම කිව්වොත් තරහකාරයෝ ඇති වෙනවනේ.

ඒ කියන්නේ තරහකාරයෝ නැද්ද?
නැහැ.

ලග්නය මොකද්ද? 
තුලා

ලග්නයට අනුව 2012 සුබද?
සුබයි. වරදක් නැහැ.

කේන්දරය විශ්වාස කරනවද?
යම්තාක් දුරට ඔව්. බෞද්ධ දර්ශනය අනුව කරන ලද කුසල අකුසල හා කේන්දරය අතරේ සම්බන්ධයක් තියෙනවා. 

කවදා හරි හිරේ යන්න වෙන බව කේන්දරේ තිබුණේ නැද්ද?
නැහැ. අපල කාලයක් තිබුණා. හැමදේම වෙන්නේ මිනිස්සුන්ටනේ. වරදක් නොකර හිරේ ගිහින් ආපහු ඉක්මනින් එන්න ලැබුණනේ. මම හිතන්නේ ඒක හැමෝටම ලබන්න නැති විදිහේ වාසනාවක්. 

උසාවියේ විත්ති කූඩුවට නිගින මිනිහෙකුගේ සිතිවිලි මොන වගේද?
ඒ මිනිහා වැරදිකාරයා නම්, බොරු කීම තමයි ඒ මිනිහගේ සිතුවිල්ල.නැත්නම් ඇත්ත පාපොච්චාරණය කිරීම, ඒක ව්‍යකූල අවස්ථාවක්. 

ඔබේ දේශපාලන පක්ෂය මොකද්ද?
ජනතාවාදය. මානවවාදය.

දැන් වයසයි නේද?
තාම හතළිස් නවයයි. තව මාසයකුත් ෂතියක් වෙනකොට ඒකත් කියන්න බැරුව යනවා.

වියපත්වීම දකින්නේ කොහොමද?
සොබාදහමේ සංසිද්ධියක්. අකාලයේ මිය නොයන කාටත්, වියපත්වීම පිලිගන්න සිද්ධ වෙනවා. 

චුති සිතට මොනවා හිතේවිද?
ලබන ආත්මයේත්, මනුස්සයෙක් වී ඉපදේවා. 

ඒක භව තණ්හාව නේද?
නෑ. බල්ලෙක් වෙලා ඉපදුණොත් නිර්මාණවේදියෙක් වෙන්න බැහැනෙ නේද?

 අසීන්, රැජිණි ඛාන්ත් සමග චිත‍්‍රපටයක

දකුණු ඉන්දීය සුපිරි නිළි අසීන් සාමාන්‍යයෙන් නත්තල සමරන්න කේරළයට යනවා. ඒත් මේ පාර නම් ඇයට යන්න බැරි වෙලා. ඒ නිසා අලූත් අවුරුද්දට එහෙ ඉන්නයි ඇය හිතාගෙන ඉන්නේ. ගෙදර කට්ටියත් ලොකු පාටියක් ලෑස්ති කරලා තියයි කියලයි අසීන් කියන්නේ. ඔය අතරෙදි අපිට ආරංචි වුණා සුපිරි නළු රැජිණි ඛාන් සමග රගපාන්න අසීන්ට අවස්ථාව ලැබිලා කියලා. නමුත් අසීන් තාම ඒ චිත‍්‍රපටයට අත්සන් කරලා නැහැ. හැබැයි රැජිණි ඛාන් සමග වැඩ කරන්න ඇය ගොඩක් ආසාවෙන් ඉන්නවා කියලයි ආරංචිය.


දුෂ්‍යන්ත්ගෙන් අලූත් ගීත

නව පරපුරේ ගායකයෙකු වන දුෂ්‍යන්ත් වීරමන්ගේ අලූත් සංයුක්ත තැටියේ ගීත කිහිපයක් ඉදිරියේදී එළි දක්වන්න නියමිතව තිබෙනවා. අපි ඔහුගෙන් ඇහුවා වෙන රටක සුපිරි තරුවක් එක්ක සින්දු කියන්න හම්බ වුණොත් කාවද තෝර ගන්නේ කියලා. ඔහු කිව්වේ ඇමරිකාවේ ටී ටේ‍්‍රන් සමග සින්දුවක් කියන්න කැමැත්තෙන් ඉන්නවා කියලයි.

a POP STAR BECOME a WEDDING STAR

He is Lahiru Perera. He became popular after sung the song title as "Rabada Rabada".  He is the one who sung the official cricket world cup song 2011 for Sri Lanka also. But later that song which began as "Kodew rate polgas wala karati kadanna" was withdraw.


























Miss Sri Lanka is back to Home Town.



Sandamali was crowned as Miss Sri Lanka for Miss World 2011, overcoming 62 hot contestant. She was back his home town, Polonnaruwa a few days ago.
























 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum