GOSSIP

ඕපදුලවලින් මාර්කට් වෙන්න 
          උදයන්ති හරි කැමැත්තෙන්


නළු නිළියන් හා වෙනත් ප්‍රකට චරිත බොහෝමයකට කටකථා සහ ඔපදූප වෙබ් අඩවි හා සගරා නයාට අදුකොල වගේ. එත් එසේ නොවන කිහිපදෙනෙකු ද සිටිනවා.  රංගන ශිල්පීණි උදයන්ති කුලතුංග ඔවුන්ගෙන් කෙනෙක්. දිවයින සති අන්ත පුවත්පතේ මීවිත අතිරේකයට ලබාදුන් සාකච්ඡාවකදී ඇය කරුණු දැක්වූයේ කටකථා සහ ඔපදූප වෙබ් අඩවි හා සගරාවලට ප‍්‍රශංසාත්මකවයි. කටකථා සහ ඔපදූප නිසා නළු නිළියන්ගේ ‘මාකට්’ එක හෙවත් වෙළදපොළ වටිනාකම වැඩිවන බවයි ඇය පෙන්වා දෙන්නේ.

"ඇත්තටම ගොසිප් කියන එක අපට හානියක් විදිහට ගන්න හොඳ නෑ.ඒක හොඳ දෙයක් විදිහටයි මම දැන් හිතෙන්නේ. මොකද ගොසිප් අතර ජනප‍්‍රිය වෙන කොට හොඳ චරිත වලට ආරාධනා ලැබෙනවා. මාර්කටින් පැත්තෙන් ලොකු ජනප‍්‍රියත්වයක් එනවා. එහෙම වෙන එක වාසියක් විදිහටයි මම හිතන්නෙ. ඒක අවාසියක් කියල නම් මම හිතන්නෙ නැහැ. ඇත්ත හරි බොරු හරි කියන්නෙ මොකක් හරි විශේෂිත චරිතයකටනෙ. මම නම් ඒ ගැන සතුටු වෙනවා. මං හිතන්නෙ කාටවත් ගොසිප් ගැන කණගාටු වෙන්න දෙයක් නෑ. මොකද ලංකාවෙ හැමෝම ගැන ගොසිප් වල යන්නෙ නෑ. චරිත කීපයයි ඒවා අතරෙ ඉන්නෙ. ඉතින් ඒ නිසා ඒක හොඳ දෙයක් විදිහටයි මම දැන් දකින්නෙ..."



බ්ලු ෆිල්ම් නිළියක් ලංකාවටත් ඇවිත්

කාමුක ඡායාරූප හා චිත‍්‍රපට නිරූපිකාවක වන සනී ලියෝන් ශ‍්‍රී ලංකාවට පැමිණ ඇතැයි THE TRUTH වෙත තොරතුරු ලැබුණා. ඒ බොලිවුඩ් චිත‍්‍රපටයක රූගත කිරීම් සඳහායි.

ඉන්දියානු සම්භාවයක් සහිත  සනී ලියෝන් දැන් තිස් එක් වන වියේ පසුවනවා. මේ දිනවල රූගත කෙරෙන ඇය පෙනී සිටින චිත්‍රපටය  මහේෂ් බාත් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන ජිසම් 2 යි. එම චිත්‍රපටයේ සෙසු කොටස් ඉන්දියාවේ දිල්ලි, මුම්බායි සහ ගෝවේ යන නගරවලදී රූගත කිරීමට නියමිතයි. සනී ලියෝන්ට අමතරව මෙම චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිත සඳහා ශහීන් බාත්, අෂ්මිත් පටෙල් සහ වීනා මලික් යන රංගන ශිල්පීන් හා ශිල්පිනියන් ද පෙනී සිටිනවා.

මේ අතර සනී ලියොන් යනු අසභ්‍ය චිත‍්‍රපටවල රඟපෑ තැනැත්තියක් බව ද බොලිවුඩයට ද රහසක් නෙමෙයි. එමඅසභ්‍ය චිත‍්‍රපට ඇතුළත් ඞී.වී.ඞී. සහ සී.ඞී. තැටි කොල්කටා නගරයේ හොර රහසේ අලෙවි කෙරෙමින් තිබෙනවා.





කාංචනාගේ පපුවේ හැපී ලීලසෙන් රෝහලේ

කාංචනා මෙන්ඩිස්, ජනපි‍්‍රය රංගන ශිල්පිණියක්. සමන් හේමරත්න (ලීලසේන) රංගන ශිල්පියෙක්ත මේ දෙන්නා පහුගිය දවසක අනතුරකට ලක්වුණා. ඒ  සුදත් රෝහණගේ නවතම නිර්මාණය වන ගිරිකුළ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් අතරවාරයේදීයි. සමන් හේමරත්න කාංචනා මෙන්ඩිස්ගේ පපුවේ වැදී විසිවී ගොස් තිබෙනවා. ඒ කිසියම් අයෙකු විසින් කාංචනාව  හේමරත්න  වෙතට තල්ලු කිරීම නිසා.එහිදී ඇතිවූ තෙරපීම නිසා හේමරත්නට හුස්ම ගැනීමට අපහසුවී රෝහල්ගතකර තිබෙනවා. 





ශලනිගේ අළුත් සුරතලිය

ශලනි තාරකා ගැන නොදන්නේ කවුද ? නොදන්න අයත් ඉන්නවා. ඒත් ඊට වඩා වැඩිපිරිසක් අයව හදුනනවා. රංගන ශිල්පිණියක වන ඇය මේ දවස්වල වැඩි වෙලාවක් ගත කරන්නේ ඇගේ සුරතලියත් සමග. ඒ සුරතලිය වෙනින් කවුරුත් නෙමෙයි, බළු පැටියෙක්. නම "බ්රැස්කි".



ජැකා විනූට ලංවෙයි



විනූ උදානි යනු අළුත්ම මිස් ශ්‍රී ලංකායි. එත් තනිව දිනගන්න සිටි කිරැළ තවත් අයෙක් සමග බෙදාගන්න ඇයට සිදුවුණා. අවසන් ලකුණු ගණනයේදී සිදුවූ බව කියන වරදක් ඊට හේතුවයි. කිරුළට අයිතය කියූ අනෙක් සුරූපිණිය වුයේ සුමුදු. 
කෙසේ වෙතත් සුමුදුට නොලැබුණු වාසනාවක් විනූට ලැබී තිබෙනවා. ඒ ජැක්සන් ඇන්තනී විසින් අධ්‍යක්ෂණය කරෙන නවතම සිනමා නිර්මාණය වන "මනමේ" හි ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමටයි. විනූ එම ආරාධනය පිළිගෙන ඇතැයි ද THE TRUTH වෙත තොරතුරු ලැබුණා.


ජානකීට කවිංගව ඕනෙම නෑලු

මේ දවස්වල ජනප්‍රිය වි සිටින රංගන ශිල්පියෙකු වන කවිංග පෙරේරා‍ගේ ආදරය දිනාගැනීමට යොවුන් රංගන ශිල්පිණියන් දෙදෙනෙකු කඹ අදින බව THE TRUTH ඉකුත් දා අනාවරණ කළා. "සඳ සිත්තම්" ටෙලි නාට්‍යයේ ප්‍රධාන නිළිය මෙන්ම නිෂ්පාදිකාව ද වන ජානකි විජේරත්න සහ  අක්ෂා සුදාරි එම රංගන ශිල්පිණියන් දෙදෙනායි. එහෙත් නිෂ්පාදනය හෝ වේවා රංගනය හෝ වේවා සියල්ල සිදුකරන්නේ වෘත්තීය මට්ටමෙන් පමණක් බව  ජානකි විජේරත්න දැන් පවසනවා. ඉන් එහාට රංගන ශිල්පීන් සමග මගේ සම්බන්ධයක් නොමැති බවයි ඇය සති අන්ත පුවත්පතකට පවසා ඇත්ත. ඒ කියන්නේ කඹ ඇදිල්ල බොරුවක්ලු. එත් THE TRUTH සෑම විටම වාර්තාකරන්නේ නිවැරදි හා තහවුරු කෙරුණු ප්‍රවෘත්තිම පමණක් බව අවධාරණය කළ යුතුයි.


නිරුවත් වෙමින් ප්‍රවෘත්ති කියන සුරූපී නිවේදිකාවන්

පාඨකයන්, ග්‍රාහකයන්, ශ්‍රාවකයන් හෝ නරඹන්නන් දිනා ගැනීම සදහා මාධ්‍ය ආයතන අතර පවතින්නේ දැඩි තරගයක්. ශ්‍රී ලංකාවේ වගේම වෙනත් රටවලත් ඒ තරගය එසේමයි. තරගයෙන් ජයගන්න එක් එක් මාධ්‍ය ආයතන අලුත් අලුත් උපක්‍රම ‍යොදාගන්නවා.වෙනිසියුලානු රෑපවාහිනී නාලිකාවක් යොදාගන්නා එවැනි උපක්‍රමයක් වන්නේ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී සුරූපී නිරූපිකාවන් යොදාගැනීමත් ප්‍රවෘත්ති ඉදිරිපත් කරන අතරවාරයේදී ඔවුන් විසින් ඇදුම් ගලවමින් නිරුවත් වීමට සැලැස්වීමත්.




යාද ? මෙයා ද ? කවිංග දෙලොවක් අතර

කාවිංග පෙරේරා මේ දිනවල ජනප්‍රිය චරිතයක්. සිරස රුපවාහිනියේ මේ දිනවල විකාශය වන "සඳ සිත්තම්" නාට්‍යයේ ප්‍රධාන චරිතයකට පණ දෙන්නේද කවිංගයි. සැබෑ ජීවිතේදීත් කවිංගට සිදුව තිබෙන්නේ රංගනයක දයදීමට බවට THE TRUTH වෙත වාර්තා වනවා.ඊට හේතුව ඔහුගේ හිත දිනාගැනීමට නිළියන් දෙදෙනෙකු ද්වන්ධ සටනක යෙදීමයි.  "සඳ සිත්තම්" ටෙලි නාට්‍යයේ ප්‍රධාන නිළිය මෙන්ම නිෂ්පාදිකාව ද වන ජානකි විජේරත්නයි.  අක්ෂා සුදාරි, අනෙක් නිළිය වනවා.

කාවිංග පෙරේරා මීට පෙර විවාහ ගිවිසගෙන තිබුණා. එම සම්බන්ධය බිදිගියේ ද අක්ෂා නිසා බවයි THE TRUTH වෙත වාර්තාවුණේ. කෙසේවෙතත් කාවිංග උදුරාගැනීමට තමන්ට අවශ්‍ය නැති බව අක්ෂා ප්‍රකාශ කළා.

අක්ශාගේ තවත් ඡායාරූප කියිපයක් මේ 



ජානකිගේ තවත් ඡායාරූප කියිපයක් මේ  




රංජන් සහ චතුරිකා පේරාදෙණියේ දී අනග රැගුමක

රංජන් රාමනායක සහ චතුරිකා පීරිස් කාටත් හොරෙන්ම පෙමින් වෙලී ඇතැයි දෙන්නම දන්න කියන ගොඩක් දෙනෙක් අතර සැක මතුව ඇතැයි THE TRUTH මීට පෙර වාර්තා කළා. එත් ඒ සැකය තේරුමක් නැති බවත් එදා වගේම අදත් තමන් පෙම් කරන්නේ රොෂාන් පිළපිටියට බවත් තමයි චතුරිකා නං දිවුරමින්ම කිව්වේ. එත් ඉතිං මේ ඡායාරූප ටික දැක්කම THE TRUTH මුලින් වාර්තා කළ සැකය අළුත් වෙනවා. රංජනුයි චතුරිකායි මේ ඡායාරූප ටික අරගත්තේ පේරාදෙණිය මල්වත්තේදී බවයි THE TRUTH වෙත වැඩිදුරටත් වාර්තා වුණේ.













අයේෂාගේ සිහින සැබෑ වෙලා

ඇය, අයේෂා සඳමාලි. නිරූපිකාවක්, රංගන ශිල්පිණියක් හා නිවේදිකාවක්. ඇගේ දීගයේ අලුත් වෙනසක් සිදුව ඇතැයි THE TRUTH වෙත වාර්තා වුණා. ඇය මවක් වීම සදහා ගැබ් ගැනීමයි එම වෙනස වන්නේ.

අයේෂා 2000 වසරේ පැවැත්වුණු "මිස් වීනස්"තරගයේ දෙවැනි ස්ථානයත්, 2002 වසරේ "කැප්රි ක්වීන්"  තරගයේ පළමු වැනි ස්ථානයත් දිනා ගැනීමට අයේෂා සමත් වූණා.



හිරුණිකාගේ පෙම දෙදරයි.

හිරුණිකා ප්‍රේමවන්ද්‍ර මෙනවිය මේ දිනවල පුවත් මවන්නියක්. ඇගේ පියා වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමවන්ද්‍ර මහතාගේ අවමංගල්‍යය පැවති දිනවල පැතිර ගිය රාවයක් වූයේ ඇය ජපාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහලු පුතණුවන් වන  නාමල් රාජපක්ෂ මහතා සමග ප්‍රේමයෙන් වෙලී සිටින බවයි. එහෙත් හිරුණිකා ඉතා ආවේගශීලීව එම රාවය ප්‍රතික්ෂේප කළා. තමා ආදරය කරන්නේ අමාත්‍යවරයෙකු වන පියසේන ගමගේ මහතාගේ පුතෙකු වන රන්දිම ගමගේ මහතාට බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. නුමුත් මේ වනවිට එම ආදර කථාව ද අවසන් වී තිබෙනවා. ලංකාදීප සති අන්ත පුවත්පත සමග සංවාදයකදී ඒ බව ප්‍රකාශ කළේ ද ඇයමයි. 

ඔබට පෙම්වතෙක් ඉන්නවා නේද?
මම වසර 5 ක් සම්බන්ධතාවයක් පැවැත්වුවා.එදා මම මාධ්‍යය සමග හැසිරෙන්න දැනගෙන හිටියේ නැහැ.මාධ්‍ය අහන ප‍්‍රශ්න වලට පිළිතුරු දෙන්න ගියා.මා නිසා තාත්තගේ නම කැත වේවි කියල මට ලොකු බයක් තිබුණා. මගේ පින්තුර ඉන්ටනෙට් එකට දාල තව අය එක්ක යාලූයි කියල කියනවා.මම කලේ රූපවාහිනියට කතා කළා.මම බඳින්න ඉන්න එක්කෙනා කියලත් ඔහු පෙන්නුවා.මම හරි මෝඩ වැඩක් ඒ කළේ.
මේ රටේ දේශපාලනය කරන්න මධ්‍යම ප‍්‍රතිපදාවේ යන්න  ඕනෑ කියල මම දැන් තේරුම් අරන් ඉන්නේ  ඕනවට වඩා අවංක වෙලත් හොඳ නැහැ. ඇත්ත කිව්වත් වැරැුද්දක් හොයාගන්නවා’
මම පිටරට විශ්ව විද්‍යාලයට ඇරලවන්න තාත්ත ආවා’ මම ගිහිල්ල මාසයක් යනකොට මම යාළුවෙලා හිටිය ළමයත් ඒ රටට ආවා ඔහුත් මාව හොඳින් බලා ගත්තා’

ඔබ ඔහු සමග විවාහ වනවාද?
දැන් ඒ සම්බන්ධය නැහැ.තාත්තගේ සිද්ධියෙන් පසු අපි තේරුම් ගත්තා මම යන ගමන සැර වැඩියි කියල මට තේරෙනවා’ මම යන ගමන එක්ක ඔහුටත් ප‍්‍රශ්නයක් වේවි. මේ වෙලාවේ තවකෙනෙකුට අවධානය යොමු කරන්න අමාරුයි.
මගේ ඔලූවේ තියෙන්නේ තාත්තගේ නඩුව දිනන එක..අපි ටික කාලයකට වෙන් වෙන්න තීරණය කළා..මේක නොකෙරෙන දෙයක් බවට පත්වෙලා ඉවරයි..ඉදිරියට කොහොම වෙනස් වේවිද දන්නේ නැහැ.මම දේශපාලනයට එන්න තීරණය කරලා ඉවරයි.
අපි දේශපාලන පවුල් දෙකක්.තාත්තගේ නම ගෙනියන්න මට අවශ්‍යයි.අපි වෛරක්කාරයෝ වෙලා නැහැ.තාත්තා හැර මට සමීපව හිටියේ ඔහුයි.


ශාරුක්ට දියණියගෙන් ඉල්ලීමක්

බොලිවුඩ් රංගන ශිල්පී ශාරුක් ඛාන් හෙවත් කිං ඛාන් ට කැමති අය වගේම ආදරේ කරන අයත් ලොව පුරාම ඉන්නවා. ඔවුන්ගේ සිත සසල කරන පුවතක් THE TRUTH  මීට කලින් අනාවරණ කළා. ඒ ශාරුක් සහ ප්‍රියංකා චොප්රා අතර පෙම් හඹයක් පටන් ගෙන බව. දුම් බීමේ නරක පුරුද්දත් අතහැර ගන්න ශාරුක්ට තාම පුළුවන් වෙලා නෑ. රසිකයන් සහ වෛද්‍යවරුන් අවස්ථා ගනනාවකදී ශාරුක්ගෙන් ඉල්ලා සිටියේ ඒ නරක පුරුද්ද අතහරින්න කියලයි. දැන් තවත් කෙනෙක් ශාරුක්‍‍ගෙන් ඒ ඉල්ලී කරනවා. ඒ ශාරුක්ගේ දියණිය. රසිකයන්ට හෝ වෛද්‍යවරුන්ටවත් කන් නොදුන් ශාරුක් දුවටවත් අවනත වෙයි ද ? 


අනර්කලී රංජන්ට බෑ කියයි

පාර්ලි‍මේන්ත්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ද ශ්‍රී ලංකාවේ නොමැති හෙයින් අව්‍යශ නම් අනර්කලී ආකර්ෂා මෙනවිය සමග විවාහ වීමට සලකා බැලිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ඉකුත්දා ප්‍රකාශ කළා. THE TRUTH පාඨකයන් වන ඔබට එය අලුත් පුවතක් නොවන්නේ අප ද ඒ බව වාර්තාකල නිසා. රංජන් රාමනායක මහතාගේ මේ යෝජනාවට අනර්කලී ආකර්ෂා මෙනවියගේ ප්‍රතිචාර මොනවාදැයි THE TRUTH සොයා බැලුවා. ඒ අනුව කෙරුණු විමසීමක දී අනර්කලී පැවසුවේ විවාහ වී තවත් අයෙකු අමාරැවේ දමා ඇය ද අමාරුවේ වැටීමට අකමැති බවයි. ඒ නිසා විවාහ නොවන බව ද අනර්කලී ප්‍රකාශ කළා. 







මන්ත්‍රී උපේක්ළෂා අන්තර්ජාලට දෙහි කපයි

මගේ මූණ වෙනත් ශරීරයකට බද්ධ කරපු කැත පින්තූර වගයක් අන්තර්ජාලයේ පළ වී තිබුණා. මම  පිටරට සංචාරයකට ගිය බවත් පළ වූ පුවතක් වගේම නළුවන්ගේ හා දේශපාලඥයන්ගේ නම් සම්බන්ධ කරපු වැරදි ප‍්‍රවෘත්ති කිහිපයක් අන්තර්ජාලයේ පළවෙලා තිබුණා. ඒ හැම ප‍්‍රවෘත්තියටම වඩා ප‍්‍රබල විදියට මගේ හිත සසල වුණේ මගේ විවාහය දෙදරීම ගැන පළවූ පුවතකින්. මගේ සැමියා මට අඩත්තෙට්ටම් කිරීමට හේතුව මගේ වරදක් බවට පුවතක් පළවෙලා තිබුණා. ඒ සදහා අවශ්‍ය නම් නීතිය ඉදිරියට යන්න වුණත් මට පුළුවන්. ඒත්, මම එහෙම නොකළේ මට ඊට විවේකයක් නැති හින්දා. මේ වගේ වැරදි නිසා මම වගේම තවත් අය අපහසුතාවයට පත්වූ අවස්ථා තිබෙනවා. ඒත්, නීතිය ඉදිරියට ගිහින් සාධාරණයක් ඉටුකර ගන්න කාලයක් ගතවන හින්දයි මේ හැමෝම නිහඩව ඉන්නේ. මේ අසාධාරණය වළක්වන්න ආණ්ඩුව නිසි වැඩපිළිවෙළත් ගතයුතුයි කියා මා හිතනවා. අතිගරු ජනාධිපතිතුමා ශ‍්‍රී ලාංකිය අසභ්‍ය වෙබ් අඩවි නවතගන්න කටයුතු කළා. මෙවැනි ප‍්‍රවෘත්ති පළවීම වළක්වන්නටත් නිසි වැඩපිළිවෙළක් ඉදිරියේ දී ඇතිකරනවා නම් ඉතා වටිනවා.

මේ අතර උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියගේ නිර්මාණය කළ බව කියන ඡායාරූපවලින් එකක් මේ.


උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය පෙනීසිට පහත ඡායාරූප ද  අන්තර්ජාලයේ තැන් තැන් වලින් උපුටාගත් ඒවායි.








ටෙලි නිළි අනුරුද්ධිකා දරුවාට නමක් ඉල්ලයි

සිනමා හා ටෙලි නිලියක් වන අනුරුද්ධිකා පාදුක්කගේ දැන් අම්ම කෙනෙක්. කොළඹ ශ‍්‍රීපාලි මණ්ඩපයේ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වන නාලක විජේවර්ධන දරුවාගේ තාත්තයි. දරුවා ඉපදුනේ ඉකුත් දෙසැම්බර් 19 දා. ඒත් තාම දරුවට නමක් නෑලු. අම්මයි තාත්තයි දෙන්නා ශබ්ද කෝෂ බලමින් නමක් හොයනවලු. ඉතින් ඔබටත් අවස්ථාව තියෙනවා දරැවාට නමක් යෝජනා කරන්න. ඔබේ යොජනාව Comment එකක් විදිහට සටහන් තබන්න.
මේ අතර පහත දක්වා තිබෙන්නේ අනුරුද්ධිකාගේ විවාහය දිනයේ ඡායාරූප කහිපයක්.














කොලිවුඩ් වසග කළ නමිතාගේ තනිකඩ සෙල්ලම් ඉවරයි


කොලිවුඩය උමතු කළ නමිතා සිය ජීවිතයේ අලූත්ම පියවරක් තැබීමට ලහි ලහියේ සූදානම් වනවා. ‘‘මෙය ඔබේ සිතට කම්පනයක් වෙන්න පුළුවන් පණිවුඩයක්. ඒ නිසා ඉවසිල්ලෙන් අහන්න. නමිතා විවාහ වෙන්වා’’ නමිතා ගැන අලූත්ම පුවත අන්තරජාලයේ සටහන් වූයේ එලෙසයි. නමිතාගේ අත ගැනීමට වාසනාවන්තයා වී ඇත්තේ නීතිඥයෙක්. ඔහු නමිතාගේ හදවතට ළං වී ඇත්තේ ව්‍යාපාර කටයුතුත්තකදීයී. ජෙමිනි, පාණ්ඩි හා ජගන් මෝහිනී ඇය රගපෑ චිත්‍රපට වලින් ජනප්‍රිය වූ කිහිපයක්. පහත දැක්වෙන්නේ ඇගේ ඡායාරූප සමහරක්.










සෝනම් කපූර්ගේ ඇග කැතයි ලු....... ඇත්තද බලන්න

"මගේ ඇග හරි කැතයි" එහෙම කියන්නේ බොලිවුඞ් නිළි සෝනම් කපූර්. හෙට අනිද්දා එළි දකින ප්ලේයර්ස් චිත්‍රපටයේ ඇයත් බිපාෂා බාසුත් රගපානවා. චිත‍්‍රපටයේ දර්ශනයකට නාන ඇඳුමක් අදින්න බිපාෂා එක පයින් කැමති වුනත් සෝනම් ඊට කැමැත්තක් දක්වා නැහැ. ඒකට හේතුව එයාගේ සිරුර අවලස්සනට පෙනෙයි කියලයි. "මම කෙට්ටු නැහැ. ලස්සන ඇදුම්වලටයි මාව ලස්සනට පේන්නේ" සෝනම් කපූර් එහෙම කියනවා. ඇගේ ඒ කළාව ඇත්ත ද කියලා ඔබම තීරණය කරන්න. අන්තර්ජාලයෙන් උපුටාගත් පහත ඡායාරෑප ඊට උදව්වක් වෙව්.






දුලානිට බර වැඩියිලු

ජැක්සන් ඇන්තනී විසින් අධ්‍යක්ෂනය කරන ලද "අඹා" චිත්‍රපටය ශ්‍රී ලංකාවේ සිනමාවට රිදී සදක් වූ බව බො‍හෝ දෙනාගේ විශ්වාසයයි. දුලානි අනුරාධා යනු එම චිත්‍රපටයෙන් සිනමාව හදුනාගත් දක්ෂ රුවැත්තියක්. 

දැන් ඇය සූදානම්වන්නේ කුවේණි  නමින් නිපදවෙන චිත්‍රපටයක ප්‍රධාන චරිතයට පණ දීමටයි. ඒ වෙනුවෙන් සිරැරේ යම් යම් වෙනස්කම් කරගැනීමටත් ඇය වෙහෙසෙන බව THE TRUTH වෙත වාර්තා වුණා.සිරුරේ බර අඩු කරගැනීම ඇගේ ලොකුම උත්සහයයි.



ශෙහාන්ගෙයි උදාරිගෙයි අළුත්ම නාඩගම

ශිහාන් මිහිරංග, යුවතියන් බොහෝදෙනෙකුගේ සිහින කුමරායි. උදාරි වර්ණකුලසූරිය යනු ඉකුත් සුමති සම්මාන උළළේ ජනප්‍රියම නිළයයි. ඇය දැන් ගැබිනියක් බවටත් ඉකුත් දිනවල කථා පැතිර ගියා. ශිහානුත් හොද පෙම්වතෙක් බවටයි කථා තියෙන්නේ. එහෙම තියෙද්දිත් දෙන්නත් එක්ක පහුගිය දවසක ආකර්ශණිය ඡායාරූප කිහිපයකට පෙනී සිටියා.
ඡායාරූපවලට අනුග්‍රහය lakwedding.com 












ෂාරුක් සහ ප්‍රියංකා තහනම් ගහේ ගෙඩි කනවලු

රිදී තිරයේ දී හෝ පුංචි තිරයේ දී අපුරු ආදරවන්තයන් වුණත් නළු නිළියන් ‍බොහෝ දෙනෙකු සැබෑ ජීවිතයේ දී එසේ නොවේයැයි ප්‍රසිද්ධ පිළිගැනීමක් වනවා. නළු නිළියන් බොහෝදෙ‍නෙකුගේ විවාහයන් දෙදරායාම ඊට හේතුවයි. එහෙත් ඉන්දියාව හෝ ආසියාව පමණක් නොවෙයි ලෝකයම ආකර්ශණය කරගත් ෂාරුක් ඛාන් යනු ඒ විශ්වාසයට අභියෝග කළ නළුවෙක්. 

ෂාරුක්ගේ බිරිද ගව්රි ඛාන්. දෙන්නගේ විවාහයට දැන් අවුරුදු 20යි. ඔවුන්ට ළමයින් දෙන්නෙකුත් ඉන්නවා. ඒ කැදැල්ල හරිම ආදරණිය බවට ‍ලෝකේම ප්‍රකටයි.ඒත් දැන්නං කැදැල්ල දෙදරන්නයි යන්නේ.

ෂාරුක් ඛාන් තවත් නිළියක සමග අනියම් පෙමක පැටලී සිටිනවා. ඇය, ප‍්‍රියංකා චොප්රා.ඒ බව දැනගැනීමෙන් ෂාරැක්ගේ බිරිද ගව්රි  කලබලවී සිටින බවත් ඇගේ ළගම හිතවතියක් එහි ඇත්ත නැත්තං සෙවීමට ගොස් ප‍්‍රියංකා සමග ඇති කරගත් බහින් බස් වීමක දී  ප‍්‍රියංකාට ප‍්‍රසිද්ධියේ කම්මුල් පහරක් වැදුණ බවත් බොලිවුඩයේ  ඕපාදූප අතර ප්‍රකට වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ඕපදූප ගැන බොලිවුඞ් සගරා ෂාරැක්ගෙන් කළ විමසීමකදී  ඔහු සිනාසී එය ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.  ජුහී චව්ලා සමග එකට වැඩකරන කාලයෙත් කාජල් සමග එකට වැඩ කරන කාලයේත් තමා සම්බන්ධයෙන් මෙවැනි ඕපදූප පැතිර ගිය බවයි ෂාරැක් පවසන්නේ. දැන් ප‍්‍රියංකා සමග චිත‍්‍රපට කිහිපයකම වැඩ කරන නිසා මෙවැනි ඕපදූපයක් පැතිර යන බව ද ෂාරුක පවසනවා.

ප‍්‍රියංකා චොප්රා නම් මෙම ඕපදූප ගැන කිසිම තැනක කිසිම ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කර නැහැ.




තනූජා නවසීලන්තයේ දී පෙන්නූ සෙල්ලම්

තනූජා දිල්හානි ඔබ කී දෙනෙකුගේ ප‍්‍රියතම රංගන ශිල්පිනිය ද ? ප‍්‍රියතම රංගන ශිල්පිනිය නොවුණත් ඔබ බොහෝ දෙනෙක් ඇයට ප‍්‍රියකරන බව නම් සත්‍යයක්. නේත‍්‍රාංජලී, සදගිරි පව්ව හා රන්තලිය වලව්ව වැනි ටෙලිනාට්‍ය කිහිපයකම මෙන්ම වියපත් බඹරා චිත‍්‍රපටයේ ද රගපෑ ඇය පහුගිය දවස්වල නවසීලන්තෙට ගියා. ඒ ගම‍නේදී ඇය පෙනී සිටි ඡායාරූප කිහිපයක් තමයි මේ.







නෙහාරා දික්කසාදයට ඔන්න මෙන්න, මේනකත් ඒ බෝට්ටුවට

නෙහාරා පීරිස් විසින් සැමියාගෙන් දික්කසාද වීමට ඉල්ලා පවරා තිබෙන නඩුවේ තීන්දුව ලබන සතියේ ප්‍රකාශ වීමට නියමිතව තිබෙනවා. 
මේ අතර නෙහාරාගේ විවාහට බිඳී යාමට හේතුවූ බවට සැලකෙන ඇය හා සමීප ඇසුරක් පැවති බව කියන මේනක රාජපක්ෂ ද දික්කසාද වීමට තීරණය කර තිබෙනවා. 
මේනක රාජපක්ෂ  බිරිඳට වඩා වයසින් අවුරුදු 3ක් බාල වන අතර ඔවුන් විවාහ වී තිබෙන්නේ 2008 වසරේදීයි. මේ වන විට ඔවුන් වෙන්වී ජීවත් වන අතර දික්කසාද වීම සඳහා ඔහු විසින් හේතු දක්වා තිබෙන්නේ තම බිරිඳ නපුරු බවත් එකට ජීවත් වීමේදී ඔවුන් අතර නිතරම අඬදබර වන බවත්ය.


(උපුටා ගැනීම - gossip9.com වෙබ් අඩවියෙනි.)


ශේන් වෝන් දික්කසාද වෙයිලු....

2012 වසරේ මුලින්ම වෙන්වන ප්‍රසිද්ධ යුවළ ෂේන් වොන් සහ ලිස් හර්ලි බව ප්‍රකට බ්‍රිතාන්‍ය ඔට්ටු අල්ලන්නකු පවසනවා.ඔහුගේ අනාවැකි වී තිබෙන්නේ වොන් යුවළ මේ වසරේදී වෙන්වීම සඳහා සියයට 80‍ ක සම්භාවිතාවක් පවතින බවයි.එම ඔට්ටු අල්ලන්නාගේ ලේඛනයේ මීට පෙර ඉහළින්ම පසුවූයේ කැටේ පෙරී සහ රසල් බ්‍රෑන්ඩ් වන අතර ඔවුහු ඉකුත් දෙසැම්බර් 31 වැනදා දික්කසාද නඩුවක් ගොනු කළා.


කත්‍රිනාගේ අසභ්‍ය වීඩියෝ පටයක් ?

සුපිරි බොලිවුඩ් නිලි කත්‍රිනා කයිෆ්ගේ යැයි පවසමින් අන්තර්ජාලය හරහා හුවමාරුවන ව්‍යාජ අසභ්‍ය වීඩියෝ පටයක් පිළිබඳ තොරතුරු අනාවරණය වේග මේ වන විටත් විශාල පිරිසක් එම වීඩියෝ දර්ශනය බාගත කරගෙන ඇති බව ඉන්දීය වාර්තා අනාවරණය කරයිග

කෙසේ වෙතත් මෙම සිද්ධියට දැඩි විරෝධය පළ කරමින් කත්‍රිනා පවසා ඇත්තේ අදාළ වීඩියෝ දර්ශනයේ පෙනී සිටින කාන්තාව ‍තමා නොවන බවයි.


ගණිකාවන් නැතිවුණොත් පිරිමින්ට පිස්සු හැදෙයි


ගණිකාවන් සදහා වෘත්තීමය පිළිගැනීමක් ලබාදිය යුතු බව රංගන ශිල්පිණි නදීශා හේමමාලි පවසනවා. ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක් ද වන ඇය මේ බව පැවසුවේ ස්වර්ණවාහිනියෙන් ඊයේ විකාශය කෙරුණු වැඩසටහනකට සහභාගී වෙමින්.

සම්පුර්ණ කථාව අහන්න..............................


 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum