සංචාරක ඝාතනයේ සැකකරුවන් ආයෙක් රිමාන්ඩ්

Friday, January 06, 2012

තංගල්ලේ සංචාරක හෝටලක දී බි‍්‍රතාන්‍ය ජාතිකයෙකු ඝාතනය කළ බවට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 05 දෙනා ලබන 20 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, තංගල්ල මහේස්ත‍්‍රාත් යුරේකා ද සිල්වා මෙනෙවිය විසින් අද (ජන 06) කරන ලද නියෝගයකට අනුවයි. එම සැකකරුවන් 05 දෙනා ඊයේ පැවැත්වූ හදුනාගැනීමේ පෙරෙට්ටුවක දී පැමිණිල්ලේ සාකෂිකරුවන් විසින් හදුනා ගැනුණා. එහෙත්, ඝාතනයට ලක්වූ බි‍්‍රතාන්‍ය ජාතිකයාගේ පෙම්වතිය වන රුසියානු තරුණිය විසින් ඔවුන්ගෙන් කිසිවෙකු හදුනාගැනුනේ නැහැ. තංගල්ල ප‍්‍රාදේශිය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ මහතා ද ඔවුන් අතර සිටිනවා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum