සුදු කොඩි නඩුවේ දී නගා තිබූ සියළු චෝදනාවලින් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදොස් කර නිදහස් කළ ඩබ්ලිව්.ටී.එම්.පී.බී. වරාවැව මහතා අද සෙසු විනිසුරුවන් සියලූ දෙනා විවේචනයට ලක් කළා. කොළඹ මහාධිකරණයේ විභාග වූ පුද්ගල ඝාතන නඩුවක තීන්දුව ලබාදෙමින් වරාවැව මහතා ප්රකාශ කළේ ලාභ අපේක්ෂාවෙන් හෝ තනතුරු අහිමි වේ යැයි බියෙන් තීන්දු ලබාදීමෙන් විනිසුරුවන් වැළකිය යුතු බවයි. පුද්ගලයන් සම්බන්ධයෙන් ද්වේෂසහගත තීන්දු ලබාදීමද අනුමත කළ නොහැකි බව ප්රකාශ කෙරුණා. විනිසුරුවන් විසින් ලබාදෙන තීන්දු බුදු දහමට අනුකූල විය යුතු බවයි අවධාරණය කෙරුණේ. එසේ නොකර වැරදි තීන්දු ලබාදෙන විනිසුරුවන්ට අපායේ දොරටුව විවෘත වන බවද ඩබ්ලිව්.ටී.එම්.පී.බී. වරාවැව මහතා ප්රකාශ කළා.
0 comments:
Post a Comment