ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකු ඊයේ (ජන 07)රාති‍්‍ර පහරදීමකට ලක්ව තිබෙනවා. හමුදාවේ බව පැවසූ සන්නද්ධ පිරිසක් විසින් පහරදීම සිදු කර ඇති බවයි තවත් ශිෂ්‍යයෙකු නෙත් ප‍්‍රවෘත්ති වෙත ප‍්‍රකාශ කළේ.
මේ අතර ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් පිරිසක් ඊයේ දහවල් සිට සත්‍යග‍්‍රහයක නිරත වනවා. ඒ එම විශ්ව විද්‍යාලයීය සුමංගල ශාලාව ඉදිරිපිටදීයි. විශ්ව විද්‍යාල පරිශ‍්‍රයේ පිහිටුවා ඇති විරු සිසු ස්මාරකයට කිසියම් පිරිසක් විසින් හානි කිරීමට සහ ශිෂ්‍ය සංගම් මර්දනය කිරීමට විරෝධය දැක්වීම ඔවුන්ගේ අපේක්ෂාව වනවා.

0 comments:
Post a Comment