ඝාතනය කෙරුණු තලේබාන් සටන්කාමීන්ගේ මළ සිරුර මතට මුත්‍රා කළ බව කියන අමෙරිකානු හමුදා සාමාජිකයන් 4දෙනාම හඳුනාගෙනෙ තිබෙනවා. අමෙරිකාව ඊයේ (ජන 13) පැවසුවේ එම හමුදා සාමාජිකයන් 4 දෙනාගෙන් දෙදෙනෙකු හඳුනා ගත් බවයි. පසුව කළ විමර්ශනවලදී අනෙක් හමුදා සාමාජිකයන් දෙදෙනාද හඳුනාගෙන තිබෙනවා. මුලින් හඳුනාගත් දෙදෙනාගෙන් දැනටමත් ප්‍රශ්න කෙරෙන බවයි අමෙරිකානු මාධ්‍ය උපුටා දක්වමින් බී.බී.සී. ලෝක සේවය පවසන්නේ. විමර්ශන මෙහෙයවනු ලබන්නේ තරු 3 ජනරාල්වරයෙකු බවද බී.බී.සී. ලෝක සේවය පවසනවා.
මේ අතර අමෙරිකානු හමුදා සාමාජිකයන් 4 දෙනෙකු තලේබාන් සටන්කාමීන්ගේ මළ සිරුරු මතට මුත්‍රා කළ බවට චෝදනා නැගුණු අන්තර්ජාලයෙන් ප්‍රසිද්ධ කෙරුණු වීඩියෝ දර්ශනයක් නිසයි.
0 comments:
Post a Comment