ලොව පුරා රටවල් ගණනාවක ව්‍යාප්ත වෙමින් ඇති කුරුළු උණ ශී‍්‍ර ලංකාවේද ව්‍යාප්ත වෙමින් ඇත්දැයි සැක පළ වනවා. සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ කුරුණෑගල බිංගිරිය ප‍්‍රදේශයේ ගොවිපොළක කුකුළන් සමූහයක් ඉකුත් දිනවල හදිසියේ මියගිය බවයි. එලෙස මියගිය කුකුළන් අතරින් එක් අයෙකු කුරුළු උණට සමාන රෝග ලක්ෂණ පෙන් වූ බව පර්යේෂණවලින් හෙළි වුණා.
මේ බව සැලකිල්ලට ගෙන පූර්ව සූදානම් වැඩපිළිවෙළක් වහාම කි‍්‍රයාවට නංවන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ. බිංගිරිය, හලාවත සහ හෙට්ටිපොළ යන රෝහල්වල කාර්ය මණ්ඩලයන් කුරුළු උණ සම්බන්ධයෙන් දැනුවත් කර තිබෙනවා. වැඩිදුර පර්යේෂණ සඳහා වසංගත රෝග විද්‍ය අංශයේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් දෙකක් බිංගිරිය සහ අවට රෝහල්වලට අද (පෙබ 01) පිටත්ව යාමට නියමිතයි. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මාර්ගෝපදේශ ලබා ගැනීමටද සෞඛ්‍ය අමාත්‍යංශය අදහස් කරනවා.
0 comments:
Post a Comment