බාලවයස්කාර දැරියන් දෙදෙනෙකු වරින්වර ලිංගික අපයෝජනයට ලක්කළේ යැයි ඔවුන්ගේ පියා ලබන මස 10 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කැබතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය අද (පෙබ 27) නියෝග කළා. අපයෝජනයට ලක්වූ බව කියන දැරියන් දෙදෙනා වයස අවුරුදු 13 සහ 16 පසුවන්නන්. ඔවුන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට යොමු කෙරුණා. විමර්ශනවලින් හෙළිව ඇත්තේ ලිංගික අපයෝජනය සිදුව ඇත්තේ හේනක ගසක් උඩ තනා ඇති පැළකදී බවයි. ඊට සැකකෙරෙන දැරියන්ගේ පියා මීට පෙරද දියණියක ලිංගිකව අපයෝජනය කළේ යැයි වරදකරු වී සිරදඩුවමට නියම වූවෙක්.
0 comments:
Post a Comment