සිරියානු කැරළිකරුවෝ ජනමතය උරගෑමටත් එරෙහි වෙති

Monday, February 27, 2012

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සදහා ජනමත විචාරනයක් පැවැත්වෙද්දීත් සිරියාව පුරා නොසන්සුන්තා උත්සන්න වෙමින් තිබෙනවා. ප‍්‍රදේශ කිහිපයක ඇති වූ ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව 30 ක් පමණ බවයි බි බි සී ලෝක සේවය පවසන්නේ.
ඡන්ද මධ්‍යස්ථාන 13,000 කදී ඡුන්දය ප‍්‍රකාශ කිරීමට මිලියන 14 යි දශම 6 ක් පමණ සිරියානුවන් සුදුසුකම් ලබා සිටිනවා. මහත් උනන්දුවෙන් ඔවුන් ඡුන්දය ප‍්‍රකාශ කරන අයුරු සිරියානු රාජ්‍ය රූපවාහිනියෙන් විකාශනය කෙරුණා. එලෙස ඡුන්දය ප‍්‍රකාශ කළ අය අතර ජනාධිපති බෂාර් අල් අසාද් ද සිටිනවා. කෙසේවෙතත් විපක්ෂ කණ්ඩායම් ඡුන්දය ප‍්‍රකාශ කිරීමෙන් වැළකී සිටින බවයි බි බි සී ලෝක සේවය පවසන්නේ. ජනමත විචාරනය විහිළුවක් බවත් සිදු විය යුත්තේ එවැන්නක් නොව ජනාධිපති බෂාර් අල් අසාද් ධුරයෙන් ඉල්ලා අස්වීම බවත් ඔවුන් අවධාරණය කරනවා. 
මේ අතර ජනමත විචාරනයට ඉදිරිපත් කළ ඇති නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් යෝජනා කර තිබන්නේ බහුපක්ෂ පාර්ලිමේන්තුවක් පිහිටුවීමටයි. ඊට නියෝජිතයන් කෝරා ගැනීමේ මැතිවරණය මාස 03 ක් ඇතුළත පැවැත්වීමට ද යෝජනා කර තිබෙනවා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum