උතුරු කොරියාවට න්‍යෂ්ටික බලය එපා වෙයි

Friday, March 02, 2012

න්‍යෂ්ටික ව්‍යාපෘති අත්හැරීමට උතුරු කොරියාව එකඟතාව පළ කර තිබෙනවා. උතුරු කොරියානු නව නායක කිම් ජොං උන් සමග මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ අමෙරිකාව පැවැත් වු සාකච්ඡාවක් අවසානයේ මෙම එකඟතාව ඇති වුණා. මේ අනුව යුරේනියම් වැඩිදියුණු කිරීමේ න්‍යෂ්ටික ව්‍යාපෘති අත්හැරීමට උතුරු කොරියාව පියවර ගනු ඇති බවයි බී.බී.සී. ප‍්‍රවෘත්ති සේවය පැවසුවේ. එසේම දිගුදුර මිසයිල අත්හදා බැලීම අත්හිටුවීමටද එකඟතාව පළ වී තිබෙනවා. අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම එකඟතාවයන් කි‍්‍රයාවට නැගෙන්නේදැයි නිරීක්ෂණය කිරීම සඳහා ජගත් සංවිධාන නියෝජිතයින්ට ඉඩ ලබාදීමටද උතුරු කොරියාව එකඟ වූ බවයි. මෙම එකඟතාවත් සමග උතුරු කොරියාවට ආහාර මෙටි‍්‍රක් ටොන් දෙලක්ෂ හතළිස්දහසක ආධාරයක් වහාම සැපයීමටද අමෙරිකාව එකඟ වී තිබෙනවා. උතුරු කොරියාව සමග සමගිව කටයුතු කිරීමේ පළමු පියවර ලෙස මෙය හඳුන්වන බවයි අමෙරිකාවේ රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ප‍්‍රකාශ කර ඇත්තේ.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum