කේම්බ්‍රිජ්හි ආදිපාදවරිය වන කේට් මිඩ්ල්ටන් ඉකුත් දිනවල වඩාත් කතාබහට ලක් වූ චරියක්. බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරු - විලියම්, සමග විවාහයෙන් පසුවයි කේට් කේම්බ්‍රිජ්හි ආදිපාදවරිය වුණේ. දැන් ඇය ගැන කතා බහ ආයෙත් අළුත් වෙලා. ඊට හේතුව සිසිර ඔලිම්පික් උළෙල පැවැත්වෙන ලන්ඩන් නුවර ස්ටාෆෝර්ඩ්හි ඔලිම්පික් ක්රීුඩාංගණයේ දී ඇය හොකී ක්‍රීඩාවේ නිරත වීමයි. බ්‍රිතාන්‍යයේ කාන්තා හොකී පිල මුණ ගැසීමටයි ඇය එහි ගොස් ඇත්තේ. ඇය ක්‍රීඩාවේ නිරත වුයේ ද එම කණ්ඩායමේ ටී ෂර්ටයක් ඇදගෙනයි.
කේට් මිඩ්ල්ටන් මීට කලිනුත් කොකී ක්‍රීඩාකර තිබෙනවා. මැල්බොර්න් විද්‍යලයීය හොකී කණ්ඩායමේ නායකයා වුයේ ද ඇයයි.
මේ අතර කේට් සහ ඇගේ සැමියා වන විලියම් කුමරු මෙවර සිසිර ඔලිම්පික් උළෙලේ තානාපතිවරු ලෙසද කටයුතු කරනවා.
0 comments:
Post a Comment