ඇතැම් රෝහල්වල රෝගීන්ට ලබාදෙන ආහාර ප‍්‍රමිතියෙන් බාල බවට සෞඛ්‍ය අමාත්‍යංශයට පැමිණිලි ලැබී තිබෙනවා. එලෙස ප‍්‍රමිතියෙන් බාල ආහාර සපයන කොන්ත‍්‍රාත්කරුවන්ගේ කොන්ත‍්‍රාත් අවලංගු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ. ඊට අදාළ චක‍්‍රලේඛයක් කඩිනමින් නිකුත් කරන්නැයි අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මහතා නියෝග කර තිබෙනවා. කොන්ත‍්‍රාත් අවලංගු කෙරෙන කොන්ත‍්‍රාත්කරුවන්ට යළි එවැනි කොන්ත‍්‍රාත් ස`දහා ඉල්ලූම් කිරීමට නොහැකි වන පරිදි විධි විධාන කිහිපයක් ද එම චක‍්‍රලේඛයට ඇතුළත් කිරීමට නියමිතයි.
මේ අතර අනුරාධපුර ශික්ෂණ රෝහල ඊයේ පස්වරුවේ හදිසි පරීක්ෂාවකට ලක්කෙරුණා. රෝගීන්ට ලබාදීම ස`දහා එහි මුළුතැන්ගෙයි තිබූ ආහාර සියල්ලම පාහේ ප‍්‍රමිතියෙන් බාල බවයි එහි දී හෙළිවුණේ. වහාම එම ආහාර ඉවත් කරන ලෙසත් මින් ඉදිරියට නියමිත ප‍්‍රමිතියෙන් යුත් ආහාර පමණක් රෝගීන්ට ලබාදෙන ලෙසත් කොන්ත‍්‍රාත්කරුට අවවාද කෙරුණා.
0 comments:
Post a Comment