එල් ටී ටී ඊ නායකයාව සිටි වේලූපිල්ලේ ප්රභාකරන්ගේ ප්රධාන ආරක්ෂකයා වූ "ධනබාලසිංහම් ලිංගදාසන්" ට නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අද (දෙසැ 30) නඩු පවරනු ලැබුවා. ඒ, වසර 02 කට අධික කාලයක් බූස්ස රැදවුම් කදවුරේ රදවාගෙන සිදුකෙරුණු විමර්ශනවලින් පසුවයි. ධනබාලසිංහම් ලිංගදාසන් වසර 03කට වැඩි කාලයක් වේලූපිල්ලේ ප්රභාකරන්ගේ ප්රධාන ආරක්ෂකයාව සිටි බව එම විමර්ශනවලින් හෙළිව තිබෙනවා. විදේශිකයන් පිරිසක් පැමිණ ඔහු වෙනුවෙන්ම වන්නි ප්රදේශයේ දී ප්රභූ ආරක්ෂාව පිළිබ`ද පාඨමාලාවක් ද පවත්වා ඇති බවයි වැඩිදුරටත් හෙළිව තිබෙන්නේ. ලබන මස 10 වනදා නඩුව යළි කැදවීමට නියමිතයි.
0 comments:
Post a Comment