ආබාධිත ඔබ වෙනුවෙනි........

Saturday, December 31, 2011

ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් පිරිනමන ස්වයං රැුකියා ආධාර වැඩි කිරීමට සමාජ සේවා අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. දැනට පිරිනමන ආධාරය එක් අයෙකු සඳහා රුපියල් දසදහසක්. හෙටින් ආරම්භ වන නව වසරේ සිට එය රුපියල් 25,000 ක් දක්වා වැඩි කරන බව ආබාධිත පුද්ගලයින් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලයේ අධක්‍ෂ එම්.ඞී.සී ජයමාන්න මහතා නෙත් ප‍්‍රවෘත්ති වෙත ප‍්‍රකාශ කළා. මේ අතර අඩු ආදායම්ලාභීන් සඳහා පිරිනමන රුපියල් 3000 ක මාසික ජීවනාධාරයට හිමිකම් ලබන ආබාධිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට ද නියමිතයි. දැනට එම ජිවිතාධාරයට හිමිකම් ලබන්නේ එක් ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයකින් 06 දෙනකු පමණක් බව එම්.ඞී.සී ජයමාන්න මහතා ප‍්‍රකාශ කළා. නව වසරේ දී එය 34 ක් දක්වා වැඩි කිරීමට නියමිතයි. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum