හිටපු පාර්ලිමේන්තු මන්ත්රී භාරත ලක්ෂමන් පේ්රමචන්ද්ර මහතා ඝාතනය කෙරෙමින් මුල්ලේරියාවේ සිදුවු වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් 10 දෙනකු අද පැවැත්වු හඳුනා ගැනීමේ පෙරට්ටුවක දී සාක්ෂිකරුවන් විසින් හඳුනා ගැනුනා. එම හඳුනා ගැනීමේ පෙරට්ටුව පැවැත්වුණේ කොළඹ අතිරේක මහේස්ත්රාත් ප්රසන්න අල්විස් මහතා ඉදිරියේයි. සාක්ෂිකරුවන් 09 දෙනකු ඊට ඉදිරිපත් කර සිටියා. ඔවුන් විසින් හඳුනා ගැනුනු සැකකරුවන් සියලූ දෙනා පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා මහතාගේ ආරක්ෂකයින් ලෙස සේවය කළ අයයි. ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනකු සහ දෙමටගොඩ චමින්ද ලෙස ප්රකටව සිටින පාතාල ක්රියාකාරිකයකු බව කියන පුද්ගලයකු ද ඔවුන් අතර වනවා. නඩුව ලබන 17 වැනිදා යළි කැඳවීමට නියමිතයි.
0 comments:
Post a Comment