උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව හේතුවෙන් ශ‍්‍රී ලංකාවට විදෙස් බලපෑම් වැඩි වූ බව දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරය පවසනවා. එහි සභාපති ආචාර්ය ගුණාදාස අමරසේකර මහතා පැවසුවේ බලය බෙදීම සම්බන්ධයෙන් එම වාර්තාවට ඇතුලත් කර ඇති කරුණු ඊට හේතුව බවයි.
උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාවෙහි බලය බෙදීම සම්බන්ධයෙන් දක්වා ඇති කරුණු ව්‍යාකූල බව ද ප‍්‍රකාශ කෙරුණා. බෙදුම්වාදයට සහය දක්වන පිරිස් එම කරුණු අර්ථ දක්වා ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ක‍්‍රියාත්මක කළ යුතු බවට නිර්දේශයක් ලෙසයි. ඉන්දියාව ද බෙදුම්වාදයට සහය දක්වන බව ප‍්‍රකාශ කෙරුණා.
දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡුා පැවැත්වු බවත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ක‍්‍රියාත්මක කළ යුතු බවත් ආණ්ඩුවේ ඇතැම් අමාත්‍යවරුන් ද පවසනවා. ඊට ප‍්‍රතිචාර දැක්වු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා.
0 comments:
Post a Comment