රටම සීතල වෙයි

Monday, January 16, 2012

රටපුරා ප‍්‍රදේශ බොහෝමයක මේ දිනවල පවතින්නේ ශීත කාළගුණයක්. ශ‍්‍රී ලංකාවෙන් මෑත කාලයේ වාර්තා වූ අඩුම උෂ්ණත්ව අගයක් නුවරඑළියෙන් අද අළුයම වාර්තා වූ බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අගය සෙල්සියස් අංශක 3 යි දශම 8 ක්.

මේ අතර කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන 8 යි 30 ට නිකුත් කළ වාර්තාවට අනුව කොළඹ උෂ්ණත්වය සෙල්සියස් අංශක 24 යි දශම 3 ක්. හම්බන්තොට උෂ්ණත්වය සෙල්සියස් අංශක 25 යි දශම 8 ක්ද, අනුරාධපුරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 22 යි දශම 8 ක්ද වනවා. වව්නියාවේ ඇත්තේ සෙල්සියස් අංශක 21 යි දශම 3 ක උෂ්ණත්වයක්. බදුල්ල, කුරුණෑගල, රත්නපුර සහ මොණරාගල ඇතුළු ප‍්‍රදේශ කිහිපයක මීදුම පවතිනවා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum