ඉරානයට ගහන්න අමෙරිකාව කදවුරු බදියි

Monday, January 16, 2012

ඉරානය සමග යුද්ධයකට අමෙරිකාව භට පිරිස් සූදානම් කරමින් ඇතැයි විදෙස් වාර්තා පවසනවා. 15,000 කින් සමන්විත හමුදා භට පිරිසක් කුවේටයට පිටත් කර යැවීමට අමෙරිකාව දැනටමත් පියවර ගෙන ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ. කුවේටය සහ ඉරානය යනු එකිනෙකට ඉතා සමීපව පිහිටා ඇති රටවල් 02 ක්. ඉරානයට සමීප තවත් රටවල් කිහිපයකට ද භට පිරිස් පිටත්කර යැවීමට අමෙරිකාව සූදානම් වනවා. බලසම්පන්න අවි  ආයුධ ද ඉරානයට සමීපව ස්ථානගත කිරීමට අමෙරිකාව සූදානම් වන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. 
මේ අතර හෝමෝස් සමුද්‍ර සන්ධිය ආසන්නයට යුද නැව් ගෙන එමින් අමෙරිකාව තමන් කුපිත කරවන බව ඉරානය පවසනවා. එවැනි යුද නැව් කිහිපයක්ම වීඩියෝ දර්ශනවලට හුස වූ බවයි ඉරානය වැඩිදුරටත් පවසන්නේ. ඒවා ලොව පුරා ප‍්‍රචලිත කිරීමට කටයුතු කරන බව ද ඉරානය පවසනවා.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum