දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය කෙරුණු ශී‍්‍ර ලංගම බස් රථයක් අතරමගදී නවත්වා මගීන් බැස්සවීම නිසා එහි රියැදුරුට දඩ නියම කර තිබෙනවා. පොලීසිය පවසන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය කෙරෙන වාහන අතරමගදී නැවැත්විය නොහැකි බවයි. ඒ බව නොතකා වරදකාර බස් රථය කුරුඳුගහ හැතැප්ම පිවිසුමේදී නතර කර තිබෙනවා. ස්වයංකී‍්‍රය කැමරාවලින් ඒ බව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පින්නදූව පිවිසිමේදී රියැදුරට දඩ පති‍්‍රකාව ලබාදුන් බවයි පොලීසිය පවසන්නේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ශී‍්‍ර ලංගම බස් රථ ධාවනය ඉකුත් අඟහරුවාදා ආරම්භ වුණා. එදින පමණක් එම බස් රථවලින් උපයාගත් ආදායම රුපියල් එක්ලක්ෂ හැත්තෑදහසක් බව ශී‍්‍ර ලංගම පවසනවා.
0 comments:
Post a Comment