අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දෝෂ සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති කමිටුවේ නිගමන සහ නිර්දේශ අද (ජන 14) නිල වශයෙන් ප්‍රසිද්ධ කෙරුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලය විසින්. ඊට අනුව දෝෂ සිදු වී ඇත්තේ දිස්ති‍්‍රක් කුසලතාව ගණනය කිරීමේ දී හෙවත් විභාග ප්‍රතිඵල ගණනය කිරීමේ අවසන් පියවරේදීයි. ඒ අනුව එම දෝෂය දත්ත ඇතුළත් කිරීමේදී සිදු වූවක් නොවන බව අවධාරණය කර තිබෙනවා. කෙසේ වෙතත් කමිටුවේ වාර්තාව නිකුත් කිරීමට පෙර ආණ්ඩුවේ ඇතැම් අමාත්‍යවරුන් පැවසුවේ එකම දත්ත පුද්ගලයන් 3 දෙනෙකු විසින් වෙන් වෙන්ව ඇතුළත් කිරීම නිසා දෝෂ සිදුවූ බවයි.
මේ අතර දෝෂ සහිත ප්‍රතිඵල සංශෝධනය කිරීමෙන් පසු නිකුත් කරන ලද නව ප්‍රතිඵල නිවැරදි ඒවා බව කමිටුවේ වාර්තාව මගින් තහවුරු කර තිබෙනවා. ප්‍රතිඵල සම්බන්ධයෙන් ගැටලූ ඇත්නම් වහාම දැනුම් දෙන ලෙස මාධ්‍ය මගින් කළ ඉල්ලීමට අනුව ලැබුණු පැමිණිලිවලින් දෝෂ කිසිවක් සම්බන්ධයෙන් සාක්ෂි නොලැබුණු බවයි එම වාර්තාවේ වැඩිදුරටත් දක්වා ඇත්තේ. කෙසේ වෙතත් දෝෂ ඇතිවීමට හේතු මගහරවා ගැනීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බව කමිටුවේ නිරීක්ෂණය වී තිබෙනවා.
මින් ඉදිරියට විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා ක්‍රමයක් සකස් කිරීමේදී විද්වතුන්ගේ වඩා පුළුල් නියෝජනයකින් තොරතුරු ලබා ගැනීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව කටයුතු කළ යුතු බව කමිටුවේ නිර්දේශයක්.
0 comments:
Post a Comment