පාර්ලිමේන්තු මන්තී්ර දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් මෙතෙක් ලැබී නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුය අද අධිකරණයට දැනුම් දුන්නා. මුල්ලේරියාවේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව කොළඹ අතිරේක මෙහේස්ත්රාත් ප්රසන්න අල්විස් මහතා ඉදිරියේ විවාදයට ගත් අවස්ථාවේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා මේ බව පැවසුවා. එ් විශේෂ වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කරමින්.
මේ අතර අදාළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නඩු දෙකක් පවත්වාගෙන යාම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීම සඳහා කි්රයා කරන බවද සහකාර පොලිස් අධිකාරිවරයා සඳහන් කළා. එක් නඩුවක් පවත්වාගෙන යාමට අපේක්ෂා කෙරෙන්නේ භාරත ලක්ෂ්මන් පේ්රමචන්ද්ර මහතා ඇතුළු සිවුදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ ඇමැති ආරක්ෂක අංශ පොලිස් සැරයන්වරයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් බවයි ඔහු පැවසුවේ. අනෙක පාර්ලිමේන්තු මන්ති්ර දුමින්ද සිල්වා මහතාට බරපතල තුවාල කිරීම සම්බන්ධයෙන් වන බවද ඔහු කියා සිටියා.
මේ අතර මුල්ලේරියාව වෙඩි තැබීමේ සිද්ධියට අදාළව සැකකරුවන් දස දෙනෙකු අද හඳුනා ගැනීමේ පෙරට්ටුවකටද ඉදිරිපත් කෙරුණා.
0 comments:
Post a Comment