දක්ෂිණ අධිවේගය බස් මගීන්ටත් විවෘත්තයි

Tuesday, January 03, 2012

දක්ෂිණ අධිවේගී  මාර්ගයේ සුඛෝපභෝගී බස් රථ ධාවනය අද ආරම්භ කෙරුණා. මහරගම සහ ගාල්ල අතර මෙම බස් රථ ධාවනය කෙරෙන බවයි ප‍්‍රවාහන අමාත්‍යංශය ප‍්‍රකාශ කළේ. පෙරවරු හයේ සිට පස්වරු පහ දක්වා මෙම බස් රථ ධාවනය කෙරෙනු ඇති. මහරගම බස් නැවතුම්පොළෙන් ගමන් ආරම්භ කරන බස් රථ ගාල්ල බස් නැවතුම්පොළ දක්වා ගමන් කරනවා. ගාල්ල බස් නැවතුම්පොළෙන් ගමන් ආරම්භ කරන බස් රථ මහරගම බස් නැවතුම්පොළ දක්වා ගමන් කරනු ඇති. ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති එම්.ඞී. බන්දුසේන මහතා ප‍්‍රකාශ කළේ අධි සුඛෝපභෝගී බස් රථ මේ සඳහා යොදාගෙන ඇති බවයි.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum