මතුගම් ප්‍රා.සභාවේ ගින්නක්

Monday, January 30, 2012

මතුගම ප‍්‍රාදේහීය සභාවේ දෙමහල් ගොඩනැගිල්ලක ඊයේ (ජන 29)රාත‍්‍රි ගින්නක් ඇති වුණා. ප‍්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව පැයක පමණ පරිශ‍්‍රමයකින් පසු ගින්න නිවා දැමූ බවයි THE TRUTH වාර්තාකරු පවසන්නේ. ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිළ කාමරයට වැඩි අලාභ සිදුව තිබෙනවා. එහෙත්, අලාභය කොපමණදැයි මෙතෙක් ඇස්තමේන්තු කර නැහැ. ගින්නට හේතුව ද තහවුරු වී නැතැයි THE TRUTH වාර්තාකරු පවසනවා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum