ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ ආයුර්වේද වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අද වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් ආරම්භ කරනවා. එම සංගමයේ ලේකම් වෛද්‍ය පී. හේවාගමගේ මහතා ප‍්‍රකාශ කළේ ඉල්ලීම් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බළධාරීන් දැනුවත් කළ ද ඊට විසදුම් නොලැබුණු බවයි. එබැවින් අද දිනයේ ලෙඩ නිවාඩු දමා උද්ඝෝෂණවල යෙදෙන බව ද පී. හේවාගමගේ මහතා ප්‍රකාශ කළා.
මීට පෙර ද අවස්ථා කිහිපයක දී රජයේ ආයුර්වේද වෛද්‍ය නිළධාරීන් මෙවැනි වෘත්තීය ක‍්‍රියාමාර්ගවලට එළඹුන ද ආණ්ඩුව ඊට යහපත් ප‍්‍රතිචාර දැක්වූයේ නැහැ.
0 comments:
Post a Comment