පක්ෂ විනය උල්ලංගණය කරන්නන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. සිය සිංගප්පූරු සංචාරය නිමවා රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (ජන 02) දිවයිනට පැමිණියා. ඉන් අනතුරුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිපදෙනෙකු සමග වික‍්‍රමසිංහ මහතා ඊයේ රාති‍්‍රයේ විශේෂ සාකච්ඡුාවක් පැවැත් වූ බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ. පක්ෂයේ ඇතැම් මන්තී‍්‍රවරුන් කරනු ලබන ප‍්‍රකාශ සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡ්ඡා කර තිබෙනවා. හෙට පැවැත්වෙන පක්ෂ උපදේශක කමිටුවේදීද ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමටයි වික‍්‍රමසිංහ මහතා තීරණය කර තිබෙන්නේ. පක්ෂයේ විනය සහ සමගියට බාධා වන අයුරින් කටයුතු කරන මන්තී‍්‍රවරුන්ගේ නාමලේඛනයක් සකස් කරන ලෙසට වික‍්‍රමසිංහ මහතා මහලේකම් තිස්ස අත්තනායනක මහතාට මෙහිදී උපදෙස් ලබාදී තිබෙනවා. ඊට අමතරව පක්ෂ ව්‍යවස්ථාවට ගෙන ආ යුතු සංශෝධන කිහිපයක් සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව ඇති බව සඳහන්. ඒ සම්බන්ධයෙන්ද හෙට පැවැත්වෙන උපදේශක කමිටුවේදී අවධානය යොමු කිරීමටයි රනිල් වික‍්‍රමසිංහ මහතා තීරණය කර ඇත්තේ.
0 comments:
Post a Comment