මාලිගාවත්ත ජුම්මා මංසන්ධියේදී අද (ජන 03) අලූයම සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලැබුවා. පොලිස් ප්රකාශක පොලිස් අධිකාජරී අජිත් රෝහණ මහතා ප්රකාශ කළේ ඒ අතර පොලිස් නිලධාරියෙකුද සිටින බවයි. ඔහු එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියායි. තුවාල ලැබූවන් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබනවා. ඉන් එක් අයෙකුගේ තත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග අනාවරණ කළේ. ජුම්මා මංසන්ධියේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් මෙම වෙඩි තැබීම සිදු වුණා. ඔවුන් පාතාල කල්ලි සාමාජිකයන් බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වුණේ. වෙඩි තැබීමේ සිද්ධියත් සමගින් ප්රදේශයේ දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති වුණා. කලහකාරී ලෙස හැසිරුණු පිරිස් ති්රරෝද රථ ඇතුළු වාහන රැසකටද අලාභ හානි සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ. කෙසේ වෙතත් පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව යොදවා තත්වය පාලනය කර තිබෙනවා.
0 comments:
Post a Comment