කතරගම මුස්ලිම් විශ‍්‍රාම ශාලා පරිශ‍්‍රයේ තිබූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් සොයා ගැනීමට පොලීසිය අද උදෑසන සමත් වුණා. විශ‍්‍රාම ශාලාවේ පැරණි ගබඩා කාමරයක ස්වයංකී‍්‍රය ඇඳුම් සෝදන යන්ත‍්‍රයක් තුළ මෙය සඟවා තිබූ බවයි පොලීසිය පවසන්නේ. පුපුරණ ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 3කට ආසන්න ප‍්‍රමාණයක් යොදා ගනිමින් මෙම ඇඳුම් කට්ටලය සකස් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් විශ‍්‍රාම ශාලාවේ සේවයේ නිරත පුද්ගලයින් අට දෙනෙකු අත්අඩංගුවට ගැනුනා. ඔවුන්ගෙන් වැඩිදුර ප‍්‍රශ්න කිරීමේ කටයුතු මේ වන විට කි‍්‍රයාත්මකයි.
0 comments:
Post a Comment