ශවේන්ද්‍ර සිල්වා සිල්වා හමුවේ බෑන් කී මුන් අසරණ වෙයි

Tuesday, January 31, 2012

මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෑතකදී ලද පත්වීම සම්බන්ධයෙන් බලපෑම් කිරීමට ජගත් මහලේකම්වරයාට නොහැකි බව ජගත් සංවිධානය පවසනවා. ජගත් සංවිධානයේ සාමසාධක හමුදාවන් හි ජ්‍යෙෂ්ඨ උප‍දේශක මණ්ඩල සාමාජිකයෙකු ලෙස ශවේන්ද්‍ර සිල්වා මහතා ඉකුත්දා පත්වීම් ලැබුවා. එම ජ්‍යෙෂ්ඨ උපදේශක මණ්ඩලයට පත් කිරීම් සිදුවන ආකාරයන් 3ක් පවතින බවයි ජගත් මහලේකම් බැන් කී මූන් මහතාගේ මාධ්‍ය ප‍්‍රකාශක මාර්ටින් නෙසර්කි මහතා පැවසුවේ.  ජගත් සංවිධානයට මූල්‍යාධාර සපයන රටවලින් සාමාජිකයින් පස්දෙනෙකු පත් කෙරෙනවා. තවත් පස්දෙනෙකු පත් කෙරෙන්නේ සාමසාධක කටයුතු සඳහා භට පිරිස් සපයන රටවලින්. එම උපදේශකයින් පත් කිරීම පිළිබඳ යළි විමසීමට ජගත් මහලේකම්වරයාට බලතල හිමි වනවා. එහෙත් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කර ඇත්තේ කලාපීය පදනම යටතේ ආසියානු සාමාජික රටවල් විසින්. එලෙස පත්කෙරෙන සාමාජිකයන් සම්බන්ධයෙන්  ප‍්‍රශ්න කිරීමට ජගත් මහලේකම්වරයාට හැකියාවක් නොමැති බව මාර්ටින් නෙසර්කි මහතා ප‍්‍රකාශ කළා.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum