දක්‍ෂිණ අධිවේගි මාර්ගයේ පෞද්ගලික බස් රථ ධාවනය අනිද්දා ආරම්භ කෙරෙන බව ජාතික ගමනා ගමන කොමිසම පවසනවා. පසුගිය දා කරන ලද ටෙන්ඩර්පත් කැඳවීමට අනුව බස් රථ 02 ක් පළමුව ධාවනයට එක් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. බස් රථ ධාවනයේ ගමනාන්ත මෙන්ම බස් රථ ප‍්‍රමාණය ද ඉදිරියේ දී වෙනස් කිරීමට ඉඩ ඇති බව ද කොමිසම කියා සිටියා.
මේ අතර ශෂි වෙල්ගම මහතා ජාතික ප‍්‍රවාහන කොමිසමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ප‍්‍රවාහන අමාත්‍යවරයා වෙත යොමු කර තිබෙනවා. අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු පැවසුවේ එය භාර ගන්නේ දැයි කුමාර වෙල්ගම මහතා මෙතෙක් ප‍්‍රකාශ කර නොමැති බවයි.
0 comments:
Post a Comment