මාවනැල්ල, කිරින්ඳදෙනියේ සිදුවු රුපියල් කෝටි දෙකහමාරක මැණික් මංකොල්ලය සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙකු ඇතුළු 06 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ නිලධාරියා හෙම්මාතගම පොලිසියට අනියුක්තව සේවය කරන සැරයන්වරයෙකු බවයි. කිරින්ඳදෙනිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් පෙරේදා මෙම මැණික් පැහැර ගැනුණා. සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් පස් දෙනකු අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ මාවනැල්ල පොලිසිය මගින් ක්‍රියාත්මකයි. එම සැකකරුවන් 05 දෙනා ද පොලිස් නිලධාරීන්.
0 comments:
Post a Comment